Wednesday, October 5, 2016


(බොක්සින් සමාදි 25).................................අද දවසත් මා සමාදි ලෙසම දවස ගෙවීමට සිදුවී ඇත......මා ගවුන් ඇද තැන්පත්ව සිටීම ගැන අම්මා සතුටින් සිටින බව පෙනෙන්ට තිබුනි. එහෙත් මා වෙනුවට සමාදි මගේ නමින් සුලු සුලු දග වැඩ කරනු දුටුවෙමි.එහෙත් ඒවා පිරිමි ලමුන්ගේ සාමාන්‍යය ගති ලක්‍ෂණ බැවින් අම්මා ඇයට කිසිවක් කීවේ නැත.....සමාදි මා අසලින් වාඩිවී කකුල් දෙකම උඩ තබා ගත්තාය.....එහෙත් අම්මා ඇයට කිසිවක් කීවේ නැත. බලන්නකො අම්මෙ මෙයාගෙ කකුල් තියෙන දිහා....පිරිමි ලමයි කොහොම හිටියත් කවුරුවත් මොකුත් කියන්නෙ නෑ ඒවුනාට ගැහැනු ලමයින් ට එහෙම ඉන්න බෑ හික්මීමක් තියෙන්න ඕනැ.....ගැහැනු ලමයි උනාම ගැහැනු ලමයි විදියට ඉන්න ඕනැ පිරිමි ලමයි පිරිමි ලමයි විදියට ඉන්න ඕනැ......අම්මා තවදුරටත් පැවසුවාය. ගැහැනු ලමයෙකු ලෙස ජීවත් වන විට පිරිමි ලමයින්ට නොමැති නීති මාලාවක් ඇති බව මට වැටහෙන්ට විය....එහෙත් මා වැනි නිවුනු චරිතයකට ඒවා එතරම් බරපතල නොවන බව තේරුම් ගත්තෙමි....එහෙත් සමාදිගේ චරිත ලක්ශන බලනවිට ඇයට මෙම නීති මාලාවලට යටත් වීමට නොහැක....ඇයට සුදුසු පිරිමි ලමයෙකු ලෙස ජීවත් වීමයි....එහෙත් ඇගේ ශරීරය ගැහැනු ශරීරයකි. එම නිසා ඇය ඇගේ පිරිමි ලමයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නේ කෙසේද. තව ටික කාලෙකින් ඇයට අම්මාට වැනි ගැහැනු අංග ඇතිවෙයි...මා පිරිමි ලමයෙකු බැවින් මට තාත්තාට වැනි අන්ග ලක්ශන ඇතිවෙයි.....ඊට පස්සෙ සමාදි මම වගේ රගපාන්නෙ කොහොමද....මෙය ඇයට බර පතල ගැටලුවක් ඇති නොවෙයිද.
අද රාත්‍රියේද නින්දට යනවිට මා ඇගේ නයිට් ගවුම ඇදගෙන නින්දට ගියෙමි.....මගේ පැරනි පිරිමි ඇදුම් වලට වඩා මෙම ඇදුම් ඇගට සනීපයක් ගෙනදුනි. මා හොදින් නිදා ගත්තෙමි...
පසුදිනද මා ඉක්මනින්ම මගේ පාසැලට අදින කලිසම ඇදගත්තේ සමාදි එය ඇදගනී යන බයටය...එහෙත් ඇය කලිසම ඇදගෙන පාසැල් යෑමට උනන්දු නොවන බව මා දුටුවෙමි....ඔයාට තාම ගවුන් ඇදගෙන කෙල්ලෙක් වගේ ඉන්න හරියට පුරුද්දක් නෑනෙ ඒකයි මම ඕව ඇන්දෙ නැත්තෙ......ගවුම අදින අතරතුර සමාදි පැවසුවාය....එයාට මගේ ගැටලුව තේරෙනවනම් ඒ ඇති ...මා කල්පනා කලෙමි......හැමදාම මේ වැඩේ කරන්නෙ නෑ .....ඔයා කෙල්ලෙක් වගේ ඉන්න හුරුවුන ගමන් මේක ඇදගෙන කෙල්ලෙක් වගේ යන්න වෙයි.....සමාදි කිවාය.....ලබන සතියෙ ඉදන් මට කෙල්ලෙක් විදියට ස්කෝලෙ යන්න වෙයිවගේ.....ඇගේ එම කතාවෙන් මා තේරුම් ගත්තෙමි....එදිනද පාසැල් ගිය මා ගැහැනු ලමුන්ගේ හැසිරීම් රටාව තේරුම් ගැනීමට උත්සාහ ගත්තෙමි.....සමාදිගේ යෙහෙලියන් ගැනද වැඩිපුර සෙව්වෙමි.....ආපසු ගෙදර පැමිනි ගමන්ම මට සිදුවූවේ ගවුමක් ඇද ගැනීමටය......පෙර දින මා ඇදසිටි ඇදුම් නොමති බව දුටු මට ඒ වෙනුවට වෙනත් ඇදුම් ටිකක් රාක්කයේ තබා ඇති බව දුටුවෙමි ඉක්මනින් කලිසම ගලවා යට සායක් ඇදගත් මා කලිසම සහ කමිසය මගේ කාමරයට දමා සමාදි ගැලවූ ඇදුම් ටික අතේ තබාගෙන කාමරය තුලට ගියෙමි.....එවිටම පැමිනි අම්මා.......දුව ඊයෙ ඇන්ද ඇදුම් මම හෝදල දැම්ම ඇදුම් වගයක් තෝරල තිබ්බ ඒව ඇද ගන්න ..පැවසූ අම්මා ආපසු ගියාය.....හොද වෙලාවට කලිසම ගැලෙව්වට පස්සෙ අම්ම ආවෙ නැත්නම් ඔක්කොම මාට්ටු......මම කල්පනා කරමින්....අම්මා තබා තිබුනු ඇදුම් එකින් එකා පරීක්ෂා කරන්ට උනෙමි......මා අසලට ආ සමාදි ...මොනවද ඔය තෝරන්නෙ ඇසුවාය......අම්ම ඇදුම් වගයක් අදින්න කියල දුන්න මොනවද කියල බැලුවෙ.....මම කීවෙමි.....කෝ බලන්න ඇගේ අදුම් ගැන පුරුදු සමාදි ඒවා බැලුවාය....මේ සයකුයි බ්ලවුස් එකකුයිනෙ ....සාය ඇදල බ්ලවුස් එක උඩින් ඇදගන්න....ඇය ඒවා අදින ආකාරය කියා දුන්නාය......මා ඇය පැවසූ පරිදි ඒවා එකින් එක ඇදගත්තෙමි.....පලමු වරට සායකින් සහ බ්ලවුසයකින් සැරසුනු මම කැඩපතින් මගේ රුව නැරබුවෙමි....අම්ම කියන එකත් ඇත්ත කොන්ඩෙ තිබුනනම් කොච්චර ලස්සන වෙයිද......මගේ හැඩ බලමින් කල්පනා කලෙමි.......අපි කෑම ගෙන ටික වෙලාවකට පසු අම්මා මට කතාකලාය.....ඔයා කරාබු දෙක ගලවල කොහෙන්ද තිබ්බෙ.....ඒ දෙක අරගෙන එන්න....අම්මා කීවාය.....ඒදෙක දාන්නද දන්නෙ නෑ හදන්නෙ කොහොමද ඒව මගෙ කන්වලට දාන්නෙ......මම ඉක්මනට සමාදි අසලට ගොස් මේ විස්තරය පැවසුවෙමි......කරාබු දෙක සොයාදුන් ඇය.....ඔයා කියන්න දාන්න එපා කියල....එහෙම කියල හරියන්නෙ නෑ.....දැන් තියෙන්නෙ අපි දෙන්නගෙ ඇදුම් මාරු කරගෙන අම්ම ගාවට යන්න....ඔයා මේ සායයි බ්ලවුස් එකයි ඇදගෙන මේකත් අරගෙන අම්ම ගාවට යන්න......මම කීවෙමි.....අපෝ මටනම් ඕව අදින්න බෑ....ඇය ගත් කටටම කීවාය......බෑ කියල බෑ සමාදි දැනට විතරක් කොහොම හරි අදින්න මම බ්ලවුස් එක ගැලවීමට සූදානම් උනෙමි.... ඉක්මනට එනවකො සමාදී.....අම්මගේ හඩ ඇසුනි......ගලවනව ගලවනව ඔය කමිසෙයි කලිසමයි....මම සමාදිට සැරෙන් කතාකලෙමි......

No comments: