Tuesday, October 11, 2016


(බොක්සින් සමාදි 41)................................මනාලිය ලෙස සැරසී සිටි අක්කා සමග ලස්සනට සැරසී සිටි යෙහෙලියන් දෙදෙනෙක් ද සිටිනු දක්නට ලැබුනි....ඔවුන්ගේ අත් වලද මල් කලබ බැගින් තිබුණි .අක්කා ඇද ගත් පසු ගෙදරින් පිටත් වීමට සූදානම්ව අපි අක්කා පිටුපසින් සිටියෙමු.......පොටෝ ගන්නා අය අක්කාගෙත් අපෙත් පොටෝ ගන්නා අයුරු දක්නට ලැබුනි. අක්කා මංගල රථයට ගොඩවූ අතර අපි වෙනත් රථයකින් පිටත් වුනෙමු. අපි උදේ පාන්දරින්ම ලස්සන ස්තානයකට ගියෙමු.....එතැනට මනාලයා පැමින සිටි අතර ඔහු නිලමේ ඇදුමෙන් සැරසී සිටිනු දුටුවෙමි. නිලමෙ ඇදුමෙන් සැරසුනු අයියලා දෙදෙනෙකුත් කුඩා ලමුත් දෙදෙනෙකුත් සිටියෝය. මේ අතර නිලමේ ඇදුමෙන් සැරසී සිටි සමාදි සිටිනබව දක්නට ලැබුනි. ඇය ඉතා ජයක්ග්‍රාහී විලාසයෙන් සතුටින් සිටිනු දක්නට ලැබුනි.....සමාදි ඒ ඇදුමට ගොඩක් ආශයි වගේ....මම කල්පනා කලෙමි......පොටෝ ගන්නා පිරිස අපිව චායා රූප ගතකිරීමට උහුසුලුව කටයුතු කරන්ට විය.....අපිව එක් එක් ආකාරයට චායා රූප ගත් අතර වැඩිපුර ගත්තේ මනමාලිය වූ අක්කාගේ සහ අයියාගේය. චායා රූප ගන්නා අතරතුල ....මා අසලට පැමිනි සමාදි ....උඹ අද හරි ලස්සනයි බන් ...කීවාය.......උඹ අපරාදයක් බන් කරගත්තෙ උබ කෙල්ලෙක් විදියට හිටියනම් උඹනෙ අද මම වගේ ලස්සනට ඇදගෙන ඉන්නෙ......මම පැවසුවෙමි......කොච්චර ලස්සන වුනත් මම කැමති නෑ බන් කෙල්ලෙක් විදියට ඉන්න......ඇගේ කොල්ලෙක් ලෙස ජීවත්වීමේ අකමැත්ත..... ප්‍රකාශ කල ඇය.....කොහොමද මගෙ නිලමෙ ඇදුම.....ඇය ඇදගෙන සිටි ඇදුම ආඩම්බරව පෙන්නුවාය........සමාදිට වඩා. මගෙත් නන්ගිගෙත් චායාරූප ගැනීමට සැමදෙනෙක්ම පෙලෙබුනේ අපේ ඇති සුරුබුහුටි බව නිසා බව මා තේරුම් ගත්තෙමි.....නොයෙක් ආකාරයෙන් චායාරූප වලට මුහුන දුන් අපි.... අපේ උත්සව තිබුනු ශාලව කරා පිටත් වීමට සූදානම් උනෙමු.....නිලමෙ ඇදුම ඇදසිටි සමාදි කොල්ලෙක් ලෙස කොල්ලන් සමග එකතුවී වාහනයකට නගිනු දක්නට ලැබුනි.....මා නංගි සමග වෙනත් වාහනයකට නැග්ගෙමි........අපි කෙලින්ම ගියේ උත්සව ශාලාව තුලටය.....උත්සව සාලාව ඇතුලුවන දොරටුව අසල මනාලයා පිලිගැනීමට සූදානම් කර තිබුනු අතර.....නැටුම් කන්ඩායමක් ද .....ජයමන්ගල ගාථා කීමට ලමා සාරියෙන් සැරසී සිටි ගැහැනු ලමුන් කිහිපදෙනෙක්ද සිටිනු දක්නට ලැබුනි. මම නන්ගී සමග එම ගැහැනු ලමුන් අසලට ගියවිට......ලස්සන නන්ගිල දෙන්නෙක් නේද...එක් අක්කා කෙනෙක් ඇය අසලසිටි අනිත් අක්කාට කියනු ඇසුනි......ඇය එසේ පවසනවිට මට අමුතු සතුටක් ඇතිවිය......අපි සලාවට පැමිනි පසු අපේ නෑදෑ පිරිස පැමිනෙන්ට විය......මා අසලට පැමිනි සුදු පුංචි .....මම මේ බැලුවෙ කවුද කියල....සමාදි දුව අද ගොඩක් ලස්සනවෙලානෙ....මම විතරක් නෙවෙයිනෙ සුදු පුන්චිත් අද ලස්සනයිනෙ......මම එසේ පවසනවිට ..මා සමග සිනාසුනාය....වටිනා සාරියකින් සැරසී සිටි ඇය.....මුහුන මේකප් කරතිබුනු නිසා ඇයගේ මුහුනෙන් වෙනදා නැති සුන්දර බවක් දිස්වුනි..... මේ සැමටම වඩා ලස්සනට සිටියේ අපේ අම්මා බව දක්නට ලැබුනි.....ඇය කෙතරම් ලස්සන වී ඇත්දැයි බලනවිට ඇය අවුරුදු විස්සක පමන යුවතියකගේ පෙනුම ඇති බව මට සිතුනි..ආච්චිද පැරනි තාලයේ ඔසරියකින් සැරසී පැමින සටියාය......මේ අතර අම්මාගේ අම්ම වන ආච්චි අම්මාද පැමින සිටියාය....ඇය සීයා සමග සිටිනු දක්නට ලැබුනි .... නොයෙක් නොයෙක් මෝස්තරවලින් ඇදුම් ඇද ගත් අක්කලා සහ නන්ගිලා සාලාවට පැමිනි අතර ...ඔවුන් ඇද සිටි ඇදුම් සහ මා ඇද සිටින ගවුම සන්සන්දනය කර බැලූ විට මගේ ගවුම තරම් ඔවුන්ගේ ගවුම් ලස්සන නැතිබව මට සිතුනි.......මම කොල්ලෙක් නේද ඇයි මම ගවුන්ගැන මෙතරම් හිතන්නෙ.....එකවරම මා පිරිමියෙක් බව මතක්විය....ඉස්සර මෙතරම් ඇදුම් ගැන නොබලූබව මට සිහිවිය.....ඇයි මන් කොල්ලෙක් වෙලත් අද මේතරම් ගැහැනු ඇදුම් ගැන හිතන්නෙ....මා කල්පනා කලෙමි.....මා දැනට මාස දෙකකට කිට්ටු කාලයක් ඇදගෙන හිටියේ ගැහැනු ඇදුම්ය...මට ඇසුරු කිරීමට ලැබුනේ ගැහැනු ලමුන්ය.... නිතරම අම්මා තාත්තා ඇතුලු වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබුනේ ගැහැනු ලමුන්ට ලැබෙන උපදෙස්ය.....මේ නිසා මගේ මනස ගැහැනු මනසකට පරිවර්තනය වෙමින් පවතින වන බැවින්...මෙසේ ගැහැනු ලමයෙකු මෙන් සිතීමට පෙලබී ඇතිබව.....මට තේරුනි. දැනටමත් කොලු මනසකට හැරී තිබුනු සමාදිගේ සතුට වෙනුවෙන් මගේ පිරිමි මනස වෙනස්කර ගැනීමට සිදුවී ඇත.....තව පුලුවන් තරම් කාලයක් මේ විදියට ඉන්නව.........මා කල්පනා කලෙමි.....
සුලු වෙලාවකින් මනාලයා පැනෙනු දුටු අපි දොරකඩ අසලට ගියෙමු.....මනාලයා සමග මනාල්යාගේ යහලුවන් ලෙස ඇදගෙන සිටි අයියලත්.. සමාදිත්.. ඇය සමග සිටි මල්ලිත් සිටිනබව දුටුවෙමි......වෙස් නැටුමකින් කැදවාගෙන පැනි ඔව්න්ව ජයමන්ගල ගාථා කිමට සිටි යුවතියන්ගේ ජයුමන්ගල ගාථා ආසීර්වාදයෙන් පිලිගනු ලැබුවෝය....ඔවුන් කෙලින්ම ගියේ පෝරුව දෙසටය......අපිටද පෝරුව අසලට වී සිටින ලෙස අඩගැසූ නිසා අක්කාගේ යෙහෙලියන් දෙදෙනාද මාත් නංගී සමග පෝරුව අසලට ගියෙමු.....

No comments: