Monday, October 3, 2016

(බොක්සින් සමාදි 18)..................................සමාදිගේ පුහුනුවෙන් පසු මට ගවුම ඇදගෙන සිටීමට සිදුවන බව දන්නා මා නාන කාමරයට ගොස් හොදට නාගත්තෙමි.......ඇය ද පුහුනුවෙන් පසු නා ගැනීමට නාන කාමරයට ගියාය....නාගෙන එලියට පැමිණි ඇය මට අඩගැසුවාය.....දැන් හරි ඔයා ගවුම ඇදගන්න...මට කීවාය....අනේ මන්දා...මම අකමැත්තෙන් හිස කැසුවෙමි.....ඔන්න ඔන්න ඉතින් ආයෙත් පස්සගහන්න ගත්ත......ඇය මාව ඇදගෙන ඇගේ කාමරයට රැගෙන ගියාය......දැන් ගලවනව ඔය ටීසර්ට් එක....මට බලකරන්ට වූවාය....මම අකමැත්තෙන් එය ගැලවුවෙමි....දැන් ඇදගන්නව මේක....ගවුම මාදෙසට දික්කලාය.....එය අතට ගත් මම එය දෙස බලා..... අදිනවද නැද්ද....කල්පනා කරන්ට වුනෙමි.....මොකද බලා ඉන්නෙ ඇදගන්න.....ඇය කීවාය.....මොකද ලමයිනේ සද්දේ....අසමින් අම්මා අපි සිටින කාමරය තුලට ආවාය.....හරි වැඩේ දැන් මොකද කරන්නෙ.....බියට පත්වූ මම අම්මා දෙස බැලුවෙමි.......මොකක්ද ඔය ගවුමක් අතේ තියාගෙන කරන්නෙ.....අම්මා මගෙන් ඇසුවාය....මට කිසිවක් කියාගැනීමට වචන නැතිවිය.....එහෙත් සමාදි......බලන්නකො අම්මෙ මෙයා හැම තිස්සෙම මගෙ ඇදුම්නෙ ඇඳගෙන ඉන්නෙ....අද මම බැන්න එයාගෙ ඇදුම් ඇඳගන්න කියල.... ජනිත් කියන එකත් ඇත්ත....ඔයා හැමදාම එයාගෙ ඇදුම් ඇදගෙන ඉන්නව...එයාටත් ඒක කරදරයක්නෙ සමාදි.....පොඩ්ඩක් කල්පනා කරල බලන්න....අම්මා මාදෙස බලා දොස් කියන්ට වූවාය.....ජනිත් කියනව වගේ ඕක ඇදගන්න ලමයෝ......ඇය පැවසුවාය......මේක අදින්න තේරෙන්නෙත් නෑ පුලුවන් හැටියට බලන්න ඕනැ...එදා අම්මා මට සාප්පුවෙන් රැගෙන පැමිනි ගවුම ඇන්දුව ආකාරයට හිසතුලින් ඇතුලු කර අත් දෙක ගවුමේ අත්වලින් රින්ගවා ගත්තෙමි.....ඔය ගවුමෙ මොන පැත්තද ඇදගත්තෙ.....අනේ මන්ද දැන් මේ ලමයට ගවුන් ඇදගන්න විදියත් අමතක වෙලා වගේ.....පැවසූ අම්මා මා අසලට පැමින බාගයට ඇදගත් ගවුම නැවත ගලවන්ට විය.....එහි හරි පැත්ත හැරවූ අම්මා එය මට ඇන්දීමට පටන් ගත්තාය...සමාදි..මා ගවුම අදින දෙස බලා සිටින බව දුටු අම්මා....ජනිත් මොනවද ඔය බලා ඉන්නෙ....ගැහැනු ලමයි ඇදුම් අදින දිහා පිරිමි ලමයි බලාගෙන ඉන්නෙ නෑ....යනව මෙතැනින්.....මා යයි සිතා සමාදිට අම්මා පැවසුවාය....ඇය සතුටින් සිනාසෙමින් කාමරයෙන් පිටට ගියාය.....දැන් හරි ....ඔය ජනිත්ගෙ කලිසම ගලවල යට ඇදුම් ඇදගන්න.....පැවසූ අම්මා කාමරයෙන් පිටවූවාය......ගවුම ඇදසිටි මා කලිසම ඉවත් කර....සමාදි තෝරා දුන් සුදු පැහැති යට සායත් පැන්ටියත් ඇදගත්තෙමි.......මා ඇද සිටි ඇදුම් අතට ගත් මා....මේ ඇදුම් මට අයිති වුනත් දැන් මට නෙවෙයිනෙ අයිති. මේව අයිති සමාදිටනෙ.....කල්පනා කරමින් ඇගේ කාමරයේ තිබුනු කැඩපතින් මගේ රුව නැරබුවෙමි....කොල්ලෙක් ලෙස සිටි මට තිබුනු ගැහැනු ලමයෙකුගේ පෙනුම නිසා ලැජ්ජාවක් ඇතිවිය.....ඒත් දැන් මොනව කරන්නද අම්මත් හිතාගෙන ඉන්නෙ මම සමාදි කියලනෙ.....සමාදිටත් ඕනැ මාව එයාව කරන්නනෙ.....මම කාමරයෙන් එලියට ගොස් සමාදි සිටි මගේ කාමරය තුලට මගේ ඇදුම් ටික දැමුවෙමි.
බලන්න සමාදි ඔයා ඔය විදියට ඉන්න කොට කොච්චර ලස්සනද කියල.....අම්මා මා දෙස හොදින් බලමින් කීවාය....මා ලැජ්ජාවෙන් සමාදි සිටින කාමරයට ගියෙමි.....ඔය ඉන්නෙ ලස්සනට....ඕක ඇදගෙන ඉන්න එක අමාරු නෑ බන්...සමාදි පැවසුවාය......අමාරු නැත්නම් උඹට පුලුවන්නෙ ඇදගෙන ඉන්න...ඇයි ඉතින් උඹ මේව අදින්නෙ නැත්තෙ......මම ඇසුවෙමි.........මම ගවුන් අදින්න අකමැති නෑ බන් ඒව ලස්සනයි ඇගටත් සනීපයි ඒ වුනාට මට ඕනැ කොල්ලෙක් වගේ ඉන්න.....සමාදි කීවාය. ඇය පැවසූ දේ ඇත්ත බව මෙම ගවුම ඇදගත් පසු මටද තේරුනි.....සමාදිට කිසිම ගැටලුවක් නොමැතිව මෙම ඇදුම් ඇදීමට හැකිවුවද ඇගේ අවාසනාවට මේවා ඇදීමට කැමති නෑනෙ.....මම කල්පනා කලෙමි.......

No comments: