Thursday, October 20, 2016


(බොක්සින් සමාදි 47).....................................අපි රාත්‍රියේ නින්දට යනවිට තාත්තා අපිට පවසා ඇත්තේ නිදාගන්නා කාමර වල අගුලු නොදමා නින්දට යන ලෙසය. එයට හේතුව ලෙස ඔහු පවසා තිබුනේ අපි පොඩි ලමුන් බැවින් හදිසියකදී ඔවුන් ට අපේ කාමර වලට ඒමට හැකියාවක් තිබිය යුතුබවයි.අප නිවස වටා තිබුනු දොර ජනෙල් හොදින් අගුලු දැමීමට හැකිවන ලෙස සාදා තිබුනු බැවින් ගේ ඇතුලට සොර සතුරන් ඇතුලුවීමට මගක් නොතිබුනි. මේ නිසා කාමරවල අගුලු දැමීමට අවශ්‍යතාවයක්ද නොතිබුනි......මේ සිද්දිය සිදුවූවේ සිකුරාදා දිනකය.....එදින රාත්‍රියේ අපි සුපුරුදු පරිදි රාත්‍රී ආහාරයෙන් පසු නින්දට ගියෙමු.....මා නින්දට යනවිට නයිට් ගවුම ඇද නිදාගැනීම පුරුද්දක් විය. ....සමාදි හැර අනිත් අය සිතා සිටියේ මා සමාදි යනුවෙනි.....මා පසුවූවේ තද නින්දෙනි.....මගේ උරහිසට වැදුනු තද පහරකින් මගේ තද නින්ද බිදුනි.....මා අසිහියෙන් මෙන් ඇස් හැරියෙමි....නැගිටිනව....අම්මා සැරෙන් කතා කරනු ඇසුනි..මා ඉක්මනින් නැගිට ඇදෙන් වාඩිවුනෙමි.....මුන්දෙන්න කවද ඉදන්ද මේ බොරුව අපිට කලේ......අම්මා තාත්තා දෙස බලා සැරෙන් පවසනු ඇසුනි.....ඔක්කොම වැඩ ඉවරයි වගේ ....අපේ හොරේ අහුවෙලා......මා බියෙන් ගැහෙන්න විය......මගේ කනෙන් අල්ලා කාමරයෙන් එලියට ගිය අම්මා මගේ මුහුන හරහා තද පහරක් එල්ල කර සමාදි නිදා සිටි කාමරයට ගියාය.....තාත්තා මා දෙස ඉතාමත් කේන්තියෙන් බලා සිටින බව දුටු මට.....අම්ම වගේ නෙවෙයි තාත්තගෙන් පාරක් කෑවොත් ඉවසන්න බරිවෙයි......මා බියපත්ව ගුලිගැසුනෙමි.....අම්මා සමාදිවද කනෙන් ඇදගෙන එනු දුටුවෙමි......ඇයටද කම්මුල් පහර ස්ථීර බව දන්නා මා ඇස්දෙක පියාගත්තෙමි.....මුන් දැන් තියා මේවගෙ වන්චාවක් කරල අපිව රැවැට්ටුවනම් ලොකු වෙනකොට මොනව නොකරයිද.....චටාස් ...යනුවෙන් හඩක් නන්වමින් අම්මා බනිනු ඇසුනි......මේ ඔක්කොම වැරදි කලේ මමයි අම්මෙ ජනිත් මේවට වැරදි නෑ......සමාදි හඩමින් පවසනු ඇසුනි......මොකක්ද අම්මේ.....අයියාගේ කටහඩ ඇසුනි.....අම්මාගේ මෙම කෑගැසීම නිසා අයියාද නින්දෙන් ඇහැරී පැමිනි බව....තේරුනි.....මේ රෑවෙලා කෑගහන්නෙ නැතුව ඉන්න නෝන.....හෙට උදේ මේ ගැන හොයමු......තාත්තා පැවසුවේය...මේ රෑවෙලා කෑගහන කොට අහල පහල අයටත් ඇහෙනවනෙ....තාත්තා පැවසූවිට......මට මොකවත් පේන්නෙ නෑ මුන් මේවගෙ දේවල් කරන කොට......අම්මා කටහඩේ සැර තරමක් බාලකර පැවසුවාය......දැන් දෙන්න ගිහින් නිදා ගන්නව....තාත්තා අපිට කීවේය......මේ විදියට නිදා ගන්න....මෙහෙම නිදා ගන්න දෙන්න බෑ.....සමාදි....ගලවනව ඔය ජනිත්ගෙ ඇදුම් ....තමුන්ගෙ කාමරේට ගිහින් තමුන්ගෙ ඇදුම් ඇද ගන්නව.....ජනිත්....ගලවනව ඔය ඇදන් ඉන්න ගවුම.....ඕව සමාදිට දීල තමුන්ගෙ කාමරේට ගිහින් නිදාගන්නව......අම්මාගේ නියෝග අපිට ඉටුනොකර සිටීමට නොහැකිවිය......අපි දෙදෙනාට අපේ ඇදුම් සහ කාමර මාරුකර ගැනීමට සිදුවිය.....හෙට උදේට මේ ගැටලුව කතාකරමු දැන් නිදාගන්නව......අපිදෙදෙනාට පැවසූ තාත්තා අම්මා සමග ගියේය.
සෑහෙන කලකට පසු පිජාමා වලින් මසා තිබුනු රාත්‍රී කලිසම ඇදගෙන මගේ ඇද උඩ ඇලවුනෙමි......දැන් ඉතින් හෙට උදේට මොනවයෙන් මොනව වෙයිද.....මෙච්චර දවසක් මම කෙල්ලෙක් විදියට හිටිය කියල අහුවුන හින්ද මට කොච්චර ලැජ්ජා වෙන්න වෙයිද.....හැමෝමමාව විහිලුවට ගනියි....ඒත් සමාදි කොල්ලෙක් විදියට හිටිය හින්ද එයාට මට වගේ ලැජ්ජාවක් වෙන එකක් නෑ.....කෙල්ලෙක් කොල්ලෙක් වගේ ඇදගෙන හිටියට මේ සමාජෙ ලැජ්ජාවට කාරනාවක් හැටියට සලකන්නෙ නෑ.....ඒ වුනාට කොල්ලෙක් වුන මම කෙල්ලෙක් වගේ හිටිය කිව්වම මේ සමාජය මා දිහා මොන විදියට බලයිද මට කොයිතරම් නින්දා අපහාස කරයිද......මම ඇදේ ඇලවී කල්පනා කලෙමි.....හෙට උදේට තාත්ත අපිට මොනවිදියේ දඬුවමක් දෙයිද?.....අද එයා නිස්සබ්දව හිටියෙ ගොඩක් රෑවෙලා හින්ද....ඒත් හෙට.....මට බියමුසු හැගීමක් ඇතිවිය....මාව අම්මට අහුවුනේ කොහොමද අම්ම ඇයි මේ වෙලාවෙ මේ කාමරේට ආවෙ.....මම හිතන්නෙ එයා මගේ රහස් පෙදෙස බලල තියෙනව....ඒකයි අහුවුනේ නැත්නම් අහුවෙන්න විදියක් නෑ.....මම නිතරම සමාදිගේ පැන්ටියක් ඇදගෙන නින්දට ගියෙත් නිතර ඒවා ඇදගෙන හිටියෙත් මගේ පුරුෂ ලිංගය පිටට පෙනෙයි කියන බිය ඇතිවූ නිසාය.....එය කෙතරම් වසා ගෙන හිටියත් අම්මා එය බැලුවේ ඇයි?...මගේ මනස තුල මෙම ගැටලු මතුවන්ට විය.....ඇතිවූ ගටලුව නිසා මට නින්ද නොගියත් පාන්දර කිට්ටුව නින්ද ගොස් තිබුනු බව දැනුනේ ඇහැරෙන විට වෙනදට වඩා එලිය වැටී තිබුනු බැවිනි......දැන් තමයි නියම යුද්දෙ පටන්ගන්නෙ......මා ඇඳෙන් නැගිටින ගමන් කල්පනා කලෙමි.....

No comments: