ගැටවලට අහුවෙලා මාව අමාරුවෙ වැටිල ඉන්න වෙලාවෙ උඹේ ඔය අලුත් බොරුවට රැවටෙයි කියලද හිතේ.. මම පැවසූවිට.....උඹට ඉතින් මාව විස්වාස නෑනෙ.....ඇය කීවාය...විස්වාස නෑ තමයි මේ සැරේ උඹ දාන ප්ලෑන් එක මොකක් උනත් මට එහෙම බෑ ඕවට එන්න.....මාව ගාව ගන්නෙ නැතුව ඕනැ ප්ලෑන් එකක් ගහපන්......එකක් කරල මාව නිකන් කිචවුනා.....හොදවෙලාවට මම කෙල්ලෙක් වගේ ඇදන් හිටිය කියල පිට අය කවුරුවත් දන්නෙ නෑ......දැනගත්තනන් එහෙම මම මෙහෙ ඉදලත් ඉවරයි......මම ඇයට දොස් කියන්ට උනෙමි......හරි හරි කමක් නෑ උඹ ඔන්නම් විස්වාස කරපන් නැත්නම් නිකා හිටපන්.....මම කිව්වෙ ඩොක්ට කිව්ව දේ.....ඇය තවදුරටත් පැවසුවාය.....කෙල්ලො කවද්ද බන් කොල්ලො වුනේ......එහෙනම් හෙට ඉර බස්නාහිරෙන් පායයි......ඔන්නම් කොල්ලෙක් වගේ ඇදගෙන ඉන්න පුලුවන් වෙයි......අර ඉස්සෙල්ල හිටියවගේ......මට තේරෙන්නෙ නෑ උඹට ඒක පැහැදිලි කරන්න උබත් මේ ගෙදරනෙ ඉන්නෙ ඉක්මනට දැනගන්න පුලුවන් වෙයි......ඇය කීවාය.....
ඇදගෙන පැමිනි ගවුම ගලවා යට සාය පිටින් අම්මා අසලට ගිය සමාදි.......අම්මෙ මම මොකක්ද අදින්නෙ....උඹට ඕනැ එකක් ඇදහන් බන්.....අම්ම කියනු ඇසුනි.....ආපසු පැමිනි ඇය කෙලින්ම ගියේ මගේ කාමරයටය......මම ඇය පිටුපසින් ගියෙමි......මගේ කලිසමක් රැගෙන ඇදීමට පටන් ගත්තාය......මොකක්ද ඔය කරන්නෙ අම්මගෙන් ආයෙත් ගුටිකන්නද හදන්නෙ.....ඒ.... පුලුවන්නම් ගුටි අන්නවපන්.....ඇය මට දිව දිගුකර ඔච්චම් කලාය......මේකිට මොකක්ද මේ අද වෙලා තියෙන්නෙ.....මම ඇය දෙස බලා කල්පනා කලෙමි......මට හිතෙන්නෙ මෙයාට කොල්ලෙක් වෙන්න ඕනැ කියන පිස්සුව වැඩිවෙලාද කොහේද......දොස්තරත් කියන්න ඇති මෙයාව අන්ගොඩ ගෙනියන්න වෙයි කියල කොල්ලෙක් විදියට ඉන්න දෙන්න කියල......කලිසම ඇදගත් ඇය මගේ ටී සර්ට් එකක් ඇදගත්තාය.....අනතුරුව කන්පෙති අතගෑ ඇය.....පලදවා තිබුනු කරාබු දෙක ගැලවීමට පටන්ගත්තාය......උඹ අද හොද ගුටියක් කන්නද කොහේද හදන්නෙ...මම කීවිට... මොන ගුටිද බන් .....ඇය මා දෙසට අල්ල දිගුකර පැවසුවාය.....මෙතැන මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනව.......නැත්නම් බය නැතුව මෙයා මේ විදියට හැසිරෙන්නෙ නෑ......මම නැවත කල්පනා කලෙමි.....කොන්ඩෙත් වැවිල බන් හෙටවත් අම්ම එක්ක ගිහින් කොටවෙන්න කපාගන්න ඕනැ.....අද ඩොක්ට ගාවට ගියාට පස්සෙ එකත් එකටම මෙයාගෙ කොල්ලෙක් වෙන පිස්සුව වැඩිවෙලා.....එතැනදිත් මොකක් හරි ජල්ලියක් අල්ලන්න ඇති......මේව එපා කිව්වොත් මෙයාගෙ මොලේ නරක් වෙලා පිස්සු හැදෙයි කියල ඕනැ එකක් කරගන්න කියන්න ඇති.......මට නම් දැන් හිතෙන්නෙ පිස්සු හැදෙයි කියල නෙවෙයි දැනටමත් මෙයාට පිස්සු හැදිල වගේ.....අනේ පව් සමාදිට එහෙම වුනොත්.....අනේ දෙවියනේ සමාදිට එහෙම දෙයක් නම් වෙන්න එපා......මම අහස දෙසට වැදගෙන දෙවියන්ට කීවෙමි......කරාබු දෙක ඉවත් කර කොල්ලෙක් මෙන් ඇදගත් ඇය .....දැන් කොහොමද....උජාරුවෙන් ඇසුවාය....කාලෙකට පස්සෙ ඇන්ද කමිසෙයි කලිසමයි හින්ද හිතට මාර ෆිට් එකක්එනව බන්......ඔන්න බලපන් මම හෙට ඉදන් ආයෙත් බොක්සින් ප්රැක්ටිස් කරනව.....දැන් මට ඉස්සරට වඩා හොදට බොක්සින් ගහන්න පුලුවන් වෙයි.....උඹ ඉතින් ගෑනි වගේ අපේ වැඩ දිහා බලාගෙන හිටපන්......ඇය මටද උපහාසයක් කර පැවසුවාය.....මට දැන්නම් සුවර් මෙයාගෙ මොලේ අමාරුව හොදටම වැඩිවෙලා.....මෙහෙම ගියොත් අන්ගොඩ නවත්තන්න තමා වෙන්නෙ .....අනේ පව් අහින්සක සමාදි.....මේ ඔක්කොටම මුල අපේ අම්ම....අර හිටිය විදියට සමාදිටයි මටයි ඉන්න දුන්නනම් මේවගෙ දෙයක් වෙන්නෙ නෑනෙ.....මම දුක්බරව කල්පනා කලෙමි.....මොකද උඹ බයවෙලා වගේ මාදිහා බලාගෙන ඉන්නෙ.....උබට හිතෙනවද මම පිස්සු දොඩවනව කියල.....පැවසූ ඇය මාදෙසට අත දිගුකර කාමරයෙන් පිට වූවාය.....මම අහල තියෙනව පිස්සු අය කියන්නෙ එයාලට පිස්සු නෑ කියල......සමාදිත් මට පිස්සු නෑ කියාගෙන තමා ගියේ...ආයෙ වරදින්න දෙයක් නෑ ..එකත් එකටම මෙයාට පිස්සු හැදිල......
No comments:
Post a Comment