පසුදින පාසැල් නොගොස් ගෙදර නතරවූ මම කෙල්ලෙක් මෙන් දවස ගතකලෙමි. සමාදි ලැබූනු නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගත් බව දැක ගැනීමට ලැබුනි....අක්කගෙ මංගල්‍යයයෙන් පස්සෙ ඔයා ගොඩක් වෙනස්වෙලානෙ....ඔහොම තමයි ගැහැනු ලමයි හැදෙන්න ඕනැ....මම කුස්සියට වී අම්මාට ලූනු සුද්ද කරන අතරතුල ඇය මා ගැන සතුටින් කතා කරන ආකාරය ඇසුනි...එහෙත් මා ජනිත් බව නොදැන අම්මා කතාකරන බව තේරුනු මට ඇයකෙරෙහි දුකක් ඇතිවිය.....අම්ම කොච්චර ආසාවෙන්ද ඉන්නෙ සමාදි හොද ගැහැනු ලමයෙක් විදියට හැදෙනව දකින්න....ඒත් සමාදිට ඒව තේරෙන්නෙ නෑ නෙ....මා කල්පනා කලෙමි......මේ දවස්වල මට මේවගෙ ගවුම් ඇදගෙන සමාදි වගේ රගපෑවට හැමදාම මේ රගපෑම කරන්න බෑ...එදාට ආයෙත් මට ජනිත් වෙන්න සිද්ධවෙයි......එදාට ආයෙත් සමාදි කොලු චරිත රගපාන්න ගියොත් අම්මට මොනව හිතෙයිද.....මට අම්මා ගැන දුකක් ඇතිවිය.....
පසු දින සිට අපිට සුපුරුදු පරිදි පාසැල් යෑමට සිදුවිය.....මා සමාදි ලෙසද සමාදි මා ලෙසද පාසැල් ගියෙමු....දිනෙන් දින මා මගේ පන්තියේ ගැහැනු ලමුන්ට තව තවත් ලන්වීමට ඉඩ ලැබුනි.....මාද උප්පතියෙන් කෙල්ලෙකු මෙන් ඔවුන් අතර කෙලිදෙලෙන් ගත ගත කලෙමි...දිනෙන් දින මාතුලින් මතුවන තැන් පත් ගැහැනු ලමයෙකුගේ ගතිගුන නිසා ......සමාදි දැන් ගොඩක් වෙනස් වෙලානෙ.....යන වදන බොහෝ දෙනෙකුගේ මුවෙන් පිට වන බව මට ඇසුනි.....එහෙත් මගේ චරිතය රගපාන සමාදි ජනිත් ගේ මුලින් තිබුනු තැන්පත් ගතිය වෙනස් කරමින් දගකාර කොල්ලෙක් බවට පත්වීම ගැන බොහෝ දෙනෙක් කතාකරන්ට විය.
දිනෙන් දින මට තිබුනු පිරිමි ගති දියවීමට පටන්ගත් අතර දැන් මට පිරිමියෙකුට තිබෙන එකම සලකුන පුරුෂ ලිංගය පමනක් බව මටම තේරුම් ගොස් තිබුනි....මා බොක්සින් ක්‍රීඩාවෙන් සමුගත්තත් සමාදි ජනිත් ලෙස දිගටම එම ක්‍රීඩාව පුහුනු විය.......මේ රැවටීම තව කොච්චර කල් කරන්නද?.....මම දිනක් සමාදිගෙන් ඇසුවෙමි...පුලුවන් තරම් කල් කරමු බන්....දැන් උඹත් නියම කෙල්ලෙක් වගේනෙ ඉන්නෙ....ඒ හින්ද ගැටලුවක් නෑ නෙ.....ඇය පවසන්ට විය...මාසයකට පමන පසු අක්කාගේ විවාහ උත්සවයේ චායාරූප දැකගැනීමට ලැබුනි....මගේ චාය රූප දුටු අම්මා.....බලන්නකො සමාදි ඔයා කොයිතරම් ලස්සනද කියල......ඇය මගේ චායා රූප පෙන්වමින් ....මගේ රුව ගැන වර්ණා කරන විට මට සියුම් ආඩම්බරයක් ඇතිවිය.....ඒත් මා සමාදි නෙවෙයි යන හැගීම ඇතිවූ බැවින් දුකක්ද ඇතිවිය.....හැම තිස්සෙම සමාදිගෙ ලස්සන ගැනමයි කියවන්නෙ ඇයි මාව ලස්සන නැද්ද?....සමාදි නොසතුටෙන් අසන බව දුටුවෙමි.....කොල්ලන්ගෙ මොන ලස්සනක්ද බන්......ඔය ඉන්නෙ මොකාද එකා වගේ......අම්මා විහිලුවට මෙන් පවසනු ඇසුනු සමාදි....තරහෙන් එතැනින් ඉවත් වූවාය......මොකද බන් මූන එල්ලගෙන. ....ටිකවෙලාවකින් සමාදි පැත්තකට වී සිටිනු දුටු මම ඇසුවෙමි.....හැම කෙනාම උබේ ලස්සන ගැනමයි කතාකරනෙ.....ඇය කීවාය.....ඉතින් උඹමනෙ බන් ඔය වැරැද්ද කරගත්තෙ.....උඹ ඇත්තම කෙල්ලෙක් නෙ ඉතින් උබට මට වඩා හොදට ලස්සනට ඉන්න තිබුනනෙ......එතකොට උඹේ ලස්සනනෙ හැමෝම වර්නා කරන්නෙ......මම පැවසුවෙමි.....ඒ උනාට මට බෑබන් කෙල්ලෙක් වගේ ඉන්න..... .ඇය දුක්බරව කීවාය.....එහෙනම් ඉතින් දුක් නොවී හිටහන්.....මම පැවසුවෙමි.....
කිසිවෙකුගේ සැකයකට භාජනය නොවී අපි මෙම රගපෑම මාස තුනක් පමන කලෙමු..මෙම කාලය තුල නොකැපූ මගේ කොන්ඩය තරමක් දුරට වැවී තිබුනු බැවින් විග් එක පාවිචිචි කිරීමා අවශ්‍යතාවයක් පැන නොනැගුනි....එහෙත් සමාදි නිතර කොන්ඩය කොටට කැපූ බවින් ඇගේ කොලු පෙනුම වෙනස් නොවුනි.....මේ අතර ...එක් දිනක් තුල සිදුවූ සිද්ධියක් නිසා අපේ ජීවිත සම්පූරනයෙන් වෙනස් විය......

No comments:
Post a Comment