Sunday, October 9, 2016


(බොක්සින් සමාදි 32).................................දහම් පාසැල් ගොස් ගෙදර පැමිනි මම සුපුරුදු පරිදි සමාදිගේ ගවුමක් ඇදගත්තෙමි.....සමාදි ඇද නොතිබුනු ගවුන් පවා මේ දවස් ටිකේ ඇදගැනීමට ලැබුනි. මට දැන් පිරිමි ඇදුම් ඇද සිටීමට නොහැකි වී ඇත්තේ සමාදි මගේ ඇදුම් සියල්ල අයිතිකරගෙන සිටින බැවිනි...මා ඒවා ඇදීමට උත්සාහකරන විට කෙසේ හෝ එය වැලැක්වීම ඇගේ පුරුද්දක් විය.
සමාදිගේ වුවමනාවට මා බොක්සින් පුහුනුවේ යෙදෙනුමි . සමාදි ජනිත් ලෙස බොක්සින් පුහුනුවේ යෙදෙනු බලා සිටි තාත්තා.....දැන් බලන කොට ජනිත් ට හොදට පුලුවන්නෙ....ඔයා මේක අල්ලගත්තොත් සමාදිට වඩා ඉහලට යන්න පුලුවන් වෙයි....තාත්තා කීවේය....ඔන්න පලවෙනි වැඩේ හරියාගෙන එන්නෙ .....දැන් මට පුලුවන් ජිනිත් විදියට මේ වැඩේ කරගෙන යන්න.....දැන් ඔයාට තියෙන්නෙ බොක්සින් ගහන්න බෑ කියල අයින් වෙන්න....සමාදි තාත්තට හොරෙන් මට පැවසුවාය......එතකොට තාත්ත බලයි සමාදි එක පාරටම බොක්සින් වලින් අයින් වුනේ මොකද කියල....මා පැවසුවෙමි.....ඉතින් ඔයා කියන්න ..ඔයා බොක්සින් ගහනවට අම්ම කැමති නෑ කියල.....තාත්ත ඔයාට කියල තියෙන්නෙ අම්ම අකමැති දේවල් කරන්න එපා කියලනෙ.....සමාදි කීවාය...සමාදිනම් මහ පුදුම කෙනෙක් මේවගෙ අදහස් කොහෙන් එනවද මන්ද....මා කල්පනා කලෙමි .....අද මට කෙල්ලෙක් විදියට දහම් පාසැල් යන්න වුනා....දැන් හෙට ස්කෝලෙ යන්නෙ කොහොමද.....මම දන්නව හෙටනම් සමාදි සුදු ගවුම අදින්නෙ නෑ කියල...ඒහින්ද හෙට කොහොමත් මට සුදු ගවුම ඇදගෙන තමා ස්කෝලෙ යන්න වෙන්නෙ....ගිහින් ඉන්න වෙන්නෙත් කෙල්ලෙක් විදියට.......මා මෙලෙස කල්පනා කරමින් සිටිනවිට.....මොකද බන් කල්පනා කරන්නෙ....සමාදි ඇසුවාය.....හෙට කොහොමද බන් මම ස්කෝලෙ යන්නෙ....මට බෑ බන් ඔය ගවුන් ඇදෙගෙන කෙල්ලෙක් වගේ ගිහින් කෙල්ලොත් එක්ක ඉන්න.....මගේ අකමැත්ත ප්‍රකාශ කලෙමි.....ඇයි කෙල්ලොත් එක්ක ඉන්න බැරි කෙල්ලන්ට මොකද වෙලා තියෙන්නෙ.....මගෙන් ප්‍රශ්න කලාය.....අනේ මන්ද ...මට උත්තරයක් දීගැනීමට නොහැකිව පැවසුවෙමි......උන් කොල්ලන්ට වඩා හොදයි බන් ..උඹ ටිකක් ආස්ස්සරේ කරල බලහන්.....සමාදි කීවාය.....ඉතින් කෙල්ලො හොදනම් ඇයි උඹට බැරි කෙල්ලො අතර ඉන්න.....මම ඇයගෙන් අතුරු ප්‍රශ්නයක් ඇසුවෙමි......කෙල්ලො හොද නැති එක නෙවෙයි බන් මට තියෙන ගැටලුව උන් හරි හොදයි......ඒත් මට වෙලා තියෙන්නෙ මම කැමති නැති එකනෙ කෙල්ලෙක් විදියට ඉන්න.......ඇය දුක්මුසුව පැවසුවාය......හරි හරි...මට තේරෙනව උඹ කියන එක ..මම උඹවෙනුවෙන් එහෙම ඉන්නම්කො.....හැබැයි මොකක් හරි ගැටලුවක් වුනොත් උඹ මාව බේරගන්න ඕනැ.....මම පැවසුවෙමි.
අපේ රෙදි සෝදා මැද දෙන්නේ අම්මාය....ඉරුදින අම්මා අපේ පාසැල් ඇදුම් සෝදා මැද පිළියෙල කර තැබීම ඇගේ දින චරියාවේ කොටසක් විය. මේ නිසා සමාදිගේ සුදු ගවුන් තුනක් පිලියෙල කර තැබීම සිරිතක් විය.....හෙට උදේට ඉන් එක් ඇදුම් කට්ටලයක් ඇඳ ගැනීමට සිදුවෙන බව මා දැනගත්තෙමි.....දිනපතා ගවුන් ඇද සිටීමෙන් ගවුමට හුරුවී ඇති මට මෙම ගවුන් ඇද පාසැල් යෑම එතරම් අරුමයක් නොවිය හැක.....මා සමාදි මෙන් සිටිවිට කිසිවෙකුට මගේ වෙනස හදුනා ගැනීමට නොහැකිවන බව මා දනිමි.
උදෑසන අවදිවුනු මා......ගවුම ඇදගෙන පාසැල් යෑමට සූදානම් උනෙමි.වෙනදාමෙන් සමාදිට පෙර කලිසම ඇද ගනීමට උවමනාවක් පැන නොනැග්ග මම වැඩි කලබලයක් නොමැතිව සමාදිගේ කාමරයට ගොස් එම ඇදුම් ඇදීමට පටන්ගත්තෙමි......සුදු පැහැති යට සායත් සුදු පැහැති ගැහැනු ලමුන් අදින බැනියමත් ඇදගත් මම සුදු පාසැල් ගවුමේ ඉදිරි පස හා පිටුපස පරීක්ෂා කර ඇද ගත්තෙමි.....වෙනත් ගවුන් මෙන් නොව එම ගවුම පොඩිවෙන බැවින් ඉතා ප්‍රවේසමින් ඇඳගැනීමට සිදුවිය.....සායේ දාර පිලිවෙලට තිබිය
යුතුබව දන්නා මා ඒවා හොදින් පරීක්ෂා කලෙමි.....මෙම ගවුන් ඇද ගත් ගැහැනු ලමුන් සායේ දාර හොදින් හරිගස්සා වාඩිවන්නේ ඒම දාර පොඩිවෙන නිසා බව මම දැනගෙන සිටියෙමි......මාද දැන් ඒ පිලිවෙලට වාඩිවිය යුතුබව කල්පනා කලෙමි. පාසැල් නිලගවුම ඇදගත් මා කැඩපතින් බැලූවිට
මගේ පිවිතුර බව හොදින් පෙනුනි.....අපාරාදෙ කොන්ඩෙත් තිබුනනම් කැරලි දෙකට ගොතා ගන්නවනෙ...එහෙනම් මීට වඩා කොයිතරම් ලස්සනද......සමාදිට තිබුනු එම දිගු කොන්ඩය සිහි වී දුකක් දැනුනි...

No comments: