Monday, October 10, 2016

(බොක්සින් සමාදි 34)..................................අදනම් මාර ජොලි බන්.......පාසැල ඇරී ගේට්ටුව අසලට යනගමන් සමාදි කිසිවෙකුට නොඇසෙන සේ පැවසුවාය.......කිසිවක් නොපැවසූ මම...ඔහු දෙස බලා සිනාසුනිමි.......පිරිමි ලමයෙකු ලෙස හැසිරීමට ලැබීම සමාදි ලැබූ විශාල ජයග්‍රහනයක් ලෙස ඇය කල්පනා කරන බව මට තේරුනි. .....අපි නිවසට පැමිනි පසු.....උඹට මොකුත් ගැටලුවක් උනේ නැද්ද බන්.....සමාදි මගෙන් ඇසුවාය.....කිසිකරදරයක් නෑ .....උඹ කිව්ව වගේ කෙල්ලො ටික හරි හොදයි බන්....කොල්ලොත් එක්ක ඉදල මට එපාවෙලා තිබුනෙ....උන් මහ එපා කරපු එවුන්.....පැවසූ මම.....මම කියල හිතාගෙන උඹටත් උන් කරදර කරන්න ඇති.....මට කරදරකරන්න....කී ඇය....එහෙම ආවොත් එදාට තමා උන්මට්ටුවෙන්නෙ.....උන් මගෙ කෑමටික කන්න හැදුව .....මූන හරහා එක සොට් එකයි දුන්නෙ ...අගේට පැත්තකට ගියේ.....කොල්ලොත් එක්ක ඉන්න කොට නෝන්ජල් වෙලා ඉදල බෑ බන්....එතකොට තමා උන් ඔක්කොම පාට් දාන්නෙ.......සමාදි කීවාය.....එක පාරට ඕවගෙ චන්ඩි පාට් දාන්න ගියොත් උන් අපි ගැන සැක කරයිනෙ....එතකොට අපේ හොරේ අහුවෙයි.....මම කීවෙමි.....ඒකට එක වැඩයි කරන්න තියෙන්නෙ.....හැම ගැටලුවකටම විසදුමක් ඇති සමාදි ....මෙයටද විසදුමක් දීමට සූදානම් වූවාය....උබ පන්තියෙ එවුන්ට කියහන් දැන් උඹ වගේම ජනිත් බොක්සින් ප්‍රැක්ටිස් කරනව කියල.....උඹටත් වැඩිය හොදට බොක්සින් ගහනව කියහන්......සමාදිගේ විසදුම කීවාය......ඒකනම් මාර අදහස .....මම සතුටින් පැවසුවෙමි.
මා සමාදි ලෙසත් සමාදි මා ලෙසත් අද දවස ගෙවීමට පටන් ගත්තෙමු.....මා ගවුන් ඇදගෙන කෙල්ලෙක් මෙන් සිටිනිසා වෙනදාට වඩා තැන්පත් ගතියක් ඇතිවී ඇති බව මටද තේරුනි ....එහෙත් සමාදි ඉස්සර මට තිබුනු තැන්පත් ගතියට වඩා ඉක්මවා ගිය කොලු ගතිය මතුවී පෙනෙන් ට තිබුනි......මොකද බන් මේ ජනිත්ට වෙලා තියෙන්නෙ ...උඹ තමා ඉස්සර ඕවගෙ දැගලුවෙ. දැන් උඹ තැන්පත් වෙලා ජනිත් දගලන්න පටන් අරන්......අපි දෙදෙනා ගේ හොරය ගැන කිසිත් නොදත් අම්මා පැවසුවාය.....එයත් දැන් බොක්සින් කරනවනෙ.... අම්මෙ ඒ හින්ද ටිකක් දගලන්න හිතෙන්න ඇති.....මම කීවෙමි......කොල්ලෙක් උනාම ඉතින් ටිකක් දගලන්න ඕනැ තමයි. කෙල්ලො වගේ නෙවෙයිනෙ......ඇයගේ මෙම හැසිරීම එතරම් ගනනකට නොගෙන කීවාය.....උඹත් දැන් හරි ගිහිල්ල වගේ ලමිස්සියෙක් උනාම ඔහොම තමා ඉන්න ඕනැ.....කොල්ලො වගේ දුවන්නෙ පනින්නෙ නෑ.....අම්මා මටද කීවාය.....මා සිනාසුනෙමි......මා පිරිමි ලමයෙක් ලෙස උපන්නත් එතරම් දග වඩවලට කැමැත්තක් දැක්වූවේ නැතිබැවින් මගේ මේ ගෙවන ගැහැනු ජීවිතය එයට රුකුලක් බව තේරුනි......එහෙත් මට හැමදාම මෙසා සිටීමට නොහැක. කවදාහෝ මටත් තාත්තාට මෙන් මුහුනේ රැවුල වැවෙයි...කටහඩ ගොරෝසුවෙයි.....සමාදිවත් අම්මා මෙන් වෙනස් වෙයි.....එදාට අපිට මේ ආකාරයට සිටිය නොහැක........මම මේ බව සමාදිට පැවසූ විට ඇය පැවසන්නේ ඉන්න පුලුවන් තාක්කල් මේ ආකාරයට ඉම්මු කියාය.
පසුදින මා පාසැල් ගවුම ඇදගත්තේ පෙර දිනට වඩා සතුටිනි. ගවුම ඇදගෙන කෙල්ලෙක් වගේ ගැහැනු ලමුන් අතර සිටිනවිට දැනෙන සතුට මෙතෙක් කල් කෙල්ලෙක් වගේ කොල්ලන් අතර සිටිනවට වඩා වැඩි බව පෙර දින මා ලැබූ අත්දැකීමෙන් දැනගත්තෙමි.....මෙතෙක් කල් මා කොල්ලෙක් වසයෙන් පන්තියේ සිටියේ සමහර කොල්ලන්ගේ උසුලු විසුලු වලටත් අඩන්තේට්ටම් වලටත් ලක්වෙමිනි.....එක්කෙනෙක් කොනිත්තයි එකෙක් මිට මොලවා ගහයි. ටොකු අනියි.....මොකක් හරි කියල මට අපහාස කරයි.....ඊයෙ කෙල්ලො ගාව ඉන්නකොට ඔය කිසිම කරදරයක් නෑ.....කෑම කන්න ගියත් බෙදාගෙන කන්න පුලුවන්.....එයාල විහිලු කලත් කොල්ලොවගේ පහත් කුනුහරුප කතා කියල විහිලු කරන්නෙ නෑ.....ඒ අතින් බලන කොට කෙල්ලො කොයිතරම් හොදයිද .....මා කල්පනා කලෙමි.....
අදද ඊයේ මෙන් මා පාසැල් දැරියක් මෙන් පන්තියේ ගැහැනු ලමුන් අතර සිටියෙමි.....මොකද බන් දැන් ජනිත් ටිකක් දගලනව වැඩි.....ඊයේ මෙන් මගේ යෙහෙලියෝ අසන්ට විය.....උබල දන්නෙ නෑ නෙ එයත් දැන් බොක්සින් පුහුනු වෙනව.....එයාටත් දැන් හොදට බොක්සින් ගහන්න පුලුවන්.....පෙර දින සමාදි පැවසූ දේ මා ඔවුන්ට කීවෙමි.....ඇත්තද ඒකතමයි මේ....ඔවුන් මගේ කතාව පිලිගත්බව තේරුනි.....දැන් මේ කතාව පන්තිය පුරා පැතිරෙන බව මා දැනගත්තේ ගැහැනු ලමුන් පිරිමි ලමුන්ට වඩා ඕපාදූප පැතිරවීමට උපන් හපන්කම් ඇති පිරිසක් බව දන්නා නිසාය......

No comments: