Friday, October 28, 2016

(බොක්සින් සමාදි 76)...............................පසුදින මා නින්දෙන් ඇහැරුනේ සිතට බියමුසු හැගීමක් ඇතිවය.....ඔයා අද ස්කෝලෙ යනකොට පිරිමි ලමයෙක් වගේ යන්න..අම්මා කොයිවෙලේ මෙසේ පවසයිද යන්න සිත තුල තිබුණි. එහෙත් අම්මා කිසිවක් නොකීම මගේ සතුටට හේතුවිය.....මා සමාදි මෙන් පාසැල් නිල ඇදුම ඇදගත්තෙමි.....සුදු පැහැති සපත්තු දෙක පයට දමාගත් මා යුවතියක මෙන් පාසැල් යෑමට පිටත්වුනෙමි....එහෙත් අම්මාගේ කිසිම වෙනසක් නොදුටුවෙමි. 
මේ අතර පාසැලේදී මට තවත් කරදරයකට පැටලීමට සිදුවිය.....අපේ පංතිභාර ගුරුතුමිය වන චිත්‍රා ටීච කලා හැකියව හොදින් තිබුනු ගුරුවරියක් බව අපි දැනගෙන හිටියෙමු....මෙම සාහිත්‍යය උත්සවයට..ඇය අපිට නාට්ටියක් කරමු යයි යෝජනා කලාය. මේ වනවිට පිටපත ද රචනා කර තිබුනු ඇය එම නාට්ටිය ගැන විස්තර කිරීමට පටන්ගත්තාය......මේකෙ තියෙන්නෙ....සමාජයේ ඉහල තන්වල සල්ලිකාර පවුලක් ගැන කතාවක්.....එයාලට සල්ලි තිබුනට ලන්කාවෙ විදියට ජීවත් වෙන්න දන්නෙ නෑ......මෙයාලගෙ පොඩිදුව මේ ඔක්කොටම වඩා වෙනස්.....එයා හරිම අහින්සක ලමයෙක්.. එයා නිතරම උත්සහ කරන්නෙ ලන්කාවෙ ගමේ හැදුනු අහිංසක ගැහැනු ලමයෙක් වගේ ජීවත්වෙන්න......ඉතින් මෙයාගෙ ගෙදර අයයි මෙයයි අතර තියෙන ගැටුම තමා මේ කතාවෙන් කියවෙන්නෙ......ගුරුතුමිය පැවසූවිට......අන්තිමට මොකද වෙන්නෙ ටීච.....මගේ යෙහෙලියක් ඇසුවාය.....අන්තිමට මේ දුව හරි කියල හැමෝටම පිලිගන්න සිද්ධ වෙනව.....පැවසූ ගුරුතුමිය ....දැන් මේකට චරිත හොයාගන්න ඕනැ.....ඉස්සෙල්ල තාත්තගෙ චරිතෙට එක්කෙනෙක් හොයාගම්මු.....මේ ආකාරයට චරිත හොයන අතර තුල.....දැන් මේ දුවගෙ චරිතෙ කරන්න ඒකට ගැලපෙන කෙනෙක් ඕනැ.....පැවසූ ගුරුතුමිය අපි දෙස තියුනු බැල්මක් හෙලන්ට විය......යසුරි ...හොදයි වගේ නේද ....ඇය අසල සිටි කෙනෙක් කීවාය.....මටනම් පේන්නෙ මේ චරිතෙට හොදටම ගැලපෙන්නෙ.....සමාදි කියල....සමාදිගෙ මුහුනෙ හොද ගැමි පෙනුමක් තියෙනව....ගුරුතුමිය මාදෙස බලා කීවාය.....අනේ මටනම් බෑ ටීච....මම පැවසුවෙමි.....බෑ කියල බෑ මේක කරන්නම ඕනැ.....ගුරුතුමිය බලකරන්ට වූවාය.....අවසානයේදී මට ඇයට අවනත වන්ට විය......මානෙල් යනුවෙන් හැදින්වූ එම චරිතයට පන පෙවීම මට භාරකලාය.....
මාර වැඩේනෙ බන් මට වුනේ.....මේ කෙල්ලෙකුගෙ චරිතය රගපානව තියා අද ගෙදර යනකොට ඊයෙ තිබුන ගවුන් ටික අයින් කරල ආයෙත් පිරිමි ඇදුම් තියයිද දන්නෙ නෑ......මම සමාදිට පැවසුවෙමි.....ඒකනම් කියන්න දන්නෙ නෑ අම්මගෙ හැටි එහෙමනෙ.....ඇය කීවාය.....එහෙම උනොත් මම හෙට ඉදන් ස්කෝලෙ එන්නෙ නෑ....මම කීවෙමි.....එහෙම කරන්න එපා අපි ගෙදර ගිහින් බලමුකො.....ඇය මාව සනසවමින් පැවසුවාය....
මාගෙදර ගියේ හිතට ඇතිවූ චකිතයෙන් යුතුවය.....අනේ දෙවියනේ මගෙ ඇදුම් ටික එහෙමම තියන්න. ඒව වෙනස්කරන්න එපා කියල අම්මට කියන්න......මා සිතෙන් දෙවියන්ට කීවෙමි......මා බියමුසුව කාමරයට ගියෙමි......සමාදිද මාපිටුපසින් මගේ කාමරයට එනු දුටුවෙමි......මොකුත් කරල නෑනෙ බන් ඔය තියෙන්නෙ අගේට උඹේ ගවුන් ටික.....සමාදි සතුටින් පැවසුවාය......ඒවා එසේම තිබෙනු දුටු මට ඇතිවූ සතුට කිසිවෙකුට කියාගැනීමට නොහැකිවිය.....මා එහි දමා තිබුනු ගවුමක් අතට ගෙන තදින් සිපගත්තෙමි.....අයියෝ අයියෝ මොකද මේ උබට වෙලා තියෙන්නෙ.....උබ ඔච්චරටම කැමතිද බන් ගවුන් වලට.....මා ගවුම සිපගන්නා ආකාරය දෙස බලා සිටි සමාදි ඇසුවාය......මා සතුටින් සිනාසෙමින්....ඇය දෙස බැලුවෙමි...මම ආසම නැති ඇදුම් උඹේ කැමතිම ඇදුම් වෙලා....හොදයි හොදයි....කියමින් ඇය ඇගේ කාමරයට ගියාය......ඒවගේ තමයි සමාදිත් මම ආසම නැති ඇදුම් එයාගෙ ආශම ඇදුම් වෙලා......අපි දෙන්න මේ ලෝකෙ ඉන්න අමුතුම චරිත දෙකක්ද.....මා සතුටින් කල්පනා කරමින් පාසැල් නිල ඇදුම ඉවත්කර.... සිපගත් ගවුම ඇදගත්තෙමි......විග් එකද හිසට දමාගත් මම එහි කෙස් වැටිය සකස්කරගෙන කුස්සියට ගියේ කෑම ගැනීමටය......අම්මා මාදෙස සතුටින් බලා සිටින බව දුටු මට සිතට සහනයක් ඇතිවිය.... අම්මේ අද මාර වැඩක්නෙ සමාදිට උනේ....සමාදි අම්මාට පැවසුවාය.....ඒ මොකක්ද....අම්මා ඇසුවාය......මම බයවෙලා හිටිය කියල මෙයා අම්මට කියයිද....එහෙම කිව්වොත් මට ලැජ්ජාවෙ බෑ....මා සිතුවෙමි ......

No comments: