(බොක්සින් සමාදි 48)...............................................මා නැගිට කාමරයෙන් එලියට ගියේ මුහුන සෝදගැනීම සඳහාය. මාව දුටු අම්මා....ආ නැගිට්ටද.....මාදෙස බලා ඇසූ ඇය.....තවම කරබු දෙක දාගෙන නේද ඉන්නෙ....ගලවනව ඔය දෙක....අපිව රවට්ටල කන්දෙකත් විද්දව ගත්තනෙ.....දවල්ට කොන්ඩෙ කපාගන්න යන්න ලෑස්තිවෙනව.....ඊයේ රාත්රියේ අම්මාට වැහුනු යක්ශාවේශය.....තවමත් ඇයතුල තිබෙන බව මට වැටහුනි....කෝ මේ සමාදි තවමත් නිදිද.....ඇසූ අම්මා ...සමාදිට කතාකරනු ඇසුනි.....අම්මාගෙන් බේරුනු මා හිමින් සීරුවේ නාන කාමරය තුලට ගියෙමි.....ටික වෙලාවකින් එලියට ගිය කාලෙකට පසු නයිට් ගවුමක් ඇද සිටි සමාදි මුහුන එල්ලාගෙන සිටිනු දක්නට ලැබුනි.....මා ඇය අසලට ගියෙමි....මොකක්ද බන් උඹ කල වැඩේ උඹට ඔය නැටි කෑල්ල හංගගෙන ඉන්න බැරිවුනාද......මාදෙස බලූ සමාදි ඇසුවාය.....අනේ මන්ද බන් අම්ම කොහොම දැක්කද කියල මම පැන්ටියක් ඇදගෙන හිටියෙ.......මම කීවෙමි. ....පැන්ටිය ඇන්දට ඕක එලියට පැනල තියෙන්න ඇති....ඇය කීවාය.....එහෙම වෙන්න බෑ....මම කීවෙමි.....ඒක නෙවෙයි දැන් අපි මොකද බන් කරන්නෙ.....මම ඇසුවෙමි.....අනේ මන්ද මටත් හිතාගන්න බෑ.....ඇය පැවසුවාය.....උඹටනම් ප්රශ්නයක් නෑ මට තමා දැන් ඔක්කොම ප්රශ්න එන්නෙ.....මම දුක්මුසුව පැවසුවෙමි......උඹට කියල වෙනම ගැටලුවක් එන්නෙ නෑනෙ.....ඒ ඔක්කොම ගැටලු මටත් එනවනෙ......සමාදි කීවාය......උඹ කොල්ලෙක් විදියට හිටිය කියල කවුරුවත් හිනාවෙන්නෙ නෑ....ඒවුනාට මට එහෙම නෑ....මම කෙල්ලෙක් වගේ හිටිය කියල දැනගත්තොත් කොයිතරම් ලැජ්ජාවක්ද....මට බයට වඩා තියෙන්නෙ ඒ ගැන ලැජ්ජාව......ටිකවෙලාවක් කල්පනාකල සමාදි....ඒකත් අත්ත තමයි......කීවාය....නියමෙට කරගෙන ආව වැඩේ මේ අම්ම කෑවනෙ.....ඇය අම්මත් සමග තරහෙන් කතාකරන්ට වූවාය......දැන් ඔතැනට වෙලා ඉදල හරියන්නෙ නෑ...තාත්තට නඩුව කියන්න ලෑස්තිවෙලා හිටපල්ල....කියමින් මා අසලට පැමිනි අම්මා මගේ කනේ තිබුනු කරබුදෙක ගලවන්ට වූවාය.....සමාදි මූන හෝද ගත්තනම් ගිහින් ගවුමක් ඇදගන්නව......මීට පස්සෙ පිරිමි ඇදුම් ඇදීම සම්පූරනයෙන් තහනම්.....ජනිත් තමුසෙත් මතක තියාගන්නව....සමාදිගෙ ඇදුම් අල්ලන්නවත් තහනම්.....අම්මා මෙසේ පැවසූවිට සමාදි ඇගේ කාමරයට ගිය අතර. මම මගේ පැරනි පිරිමි ඇදුම් ඇද ගත්තෙමි.....කලකට පසු ඇදගත් කලිසම ඇගට බර ගතියක් දැනුනි.....ගවුම් ඇදගෙන ඉන්නකොට කොච්චර සැහැල්ලුද.....ඒව මේවගෙ ගොරෝසුනෑනෙ.....සිනිදු රෙදිවලින් මසාතිබුනු එම ගවුන් රෙදිවල පහස විද පුරුදු මට ඒවායේ සුමට සිනිදු බව සිහිවිය....මීට පස්සෙ මට කවදාවත් ඒවගෙ සැහල්ලු ලස්සන ඇදුම් අදින්න බැරිවෙයි.....මට දුකක් ඇතිවිය. වැඩක් නෑ බන් අම්ම කියන හින්ද ගවුමක් ඇදගත්ත......ගවුමකින් සැරසී එලියට පැමිනි සමාදි......මා අසලට පැමින කීවාය....වෙනදා සමාදි තුල තිබුනු කෙලිලොල් ක්රියාසීලී ගතිය අද නොමැති බව දුටුවෙමි.....ඒ වෙනුවට බියවුනු කල කිරුනු මුහුනක් ඇය කෙරෙන් දිස්විය.....තාත්ත අපිට මොනව කියයිද දන්නෙ නෑ......ඒත් උඹ බය වෙන්න එපා...උඹ මේ ඔක්කොම කලේ මම හින්දනෙ....මම කිව්ව හින්දනෙ....ඒ හින්ද මම
උඹව පාවලා දෙන්නෙ නෑ.......සමාදි දුක්මුසුව පැවසුවාය....
අයියා පන්ති ගියාට පසු තාත්තා අපි දෙදෙනාට කතා කලේය.....ඔය දෙන්න ඇයි අපිව රැවැට්ටුවෙ.....තාත්තා අපෙන් ප්රස්න කිරීමට පටන්ගත්තේය.....මට ඉවසන්න බැරි මුන්දෙන්න අපිවත් රැවට්ටුව එක....අම්මාට ආවේස වීසිටි යක්ශයා නැවත් ඉදිරියට පැමිනෙනු දුටු තාත්තා ....නෝනා නිශ්සබ්ද වෙන්නකො .....මේ දෙන්න ඇයි එහෙම කලේ කියල බලමුකො... හා දැන් කියනව බලන්න ඇයි ඒවගේ වැඩක් කලේ කියල.....තාත්තා අපි දෙදෙනා දෙස බලමින් ඇසන්ට විය.....මා බියපත්ව බිම බලාගත්තෙමි.....සමාදිද බියෙන්මෙන් බලා සිටිනු දුටු තාත්තා....මොකද කතා නැත්තෙ දෙන්නගෙම කටේ පිට්ටු හිරවෙලාද....තාත්තාගේ සබ්දය නිසා සාලයේ කබිනෙට් එකට සවිකර තිබුනු වීදුරු පිපිරුවාදැයි මට සැකයක් ඇතිවිය.......බියට පත්වූ සමාදි මුමුනමින් මොනවද කියනු ඇසුනි.......මුම් මුම් ගානේ නැතුව හයියෙන් කතාකරල කියනව.......ඒ සබ්දයට ජනෙල්වල වීදුරුත් දෙදෙරුම් කැව වගේ දැනුනි.....මගේ මුලු සර්වාන්ගයම ගැහෙන්ට විය......
No comments:
Post a Comment