Sunday, October 2, 2016

(බොක්සින් සමාදි 16)......................................මොලෙ හොද නැද්ද ගහැනු ලමයි කලිසම් ඇදගෙන ස්කෝලෙ යන්න. මගෙන් ගුටිකන්නෙ නැතිව ඇදගන්න ව ගවුම.....මා බිය පත්ව අම්ම දෙස බලා සිටියෙමි.....තවත් බලා ඉන්නව ගෙහින් ඇදගන්නව....ඇය නැවත සැරකලාය....කවදාවත් ගවුම් ඇදගෙන පාසැල් නොගිය මා අද එකවරම ගවුන් ඇදගෙන කෙල්ලෙක් වගේ පාසැල් යන්න කොහොමද?. අනිත් එක මම මොකටද සමාදිගෙ වැඩවලට බැනුම් අහන්නෙ , අකමැති දේවල් කරන්නෙ...මම අම්මට ඇත්තම කියනව....සමාදිගේ සුදු ගවුම අතට ගත් මම කල්පන්නා කලෙමි....එය ආපසු තැබූ මම නැවත කාමරයෙන් එලියට ගොස් .....ඇත්ත පැවසී මට අම්මා සොයා ගෙන ගියෙමි....කුස්සියේ සිටි අම්මා.....තාමත් ගවුම ඇද ගත්තෙ නැද්ද මොකක්ද මේ ලමයට අද වෙලා තියෙන්නෙ......මාව දුට අම්මා නැවත බනින්ට වූවාය.....මම ඇත්ත පැවසීමට සූදානම් වූවා පමනි.....අපිව පාසැල් රැගෙන යෑමට පැමිනි පාසැල් වාහනය නිවස අසලට පැමින නලාව නාද කරන හඩ ඇසුණි. සමාදි කොල්ලෙක් මෙන් ඉක්මනින් දුවගෙන ගොස් වාහනයට නගින අයුරු මා දිටුවෙමි.....දන් ලෑස්ති වෙන්න වෙලාවක් නෑ අද ගෙදර ඉන්නව...උඹටත් ඉතින් බොක්සිනුයි සෙල්ලනුයි ඇර ස්කෝලෙ යන්න ඕනෙ නෑනෙ.....අම්මා මෙසේ පැවසීම නිසා මා ගවුන් අදින උගුලෙන් යන්තම් ගැලවුනි..දැන් ඉතින් මොකුත් කියන්න ඕනෙ නෑ......කල්පනා කල මම අම්මා අසලින් ඉවත් වුනිමි. ...කොල්ලෙක් වගේ ඇන්ද කියල උබ කොල්ලෙක් වෙන්නෙ නෑ බන් ....අම්මා පවසනු ඇසුනි. පාසැල් නොගිය මා ගෙදර සිටිනවිට අම්මා සිතා සිටියේ මා සමාදි යනුවෙනි.මමද ඇය මෙන් හැසිරීමට වග බලා ගත්තේ අම්මා දැනගත්තොත් බොරු කලාට දෙන්නටම ගුටිකන්ට වන නිසාය. සමාදි මොනව කරනවද දන්නෙ නෑ.එයා කෙල්ලෙක් කියල පන්තියෙ යාලුවන්ට අහුවෙයිද දන්නෙ නෑ....එහෙම උනොත් උන් ඔක්කොම හිතයි මම කෙල්ලෙක් කියල.....හෙට ඉස්කෝලෙ ගියාට පස්සෙ කෙල්ලෙක් කියල උන් මට කොලොප්පන් කරයි......මෙසේ කල්පනා කලත් මගේ යහලුවන් නැති නිසා එතරම් ගැටලුවක් වෙන එක නෑ....යනුවෙන් කල්පනා කලෙමි.
සවස පැසැල ඇරී සමාදි ගෙට එන අයුරු දුටුවෙමි.ඇය මම කරන්නක් මෙන් මගේ කාමරයට ගොස් ඇදුම් මාරුකිරීමට පටන් ගත්තාය. මාර ජොලි වැඩේ බන් ....උන් ඔක්කොම හිතා හිටියෙ මම උඹ්මයි කියල....කොල්ලො අතරෙ ඉන්න කොට මාත් කොල්ලෙක් කියලම හිතුන.....ඇය කොල්ලෙක් මෙන් හැසුරුනු ආකාරය මට විස්තර කිරීමට පටන්ගත්තාය.....මේ සියල්ල අසා සිටි මා ....මට හෙටනම් කියන්න එපා උඹවගේ කෙල්ලෙක් විදියට ස්කෝලෙ යන්න......පැවසුවෙමි......ඒමොකද...ඇය මාදෙස බැලුවාය......මට පුලුවන්ද බන් ගවුන් ඇදගෙන ඉන්න....මට ගවුන් ඇදල පුරුදුත් නෑ......මම ඇයට විර්රුද්ද් වුනෙමි. ....අනේ බන් මට අදවගේ හෙටත් කොල්ලෙක් වගේ ස්කෝලෙ යන්න ඔනැ......මට බෑ .මම නැවත විරුද්ද වුනෙමි..ඉතින් මම ගවුන් ඇදගෙන ඉන්නෙ....ඇය කීවාය...උඹ කෙල්ලෙක් නෙ උබට ගවුන් ඇදල පුරුදුයි .....මම කවද්ද ගවුන් ඇදන් ස්කෝලෙගියේ....මම කීවෙමි...හෙට අදවාගෙ කලොත් අම්මට ඇත්ත කියනව...මම කීවෙමි......උඹට ගවුන් ඇදල පුරුදු නැති එකනෙ ගැටලුව....අපි ඒකට මොකක් හරි විසදුමක් හොයා ගම්මු.....මා අම්මාට ඇත්ත කියයි යන සැකයෙන් කිවාය.....මොන විසදුම දුන්නත් මට ගවුන් ඇදගෙන කෙල්ලො වගේ ඉන්න බෑ......මම කීවෙමි.....හරි උඹට බෑනෙ....ඇය කේන්තියෙන් මා අසලින් ඉවත්වුනාය.
සමාදි තරහෙන් මා අසලින් ඉවත් වූවද ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ කොල්ලෙක් විදියට ජීවිතය වෙනස් කර ගැනීමට බව මට තේරුනි. මට ඇය මෙන් ජීවත් වීමට හැකිවුවහොත් ඇගේ ආශාව ඉටුකර දීමට හැකිබව තේරුම් ගත්තෙමි. එහෙත් පිරිමියෙකු වූ මා කෙල්ලෙක් විදියට මාරුවෙන්නේ කෙසේද එය කෙතරම් ලැජ්ජා සහගත් වැඩක් ද....පෑසැල් ගොස් ඇගේ යෙහෙලියන් අතර හැසිරෙන්නේ කෙසේද?....ඇය කෙතරම් බල කලත් මේ අදහස කැමති විය නොහැක.එහෙත් ඇය මුලින් යෝජනා කල මගේ පිරිමි ඇදුම් ඇදගෙන සමාදි මෙන් සිටීමට එතරම් අකමැත්තක් නොතිබුනි.

No comments: