Thursday, October 6, 2016


(බොක්සින් සමාදි 30)....................................අපි ඉන්පසු පිටත් උනේ මට විග් එකක් ගැනීමට බව මා තේරුම් ගත්තෙමි. කිසිම දිනක කරාබු නොදා සිටි මගේ කන්පෙත්තෙන් සුලු වේදනාවක් සමග බර ගතියක් ඇති වීම නිසා එය නිතර අත ගෑවෙමි.....මොකද දුවේ රිදෙනවද ...එය දුටු අම්මා ඇසුවාය. පොඩ්ඩක් ...මම කීවෙමි. ...වැඩිය අතගාන්න එපා එතකොට පෑරෙනව තුවාලෙ හොදවෙනකම් චුට්ටක් රිදෙයි.....අම්මා කීවාය.
අපි විශාල සාප්පුවකට ගොඩවැදුනෙමු......වටපිට බැලූ විට මා දුටුවේ මේ ලෝකයේ තිබෙන.... කාන්තාවන්ට අවශ්‍ය හැම දෙයක්ම මෙම සාප්පුවේ තිබෙන බවකි. කාන්තා සහ ලමා ඇදුම් පැලදුම් බෑක් වර්ග ආබරන වර්ග. සුවද විලවුන්. නොයෙක් වර්ගයේ ආලේප. මෙහි තිබෙන දෙවල් හොයනවට වඩා නැති දේවල් හොයන එක පහසුයි කියා මට සිතුනි. මේවා දුටු විට මට යම් සතුටක් ඇතිවුවද සමාදි ඒවා ගැන එතරම් තැකීමක් නොකරන බව තේරුනි.....බලහන් කො බන් මේකෙ නැති දෙයක් නෑනෙ.....මම සමාදිට පැවසුවෙමි....චි....මට ඔය එකක්වත් වැඩක් නෑ බන් ....ඇය ගනනකට නොගෙන කීවාය. සාප්පුවේ සේවිකාවකට මාව පෙන්නූ තාත්තා ඔහු සමග ඉංග්‍රීසියෙන් කතා කලේය. මට පරිපූරන ඉංග්‍රීසි දැනුමකින් නොමැති වුවද ඔහු පැවසූ දේ තේරුම් ගැනීමට හැකිවිය. මගේ හිස කුඩානිසා මගේ හිසට ගැලපෙන විග් එකක් සොයා ගැනීම අපහසු බව ඇය ඉංග්‍රීසියෙන්ම පැවසුවාය.....එහෙත් ඇය විග් කීපයක් මගේ හිසට පලදවා පරීක්ශා කිරීමට පටන්ගත්තාය.....එහෙත් ඒ එකක් වත් මගේ කුඩා හිසට ගැලපුනේ නැත.....අපිට මෙයාගෙ ප්රමානයට විග් එකක් හදවන්න බැරිද.....තාත්තා ඇසුවේය....පුලුවන් අපිට ඔර්ඩර් එක දැම්මොත් කරල දෙන්න පුලුවන් සාප්පුව අයිති කාරිය යැයි සිතිය හැකි මැදිවියේ කාන්තාවක්කීවාය......එහෙමනම් මෙයාගෙම කොන්ඩෙන් හදා ගන්න පුලුවන්නෙ....මෙයා කපල දාපු කෙස්ටික මාගාව තියෙනව......අම්මා තාත්තාට පවසනු ඇසුනු ඇය. එහෙනම් හොදයි ඒ ටික ගෙනත් දෙන්න අපි හදල දෙන්නම්. ....කීවාය. ..කොච්චර විතර කල්යයිද.....මිස්. තාත්තා ඇසුවේය.....අද ගෙනත් දුන්නොත් සතියකින් දෙන්න පුලුවන් ...ඇය කීවාය......එහෙනම් අපි එහෙම කරමු නේද මහත්තය....අම්මා තාත්තාට කීවාය.......මින් අනතුරුව අම්මාගේ ගැහැනු පුරුද්ද මතුවිය....ඇය කාන්තා ඇදුම් තිබෙන ස්තානයට ගොස් ඇදුම් තේරීමට පටන් ගත්තාය.....මේ ගෑනුන්ට කොච්චර ඇදුම් ගත්තත් මදිනෙ.....තාත්තා මුමුනනු ඇසුනි.....දැන් ලගදිම වෙඩින් එකත් තියෙනවනෙ. දැන්ම ඇදුම් ටිකක් ගත්තොත් හොදයි නේද......අම්මා කියනු ඇසුනි......අම්මා සාරි තේරීමට පටන්ගත්තාය.....සාරි දෙකක් තෝරා ගත් ඇය තාත්තා සමග ඒවායේ හැඩ බලන්ට වූවාය......ඉන් පසු මාදෙස බැලූ අම්මා මා සමග මගේ ප්රමානයේ ඇදුම් බැලීමට ගියාය....එහි එක එක වර්ගයේ ගැහැනු ලමුන්ගේ ඇදුම් තිබුනි...මට එපා අම්මෙ...මා කොල්ලෙක් බැවින් කෙල්ලන්ගේ ඇදුම් තේරීම ලැජ්ජාවක් ලෙස හිතුනු මා පැවසුවෙමි.....අපි ඇදුම් තෝරන අතර තුල සමාදි තාත්තා සමග එතැන තිබුනු පුටුවල වාඩිවී සිටිනු දුටුවෙමි........සමාදි මොකට කෙල්ලෙක් වෙලා උපන්නද මන්ද.....මෙච්චර ලස්සන ඇදුම් තියෙද්දි මේව ගැන ගානක් වත් නෑනෙ....මම ඇත්තටම එයා වුනානම් මම කොච්චර ආසාවෙන් මේව අදිනවද......ඇදුම් දෙස බලමින් කල්පනා ක්ලෙමි.....ඇදුම් කිහිපයක් තෝරා දුන් අම්මා ඒවා ඇද බලන ලෙස කීවාය.....මට දැන් කෙල්ලන්ගේ ඇදුම් ඇද පුරුදු බැවින් ඒවා රැගෙන ඇදුම් මාරු කරන කාමරයට ගියෙමි.......ඇදුම් එකින් එක ඇද අම්මාට පෙන්නුවෙමි......ඇය මට ගැලපෙන ඇදුම් කීපයක් තෝරා ගත්තාය.....ඒවා ඉතා ලස්සන බැවින් මමද එම ඇදුම් වලට කැමැත්ත දැක්වූවෙමි......
දැන් ඔයාලනම් ඇදුම් ගත්ත ජනිත් පුතාට ගන්න අදසක් නැද්ද.....තාත්තා අම්මාට කීවේය.....ඒවනම් මට තේරෙන්නෙ නෑ තාත්තල පුතාල බලාගන්න එකයි තියෙන්නෙ....සමාදිට පුතා යනුවෙන් අමතමින් ඇයට කොල්ලෙක් ලෙස සැලකීම සමාදි ඉතා සතුටින් සිටින බව දුටුවෙමි.....ඇය තාත්තා සමග පිරිමි ඇදුම් තිබෙන ස්තානයට ගියාය......පිරිමි ලමුන්ගේ ඇදුම් දුටු සමාදි ඒවා ඉතා ඕනෑ කමින් තෝරනු දුටුවෙමි.....

No comments: