Sunday, October 9, 2016



(බොක්සින් සමාදි 33)...................................ටයි ගැටය දැමීමට නොදන්නා මා ටයි පටිය රැගෙන සමාදි අසලට ගියේ ඇය ලවා එය ගැට ගසා ගැනීමටය.. මා ගවුම ඇදසිටිනු දුටු ඇය ඉතා සතුටින් ටයි ගැටය සකසා දුන්නාය.....ඇය මගේ නිල් කලිසමත් සුදු කමිසයත් ඇද....පාසැල්යන පිරිමි දරුවෙක් මෙන් සැරසී සිටියාය......පාසැල් වාහනයේ නලා හඩ ඇසුනු සමාදි පිරිමි ලමයෙකු ලෙස දුවගෙන ගොස් වාහනයට නැග්ගාය....මා ගැහැණු ලමයෙකු මෙන් සන්වරව ගොස් වාහනට නැග්ගෙමි.....වෙනදා මා යන ආසනයේ සමාදි වාඩිවී සිටිනු දුටු මම ඇය වෙනදා වාඩිවන පිටුපස ආසනයට ගියෙමි......මා අසල මගේ වයසට ආසන්න තවත් දරියන් දෙදෙනෙක් සිටි අතර මට වාඩිවීමට සිදුවූවේ ඔවුන් අතරය. පිරිමි ලමුන් අතර මිස ගැහැනු ලමුන් අතර මෙතරම් ලංවී සිට පුරුදු නැති මට යම් චකිතයක් ඇතිවිය.....එම චකිතයේ යම්කිසි සතුටක්ද මුසුවී තිබුනු බව මට තේරුනි. ඔවුන් සිතුවේ මා වෙන්දා යන සමාදිලෙසය.....එමනිසා ඔවුන්ගේ වෙනසක් ඇතිනොවුනි....මාත් සමාදිත් එකම පන්තියේ ඉගෙන ගන්නා බැවින් අපි දෙදෙනා පන්තියට ගියෙමි....සමාදි මා සිටි ස්ථානයටත් මා සමාදි සිටි ස්තානයටත් ගොස් පොත් බෑක් තැබුවෙමු....මෝනින් සමාදි..... පවසමින් මා අසලට පැමිනි....සමාදිගේ යෙහෙලියන් දෙදෙනෙක් මගේ අත්වල එල්ලුනාය. සමාදී හැරුනු විට ගහැනු ලමුන් ගේ අත්වලින් අල්ලා නොපුරුදු මට ඔව්න්ගේ අත්වලින් අල්ලාගෙන ඔවුන් සමග කතා කිරීමට සිදුවිය.....මට මෙම අත්දැකීම අමුතුම අත්දැකීමක් විය.....මා අමුතුම ලෝකයක ජීවත්වන්නාක් මෙන් දැනුනි.....ඉරිදින දහම් පාසැලේදී මෙලෙසම ගැහැනු ලමුන් අතර සිටියත් අපි මෙතරම් ලන්වී කතා කලේ නැත......සුලු වේලාවකින් මා පිරිමි ලමයෙකු යන හැගීමද අඩුවන බව තේරුනි.....අපරාදෙ බන් උඹ කොන්ඩෙ කපාගත්තෙ......ඔව්න් සමාදිගේ කොන්ඩය ගැන තවමත් දුක් වෙන බව තේරුනි. තාත්ත සොප් එකකට ගිහින් මම කැපුව කොන්ඩෙ දීල විග් එකක් හද දෙන්න කිව්ව.....ඒක ලබන සතිය වෙනකොට හම්බවෙයි......මම ඔවුන්ව අස්වසමින් කීවෙමි.....මීට පස්සෙ ඔය කොන්ඩෙ කපන්නෙ නැතුව වවහන් බන්.....ඔව්න්ගේ ඉල්ලීම විය.....අම්මත් කැමති නෑ ඒ හින්ද වවන්න වෙනව..... මම කීවෙමි.....
අපි මෙසේ කතාකරමින් සිටින අතර සමාදි කොල්ලෙක් මෙන් කොල්ලන්ට විහිලු කරමින් සිටිනු දුටු. සමාදිගේ යෙහෙලියක්......මොකද බන් අද අර ජනිත්ට වෙලා තියෙන්නෙ පූස් පැටියෙක් වගේ පැත්තකට වෙලා ඉන්න ජනිත් නේද.....අපිට ජනිත් ගේ හැසිරීම පෙන්වා පැවසුවාය.....එහෙත් ඒ සිටින්නේ සමාදි බවත් එය ඇයගේ සාමාන්‍ය චරිත ලක්සනය බවත් ඔවුන් නොදැනීම ගැන මා සතුටුවුනෙමි.....මම දැන් සමාදිමෙන් දඟකාර චරිතයක් නොවන බව ඔවුන් දැනගනීද.....මෙයින් අපි දෙදෙනාගේ වෙනස තේරුම් ගනීද යන සැකය මා තුල ඇතිවිය.....මා සමාදි අසලට ගොස් කිසිවෙකුට නොඇසෙන සේ ...මෙම අදහස කීවෙමි.....බය වෙන්න එපා බන් මම වැඩිය දගලන්නෙ නෑ.....මොකක් හරි ගැටලුවක් ආවොත් උබ කියහන් උබේ දග වැඩ හින්ද අම්මයි තාත්තයි හොදටම බැන්න කියල.....ගෙදරට ආරන්චි වෙයි කියල ඔය විදියට සයිලන්ස් එකේ ඉන්නව කියහන්.......
වෙනදාට කොල්ලන්ගේ විහිලු තහලු වලටත් සලුසුලු අඩන් තේට්ටම් වලටත් මුහුනදෙන මට මෙම ගැහැනු ලමුන් අතර සිටින විට එවනි කිසිම කරදරයකට මුනදෙන්න සිදුනොවුනි......සමාදි කිව්ව එකත් ඇත්ත වගේ...මේ කෙල්ලොටික කොල්ලන්ට වඩා හොදයි වගේ..........මා කල්පනා කලෙමි.... මොකද බන් අද උඹ සයිලන්ස්.......කවුරු හරි මෙසේ අසන බව සැක සිතුනු මට විවේක කාලයේදී සමාදිගේ යෙහෙලියක් ඇසුවාය......මා සමාදිගේ ප්‍රබන්ද කතාව කීවෙමි......ඒක තමා බන් කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො වඩිපුර දගලනවට අම්ම තාත්ත කැමති නෑනෙ......ඇය කීවාය....අපෝ යන්තම් ඇති සමාදිගෙ මොලේ හින්ද ඒකෙනුත් සේප්වුනා....මා සතුටින් කල්පනා කලෙමි........සමාදිගේ යෙහෙලියන් ගෙනා කෑමත් මා ගෙනා කෑමත් අපි බෙදාගෙන කෑවෙමු......මීට පෙර මට මා ගෙනා කෑම එකවත් හරියට කෑමට නොලැබුනි.....කොල්ලන් ඒවා උදුරාගෙන කෑම ඔවුන් ගෙ පුරුද්ද වී තිබුනි. මගේ තුල තිබුනු අහින්සක ගතිගුන නිසා ඔවුන්ට කිසිවක් නොකීවෙමි......සමාදි ඔවුන් සමග රන්ඩුවට යයි යන බියෙන් මා මේ බව සමාදිටද කීවේ නැත.....මා යයි හිතාගෙන අද සමාදිගෙනුත් උදුරනවද දන්නෙ නෑ......මා කල්පනා කලෙමි.....අද වෙනදාට වඩා සතුටින් පන්තියේ ගත කරීමට ලබුනු නිසා හිතට සතුටක් ඇතිවිය..... කෙල්ලෙක් වගේ එන එක කරදරයක් කියල හිතුවට මේ වැඩෙත් අමුතු ජොලියක්තියෙනව වගේ. පාසැල ඇරෙන වෙලාවේදී මට හිතුනි......

No comments: