ආත් අම්මාගේ පාඩම 147..............පසුදින උදැසන පිබිදුනු මා කාමරයෙන් එලියට නොගොස් ජැනේලය දෙසට ගොස් පිටත බැලුවෙමි. අපි සිටින කාමරයට ඈත පිහිටි කදු වැටිය හොදින් නොපෙනුනත් මා ඒ දෙස බලා සිටියෙමි....මොකද නංගි අද එලියට ගියෙ නැද්ද.....ටික වේලාවකින් නින්දෙන් බිබිදුනු අක්කා ඇදේ වාඩිවී හිරි අරිමින්...ඇසුවාය.....සුරන්ජිත් අයියත් මේ වෙලාවට එලියෙ ඇතිනෙ අක්කෙ.....ඒ හින්ද ගියෙ නෑ.....මා කීවෙමි.....ඒකට මොකද... වෙනදටත් යන්නෙ....අක්කා කීවාය....වෙනද වගෙ නෙවිනෙ අක්කෙ දැන්.....මම එයාව ආස්සරේ කරන එක හරිනෑනෙ.....මා කීවෙමි....අපි ඕකට මොකක් හරි විසදුමක් හොයාගම්මුකෝ...කී අක්කා පොඩ්ඩක් ඉන්න මම එනකල්....අපි දෙන්න එක්ක එලියට යමු කී ඇය....නාන කාමරය තුලට ගියාය.
මුහුන සෝදාගෙන එලියට පැමිණි අක්කා ඇදුම් මාරු කරගෙන ඇගේ ජර්සියද ඇගට දාගත් ඇය මා සමග එලියට ගියාය.....මේ වනවිට සුරන්ජිත් මිදුලේ බැංකුව මත වාඩිවී සිටින අයුරු දුටුවෙමි.....අක්කා ඔහු අසලට යනවිට අක්කෙ මම අරහෙට යන්නම්....කී මා ඔවුන්ගෙන් තරමක් ඈත්වී උදෑසන පිපී තුබුනු මල් වල ලස්සන බලමින් සිටියෙමි....මේ නංගී එදා ඔයා මට ගැහුවට තරහ නෑ....දැන් සුරන්ජිත් අයිය...අපේ විනෝදනී අක්කව බදිනවනෙ.....ඔයා බයවෙන්න එපා මම ඔයාව බදින්නම්.....කොහේදෝ සිට මා අසලට පැමිනි .....සුරනිමල කියන්ට විය.... .මට කවුරුවත් ඕනැ නෑ අයියෙ.....පැවසූ මා.....එතැනින් යෑමට හැරෙනව්වාත් සමග ඔහු මගේ අතින් ඇල්ලුවාය....වේගයෙන් ඔහුගේ අත ගසා දැමූ මා කාමරය දෙසට දුව ගොස් කාමරය තුලට වැදී ඇතුලතින් අගුලු දාගත්තේ ඔහු මෙය තුලටත් කඩාවැදේවි යන බයටය....මූනම් මහ ලැජ්ජ නැති එකෙක්....මෙච්චර හයියෙන් කනට ගහලත් පාඩමක් ඉගෙන ගෙන නෑනෙ.....මා තරහෙනුත් බියෙනුත් කල්පනා කලෙමි....ටික වෙලාවක් ගතවිය.....යම්කිසි කෙනෙක් දොර ඇරීමට උත්සාහ කරන ආකාරය දුටුවෙමි....සුරනිමලද දන්නෙ නෑ....මා බියපත්ව ඒ දෙස බලා සිටියෙමි.....කවුද මේක ලොක් කරලනේ.....අක්කාගේ කට හඬ ඇසුනි. බිය මුසු මුහුනින් යුක්තව දොර ඇරිය මා සුරනිමල සිටී දැයි වට පිට බැලුවෙමි.....මොකද නංගි ඇතුලට වෙලා ලොක් කරගෙන....කී ඇය මොකද නිකන් බයවෙලා වගේ....මාදෙස බලා ඇසුවාය....මෝ...මො...මොකුත් නෑ අක්කේ...මා වෙවුලන හඩින් කීවේ....දොර අගුලු කරකවන විට දැනුනු බියමුසු හැගීම තවමත් තිබෙන බැවිනි....නංගි මොකකට හරි බයවෙලා....මොකක්දවුනේ.....අක්කා ඇසුවාය...අපේ අම්ම හරි ලොකු අම්ම හරි නංගිට මොකුත් කිව්වද.....අනේ නෑ අක්කේ.....මා කීවෙමි.....ඉන්නකෝ මම අම්මගෙන් අහන්න.....අනේ එයාල මොකුත් කිව්වෙ නෑ අක්කේ....මා පැවසුවෙමි...පොඩ්ඩක් ඉන්නකෝ....කී ඇය කාමරයෙන් එලියට ගියාය......දැන් මොන විජ්ජුම්බරයක් වෙයිද මන්ද.... කල්පනා කරමින් සිටිනවිට......අක්කා අම්මා සමඟ කාමරයට පැමිනුනාය....මොකක්ද උනේ දුවේ...මේ අක්ක මගෙන් අහනව ඔයාට මොකුත් කිව්වද කියල....මායි ලොකු අම්මයි පිටිපස්සෙනෙ හිටියෙ.....ඔයාලව දැක්කෙවත් නෑ.....අම්මා පැවසුවාය.....කොහොම හරි නංගි හොදටම බයවෙලා......කියන්නෙත් නෑ....මම මිදුලෙ සුරන්ජිත් මල්ලි එක්ක කතාකරකර ඉන්නකොට මෙයා ටිකක් එහාට යනව කියල ගියා .....මම කාමරේට ආවමයි දන්නෙ නංගි කාමරේ ඇතුලෙ ලොක් කරගෙන ඇතුලෙ ඉන්නව කියල.....අක්කා සිද්දිය විස්තර කලාය.....මොකක්ද උනේ දුවේ කියන්න.....අම්මා මා අසල ඉදගෙන මගේ හිස අතගාමින් ඇසුවාය.....දැන් ඉතින් ඕනැ එකක් උනාවෙ සිතූ මා .....සුරනිමල අයියගෙන් බේරෙන්න බෑ අම්මේ....කීවෙමි.....මම හිතුව...තරහෙන් මෙන් කී අක්කා....ඕකගෙ පුරුද්ද තාම ඇරිල නෑනෙ....වලත්තය කියමින් සුරනිමලට බනින්ට වූවාය......මේ ලොකු දුවේ..... දැන් මේව මෙතැන මොකුත් කියන්න යන්න ඕනැ නැ.. මේ දවස් දෙක තුනේ මෙයාලත් එක්ක නොහොද නෝකඩු වෙන්නෙ නැතුව.....ආපු වැඩේ කරගෙන ඉක්මනට යමු.....අම්මා කීවාය.....දුව තනියම ඉන්නනෙ නැතුව අපිත් එක්ක ඉන්න...නැවත කීවාය.
සවස්වරුවේ අපි සියලු දෙනාම සාලය තුල කතා කරමින් සිටියෙමු....සුරන්ජිත් අයිය අපේ විනෝදනී අක්ක බදිනවනම් මම හරිම කැමතියි....මම බයේ හිටියෙ ගෙදර නවත්තගෙන ඉන්න අනාත කෙල්ලව බදියි කියල.....අපි වගේ වැදගත් ආඅය ඕවගෙ කෙල්ලො බදිනවද....නේද...අයියෙ.....සුරනිමල මා දෙස බලා.....සුරන්ජිත්ට කීවේය.....කවුද මල්ලි අනාථ කෙල්ල .....අක්කා කේන්තියෙම් මෙන් ඇසුවාය.....ඔය ඉස්සරහ ඉන්නෙ....ඔහු මාව පෙන්නුවමින් කීවේය....මේ මල්ලී... ඔය නොදන්න දේවල් වලට කට දාන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්නවා....සුරන්ජිත් ඔහුට සැරකරන විට....මේ පුතේ....ඕව නවත්ත ගන්න....අම්මා කීවාය.....අනේ මේ ඔයාල මම හින්ද මෙතැන ගැටලු ඇතිකරගන්න එපා කී මා කාමරය තුලට ගියෙමි.
සුරන්ජිත් දවසක් මට අනාථ කෙල්ල කිව්ව දැන් මෙහෙ ආවහමත් සුරනිමල මට අනාථ කෙල්ල කිව්ව.....මම මේ විදියට වැඩි දවසක් අනාත වෙලා ඉන්නෙ නෑ.....දේපොල ගැටලුව විසදුන ගමන් මම මෙහෙන් යනව.....තනියමනෙ ඉන්න බැරි කැම්පස් ගියාම බෝඩිමක හරි හොස්ටල් එකේ හරි ඉන්න පුලුවන්.....මා කල්පනා කලෙමි.....ටික වේලාවකින් කාමරයට පැනි අක්කා .....ඕව ගනන් ගන්න එපා නංගි කවුරු ඔයාට මොනව කිව්වත් ඔයා මට අනාථයෙක් නෙවෙයි.....මෙයාල ඔයා ගැන දන්නෙ නැතුවනෙ ඔහොම අපහාස කරන්නෙ.....නංගිට හොඳ දේපොලක් තියෙනව.....උපාධිය ගත්තාම හොද රස්සාවකට යන්න පුලුවන්.....ඔයා හිත හදාගෙන ඉදිරියට ගිහින් චතුරිකා කියන්නෙ කවුද කියල මෙයාලට පෙන්වන්න......අක්කා මාව දිරිමත් කරමින් කතාකරන්ට වූවාය.
හෝම් කනින් උත්සව දිනය එළඹුණි.....තාත්තා පැවසූ පරිදි සෙනසුරාදා රෑවනවිට නුවර ආවේය. එදින මාත් අක්කාත් උඩරට රටාවට ගැලපෙන ඔසරි මෝස්තර වලින් සැරසුනෙමු.....මා ප්සරිය අදින විට සුරන්ජිත් කැමතිබව මංගල්‍යය දිනයේ පැවසුවද.....මට දැන් මගේ ඇදුම ඔහුට පෙන්වීමෙන් වැඩක් නැත. දැන් ඔහුට වර්නා කිරීමට විනෝදනී අක්කා සිටී....මම මේවගේ හැඩවන්නේ කාට පෙන්නද.....මට දැන් තියෙන්නෙ මාව චතුරිකා උන අලුත වගේ චතුරිකාගෙ හැඩවැඩ මම ම බල බලා....සතුටු වෙන්න විතරයි......මා දුක්බරව කල්පනා කලෙමි....
No comments:
Post a Comment