Wednesday, October 5, 2016


(බොක්සින් සමාදි 26)...................................ඔය කරාබු දෙක අරන් අම්මගාවට යනව දාන්න හැදුවොත් එතැනින් පැනල එනව......පැවසූ ඇය....මා කෙසේ කීවත් ඇය අපි ඇදසිටි ඇදුම් මාරුකිරීමට කැමති වූවේ නැත. අම්මාගේ අඩගැසීම නිසා මා කරාබු දෙක අත තබාගෙන අම්මා අසලට ගොස් ඒවා ඇයගේ අතට දුන්නෙමි.....මම හිතුවෙ මේක නැති කරල කියල. ඒකයි හොයල දෙන්න කිව්වෙ....අම්මා පැවසුවාය.....මේදෙක දාගන්නකො දුවේ ......ඇය මට කරාබු දෙක පැලද ගැනීමට ඇවිටිලි කලාය...මාගේ කන්විද නැති බැවින්.....මා සමාදි නොවන බව ඇයට හසුවේයයි බියක් ඇතිවිය.....මේ සමාදිට තේරෙන්නෙ නෑනෙ දැන් මේ වැඩේ අම්මට අහුවුනොත් ඔක්කොම ඉවරයි....මම බයෙන් කල්පනා කලෙමි.......ඕව දාගෙන ඉන්න බෑ අම්මෙ.....මම කීවෙමි. ...බෑ කියල බෑනෙ ලමයො ගැහැනු ලමයෙක් උනාම මේව දාගෙන ලස්සනට ඉන්න ඕනැ......එතකොට තමා කෙල්ලෙකුගෙ සිරියාව පේන්නෙ.....අම්මා කීවාය.....මෙහාට එනව අම්මා මගේ අතින් ඇද එය බලෙන් පැලද වීමට සූදානම් වූවාය.....එවිටම ගෙදර සීනුව නාද වීම නිසා. මාව අතහැරිය ඇය දොර අසලට ගියාය......රීටා ඇන්ටි පැමිනි බව දුටු මම ඉක්මනින් සමාදි අසලට ගියෙමි....ඇති යාන්තම් හොද වෙලාවට රීට ඇන්ටි ආවෙ... නැත්නම් අද ඔක්කොම අහුවෙනව......මම සමාදිට පැවසුවෙමි......සමාදි කිසිවක් නොකියා සිනාසුනාය.....මෙච්චර දෙයක් වෙන්න ගියත් මෙයාට කිසි ගානක් නෑ ....මට නම් බයේ බෑ....මා කල්පනා කලෙමි. රීටා ඇති නිසා මාව බේරා ගැනීම ගැන දෙවියන්ට පින් දුන්නෙමි...
තාත්තා පැමිනි පසු ජනිත් ලෙස තාත්තා අසලට ගිය සමාදි.......තාත්තේ මාත් බොක්සින් ප්රැක්ටිස් වලට එන්නද?.....මා අසන ආකාරයට ඇසුවාය......ඔයා එනවනම් කොච්චර දෙයක්ද.....මේව ගැහැනු ලමයින්ට වඩා ගැලපෙන්නෙ පිරිමි අයට.......තාත්තා ජනිත් මෙම ක්‍රීඩාවට කැමති වීම ගැන සතුටින් කතා කලේය.....එහෙනම් හෙට ඉදන් ප්‍රැක්ටිස් කරන්නද.... ඇය ඇසුවාය. .........හෙට මම නෑ එනකොටත් අද රෑවෙයි. කමක් නෑ සමාදිගෙන් අහගෙන පුරුදු වෙන්න.....මම ඉන්න වෙලාවට වැරදි හදන්නම්.......තාත්තා පැවසුවේය.....මොකද නෝන ජනිත්ට එක පාරට බොක්සින් ගහන්න හිතුනෙ.....තාත්තා අම්මාට කීවේය. අනිත් දෙන්නම මොනව හරි ක්‍රීඩා වැඩ කරන හින්ද මෙයාටත් හිතෙන්න ඇති.....අම්මා සිනාසෙමින් කීවාය. ......සමාදි හෙට මෙයත් එක්ක ප්‍රැක්ටිස් කරන්න....අර මම ඔයාට මුලදි කියා දුන්න ඒව මෙයාට කරන්න කියන්න.....ඔයාගෙ අනිත් බොක්සින් කිට් එක මෙයාට අදින්න දෙන්න පස්සෙ තව දෙකක් ගම්මු......තාත්තා මා සමාදි ලෙසා හිතාගෙන උපදෙස් මාලාවක් දුන්නේය.....සමාදි මා අසල සිට සියල්ල අසා සිටියාය.....ඔන්න මගේ වැඩේ කලා... දන් ඔයා හෙට ඉඩන් මාත් එක්ක ප්‍රැක්ටිස් එන්න ඕනැ .....තාත්තා අසලින් ඉවත්වූ සමාදි මට පැවසුවාය.....
දැන් මට මා අකමැති වැඩ දෙකක් කිරීමට සිදුවී ඇත. එකක් කෙල්ලෙකුලෙස ඇදගෙන කෙල්ලෙකු ලෙස හැසිරීම. අනික බොක්සින් ක්‍රීඩාව පුහුනු වීම. ......කමක් නෑ සමාදිගෙ කොල්ලෙක් වෙන්න තියෙන ආශාව හින්ද ඒ දෙකම අමාරුවෙන් හරි කරනව....මම හිතාගත්තෙමි.
පසු දිනද සමාදි සුපුරුදු ලෙස සුදු ගවුමෙන් සැරසී පාසැල් ගියාය. එහෙත් ගෙදර පැමිනි සැනින් මා ඇගේ ඇදුම් ඇදගත්තෙමි......බොක්සින් ප්‍රැටිස් මට ඇය අදින කිට් එක ඇද ගැනීමට දුන් බැවින්.....අපිට ඇදුම් මාරුකර ගැනීමේ අවසයතාවයක් නොතිබුනි...මා ජනිත් ලෙස පුහුනුවේ යෙදුනෙමි.....පුහුනුව අවසානයේදී මගේ අත්වලට ඇතිවූ වේදනාව දරා ගැනීමට නොහැකිවී කෙදිරි ගෑවෙමි......මොනවද බන් කෙදිරි ගන්නෙ උඹ කොල්ලෙක් නේද.....පැවසූ සමාදි......කාටවත් ඇහෙන්න කෙදිරි ගාන්න එපා මම වගේ පිට් එකේ හිටහන්.....කීවාය......අද තාත්ත ආවහම උඹෙන් අහයි ජනිත්ට කියාදුන්න ඒව. උබ මම කියාදුන්න ඒව කියහන්...ඒවෙලාවට මම ජනිත් විදියට ඉන්නම්......සමාදි පැවසුවාය.....අනේ මන්ද බන් මේ වැඩ අහුවුනොත් තාත්තගෙන් ගුටිත් කන්න වෙනව.......එහෙම වෙන්නෙ නෑ.....උබ ටිකක් පරිස්සම් වෙයන්.....මටනම් කොහොම හරි ශේප් වෙන්න පුලුවන්....සමාදි එසේ පවසන විට ඇගේ නිර්භීත බව මට තේරුනි......කෙල්ලෙක් වෙලා මෙහෙම නම්.. මෙයා බැරි වෙලාවත් කොල්ලෙක් උනොත් කොහොම වෙයිද.....මා කල්පනා කලෙමි.

No comments: