Monday, October 10, 2016

(බොක්සින් සමාදි 36)...........................................පසුදින තාත්තාට නිවාඩු නිසා අපිට සාප්පුවට යෑ හැකිබව අම්මා පැවසුවාය....සෙනසුරාදා ගෙදර සිටි තාත්තා සාප්පුවට කතාකර ඇසුවේ විග් එක අවසන්කර ඇත්දැයි දැනගැනීමටය.....එය නිමාකර ඇතිබව දැනගත් තාත්තා ඒබව අම්මාට පැවසුවේය......මේ සදහා මා යායුතුයයි තාත්තා පැවසූ බැවින් ගිය සෙනසුරාදා මෙන් අපි ගමනට සූදානම් වුනෙමු....අම්මා මට ගවුමක් තෝරාදුන් අතර එය ඇදගනිමින් සිටින අතර තුල කොල්ලෙක් මෙන් ඇදගත් සමාදි මා අසලට පැමින.....කොහොමද මාව.....ඔහුගේ ඇදුම පෙන්නුවේය.....හොදයි .....මා ඇයව ගනන් නොගෙන කීවෙමි......මට මේවගෙ ගවුන් අදින්න සිද්ද වූවේ ඇය නිසාය. ඇය කලිසම් කමිස ඇදගෙන කොල්ලෙක් මෙන් සිටීම මගේ සිතට යම් ඊරිසියා සහගත හැගීමක් ඇතිවූ නිසා එසේ කීවෙමි...
           අපි සාප්පුවට ගිය පසු සේවිකාව සාදා නිමකර තිබුනු විග් එක ගෙන මගේ හිසට දැම්මාය..හිසට තදවී ඇති එය හිසට හොදින් සම්භන්දවී ඇතිබව තේරුනි...ඇය මාව කැඩපතක් ඉදිරියට ගෙනගියාය......විග් එකේ කෙස් මගේ පිට මැද දක්වා දික් වී ඇතිබව පෙනුනි....සමාදිගේ කොන්ඩය මීටත් වඩා දිගුවට තිබුනු බව මට මතක් විය. ඇය එය කෙටියට කපූ නිසා තරමක් කෙටිවී ඇතිබව තේරුනි......එය පැලදූ විට මගේ පිරිමි පෙනුම සම්පූරනයෙන්ම ඉවත්වී ඇතිබව දැක ගැනීමට ලැබුනි......මා ඇත්තම කෙල්ලෙක් බවට පත්වී ඇතිබවක් බවක් හැගුනි.මට දැන් පිරිමි කම ඇත්තේ මට ඇති පුරුෂ ලිංගයෙන්  පමනක් බව සිතුනි.....දැන්නෙ කෙල්ලගෙ ලස්සන පේන්නෙ අම්මා මා අසලට පැමින මගේ මුහුන බලමින් කීවාය......අම්මා පවසන දේ සත්‍යයක් බව මගේ රුව දෙස බලාසිටි මටද වැටහුනි....මා ආශාවෙන් කෙස්ටික අතගෑවෙමි.....අපි ආපසු යනවිට එය පැලදගෙනම යෑමට මා ආශාකලෙමි....කොන්ඩයට අවශ්‍ය  කටු කිහිපයක් මිලදීගත් අම්මා කොන්ඩය සකස්කලාය.....දැන් මගේ කොන්ඩය පෙරටත් වඩා ලස්සනවී ඇතිබව තේරුනි.....
             අපි ගෙදර පැමිනි පසු මා කැඩපත අසලට ගොස් කොන්ඩය හොදින් පරීක්ශා කිරීමට පටන්ගත්තෙමි...මා අසලට පැමිනි අම්මා.... දැන් තේරෙනවද කරගත්ත මෝඩකම.......කොන්ඩෙ නැතුව ඉන්නවට වඩා දැන් කොයිතරම් ලස්සනද......අම්මා පැවසුවාය.....මම කොන්ඩෙට ආශා කලාට සමාදි මේකට කැමති නැතිබව අම්මා නොදනී .......කොන්ඩයට ආශා කල මා එය නිතර තබාගෙන සිටියෙමි......දැන් ඉතින් කොන්ඩෙ වැවෙනකම් ඕක දාගෙන ඉන්න.....අම්මා කීවාය.......මොකද බන් උඹ ඔය තරම් කොන්ඩෙට ආශද නිතරම දාගෙන ඉන්නෙ......සමාදි ඇසුවාය.....උඹ මේකට අකමැති උනාට මමනන් ආසයි කොන්ඩෙ තියෙනවට......මම පැවසුවෙමි.....මටනම් ඕක හරි කරදරයි බන් ඒකයි කපල විසිකලේ.....ඇය කීවාය......උබ ඉතින් ගැහැණුන්ට අයිති දේවල්වලට කැමති නෑනෙ......මම පැවසූ විට සමාදි සිනාසුනාය.......
                   සවස ලොකු අම්මාත් ලොකු තාත්තත් ඔවුන්ගේ බදින්න සිටින අක්කත් අපේ ගෙදර ගෙදරට ආවෝය.....දුවගෙ කොන්ඩෙ එකපාරටම දික්වෙලානෙ.....මාව දුටු ලොකු අම්මා පැවසුවාය......නෑ අක්කෙ මෙයාට විග් එකක් අරන්දුන්නනෙ.....නැතුව කොහොමද අක්කෙ මෙයාව පාරෙවත් එක්ක යන්නෙ ...ලගදි වෙඩින් එකත් එනවනෙ.....අම්මා කීවාය....වෙඩින් එකට සහයෝගයක් ගන්න තමා අපිත් මේ ආවෙ.....ලොකු අම්මා කීවාය.....ඒ මොකක්ද අක්කෙ.....අම්මා ඇසුවාය.....දුව මල්කුමාරිට ගම්මු කියල අපේ දුව කියනව.....සමාදිගෙ කොන්ඩෙ කපල කියල මම කිව්වම දුව තමා කිව්වෙ කොන්ඩයක් දාල හරි ගම්මු කියල......දැන් ඒ ගැටලුවත් හරි විග් එකක් ඕනැ නෑනෙ......ලොකු අම්මා කීවාය...
                      අම්මෝ මාර වැඩක්නෙ දැන් වෙන්නෙ මාව මල් කුමාරිට ගන්න හදනව.....මම සමාදි අසලට ගොස් පැවසුවෙමි....නියමයිනෙ බන් පලයන්කො....ඇය සතුටින් කීවාය.....මට බෑ බන් මම කොල්ලෙක්නෙ මම කොහොමද මල් කුමාරියෙක් වෙන්නෙ......මම කීවෙමි......දුව සමාදී.....අම්මා මට අඩගසනු ඇසුනි......ඔය කතාකරන්නෙ මට ඒක ගැන කියන්න.....මම ගිහින් බෑ කියනව.....මම සමාදිට කීවෙමි.....

No comments: