(බොක්සින් සමාදි 21).......................
උදෑසන ඇහැරුනු මට අද සමාදි මොනව කරයිද යනුවෙන් ඇය කෙරෙහි සැකයක් ඇතිවිය.....අදත් මට ගවුම අදින්න කියයිද දන්නෙ නෑ මා කල්පනා කලෙමි.....සමාදි මගේ ඇදුම් ඇදගෙන මුහුන සෝදාගෙන....ඇගේ කාමරය තුලට යනු දුටුවෙමි......මම මගේ කාමරය තුලට ගොස් ඇය පැමිනීමට පෙර මා අදින පාසල් ඇදුමේ කලිසම ඇදගත්තෙමි.....කමිසය අදිමින් සිටිනවිට....අනේ බන් අද උබට මේක ඇදගෙන යන්න බැරිද.....සුදු ගවුම අතේ තබාගෙන සිටි සමාදි බයාදු ලෙස මගෙන් ඇසුවාය......මට තාම කෙල්ලෙක් වගේ ඉදල පුරුදු නෑ බන් ...නැත්නම් ඕක ඇදන් යනව.......මම කීවෙමි....එහෙනම් පුරුදු වුනාම ඇදගෙන යනවනෙ....ඇය මගෙන් ඇසුවාය....ඔව් බන් යන්නම්....මම කීවෙමි......සමාදි නොසතුටෙන් මෙන් ආපසු හැරී යන අයුරු දුටු මට ඇය කෙරෙහි දුකක් ඇතිවිය.....මට පුලුවන් කම තිබුනනම් එයාට උදව් කරනව.....ඒත් දැම්ම ඕව කරන්න ගිහින් අහුවුනොත් ...අපි ස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි.....මා කල්පනා කලෙමි.....සමාදි සුදු පාසැල් ගවුම ඇදගෙන සටිනු දුටු මට සතුටක් ඇතිවිය..... යන්තම් ඇති අදට ඒ උගුලෙන් ගැලවුනා.
සමාදි.. සමාදි ලෙසත් මා ජනිත් ලෙසත් සුපුරුදු ලෙස පාසැල් ගියෙමු......පන්තියේ සිටින අතරතුල මා පන්තියේ සිටින ගැහැනු ලමුන් ගැන විමසිලිමත්ව සිටියෙමි. ඔවුන්ගේ හැසිරීම්රටාව අධ්‍යයන කරමින් පන්තියේ වැඩකටයුතු කලෙමි.....ලගදි මට මේ වගෙ කෙල්ලෙක් විදියට දැන් සමාදි ඉන්න තැන සමාදි වගේ ඉන්න වෙනව....පොඩ්ඩ වැරදුනොත් මාව ජනිත් කියල අහුවෙයි.....එහෙම උනොත් වස ලැජ්ජාව......ලොකු සර්ගෙනුත් ගුටිකන්න වෙයි.....ගෙදෙට්ට පනිවිඩ ඇරල තාත්තවත් ගෙන්නයි...එහෙම උනොත් ගොඩක් දුර දිග යයි.....සමාදි කරන්න ලෑස්ති වන වැඩෙ බරපතල කම සිහි කිරීමට පටන් ගත්තෙමි.....එහෙත් සමාදි කිසිවක් ගනන් නොගෙන සැහැල්ලුවෙන් සිටින අයුරු දුටුවෙමි.......සමහර වෙලාවට මා අසලට ආ සමාදි පන්තියේ කෙල්ලන්ගේ ගති ලක්ෂණ පවසන්ට වූවාය....මටද ලගදීම ඔවුන් ආස්සරේ කරීමට සිදුවන බව දන්නා ඇය එසේ ඔවුන්ව හදුන්වා දීමට උනන්දු වූවාය......එහෙත් ඇයට පිරිමි යහලුවන් ගැන එතරම් දෙයක් දැන ගැනීමට ඇයට අවශ්‍යය නොවෙන බව මට තේරුනි....සමාදිගේ විසේස ලක්ෂණයක් වූයේ. ඕනෑම කෙනෙක් සමග ඉක්මනින් සදුනාගැනීමට හැකිවීමය. මේ හැකියාව නිසා පන්තියේ පිරිමි ලමුන් සමග ඇසුරු කිරීම ඇයට එතරම් දෙයක් නොවිය හැක.....එහෙත් අද විසේසත්වයක් වූයේ වෙනදාමෙන් දග ලෙස නොහැසිරී නිස්සබ්දව සිටීමය....මාද නිස්සබ්ද චරිතයක් බැවින්.....මා ඇය සිටින ස්තානයට ගිය විට මගේ හැසිරීමත් දැන් ඇය සිටින ලෙසට අනුගත වීමට හැකිබව ඇයද තේරුම් ගන්ට ඇත.....ඇය ලොකු ලමයෙකු වූ පසු පෙර තිබුනු දැගලිලි ගතිය අඩුවී තිබෙන බව සැමට දැක ගැනීමට ලැබුනි. සමාදි කොන්ඩය කොටට කැපීම ගැනත් කරාබු නොදා සිටීම ගැනත් සමහර ගුරුවරියන් ඇයට දොස් කියන බව මටද ඇසුනි....එහෙත් ඇය එම දොස් ඇසීම එතරම් ගනනකට ගත්තේ නැත......
සවස ගෙදර ගිය පසු මට සිදුවුනේ. පෙර දින මෙන් ඇගේ ගවුමක් ඇඳ සමාදි මෙන් සිටීමටය.....
No comments:
Post a Comment