Wednesday, October 12, 2016


(බොක්සින් සමාදි 44)...................................අපි පසුදින පාන්දරින්ම සලුන් එකට ගියෙමු......අම්මවත් ලොකු අම්මවත් ඇන්දූ ඇන්ටී. මාව ලස්සන කිරීමට පටන්ගත්තාය.....මා ගෙදරදී අම්මාගෙනත් තිබුන ගවුම ඇදගෙන සිටි නිසා ඇයට තිබුනේ මගේ මුහුන ලස්සන කිරීමට පමනි......මගේ මුහුන නොයෙක් ආලේපවලින් ලස්සන කල ඇය මගේ ඇස්බැමි හැඩ කලාය....අවසානයේ තොල්පෙති සායම් කලාය.....නියපොතු වලට දිස්නෙ ගෙනදෙන ආලේප වර්ගයක් ගෑවාය......මගේකන්පෙතිවල පැලදුවේ එල්ලෙන කරාබු දෙකකි.....මා ව ලස්සන කලපසු ඉතාමත්ව සුන්දරව පෙනෙන බව දුටු මට මා ගැන ආශාවක් ඇතිවිය......එදා උත්සවේ දවසෙත් මම තමයි එතැන හිටිය ලස්සනම කෙල්ල ....මම හිතන්නෙ අදත් මම තමා ලස්සනම කෙල්ල වෙන්නෙ.....මා කල්පනා කලෙමි......අපි නැවත ලොකු අම්මගේ නිවසට ගොස් සියලු දෙනා සමග වාහනවල නැග උත්සව ශාලාව බලා ගමන් ඇරබුවෙමු.....ආච්චී එදා වගේම ඔසරියකින් සැරසී සිටි අතර ඇයට සලුන් වලට ගිහින් පුරුදු නැති බව පැවසුවාය.....මගේ මේකප් හොදයි උබලගෙ ඒවට වැඩිය....ඇය පැවසුවාය....සමාදි දිගකලිසමක් සහ කමිසයකින් සැරසී කොල්ලෙක් මෙන් සිටියාය ... අපේ ගෙදර සැමදෙනත් ආච්චිත් අපේ වාහනය්ට ගොඩවූ අතර එය පදවාගෙන ගියේ තාත්තාය.......ඩ්රවු කරගෙන ගියාට කමක් නෑ එනකොට වෙන ඩ්රිවර් ල හොයන්න එහෙම බෑ...අපිට නොතේරෙන ලෙස අම්මා තාත්තාට පැවසුවත්.......සමාදි එය තේරුම් ගත් බව මට රහසින් පැවසුවාය.....පුලුවන්නම් කියහන් අම්ම කිව්වෙ මොකක්ගැනද කියල.....ඇය මගෙන් ඇසුවාය......තාත්ත ආපහු එන්නෙ නැතුව ඇති එයා මේ ගමන් වැඩට ගියොත් අපිට වෙන ඩ්රිවර් කෙනෙක් හොයා ගන්න වෙනව ඒකයි ඔය කිව්වෙ.....මම පැවසුවෙමි......අයියෝ උබට ඕකවත් තේරුම් ගන්න බැරිද මෝඩියේ....සමාදි පවසනවිට අයියා සිනාසුනේය.....දැන් බලනකොට අම්මකිව්ව එකේ අදහස මම විතරයි දන්නෙ නැත්තෙ......ඇත්තටම මම මහ මෝඩියෙක් තමා.....වැරදුනා මෝඩයෙක්.....මටම හිතින් කියා ගත්තෙමි.....මේ.... අම්ම කිව්වෙ.... තාත්තට වැඩිය බොන්න එපා කියල.....පැවසූ ඇය සිනාසුනාය.......මොකද ලමයිනේ හිනාවෙන්නෙ.....ඉදිරි පස ආසනයේ සිටි අම්මා ඇසුවාය......නෑ නිකන් අම්මෙ....සමාදි කීවාය.....මේ හොද දවසෙ හිනාවෙන්නෙ නැතුව අඩන්නයෑ.....නේද පොඩි පුතේ....ආච්චි පොඩිපුතේ යනුවෙන් ඇමතුවේ ජනිත් මෙන් සිටි සමාදිටය......
මනාල ජෝඩුව පැමිනෙනවායයි පැවසූ ස්තානයේ අපි රැදී සිටියේ ඔවුන් පැමිනෙන තුරුය.....අක්කට දෑවද්ද සදහා ගෙනත් තිබුනු භාන්ඩ පුරවාගත් ලොරියක්ද තිබුනි....ටික වෙලාවකින් අක්කාගේ පැත්තේ නෑදෑයන් පැමිනෙන්ට විය... මනමාල ජෝඩුව පැමිනි පසු අපි ගමන ආරම්භ කලෙමු.......අපි උත්සව ශාලාව අසලට ගියවිට එදාමෙන් වෙස්නැටුම් කන්ඩායමක්ද සිටි බව දක්නට ලැබුනි ....මා වෙස් නැටුම් බැලීමට ආශා කල බැවින් ඉදිරියට ගියෙමි.....අක්කටයි අයියටයි ඉස්සරහින් යන්න දීල දුව පස්සට වෙන්න.....මා මනාල ජෝඩුවටත් වඩා ඉදිරියට ගිය බව දුටු අම්මා කීවාය.....උත්සව සාලාවේ ගේට්ටුව අසලසිට අපි නැටුම් සමග උත්සව ශාලාව අබියසට ගියෙමු......ජයමන්ගල ගාථා වලින් පසුව අපි උත්සව සාලාව තුලට ගියෙමු...... ....මනාලයාගේ අම්මා සහ තාත්තා අපිව පිලිගත් අතර......අපේ සුරන්ගනාවිත් ඇවිත් ඉන්නෙ....අක්කා බැන්ද අයියාගේ අම්මා මාව තුරුලු කරගෙන පැවසුවාය..... මෙය බලා සිටි සමාදි....ඔයාට ඔක්කොමල ආද්රෙයි වගේ නේද....මම එදත් දැක්ක හැමෝම ඔයාගෙ මුහුන ඉබල කතාකරනව.. කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්නකොට මම ලස්සන නෙ බන් ලස්සනට ඉන්න කොට කවුද අකමති. උඹ ඉතින් කෙල්ලෙක්නෙ ... උඹ මේ විදියට හිටියනම් උබටත් මේ විදියට ආදරේ කරයි .....මම සමාදිට පැවසුවෙමි.....මට ඔය එක එක්කෙනාගෙ ආදරේ ඕනැ කමක් නෑ....මට පිරිමියෙක් වගේ ඉන්න පුලුවන්නම් ඔය ඔක්කොටම වඩා හොදයි.....ඇය පිරිමි කමගැන සතුටින් කතා කරන්ට වූවාය.....අනේ මන්ද මෙයාට මොනව කිව්වත් ගැහැනු කම හොදයි කියල ඒත්තු ගන්වන්න බෑනෙ.....මෙහෙම ගිහිල්ල මොනවයෙන් මොනව වෙයිද දන්නෙ නෑ.....මම කල්පනා කලෙමි......

No comments: