(බොක්සින් සමාදි 55).................................දැන් සමාදි කොල්ලෙක් වගේ ඇදගෙන ඉන්න හින්ද අම්ම මොනව හරි කියයි.....සිතූ මම හිමින් සීරුවේ ඇය දෙසට ගියෙමි.....අම්මා සමාදි දෙස හොදින් බලන බව දුටු මට ඇයට බනියි යන සැකය ඇතිවිය......එහෙත් ඇය කිසිවක් නොකියා අහක බලාගත්තාය......බලන්නකො අම්මෙ සමාදි ආයෙත් මගෙ ඇදුම් අදින්න පටන් අරන්නෙ....ඔන්න මට එහෙම මොකුත් කියන්න එපා....මම අම්මට පැවසුවෙමි.....එයාගෙ කැමත්තනෙ පුතේ...එයා ඕනැ ඇදුමක් ඇදපුවාවෙ ඔයා ඕව ගනන් ගන්න එපා...මම එයාට පිරිමි ඇදුම් ටිකක් අරන් දෙනකන් ඔයාගෙ ඇදුම් දෙන්න....සමාදිට පිස්සු හැදිල නැත්නම් ඇය අම්මලාට මොනව හරි වශීයක් කරල අම්මලව මේ වැඩේට කැමති කරගෙනද දන්නෙ නෑ.......මොකක්ද කරපු වශීය කියල සමාදිගෙන් අහගත්තොත් මම ගවුන් ඇදගෙන ඉන්නවටත් අම්මල කැමති කරව ගන්න පුලුවන්වෙයි.....එතකොට මටත් කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන් ......මා කල්පනා කලෙමි.....සමාදි අසලට කිට්ටුවූ මම....උබ මොකක්ද බන් කලේ අම්මලව කැමති කරව ගන්න.....ඒ මොකටද.....ඇය පුදුමයෙන් මෙන් ඇසුවාය.....උඹ කොල්ලෙක් වගේ අදිනවට අම්මල කැමති කරව ගත්තෙ කොහොමද......මම නැවත ඇසුවෙමි......මම කැමති කරව ගත්තෙ නෑ බන් එයාලමයි කැමතිවුනේ....ඒකනම් කොහෙත්ම වෙන්න බෑ.....උබ කියන්නෙ බොරු.....උබ අම්මලාට මොකක්හරි කරල තියෙනව......නැත්නම් අම්මල කීයටවත් උඹ කොල්ලෙක් වගේ අදිනවට කැමති වෙන්නෙ නෑ......අනේ මටත් කියා දීපන්කො....එයාල කැමති කර ගත්ත හැටි.....ඒ මොකටද උබට කියාදෙන්නෙ.....උබට මොකටද එයාලව කැමති කර ගන්න විදිය......සමාදි සිනාසෙමින් ඇසුවාය......පොඩි වැඩකට ඇහුවෙ.......මම සෙමින් කීවෙමි...මම දන්නව ඔය පොඩි වැඩේ මොකක්ද කියල.....උඹටත් කෙල්ලෙක් වගේ ඉන්න ඕනැ වෙලා නේද.....ඇය සිනාසෙමින්....අසනවිට මම ලෙජ්ජාවෙන් බිමි බලාගත්තෙමි.....මම අම්මලාට මොකුත් කිව්වෙ නෑ බන්....එයාලමයි මට කිව්වෙ මට ඕනැ ඇදුමක් ඇදගෙන ඉන්න කියල.......ඇය පැවසූ විට .....එහෙනම් කොහොමද සමාදි කොල්ලෙක් වගේ ඇදගෙන ඉන්නවට එකපාරට කැමති වුනේ.....මගේ සිතට ගැටලුවක් ඇතිවිය. අම්මලා හෝටලයෙන් ගෙනා කැම ගෙන නින්දට ගිය.. මට සමාදිගේ ගැටලුව විසදාගත නොහැකිව කල්පනා කරමින් සිටියෙමි.
පසුදින පාසැල් යෑමට ලැහැස්තිවනවිට සමාදි අසලට පැමිනි අම්මා.....ඔයා ස්කෝලෙටයි දහම් පාසැලටයි ගැහැනු ලමයෙක් වගේ ඇදගෙන යන්න.....වෙන එලාවලට පිරිමි ලමයෙක් වගේ ඉන්න.....ඔයාට තාම පිරිමි ලමයෙක් වගේ ස්කෝලෙ යන්න බෑනෙ....එහෙම ගියොත් ලොකු ගැටලුවක් ඇතිවෙනවනෙ.....ඒකයි මම කියන්නෙ......පවසනු ඇසුනි.....ඇගේ කාමරයට ගිය සමාදි සුදු පැහැති පාසැල් ගවුම ඇදගෙන මා අසලට පැමින.....මට ආයෙත් ගවුන් ඇදගෙන ස්කෝලෙ යන්න උනානෙ බන්.....අම්ම කියන එකත් ඇත්ත....කොල්ලෙක් වගේ ගියොත් ගැටලුවක් වෙනව....කමක් නෑ තව ටික දවසයිනෙ.....ඇය නොකැමැත්තෙන් පැවසුවාය......ඇය වෙනදා මෙන් කෙල්ලෙක් ලෙස පෑසැල් ගියාය.
මට ආයෙත් අර පරන අදහස ආව බන්......සමාදි කීවාය.....ඒ මොකක්ද මම ඇසුවෙමි....ස්කෝලෙටයි දහම් පාසැලටයි අපි දෙන්න ඇදුම් මාරුකර ගම්මු.....ඇය කීවාය.....අපෝ ආයෙත් මට බැනුම් අහන්නයි ගුටිකන්න බෑ ......සමාදිගේ යෝජනාවට කැමැත්තක් ඇතිවුවද......සිතට ඇතිවූ බියමුසු හැගීම නිසා එසේ පැවසුවෙමි.....බය වෙන්න එපා බන් මම ඔන්නම් අම්මගෙන් අහන්නම්......ඇය කීවාය......අපෝ එපා උඹ හදන්නෙ මාව ආයෙත් පාරක් අමාරුවෙ වට්ටන්න.....මම ඇගේ යෝජනාවට අකමැති වුනෙමි.
සමාදී ඔයා ඒ වැඩේ කරන්න යන්න එපා.....ඔයා මම කියන වැඩේ කරන්න.....ජනිත්ව ඕවට ගාවගන්න එපා.....අම්මා මෙසේ පවසනු ඇසුනි.....අම්මගේ අකමැත්ත නිසා ඇය ඉන්පසු කිසිවක් නොකියා නිස්සබ්ද වූවාය......මගේ සහාය නොගත් සමාදිට සිදුවූවේ සැම දිනයකම ගැහැනු ලමයෙකු ලෙස පාසැ යෑමට සිදුවිය......කිසිවක් කර ගැනීමට නොහැකි වූ බවින් අය පාසැලට පමනක් ගවුන් ඇදගෙන යෑමට තීරනය කර ඇති බව දුටුවෙමි........
No comments:
Post a Comment