(බොක්සින් සමාදි 65)....................... ..... සියලු දෙනාම නාන අතර තුල මා ගොඩට වී සිටියෙමි......ජනිත් ඇවිල්ල නා ගන්නවකෝ.....තාත්තා මට කතාකලේය......පස්සෙ නාන්නම්....මම පැවසූ විට මේ ලමයගෙ පුදුම කම්මැලිකමක් නෙ තියෙන්නෙ.....තාත්තා මට දොස් කියනු ඇසුනි.....මාත් ආසයි තාත්තෙ නාන්න ඒත් මම පපුව ඇරගෙන නාන්නෙ කොහොමද.....මෙසේ පැවසීමට නොහැක. .....නෝනා.... අර ජනිත් නානෙ නැත්තෙ මොකද කියල බලන්න.....ඔහු අම්මාට පවසනු ඇසුනි.......අම්මා තෙත ඇදුම් පිටින් මා අසලට එනු දක්නට ලැබුනි.....ඇවිල්ල නාගන්නව ලමයො වතුර සීතලත් නෑ......ඇය පැවසුවාය.....ගෙදර ගිහින් නානව අම්මෙ මම කීවෙමි.....ගෙදරයන්නෙ මොකටද මෙච්චර හොද වතුර තියෙද්දි......කෝ...ගලවනව ඔය ඇදගෙන ඉන්න කමිසෙ.....ඇය මට කමිසය ගලවන ලෙස බල කරන්ට විය......දැන් මොකද කරන්නෙ ගලවන්නම වෙනව....අම්මාට පිටිපස්ස හැරුනු මම කමිසය ගලවන්ට වුනිමි........කමිසය අහකට නොදමා එය මගේ පපුව මත තබාගෙන පුයවුරු නොපෙනෙන සේ තබා ගත්තෙමි......මොකද ලමයො ලමිස්සියෙක් වගේ කමිසෙන් පපුව වහගෙන.....ඕක පැත්තකින් දාල ගිහින් නානව.....ඇය මගේ අතින් කමිසය ඇද්දාය........කමිසය .අයින් වූ පසු නිරාවරනය වූ මගේ පපු පෙදෙස ඇයට පෙනෙන්ට විය ...මා ලැජ්ජාවෙන් ඉදිමුනු පියයුරු මත දෑත තබාගෙන එය නොපෙන්වීමට වෑයම් කලෙමි.......අම්මා පුදුමයෙන් පපුව දෙස බලා මගේ අතක් අයින් කලාය......මෙච්චර ලොකු වෙනකන් ඇයි මට කිව්වෙ නැත්තෙ......පැවසූ ඇය....කමිසෙ ඇදගෙන ඔහොම ඉන්න.....ඇය මට කමිසය ඇදගැනීමට කීවාය.......මා ලැජ්ජාවෙන් යුතුව කමිසය අදින අතර තුල අම්මා ඇලට බැස තාත්තා අසලට යනු දුටුවෙමි......ඇයි ජනිත් මොකද කියන්නෙ.....තාත්තා හයියෙන් ඇසුවේය......තාත්තා අසලට ලන්වූ අම්මා තාත්තා සමග මොනවද පවසනු දුටුවෙමි.......මම හිතන්නෙ අම්ම තාත්තට මගේ පපුව ගැන කියනව වෙන්න ඇති......තාත්තාද මා දෙස බලමින් යමක් පවසනු දුටුවෙමි......මොකද මල්ලී ගොඩට වෙලා එනවකෝ අපිත් එක්ක නාන්න.....මේ වතුරෙ නාන කොට මාර ජොලි හලෝ.....අයියා හයියෙන් කෑගසා මට අඩගැසුවේය......ලොකු පුතේ.... මල්ලිට කරදර කරන්නෙ නැතුව ඉන්න......එයාට නාන්න බැරිලූ.....අම්මා අයියාට කියනු ඇසුනි. පුදුම කම්මැලි කමක්නෙ තියෙන්නෙ......අයියා නැවත පවසනු ඇසුනි......ලොකු පුතේ එයාට ඔන්නම් නා ගනියි ඔයා නාගන්න.....අම්මා අයියාට පැවසුවාය......අනේ මටත් මේ වතුරෙ නාන්න ඇත්නම් ....හැගීමක් ඇතිවුනද මගේ පියයුරුවල ගැටලුව නිසා එම අවස්තාව අහිමිවිය......ඔවුන් සියලු දෙනාම නෑම අවසන්වීගොඩට අවිත් ඇදුම් අදින්ට විය.....මා අසලට පැමිනි සමාදි ......මොකද බන් නෑවෙ නැත්තෙ....මගෙන් ඇසුවාය.....උඹ දන්නවනෙ බන් මගෙ පපුව කෙල්ලෙක්ගෙ වගේ කියල....ඉතින් මම කොහොමද පපුව ඇරගෙන වතුරට බහින්නෙ......ඒකත් ඇත්ත තමයි පැවසූ ඇය.....දැන් මම දකිනවට වඩා ලොකුද බන්.....ඇසුවාය.....ඊට වඩා ටිකක් ලොකුයි......මම පැවසූවිට .....අම්මට කිව්වෙ නැද්ද.....ඇය ඇසුවාය......කිව්වෙ නෑ අද තමා දැක්කෙ........මම කීවෙමි......ඒක තමා අම්මයි තාත්තයි නාන අතර තුරේ මොනවද පුටුපුටු ගගා දෙඩෙව්වෙ.....උඹ ගැන කතාවෙන්න ඇති......උබවත් මාව වගේ ඩොක්ටට පෙන්නයි.......ඇය කීවාය......අනේ මන්ද බන්... තාත්තනම් එදා කිව්වෙ මේක සාමාන්‍ය දෙයක් කියල..ටික දවසකින් අඩුවෙයි කියල......මම කීවෙමි.......අඩුවෙනවනම් දැන් අඩුවෙන්න එපායැ....දැන් කීදවසක්ද......ඇය කීවාය......ඒකතමා බන් මාත් බැලුවෙ එන්න එන්න වැඩිවෙනව මිසක් අඩුවීමක්නම් පේන්න නෑ....මේ විදියට මට ස්කෝලෙ යන්නත් බැරිවෙනව.......කොල්ලො මේව දැක්කොත්?.....මම ප්රස්නාර්තව කීවෙමි........ඒකනම් ඇත්ත තමයි අපේ පන්තියෙ කොල්ලන්ගෙ හැටි මම දන්නවනෙ......මම ඒ දවස්වල බොක්සින් වල පිහිටෙන් තමා උන් අතරෙ බේරිලා හිටිය.....ඇය කිවාය.......මල්ලිට ඉතින් මේවගෙ ඇලකින් සීතල වතුර ටිකක් නාගන්නවත් පිනක් නෑ......අයියා මට විහිලු කරන්ට විය.....අයිය නොදන්න ඒව ගැන කතානොකර ඉන්න .....ජනිත්ට සනීප නෑ ඒකයි නෑවෙ නැත්තෙ.....සමාදි මාවෙනුවෙන් කතාකලාය......මටනම් පේන්න ඇති අසනීපයක් නෑ....ඔය දෙන්න ඉතින් එක පැත්තක් නෙ......අයියා තරහෙන් මෙන් කීවේය........ලොකු පුතේ ඔය කතාව නවත්තන්න.....එයාට ඕනැ වෙලාවක එයා නායි......අම්මා නැවත අයියාට අවවාද කරනු ඇසුනි. අපි නැවත උත්සවය තිබුනු නිවසට ගියෙමු.....මෙහාට ඇවිල්ලත් ඒ ඇලෙන් නා ගත්තෙ නැත්නම් වැඩක් නෑ බන්......තාත්තා ඔහුගේ යහලු මාමාට පැවසුවේය......ඔක්කොම නාල ඒත් මේ පුතානම් නාල නෑ වගේ....මගේ හිසට අත තැබූ මාමා පැවසුවේය.....මෙයාට සීතල වතිර හොද නෑ පොඩ්ඩ බැරි වෙනකොට පීනසේ හැදෙනව.... මාමාට පැවසූ මෙම බොරුව අම්මාගේ සිතට කෙසේ පැමිනියාදැයි නොදන්නෙමි......
No comments:
Post a Comment