Monday, October 10, 2016


(බොක්සින් සමාදි 37)........................................අම්මා අඩගසන නිසා මා අම්මා අසලට ගියෙමි.....දුවේ... ගීතිකා අක්ක කියනව ඔයාව එයාගෙ මල් කුමාරිට ගන්න ඕනැ කියල......අම්මා එසේ පවසනවිට මා ලැජ්ජාවෙන් ඇබරුන මා මට බෑ අම්මෙ........මම කීවෙමි......බෑ කියල බෑනෙ දුවේ ......අක්ක වෙනුවෙන් ඒක කරන්න ඕනැනෙ...අම්මා පැවසූ අතර ......අනේ නන්ගියෙ අයි බෑ කියන්නෙ......ගීතිකා අක්කා මගේ අතින් අල්ලාගෙන ඇසුවාය. මම එච්චර ලස්සන නෑ අක්කෙ....මෙම උගුලෙන් ඉවත්වීමට හිතාගෙන කීවෙමි......ඔයා ලස්සන නැත්නම් වෙන කවුද ලස්සන.....කොන්ඩෙ කපපු හින්ද පොඩි අවුලක් තිබුන තමා ...දැන් කොන්ඩයක් දාගෙන ඉන්න හින්ද ඔයා ගොඩක් ලස්සනවෙලා......ලොකු අම්මා කීවාය......ඔවුන්ගේ මෙම ඉල්ලීම නිසා අක මත්තෙන් හෝ ඔවුන්ගේ මෙම ඉල්ලීමට කැමති වීමට සිදුවිය........අම්මෙ ජනිත් මාලීයි මෙයයි එක වගේ හින්ද ජනිත් මල්ලි ගම්මු මනමාලයගෙ පැත්තට....එතකොට තවත් ලස්සනවෙයි නේද අම්මෙ......ගීතිකා අක්කා ලොකු අම්මගෙන් ඇසුවය......ඔයාලට කැමති දෙයක් දුවේ......අම්මා පවසනු ඇසුනි.......එවිටම ... පුතේ ජනිත්....යනුවෙන් අම්මා සමාදිට කතාකලාය.....සමාදි කොල්ලෙක් මෙන් අපි අසලට ආවාය......ඔන්න ඔයාවත් මනමාලයගෙ පැත්තෙ කුමාරයට ගන්න ඕනැ කියල අක්ක කියනව.....එය ඇසෙනවත් සමගම.....හරි අක්කෙ මම එන්නම්.....සමාදි සතුටින් කීවාය......සමාදි නංගි තමා ලැජ්ජාවෙ ඇබරෙන්නෙ ජනිත් මල්ලි නම් එකපාරටම කැමති වුනා........ගීතිකා අක්කා මාදෙස බලා කීවාය.....මෙයානම් කියයි මමනෙ දන්නෙ සමාදි කැමති වෙන්නත් මම අකමැති වෙන්නත් හේතුව....මම කල්පනා කලෙමි.......ඉස්සර මෙයා තමා ඕනැ දේකට ඉස්සරහට යන්නෙ ජනිත් නෙවෙයි.....දැන් ටික දවසක ඉදල ඒකෙ අනිත් පැත්ත......ලමිස්සියෙක් උනාම එහෙම තමා නේද දුවේ.....ඉස්සර වගේ දගවැඩ කරන්න බෑනෙ නේද..මගෙන් ඇසූ ලොකු අම්මා....ජනිත් කොල්ලෙක්.. එයා ඕනැ දේකට ඉස්සරහට යන්න ඕනැ.....කීවාය......
ලොකු අම්මලා ගියාට පසු මා අම්මා අසලට ගොස්......ඕකට යන්නම ඕනැද අම්මෙ එයාලට වෙන කෙල්ලෙක් හොයාගන්න බැරිද......මම ඇසුවෙමි.....නොගිහින් කිහොමද ගීතානි කියන්නෙ පිට කෙනෙක් නෙවෙයි ඔයාගෙ අක්ක.....ඒකනෙ අම්මෙ.... මෙයාට මොනව වෙලාද මම දන්නෙ නෑ ඕකට අකමැති වෙන්න.....මල් කුමාරිට ඇන්දම සමාදි කොච්චර ලස්සනට පෙනෙයිද නේද අම්මෙ.....සමාදි අම්මාව තවත් දිරිගන්වමින් පවසන්ට වූවාය.....මෙයාටනම් මොකද මෙයාටනම් ඉතින් මාව කෙල්ලෙක් කලාම කොල්ලෙක් වගේ ඉන්න පුලුවන්නෙ.....මම කිසිදෙයක් නොකියා සමාදි දෙස බලා සිතුවෙමි.....මාව මල්කුමාරිට තෝරා ගත් බැවින් ලැජ්ජා සහගත හැගීමක් ඇතිවූ බැවින් පැත්තකට වී මේ ගැන කල්පනා කලෙමි.....මම කෙල්ලෙක් නම් කිසිම ගැටලුවක් නෑ ...මම කොල්ලෙක් වෙලා කෙල්ලෙකුට ඇදගෙන මෙච්චර නෑදෑයො පිරිසක් ඉස්සරහ ඉන්නෙ කොහොමද?.....මාව ලස්සනට පෙනුනොත් එයාල ඔක්කොම මාදිහා බලයි....මට ලැජ්ජාවෙ පනයයි......මා මෙසේ කල්පනා කරන අතර තුල.....මොනවද බන් කල්පනා කරන්නෙ....සමාදි ඇසුවාය.....බලපන් බන් උඹ මට දාන ලෙඩ.....මම ඇය දෙස බලා අමනාපයෙන් කීවෙමි.....මම දැම්ම ඇති ලෙඩක් නෑ ..එයාලනෙ උඹව තෝරගෙන තියෙන්නෙ.....සමාදි කීවාය.....උඹ මට කෙල්ලෙක් වගේ ඉන්න කිව්ව හින්දනෙ මේ ඔක්කොම දේවල් මට එන්නෙ.....මම කීවෙමි.......ඕකට කේන්ති ගන්න එපා බන් ....එදාට උඹ ලස්සන ගවුමක් ඇදල මාල වලලු දාල ඔලුවෙ මල්ගහල ලස්සනට ඉන්නකොට උබටම ආස හිතෙයි......සමාදි සිනාසෙමින් කීවාය......උඹටනම් ඉතින් මොකද උඹ එදාට ඉන්නෙ කොල්ලෙක් විදියටනෙ උඹට ඕනැවෙලා තියෙන්නෙත් ඒවගේ ඉන්නනෙ. ඉතින් උඹත් හිටහන්කො මම වගේ....සමාදි කීවාය......උබවගේ කොල්ලෙක් විදියට ඇදගෙන ඉන්න පුලුවන්නම් ඉන්නව තමයි....මේ ගැහැනු ඇදුම් නැතුව....මම කීවෙමි......ඒක නෙවෙයි බන් මම කිව්වෙ....මම කොල්ලෙක් වගේ ඉන්නව වගේ උබ කෙල්ලෙක් වගේ හිටහන්.....කීවාය......මේකිට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑනෙ....එයානම් කොල්ලවගේ එදාට ඉදියි . මම කොල්ලෙක් වෙලත් එදාට ගවුන් ඇදගෙන ඉන්න කොට මම තමා ලැජ්ජවෙන්නෙ......මා ඇයට කිසිවක් නොකියා කල්පනා කලෙමි.......
පසු දින ඉරුදින නිසා මා පෙර ඉරුදින මෙන් දහම් පාසැල් යන යුවතියක් මෙන් ලමා සාරිය ඇදගෙන පන්සලට ගියෙමි....සතියක පමන කාලයක් කෙල්ලෙක් ලෙස පාසැල් ගොස් ඇතිකර ගත් ගැහැනු ලමයෙකුමෙන් හැසිරීමේ පුරුද්ද නිසා දහම් පාසැලේදී පෙරදින මෙන් හිතට චකිතයක් හෝ බියක් ඇති නොවුනි.....සාමාන්ය ගැහැනු ලමයෙකු මෙන් මා එහිදී හැසිරුනෙමි......එදින මා විග් එක පැලදගෙන නොගියෙමි....එය හිසට පැලදූ විට තිප්පියක් පැලගෙන මෙන් සැලකෙන නිසා ....හිස් ආවරන පැලද පන්සල් යෑම සදුසු නැති බව අම්මා පැවසුවාය.
මේ අතර තුල මා සමාදිමෙන් බොක්සින් පුහුනුවේ යෙදුනෙමි.....සමාදි ජනිත් ලෙස ඉතා දක්‍ෂව එම ක්‍රීඩාවේ යෙදීම නිසා......බලන්නකො සමාදි දැන් ඔයාට වැඩිය ජනිත් ඉදිරියට ගිහින්නෙ......ඔයා දැන් ටිකක් පසු බැහැල වගේ මට පේන්නෙ......තවමත් අපි දෙදෙනාගේ වෙනස හදුනා නොගත් තාත්තා මට පැවසුවේය ......

No comments: