Wednesday, October 5, 2016

(බොක්සින් සමාදි 23).................................කවුරු රැවැට්ටුවත් අයියවනම් රවට්ටන්න බැරිවෙයි වගේ.......අපි කෑම ගෙන අවසන් වූ පසු කාමරයට ගිය මා සමාදිට පැවසුවෙමි.......ඒ ගැන බයවෙන්න එපා අපි පරිස්සමින් මේ වැඩේ කරගෙන යමු.........සමාදි ලේසියෙන් පසුනොබසින තැනැත්තියක් නිසා එසේ කීවාය......ඔයා කියටද ප්‍රැක්ටිස් පටන්ගන්නෙ.....මම ඇසුවෙමි.....තව පැයකින් විතර පටන්ගන්නව......පිලිතුරුදුන් ඇය......උඹත් මේකට හවුල් වෙයන්කො.......උඹට පුරුදු උනාම මට පුලුවනි ජනිත් විදියටම මේක කරගෙන යන්න.....ඊට පස්සෙ උඹ අයින් වෙයන්...මම තාත්තට කියන්නම් සමාදිට බොක්සින් ගහන්න බෑ කිව්ව කියල......එතකොට මට පුලුවන් ජනිත් විදියටම ඉන්න.....ඇගේ පරන සැලසුම මට නැවත ඉදිරිපත් කලාය.....අනේ මන්ද බන් උබ කියන හින්ද එන්නම්......මා එසේ පැවසූවිට ඇයට ඇතිවූ සතුට නිසා මාව තුරුලු කරගෙන මගේ මුහුන සිපගත්තාය.....උඹ සුවර් එකටම එනවද බන්.....ඇය නැවත මගෙන් ඇසුවාය.....එන්නම් එන්නම්....මම කීවෙමි....අදම වරෙන්.....ඇය කීවාය....බෑ... ඉස්සෙල්ල තත්තගෙන් අහන්න ඕනැ නේද...මම කීවෙමි....තාත්තගෙන් අහල හෙට ඉදන් පටන්ගම්මු......ඇය කීවාය. 
මිදුලට ත්‍රී රෝද රථයක් පැමිනීමේ සබ්දය ඇසුනු බැවින් මා ඉදිරි දොර අසලට ගියෙමි. ආච්චි බිමට බසිනු දුටු මම ඉදිරි දොර ඇරියෙමි......ආච්චී සමග ලොකු අම්මාද පැමිනෙනු දුටුවෙමි.....මා දෙස බැලූ ආච්චී..... මොකද මේ ගවුමක් ඇදගෙන ..උඹ.. කොල්ලෙක් නේද.ලැජ්ජ නැද්ද.....කියමින් ලොකු අම්මා සමග ගෙට ගොඩවූවාය.....පොඩි එවුන්ගෙ වැඩනෙ අම්මෙ......ලොකු අම්මා ආච්චිට පවසනු ඇසුනි.....ඒ සමගම අම්මා පැමිනෙනු දුටු මා ඉක්මනින්ම සමාදි සිටින කාමරයට ගොස්.....හරි වැඩේ සමාදි ඔක්කොම හොර ආච්චිට අහුවුනා... බිය පත්ව සිටි මම කීවෙමි.....එහෙම අදුන ගන්න විදියක් නෑ යමු බලන්න. ඈ බන් මොකක්ද මේ ජනිත් ගවුමක් ඇදගෙන කරන නාඩගම....ආච්චී අපේ අම්මගෙන් අසනු ඇසුනි.....අම්මා හයියෙන් සිනාසී.... ඒ ජනිත් නෙවෙයි අම්මෙ....සමාදි..පැවසුවාය...සමාදි..... පුදුමෙන් ඇසූ ආච්චි....කොන්ඩෙ කොට වෙන්න කපල.....ප්‍රස්න කලාය. ඔය එන්නෙ දෙන්න ....අපිව ආච්චිට පෙන්නුවාය. මට අදුන ගන්න බැරිවුනානෙ මොකද මේ කොන්ඩෙ කොටවෙන්න කැපුවෙ......ආච්චි මගෙන් ඇසූ විට ....මට හොරෙන් එයාම කපාගත්තනෙ අම්මෙ.....අම්මා සමදි කරගත් දේ පැහැදිලි කරන්ට වූවාය..... ආච්චිට වැරදී ඇති බව දැන ගැනීමට ලැබුනු මගේ හිතට සහනයක් ඇතිවිය.....මොනවද බන් කරන වැඩ කොච්චර ලස්සනට තිබුන කොන්ඩෙද....කෝ කරාබු දෙක ඒකත් ගැලෙව්වද....ආච්චි ඇසුවාය.....කන කසනව කියල ඒවත් ගලවල දැම්මනෙ අම්මෙ.....අම්මා එයටද පිලිතුරු දුන්නාය. අපරාදෙනෙ බල පන් උඹ දැන් කොච්චර කැත වෙලාද කියල .....හරියට කෙහෙල් කොටේකට ඇදුමක් අන්දල වගේ.....කොන්ඩෙ තියෙනකොට සුරන්ගනාවියෙක් වගේ ලස්සනට හිටිය කෙල්ල නේද මේ.....ලමිස්සියෙක් උනාම ලස්සනට ඉන්න ඕනැ නේද...මා සමාදි වෙනුවෙන් ආච්චිගෙන් බැනුම් ඇසුවෙමි..... මේ ඉන්නෙ බහිරවයත්.....කොල්ලෙක් වගේ සිටි සමාදි දෙස බැලූ ආච්චි...ඇයට විහිලු කලාය....මම බහිරවයෙක් නෙවෙයි....සමාදි කීවාය.....ඇයි මතක නැද්ද මඩනාගෙන බහිරවයෙක් වගේ අපේ ගෙදර ගිහින් මාව බයකලා.....ආච්චි පවසන විට සමාදි ප්රස්නාර්තව මාදෙස බැලුවාය. මීට මාස ගනනාවකට පෙර මාව වෙලේ වැටී සිදුවූ එම සිද්දිය ගෙදර කාටවත් පැවසුවේ නැත....එසේ පැවසුවානම් මට දඩුවම් කරයි යන බය ඇතිවිය. කවුරුත් නොදන්නා එම සිද්දිය ආච්චී පැවසීමට පටන්ගත්තාය. සමාදිද එය හොදින් අසා සිටියාය. ආච්චිගේ එම කතාවට සැම දෙනාම සිනාසුනත් සමාදි බයෙන් සිටි බව මා දුටුවෙමි....ඇය හිමින්සීරුවේ කාමරයට ගියාය......මම ඇය පිටු පසින් ගියෙමි......උඹ මාර වැඩක් නෙ බන් ආච්චිට කරල තියෙන්නෙ.....මම බයවුනා උබ හින්ද මට අම්මගෙන් හොදට බැනුම් අහන්න වෙයි කියල.....හොදවෙලාවට එහෙම වුනේ නෑ.....සමාදි පවසන්ට වූවාය....මම මොනව කරන්නද ආච්චිනෙ බයවුනේ......මම කීවෙමි...
ලොකු පුතේ ජනිත් ඔය සමාදිත් එක්ක මෙහාට එන්න....ටික වෙලාවකින් අම්මා අපිට අඩගසනු ඇසුනි.....අපි ඒ දෙසට ගියෙමු......ලොකු අම්මා සුදුපාට ලේන්සුවකින් වැසූ බුලත් හෙප්පුවක් අත තබාගෙන සිටිනු දුටුවෙමි......ඒ දෙස හොදින් බැලූ විට එය වටේ බුලත් අතුරා ඇති බව දුටුවෙමි.......

No comments: