Thursday, October 27, 2016

(බොක්සින් සමාදි 71)............................ ....ඈ නෝන මොකද මෙකට කරන්නෙ. ජනිත් ගෙ පපුව ලොකු උනා කියල අපිට ජනිත් ගැහැනු ලමයෙක් කියල නිගමනය කරන්න බෑනෙ. ........තාත්තා අම්මෙගෙන් ඇසුවාය.....ඩොකට කිව්වොත් ආයෙත් වෙනස් වෙන්න පුලුවන්නෙ තාත්තෙ.....සමාදි කීවාය....මමනම් දන්නෙ නෑ මහත්තය කැමත්තක් කියන්න.....අම්මා කීවාය....හරි දැන් ජනිත් මේ වැඩේට කැමතිද.......තාත්තා ඇසුවේය......සමදි කියනවනම් ජනිත් ලිදකට උනත් පනියි....... අම්මා කීවාය...... එහෙම බල කරන්න බෑනෙ එයාගෙ කැමැත්ත තියෙන්නඕනැ......පැවසූ තාත්තා.....ජනිත්ට එන්න කියන්න.....සමාදිට කීවේය.....අන්න වැඩේ හරියාගෙන එන්නෙ... වරෙන් යන්න.....සමාදි මගේ අතින් ඇදගෙන තාත්තා අසලට ගියාය.....මගේ හිස සිට පහලට තියුනු බැල්මක් හෙලූ තාත්තා......ඇයි මේ සමාදි කියන කියන ඒවම කරනව කියන්නෙ......තමන්ටත් ඔලුවක් කියන එකක් තියෙනව නේද......සමාදි කියන ඒව කරන කොට තමන්ට යහපතක් වෙනවද අයහ පතක් වෙනවද කියල ටිකක් හිතල බලනව......තාත්තා මට දොස් කියනවිට.....මා බියපත්ව බිම බලාගෙන සිටියෙමි......දැන් ඔයා දන්නවද? ඩොක්ට ඔයාව පරීක්ශා කලාට පස්සෙ මොනවගේ තීරනයක් දෙයිද කියල.......ඔයාව ගැහැනු ලමයෙක් වෙයි කිව්වොත් ගැටලුවක් නෑ...එහෙම නෙවෙයි කිව්වොත් මොකද වෙන්නෙ....ජනිත් දැන් ඔයා මොකද මේ ගැන කියන්නෙ.....සමාදි කියන දේට කැමති වෙනවද?.....කැමති වුනත් ආයෙත් වෙනස්වෙන්න උනොත් වෙනස් වෙන්න පුලුවන් වෙයිද?......හැබැයි එකක් මතක තියාගන්නව මේ සමාදි කියන හින්ද එහෙම මේවැඩේට කැමති වෙන්න එහෙම එපා..... පැවසූ තාත්තා දැන්ම කියන්න බැරිනම් ටිකක් කල්පනා කරල කියන්න......කීවේය.....සමාදි කියන හින්ද නෙවෙයි මම ගොඩක් කැමතියි කෙල්ලෙක් වෙන්න.....මෙසේ පැවසීමට හිතට ආවත් හිතතුල තිබුනු ලජ්ජා සහගත හැගීම නිසා එසේ කියාගැනීමට නොහැකිවිය......දම්ම බැරිනම් ගිහින් ටිකක් වෙලා කල්පනා කරල කියන්න......තාත්තා එසේ පැවසූවිට මා කාමරයට ගියෙමි......සමාදි මා පිටුපසින් පැමිනෙනු දුටු තාත්තා ඔයා කොහේද යන්නෙ එයාට තනියම කල්පනා කරල තීරනයක් ගන්න ඉඩ දෙන්න.....බලපෑම් කරනව එහෙම නෙවෙයි.....තාත්තා එසේ පැවසූ විට ඇය නැවතුනු බව දුටුවෙමි....ඇද උඩින් වාඩිවූ මා.....මගේ හිතේ තිබෙන කෙල්ලෙක් වීමේ ආශාව කෙසේ පවසන්නදැයි කල්පනා කලෙමි......අම්මා මා අසලින් වාඩිවූ බව දුටුවෙමි.....මගේ හිස අතගෑ ඇය ඔයා මොකද කියන්නෙ පුතේ සමාදි කියන එකට කැමතිද ඇසුවාය.....මා කිසිවක් මුවෙන් නොකියා හිසන් ඔව් යනුවෙන් සංඥා කලෙමි.....ඔයා ඔය ඔව් කියන්නෙ ඔයාගෙ හිතට එකගවද සමාදි කියන හින්දද?...ඇය ඇසුවාය.....සමාදි හින්ද නෙවෙයි.....මම හිමින් මිමිනුවෙමි.....හරි...මම තාත්තට කියන්නම්.....ඇය මා අසලින් ඉවත්වූවාය...සුලුවෙලාවකින් තාත්තා මට කතා කරනු ඇසුනු බැවින් ඔහු අසලට ගියෙමි.....අම්ම කිව්ව ඔයා කැමතියි කිව්ව කියල....එහෙනම් ගැටලුවක් නෑ.....හැබැයි මේ ගැන ගෙදරින් පිට කාටවත් දැනගන්න ඉඩ තියන්න බෑ..... ඔයාට අපි කතාකරන්නෙ සමාදි කියල.....සමාදි....ඔයාට අපි කතාකරන්නෙ ජනිත් කියල......ඒකට කැමතිනෙ.....මම කැමතියි තාත්තෙ....සමාදි එකවරම කීවාය....ඔයා කොහොමත් කැමති බව මම දන්නව ....මම ඇහුවෙ ජනිත්ගෙන්.....කැමතියි.....මම සෙමින් කීවෙමි.....කැමතියි කිව්වෙ මොකටද....තාත්තා මගෙන් නැවත වරක් ප්‍රශ්නකලේය....මට සමාදි කියනවට.....මම සෙමින් මුමුනන විට.....බලන්නකො නෝන මෙයාගෙ තියෙන ලැජ්ජාව.....මෙයානම් පිරිමි ලමයෙක් වෙන්න සුදුසු නෑ......ඔන්න ඔහේ මෙයාට ගැහැනු ලමයෙක් විදියට සලකන්න........සිනාසෙමින් පැවසූ තාත්තා අම්මාට අන්තිම තීරනය දැනුම් දුන්නේය......මට ඇතිවූ සතුට කියාගැනීමට නොහැකිවිය......සමාදි මගේ අතින් අල්ලා කාමරයට ඇදගෙන ගියාය.....ඔන්න මගේ වැඩේ කරා උබට තියෙන්නෙ දැන් මම වගේ ඉන්න .....මම දැන් ඉදන් ජනිත්....උබ සමාදි.....බැරිවෙලාවත් මට සමාදි කියල එහෙම කතාකරන්න එපා.....සමාදි සතුටින් කියන්ට වූවාය....දැන් තියෙන්නෙ අම්මට කියල උබට ගවුන්ටික හොයව ගන්න එක....මම ඒක අම්මට කියන්නම්.......ඇය මා අසලින් ගියේ අම්මා හමුවීමට බව තේරුනි...... ටික වෙලාවකින් ආපසු පැමිනි ඇගේ මුහුන අදුරු වී තිබෙන අයුරු දුටු මා .....මොකද වුනේ ඇසුවෙමි .....

No comments: