(බොක්සින් සමාදි 69).............................එදින පාසැල් ගොස් කල්පනා කලේ සමාදි පැවසූ දේ ගැනය.....උඹ පන්තියෙ කොල්ලො එක්ක හුගක් සතුටින්නෙ ඉන්නෙ......මේ ගැහැනු ලමුන් අතර සිටින විට සතුටු වෙන්න බැරි කාටද.....මෙයාල කොයි තරම් හොදද.....කරුනාවන්තද.....කොල්ලො වගේ නෙවෙයි හරිම අහින්සකයි.....මාත් කෙල්ලෙක් උනොත් මෙයාල එක්ක හැමදාම වුනත් ඉන්න පුලුවන්....සමාදි කොල්ලෙක් ලෙස මටත් වඩා සතුටින් සිටින අයුරු මේ අතර දුටුවෙමි......ගෙදර ගියාම කොල්ලන්ගෙ ඇදුමක් නෙ අදින්න වෙන්නෙ......ඒ හින්ද ස්කෝලෙම ඉන්න ඇත්නම්.....මට සිතුනි.....ගෙදර ගියාට පස්සෙත් මේවිදියට ඉන්න ඇත්නම් මට සිතුනි.....මා ගෙදර පැමිනි පසු ගවුම නොගලවා ටික වෙලාවක් සිටියෙමි......මොකද ගවුම ගලවන්නෙ නැත්තෙ......අම්මා ඇසුවාය.....මෙයාට ගවුම ඇදගෙන ඉන්න ආස ඇති අම්මෙ.....සමාදි කීවාය......ඉතින් ගෙදරට ඕක ඇදගෙන ඉන්න පුලුවන්ද.....ඔයා ගවුන් ඇදගෙන ඉන්න ඔයතරම් කැමතිනම් ගවුමක් ගෙනත් දෙන්නම්......අම්මාගේ එම වචනය මගේ දෙසවනට මීපැනි වත් කරනවා වගේ මිහිරි විය......ගවුමක් ගෙනත් දෙනවනම් කොයි තරම් දෙයක්ද....මට සිතුනි......අපි ඩොක්ට ගාවට යන්නෙ කවද්ද අම්මෙ......සමාදි ඇසුවාය.....ජනිත්ව ඉක්මනට පෙන්නන්න ඕනැ....ඒත් ඩොක්ට මේ දවස්වල රටලුනෙ......මාව බැලුව ඩොක්ටටද අම්මෙ ජනිත්ව පෙන්නන්නෙ.....ඇය ඇසුවාය......ඔව්....අම්මා කීවිට......එයාගෙ පපුව ලොකුවෙන හැටියට මට හිතෙන්නෙ ජනිත් කෙල්ලෙක් වීගෙන එනව කියල.....සමාදි කීවාය......අපිට කියන්න බෑනෙ ...ඩොක්ටට පෙන්නල තමා දැනගන්න පුලුවන් වෙන්නෙ.....අම්මා පැවසුවාය.....එහෙනම් එතකන් මෙයාට කෙල්ලෙක් වගේ ඉන්න කියමු.....එතකොට මම කොලෙක් වගේ ඇදගෙන ඉන්නව කියල ආච්චිලාටත් ගැටලුවක් නෑනෙ.....සමාදි මෙසේ පවසන විට ඇය තවත් සැලැස්මකට සූදානම් වන බව මට වැටහුනි......අර ඉස්සර කලාවගේ මෙයාට සමාදි විදියට සලකන්න....මට ජනිත් විදියට සලකන්න.......සමදි මෙසේ පැවසූවිට......මටනම් ගැටලුවක් නෑ....තාත්ත මොනව කියයිද දන්නෙ නෑනෙ.....අම්මා පැවසුවාය......තාත්ත මොකුත් කියන එකක් නෑ අම්මෙ.....මෙයා කෙල්ලෙක් විදියට ස්කෝලෙ යනව කියලත් තාත්ත දන්නවනෙ......සමාදි තවදුරටත් පැවසුවාය......ටික වෙලාවක් කල්පනාකල අම්මා.....අපි කවුරු කැමති වුනත් වැඩක් නෑනෙ දරුවො..... ජනිත් කැමති නැත්නම්......අම්මා කියනු ඇසුනි.....අනේ මම කැමතියි අම්මෙ.....මට මෙසේ පැවසීමට සිතුනද....එසේ පැවසීමට දිව නොනැමුනි.......එයා කැමතියි අම්මෙ ඔන්නම් ජනිත්ගෙන් අහල බලන්න...සමාදි කීවාය........ජනිත් ඔයා මේ සමාදිගෙ යෝජනාවට කැමතිද......අම්මා මගෙන් ඇසුවාය......මට කුමක් කියම්දැයි සිතාගැනීමට නොහැකිවිය......කොල්ලො ගවුන් අදින්න කැමතියි කියන එක නින්දාවක් යයි සිතුන නිසා මා කිසිවක් නොකියා...උරහිස් දෙක හැකුලුවෙමි......ඔහොම කලාට කමතියි අම්මෙ ....අම්ම මෙයාට ගවුන් ටිකක් ගෙනල්ල දෙන්න මම අන්දෝල පෙන්වන්න......සමාදි පැවසූ විට.....ඔව් ඉතින් ජනිත් .....ඔයා කියන්දේවල් කරනවනෙ.....අම්මා සිනාසෙමින් කීවාය..... මම ගෙනත් දෙන්නම්.....පැවසූ අම්මා ඔයා ලොකු ලමයෙක් උනදවසෙ ඇදපු ගවුමයි වෙඩින් එකට ඇදපු ගවුමයි....මම තියාගත්ත.....මෙහෙ කාට හරි දෙන්න කියල හිතාගෙන තව ගවුන් දෙක තුනකුත් තියාගත්ත......හොයල බලන්නම්......කොහෙන්ද අම්මෙ ඒව තිබ්බෙ......මගෙ අල්මාරියෙ ඇති ....විග් එකත් ඒකෙ දාල ඇති......හොයන්න ඕනැ.....අම්මා පැවසූවිට.....එහෙනම් ලේසිනේ......හොයල දෙන්නකො.....පැවසූ සමාදි.......ප්රැක්ටිස් කරන්නත් ඕනැ..........බොක්සින් පුහුනුව සදහා සූදානම් වීමට ගියාය.......ඇය පුහුනු වන අතර තුල නාගත් මා පාඩම් කිරීමට කාමරයට ගියෙමි.........
මා පාඩම් කරන අතරතුල මා අසලට පැමිනි අම්මා......ඔයා මොකද කියන්නෙ සමාදි කිව්ව ඒවට....ඇසුවාය......මම දන්නෙ නෑ අම්මෙ අම්මලගේ කැමැත්තක්......සමාදි කියනව වගේ මටත් හිතෙනව ඔයා ගැහැනු ලමයෙක් වෙයි කියල......ඔයාගෙ ගතිගුනයි ඇගේ හැඩෙයි ඔක්කොම ගැහැනු ලමයෙකුගෙ වගේ......ඔයත් අකමති නෑනෙ ගැහැනු ලමයෙක් වගේ ඉන්න.......ඒත් ඩොක්ට ඔයාව බලල මොනව කියයිද දන්නෙ නෑනෙ.......ඔයාගෙ පපුව ලොකුවෙන එක නවත්තන්න පුලුවන් කිව්වොත් ඔයාට කොල්ලෙක් වගේ දිගටම ඉන්න පුලුවන්නෙ......අම්මා පවසන්ට ඌවාය.......අනේ ඩොක්ට එහෙම දෙයක් කිව්වොත් මගේ සිහින ලෝකෙ ඔක්කොම කඩාවැටෙනව සුරන්ගනාවියෙක් වෙලා සුරන්ගනා ලෝකෙ සැරිසරන්න ලැබුනු වාසනාව එහෙම පිටින්ම නැතුව යනව......අනේ දෙවියනේ එහෙම දෙයක් නම් වෙන්න එපා මාව ගැහැනුලමයෙක් කරන්න......මා සිතුවෙමි......
No comments:
Post a Comment