ආත් අම්මාගේ පාඩම 133............මෙවර අනුරාධපුර වන්දනා කිරීමට යනබවත් එය මීලග සතියේ සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දවස තුන යොදාගෙන ඇතිබව දැන්වීය. එහි සංවිධාන කටයුතු නිමන්තිගේ තාත්තා බාරගෙන ඇතිබවද දැන්වීය. අපි පෙරදින සවස ඇදුම් බෑග් පිලියෙල කරගත්තෙමු. තාත්තා තෑග්ගට දුන් කැමරාවෙන් මෙතෙක් වැඩක් ගැනීමට නොහැකිවූවද දැන් වැඩගැනීමට හැකිබවත් කැමරාව ඡායාරුප ගන්නා ආකරයත් පුරුදු විය හැකිබවත් දැනගත් මා එයද සූදානම් කර ගත්තෙමි. පාන්දර බසය පැමිනියේය. මෙවර ලොකු අයියාද සහභාගී වීම විශේෂත්වයක් විය. නුවර එලිය ගමන මෙන් නොව මෙවර සුරන්ජිත් වාඩිවූයේ මා අසලය....අපි ගීත ගායනාකරමින් ගමන් කලෙමු.....අපි නැවතුනු හෝටලයේ කාමර කිහිපයක් වෙන්කර තිබුනි....ඒවා වායුසමනය කල කාමරවිය......අක්කා නිමන්තී සහ මම එකම කාමරයක් වෙන්කර ගතිමු....සුරන්ජිත් අජිත් සහ ලොකු අයියා තවත් කාමරයක නැවතුනු බව දුටු අතර අම්මලා සහ තාත්තලට වෙනවෙනම කාමර තිබුනි. පසුදින උදෙන්ම රුවන්වැලිසෑය චෛත්ය වන්දනා කිරීමට ගියෙමු. සුරන්ජිත් මා සමඟ වෙනම වන්දනා කරන්ටවිය . වන්දනා කරන විට ඔහු දන්නා තරම් ගාථා සහ පිරිත් මා නොදැන සිටියේ නිමල් කල මා කිසිම ආගමික කටයුත්තකට සහභාගී නොවීම නිසාය. මේ අතර සුරන්ජිත් මෙහි ඉතිහාස කතාව පවසන්ටවිය. සුරන්ජිත් යනු ඉතිහාසය සහ දහම් දැනුම හොදින් තිබෙන පුද්ගලයෙක් බව මට අවභෝද විය......මෙවැනි වන්දනා කරමින් යමක් පැතූ විට එය ලැබෙන බව මා අසා තිබුනි. එහෙත් මා එය විශ්වාස කලේ නැත.....මේ නිසා මේ ගැන සුරන්ජිත් ගෙන් ඇසීමට සිතුනි.....අයියේ පින්කරල මොකුත් ප්‍රාර්ථනා කලොත් ඒව ලැබෙනවද ....මා ඇසුවෙමි.....ලැබෙන්න පුලුවන්..පැවසූ ඔහු...නංගි මොනවද ප්‍රාර්ථනා කරන්නෙ....ඇසුවේය....ඉපදෙන ඉපදෙන ආත්මයක් පාස මාව ඔයාගෙම වෙන්න කියල......මා කීවෙමි....ආපෝ එහෙම ප්‍රාර්ථනා එපා......ඔහොම ප්‍රාර්ථනා කලොත් අපිට සංසාරෙන් ගැලවීමක් ලැබෙන්න නෑ.....කී වේය....එහෙනම් කොහොමද ප්‍රාර්ථනා කරන්න ඔනැ....මා ඇසුවෙමි.....ඉස්සෙල්ල නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න....ඊට පස්සෙ ....නිවන්දකිනා තුරු අපිදෙදෙනා එක් වේවා කියල ප්‍රාර්ථනා කරන්න...ඔහු කියාදුන්නේය..... නිවන්දක්නා ජාති දක්වා මාව අයියටම අයිති වේවා කියල ප්‍රාර්ථනා කරනව.....මා චෛත්‍යය දෙසබලගෙන වදිමින් පැතුවෙමි....මටත් ඔයාවම ලැබෙන්න කියල පතනව.....ඔහුද වැද කීවේය....අයියේ ගෑනුවෙලා උපදින්නෙ පවුකරපු අයද....මා එසේ ඇසුවේ මට චතුරිකා වීමට අවශ්‍ය බව පැවසූ විට ආත් අම්මා එසේ පැවසා තිබුනු නිසාය.....එදින අපිදෙදෙනා අතර සාකච්චාව මගේ සිතට නැගුනි.....මොනවද ළමයො ඔයතරම් ගෑනියෙක් වෙන්න දගලන්නෙ....ඔය ලමය දන්නෙ නැද්ද ගැහැණු වෙලා උපදින්නෙ පවු කලාම කියල....ඉතින් ආත් අම්මත් පවුකරල තියෙනවනෙ.....මා ඇසුවෙමි....ඔව් කරන්න ඇති.....ඇය කීවාය.....එහෙනම් ආයෙමත් පිරිමියෙක් වෙන්න කියල ආත් අම්මත් පින්කරන්නකො..මා කීවිට...මට ඕව කරන්න ඕනැ නෑ.....ආත් අම්මා මට බනිමින් මගෙන් ඈත්වූ ආකාරය සිහියට නැගුනි. ......නෑ නංගි කවුද එහෙම කියන්නෙ....ඔහු ඇසුවේය.....ඉස්සර ආත් අම්ම නිතරම කියනව....මා කීවිට....ඒක බොරුවකුත් නෙවෙයි ඇත්තකුත් නෙවෙයි.....ඔහු පවසූ විලාසය මට ගැටලුවක් විය....ඒ කිව්වෙ....මා ඇසුවෙමි.....ඔය කාම මිතයාචාරය ලිංගික අපරාද කල අය ඒ පාපයට ගෑනු වෙලා උපදිනව තමයි....ඕනැම පවක් කලාම ඒ පාපයට විපාක තමන් කරා එනවනෙ.....පිරිමියෙක් ගැහැනියෙකුට ලිංගික අපරාදයක් කලාම ඒකෙ විපාක හොදට විදගන්න ඒ පුද්ගලය ගෑනියෙක් වෙලා උපදිනව.....ඊට පස්සෙ පෙර කරපු ඒ ලිංගික හිංසනය ඊටත් වඩා දරුනුවට තමන්ට විදගන්න සිද්ද වෙනව.....මාත් එහෙම කෙනෙක්ද දන්නෙ නෑ අයියේ....බියට පත්වූ මා ඇසුවෙමි.....ඔයා එහෙම කෙනෙක් නෙවෙයි නංගි..... ඔයා හරිම පිංවන්ත කෙල්ලෙක්නෙ......කී ඔහු......ගොඩක් ගැහැනු අය ගැහැනු වෙලා උපදින්න කැමතියි....එයාල පිරිමි වෙන්න එච්චර කැමති නෑ.....ඒ හින්ද එයාල ගෑනුම වෙලා උපදිනව....ඒක පවක් නෙවෙයි....හිතේ කැමැත්ත....එයාල පිරිමි වෙන්න ප්‍රාතනා කලොත් පිරිමියෙක් වෙන්න කැමැත්ත ඇතිවුනොත්....එයාලටත් පිරිමි වෙලා උපදින්න පුලුවන්.....ඒ වුනාට....අරවගේ කාම අපරාද....කාම මිච්චාචාර වගේ පවුකරල නැති වෙන්න ඕනැ...එහෙම නැත්නම් ඒ පවු ගෙවල ඉවර වෙන්න ඕනැ....එහෙම නැතුව එයල කොච්චර ප්‍රාර්ථනා කලත් කොච්චර හිතේ කැමැත්ත තිබුනත්.....පව ගෙවල ඉවර වෙනකම් පිරිමියෙක් වෙන්න නම් ලැබෙන්නෙ නෑ....විස්තර කල ඔහු....නංගිත් කැමතිද ඊලග ආත්මෙ පිරිමියෙක් වෙන්න.....මා දෙස බලා සිනාසෙමින් ඇසුවේය.....අනේ අයියේ ඒගැන මතක් කරන්නවත් එපා මට ගැහැණු කම හොදයි..මා ලැජ්ජාවෙන් ඇබරෙමින් කීවේ පිරිමි කම ගැන හිතේ ඇතිවී තිබුනු පිලිකුල සමග ඇතිවූ ලැජ්ජාව නිසාය......ඕකනෙ මම කිව්වෙ......ඔයාල ගෑණු වෙලා ඉපදිලා තියෙන්නෙ පවු කරල නෙවෙයි කියල....ඔයාල කැමති ගැහැණු වෙලා උපදින්න ඒ හින්ද දිගටම ගෑනුවෙලා උපදිනව....ඔහු කීවිට......එතකොට මාව කවදාවත් පිරිමියෙක් වෙලා උපදින එකක් නැද්ද .....ඇසූ මා...එහෙම වෙනවනම් ශෝක් අනේ....මා සතුටින් කීවෙමි.....එහෙම නොවී කොහොමද අපි දෙන්න එකතුවෙන්නේ.....ඔහු මගේ අත ගෙන ආදරයෙන් සිපගෙන කීවේය....දෙන්න වාඩිවෙලා ඉන්නෙ යන්න අදහසක් නැද්ද....අපි අසලට පැමිනි....අක්කා කීවාය....ධර්ම සාකච්චාවක් කලා අක්කේ ඒකයි.......මා පැසසූ විට හොදයිනෙ ..අයියගෙන් ඕනැ දෙයක් අහගන්න අයිය කියාදෙයි....අක්කා ඇසුවාය .
No comments:
Post a Comment