(බොක්සින් සමාදි 29)....................... ....තාත්තා පැවසූ පරිදිම සෙනසුරාදා ගෙදර සිටියේය....අම්මා උදෙම්ම ලෑස්ති වන්නේ මගේ කන් විදීමටත් මට විග් එකක් මිලදී ගැනීමටත්ය. මට ඔවුන් සමග මේගමන යෑමට සිදුවන්නේ වෙනදා මෙන් නොවන බව වටහුනේ පෙර දින රාත්‍රියේ මෙම ගමනට සුදුසු ගවුමක් සොයා රක්කයේ තැබුවාට පසුවය. අයියාට පන්ති තිබුනු බැවින් අපත් සමග ඒමට නොහැකි වී ඇති අතර පන්ති අවසන් වී ආච්චිගේ ගෙදර යන ලෙස තාත්තා පැවසුවේය. සමාදි ජනිත් වන මා විදියට මෙම ගමනට සූදානම් විය. මා අම්මා තෝරා දී තිබුනු සමාදිගේ ඇදුම් ඇද ගත්තෙමි.උත්සව අවස්ථා වලට අදින එම ගවුම ඇදගත් මා කැඩපතින් බැලූවිට මල්කුමාරියෙක් මෙන් දිස් විය. අම්මා කියන්නාක් මෙන් කොන්ඩය සහ කරාබු තිබුනනම් කියිතරම් ලස්සනද මා මාතුලින් දිස් වූ සුන්දර ගැහැනු රුව දෙස බලමින් සතුටුවුනෙමි.....සමාදි මගේ ඇදුම් ඇන්ද විට කඩවසම් කොල්ලෙක් ලෙස දිස්විය......මෙතෙක් දවසක් ගවුම් ඇදගෙන ගෙටවෙලා සිටිය මම සමාජය අතරට යන්නේ අදය....මගේ සිතට සියුම් ලැජ්ජාවක් ඇතිවිය......තාත්තා වාහනය පනගන්වා මිදුලට ගත්තේය......ඔසරියකින් හැඩවූ අම්මා මාදෙස බලා සිටියාය.....මා ගවුමේ සාය හැඩකරනවිට ඇයද මට උදවු කලාය......බලන්න ඔයා ගවුමට කොයි තරම් ලස්සනද කියල....වෙනදා මෙන් මගේ ලස්සන වර්නා කලාය. ගෙදර දොරවල් වැසූ අම්මා.....වාහනයේ ඉදිරි අසුනෙන් වාඩිවූවාය....අපි දෙදෙනා පිටුපස අසුනෙන් වාඩිවූවෙමු. පලමුවෙන් අපි ගියේ මගේ කන් විදීමට වෛද්‍ය වරයෙක් අසලටය... කන් විදිනකොට ගොඩක් රිදෙනවද .....මම හිමින් සැරේ සමාදිගෙන් ඇසුවෙමි......මතක නෑ බන් මම ගොඩක් චූටි කාලෙනෙ විදල තියෙන්නෙ....පැවසූ ඇය.....ඒතරම් රිදෙන්නෙ නැතුව ඇති බන්.....කීවාය......ටික වෙලාවකින් මාත් අම්මත් වෛද්‍යවරයා ගේ කාමරයට ගියෙමු.....මා දෙසත් අම්මා දෙසත් බැලූ ඇය මොකද ඇසුවේය.....මෙයාගෙ කන් විදින්න ඩොක්ට.....අම්මා පැවසූ විට .....ඇයි කන්විදල නැද්ද ....මෙයා පුතෙක්ද දුවෙක්ද ...කොන්ඩෙත් කොටවෙන්න කපල හින්ඩ ඇහුවෙ......අපේ දුව ඩොක්ට.... මෙයා පොඩි කාලෙ ඉදන් කැමැත්ත තිබුනෙ කොල්ලෙක් විදියට ජීවත් වෙන්නනෙ....ඒ හින්ද මෙයා කරාබු දාන්න කොන්ඩෙ වවන්න කැමති නෑ.......ලොකු ලමයෙක් උනාට පස්සෙ අපේ වදේට තමා ගවුම් අදින්නෙත්....ඉස්සර ගවුම් අදින්නත් කැමති වුනේ නෑ......අම්මා මෙසේ පවසන අතර තුර ඔහු මගේ කන්පෙති පරීක්ෂා කරන්ට විය.....දැන් කරාබු දාන්න කැමතියි කිව්වද...ඩොක්ට සිනාසෙමින් ඇසුවේය...අපේ වදේට තමා ඕකත් දාන්නෙ ....අපේ අක්කගෙ වෙඩින් එකක් ලග තියෙනව ඒකයි..වතුරකින් සෝදා....මගේ කන්පෙතිවල සලකුනක් දැමූ ඔහු බෙහෙත් විදින කටුවක් ගෙන කන්පෙත්ත හිල් කිරීමට සූදානම් විය. මා බියවී දැගලීමට සූදානම් වනවිට.....බයවෙන්න එපා රිදෙන්නෙ නෑ චූටි කූබියෙක් කනව වගේ දැනෙයි.....පැවසූ ඔහු කන්පෙත්ත මත කටුව තබා තද කරනබව තේරුනි.....ඔහු පැවසූ පරිදි එතරම් රිදුමක් ඇති නොවුනි......කටුව ආපසුගත් ඔහු කරාබුව බෙහෙත් දියරයකින් සෝදා විදිනලට සිදුර තුලින් ඇතුලට යවන බව තේරුනි....එවෙලේ සුලු රිදුමක් ඇතිවිය......අනිත් කන් පෙත්තද ඒ ආකාරයටම විද කරාබුව දැම්මේය......ලස්සනද බලන්න ඔහු අසල තිබුනු කැඩපතකින් මගේ මුහුන පෙන්නුවාය.....කරාබු දම්මාට පසු මගේ මුහුනේ තිබුනු පිරිමි පෙනුම අඩුවී ඇති ආකාරය දුටුවෙමි......දැන් ලස්සනයි නේද.....ඇසූ වෛද්‍යවරයා......දැන් ඔයා කොච්චර ලස්සනද බලන්න. ගැහැනු ලමයින්ට ලස්සන සරීරයක් දීල තියෙන්නෙ ලස්සනට ඉන්න....කොල්ලෙක් වගේ ඉන්නකොට ඒ ලස්සන නැති වෙනව........දැන් ඉතින් කොන්ඩෙත් දිගට වවාගෙන ලස්සනට ඉන්න බලන්න.....නැත්නම් ඔයා දිහා කවුරුවත් බලන එකක්වත් නෑ...අවසානයේ වෛද්‍යවරයා මට අවවාද කලාය.....ඔය අවවාද හරියන්නෙ සමාදිට සමාදිට ඔහොම කිව්වනම් හරි ....මම ඉතින් කොහොමත් පිරිමි ලමයෙක්....
කරාබුදෙක පලදවාගෙන එලියට එනවිට මාදෙස බැලූ සමාදි .....දැන්නෙ ලස්සන කීවාය......ලස්සනතමා මට දන් ඉතින් හැමදාම ඔයා විදියට තමා ඉන්න වෙන්නෙ.....මම අමනාපයෙන් පැවසුවෙමි......ඉතින් හොදයිනෙ....ඇය කීවාය.....කෙල්ලෙක් විදියට ඉන්න මම ආසනෑ අනේ....මම පැවසුවෙමි.....ඔයා කෙල්ලෙක් වෙලා ඉන්න තාක් කල් මට කොල්ලෙක් විදියට ජොලියෙ ඉන්න පුලුවන්.....ඇය සතුටින් පැවසුවාය......
No comments:
Post a Comment