(බොක්සින් සමාදි 19).....................................කෙල්ලෙක් ගේ ඇදුමක් ඇදගත් බැවින් මගේ හිතේ ඇතිවූ ලැජ්ජා සහගත බව නිසා මම සමදිගේ කාමරය තුලට වී පාසැල් වැඩ කිරීමට පටන් ගත්තෙමි.පන්තියේ ඉගැන්වූ ඇගේ සටහනුත් මගේ සටහනුත් එකම බැවින් අපේ පොත් මාරුවුනාට එතරම් ගැටලුවක් ඇති නොවුනි. ...සමාදී...යනුවෙන් ඇමතූ අම්මා කෝ මේ කෙල්ල කොයි වෙලාවකවත් ගෙදර ඉන්නෙ නෑනෙ....කොහේ දුවනවද මන්ද.....සමාදි පෙනෙන්ට නොසිටි නිසා ..අම්මා ඇයට බනිමින් ඇයව සොයන බව මට තේරුනි......ටික වෙලාවකින් මාසිටි කාමරයය තුලට එබී බැලූ ඇය.....මෙහෙනෙ මම එලියෙ හැම තැනම හොයනව...මම කතාකරනව ඇහුනෙ නැද්ද...ඇය කීවාය..... මා දැන් සමාදි වී ඇති බව මතක් වුනේ .අම්මා එසේ කියන විටය.....පාඩම් වැඩට හිත යොමු වීම නිසා මා සමාදි වී ඇති බව අමතක වී තිබුනි. එබැවින් අම්මා සමාදිට කතකරන හඬ ඇසුනත් මා නිස්සබ්දව සිටියෙමි......මොකද අද කවදාවත් නැතුව කාමරේට වෙලා පාඩම්කරන්න හිතුනෙ.....ඇය ඇසුවාය. හෙට පාඩම් කරගෙන යන්න ඕනැ නැත්නම් ටීච බනියි.....මම පැවසුවෙමි....කෝ එතකොට ජනිත්....දැන් හිටිය. කාමරේ ඇති මම කීවෙමි.....හරි හරි දුව පාඩම් කරන්න.....පැවසූ ඇය කාමර යෙන් පිට වී ....ජනිත් යනුවෙන් කතා කරමින් සමාදිව සෙවීමට පටන් ගත් බව මට තේරුනි.....සමාදි කාමරේ පාඩම් කරනව කෝ මේ ජනිත්.......ඇය තරහෙන් මෙන් පවසනු ඇසුනි......සමාදී .....ජනිත් කොහාටද ගියෙ.....මට මොකුත් කිව්වෙ නෑ අම්මෙ....මම කීවෙමි.....ලොකු පුතේ පොඩ්ඩක් වත්ත උඩහට ගිහින් බලන්න මල්ලි කොහේද කියල.....අම්මා අයියාට පවසනු ඇසුනි......දැන් සමාදි කොල්ලෙක් වගේ හින්ද තනියම කොහාට හරි යන්න ඇති සිතූ මම ඇය නිතර යන ස්තානය බැලීමට මිදුලට බැස්සෙමි.......ඔයා කොහේද යන්නෙ....අයිය ගියා.... මේ ඇදිරි වැටීගෙන එන වෙලාවෙ ගැහැනු ලමිස්සියො තනියෙම කොහේවත් යන්නෙ නෑ....යන්න ගෙට....අම්මා මට කීවාය.....මම නැවත් ගෙට ගොඩවුනෙමි. පිරිමි ලමුන්ට මෙන් නොව ගැහැනු ලමුන්ට වෙනම නීති මාලාවක් ඇති බවත් තාවකාලිකව හෝ ගැහැනු ලමයෙකු වූ මටද ඒ නීති මාලාවට යටත් වීමට සිදුවන බවත් ....අම්මාගේ එම කතාවෙන් තේරුම් ගත්තෙමි. ......සුලු වෙලාවකින් සමාදි නියම කොල්ලෙක් මෙන් හති දමාගෙන දුවගෙන එනු පෙනුනි.....කොහේද බන් ගියෙ අපි හැමතැනම හොයනව.......වෙරලු ටිකක් කඩාගන්න ගියා වෙරලු ඉදිල.....ඇය සාක්කුවල පුරවාගෙන සිටි වෙරලු එලියට ගන්ට වූවාය...... කියල ගියනම් ඉවරනෙ....කී අම්මා..අද මොකද කවදාවත් නැතුව ජනිත්ට වෙරලු කඩන්න හිතුනෙ.....සමාදි ගෙට වෙලා පාඩම් කරනව ජනිත් වෙරලු කඩන්න ගිහින්.....වෙනදට ඕකෙ අනිත් පැත්ත වෙන්නෙ.....පැවසූ ඇය ....අයිය ඔයාව හොයන්න කියල ගියා ...හම්බවුනාද..ඇසුවාය....අයිය තමා අම්මල හොයනව කිව්වෙ......එත කොට කෝ අයිය....අම්මා අසනවිට අයියා පැමිනෙනු දුටු මම...අර එන්නෙ....අම්මට පෙන්නුවෙමි. ......මම යනකොට මෙයා වෙරලු ගහ උඩ වෙනදට ගස් යන්න බැහැකියන එක්කෙනා අද ගහට නැගල......මල්ලිට උඩ නගින්න බෑ කියන්නෙ බොරුනෙ අම්මෙ.....පැවසූ අයියා ගෙට ගියේය......පිරිමි ලමයෙක් උනාම ඕව කලාට කමක් නෑ ඒත් පරිස්සමින්.....අපිට කියල යනව...ඔයා තාම පොඩි ලමයෙක්.....අම්මා සමාදිට දොස් කීවාය.....
මේ ඔයා මාර වැඩනෙ කරන්නෙ.....මම කාමරයේදී සමාදිට කීවෙමි.....ඒමොකක්ද.....ඇය ඇසුවාය.....ඔයා දන්නවනෙ මට ගස් යන්න බෑ කියල....ඉතින් ඔයා මම වගේ වෙලා ගස් යනකොට අම්මලට අපි ගැන සැක හිතෙන්නෙ නැද්ද.....මම පැවසුවෙමි.....ඒකත් ඇත්ත තමයි.....පැවසූ ඇය සුලුවෙලාවක් කල්පනා කර.....මේ ඔක්කොටම මුල උඹට ගස් නගින්න බැරිවුන එකනෙ....උඹටත් මම වගේ වැඩකරන්න පුලුවන් උනානම් මේ කිසිම කරදරයක් නෑනෙ....අඩුගානෙ ගස් නගින්න බොක්සින් ගහන්න...උඹ මොකට පිරිමියෙක් වෙලා උපන්නද මන්ද.....සමාදි මට දොස් කීමට පටන්ගත්තාය......ඇය මෙසේ පැවසීම නිසා මගේ සිත තුල ලැජ්ජාවක් ඇතිවිය......මට චූ කරන්න බටයක් තිබුනට ඇත්තටම මම පිරිමියෙක්ද....මම පිරිමියෙක් නම් පිරිමි වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනැ....මට ඒ කිසි දෙයක් බෑ....ඒ වුනාට අම්ම කරන වැඩවලට උදවුවෙන්න ආසයි.....ඒ වුනාට මම ගැහැනු ලමයෙක් වෙන්න ආස නෑ.....ඒත් සමාදි පිරිමි වැඩ කරන්න විතරක් නෙවෙයි පිරිමි ලමයෙක් වෙන්නත් ආශයි.........
No comments:
Post a Comment