ආත් අම්මාගේ පාඩම 130..............මා නිමල් ලෙස සිටිකල මගේ කාමරය තුලට මැවැනි රූමත් ගැහැනු ලමයෙකු පැමිනියානම් මගේ හැසිරීම කෙසේ විය හැකිද. එසේනම් මා සුරන්ජිත් මෙන් මග හැර නොයන බව විශ්වාසය. මා එදා ගැහැනු ලමුන් දෙස බැලුවේ කාමුක හැගීමෙන් මිස මානුසික හැගීමකින්වත් ආදරණීය හැගීමකිනුත් නොවුනි. එහෙත් සුරන්ජිත් මාදෙස බලන්නේ ඊට ඉදුරාම වෙනස් ආකාරයකටය. එය තුල තිබුනේ කාමයට වඩා උතුරායන ආදරය බව මට සිතුනි. මට අපහසු ගනන් සහ අනිකුත් විශයන් සුරන්ජිත්ගෙන් අසා ගැනීමට උවමනාව තිබුනත් නිතර ඔහු ට නොකීවේ මා ගැන වැරදි වැටහීමක් ඇතිකර ගනිව්වියයි සැකයෙනි.මා එසේ නිතරම ගියහොත් .....මෙයා මා එක්ක ඉන්න ඕනැ හින්ද බොරුවට ප්‍රශ්න අරන් එනව.....මා සම්භන්දව එසේ සිතාවිදැයි බයක් ඇතිවූ නිසාය..... නංගිට අමාරු වැඩ නැද්ද තියෙනවනම් සද්ද නැතුව ඉන්න එපා ඇවිත් අහගන්න....සුරන්ජිත් එසේ කීවේ මා ඔහුගෙන් පාඩම් වැඩ නාසන නිසා බව මට තේරුනි.....තියෙනව අයියෙ....අයියට නිතර කරදර කරන්න හොද නෑනේ.....මා කීවෙමි.....මොන කරදරයක් ද නංගි ...අරන් එන්න....ඔහු කීවේය....මා හිසවනා හා යනුවෙන් සංඥා කලෙමි.....මේ නිසා ගැටලු ඇතිවූ විට වරින්වර ඔහු හමුවුනෙමි.....සපුරුදු පරිදි සැටියේ වාඩිවන ඔහු මාව ළඟින් ඉන්දවාගෙන කියාදෙන්ට විය......අනේ පොඩි පුතේ නංගිට හොදට කියාදෙන්න.....එයත් කැම්පස් ගියොත් අපිට ලොකු නම්බුවක්නෙ.....අපිව දුටු අම්මා කීවාය....පාඩම් කියාදෙන හැම වාරයේම කෙසේ හෝ මගේ මුහුන කිහිපවරක් සිපගැනීම ඔහුගේ පුරුද්දක් විය......මේ නිසාම වැඩි වැඩියෙන් ඔහුගෙන් පාඩම් අසාගැනීමට දැඩි කැමැත්තක් ඇතිවිය.....ඔහු කාගෙන් සඟවා මගේ මුහුන සිපගත්තත් අක්කාගෙන් සැගවීමට නොහැකි වී ඇතිබව එක්දිනක් අක්කාගේ වචනවලින්ම දැනගත්තෙමි......දැන් නංගිගෙ මුහුන ටිකක් ගොරෝසුවෙලා වගේ.....මීටවඩා ගොඩක් සිනිදුවටනෙ තිබුනේ....දිනක් අක්කා මගේ මුහුන අතගාමින් පැවසුවාය..ආයෙත් මාව නිමල් වීගෙනවත් එනවද බියට පත්වූ මා ඉක්මනින් මුහුන අතගාගත්තෙමි.....එහෙත් වෙනදාමෙන් සිනිදුවට තිබුණි .....මට එහෙම එකක් දැනෙන්නෙ නෑ අක්කේ.....මා කීවෙමි.....රැවුල් කොට තියෙන මුහුනු වලින් ඔය සිනිදු මුහුන නිතර ඉඹගන්න කොට ටිකක් ගොරෝසුවෙන්න පුලුවන් ඒකයි මම කිව්වෙ.....අක්කා සිනාසෙමින් කීවාය.....අයිය එහෙම කරන්නෙ නෑ....කලබලයටත් ලැජ්ජාවටත් පත්වූ මා කීවෙමි.....ඕව හන්ගන්න දෙයක් නෑ නංගී. පාඩම් අහගන්නවද කිස් කරවගන්නවද කියල මම දැක්කා.....ඇය එසේ කීවිට.... ලැජ්ජාව තවත් වැඩිවිය...අනේ අක්කේ.... කී මම....කොට්ටයෙන් පහරක් ගැසුවෙමි....ඇයද කොට්ටයක් ගෙන මට ගහන්ටවූවාය....අදත් සුපුරුදු පරිදි අපේ කොට්ටා පොරය ආරම්භවිය.....අවසානයේදී මාව තුරුලට ගත් අක්කා.....අපේ මල්ලිව වෙනස්කර ගත්ත එකනම් ලොකු දෙයක් නංගී....කීවාය.
එක් දිනක් පන්ති රැගෙන යන ඩ්රිවර් සීයා අසනීප බැනින් පැමිනීමට අපහසු බව දන්වා එවාතිබුනි. .....දුව ලෑස්ති වෙන්නකො කුලී වාහනයකින් පන්තියට දාල එන්නම්....හවසට අක්කට කියන්නම් එක්ක එන්න කියල....අම්මා එයට විසදුම වසයෙන් කීවාය. ඒ අනුව අම්මා සමග කුලී රථයකින් පන්තියට ගියෙමි....චන්ගච්චිද අපි සමග ආවේ අම්මා තනියම ආපසු පැමිනෙන නිසාය. පන්ති ඇරෙන විට රාත්‍රී හත පමන වේ....පන්ති ඇරුනු පසු මා අක්කා ගේ වාහනය සොයාගෙන ගියෙමි. නිමන්තී ඇගේ තාත්තාගේ වාහනය දෙසට යෑමට සූදානම් වී.....අක්ක ඇවිත්ද චතූ....වටපිට බලමින් ඇසුවාය.....අක්කගෙ වාහනේ තාම නෑවගේ අනේ.....මා කීවෙමි....එහෙත් සුරන්ජිත්ගේ වාහනය දැක ගැනීමට ලැබුණි. නිමන්තී සුරන්ජිත්ගෙ වාහනේනම් තියෙනව. අක්ක ඇවිත් තියෙන්නෙ ඒකෙද දන්නෙ නෑ....මා කියනවිට....සුරන්ජිත් අපිදෙස බලනු දුටුවෙමි....නැ චතූ...සුරන්ජිත් ඇවිත් තියෙන්නෙ.... පැවසූ නිමන්ති.....හා...හා...අද කෙල්ලට ජොලී....පවසා තාත්තා ගේ වාහනය දෙසට ගියාය. සුරන්ජිත් මට කතාකර නිමන්තිගේ තාත්තා දැක ඒ අසලට යනු දුටුවෙමි. ඔහු සමග කතාකල සුරන්ජිත් වාහනය අසලට පැමිනියේය.....නගින්න ඔහු කී බැවින් මා පිටුපස අසුනේ වාඩිවීම සඳහා දොර ඇරියෙමි.....නංගි හිතුවද මම නංගිගෙ ඩ්රයියර් කියල....ඉස්සරහ සීට් එකට එන්න කීවේය.....මා ලැජ්ජාවෙන් මෙන් ඉදිරි අසුනේ වාඩිවුනෙමි.... ඔහු වාඩිවූ විට ඔහු දෙස බැලූ මා.....මම හිතුවෙ අක්ක එන්නෙ කියල.....කීවෙමි.....රෑවුන හින්ද අක්කට බෑ කිව්වනෙ....ඒ සැරේ අම්ම කිව්ව මට එන්න කියල....පැවසූ ඔහු..... නංගි මාත් එක්ක යන්න බයද ඇසුවේය....අයියෝ නෑ අයියෙ.....අක්කයි එන්නෙ කියල කිව්ව හින්දයි ඇහුවෙ....මා කීවෙමි...... ඩ්රිවර් අන්කල්ට සනීප නෑලු නේද...ඇසූ ඔහු එයාට සනීපවෙනකල් මට තමා ඩ්රිවර් වැඩේ කරන්න වෙන්නෙ....ඔහු කීවෙය....ඕනැ නෑ අයියේ අයියට ඒක කරදරයක්නේ......අම්මත් එක්ක කතාකරගෙන මොකක් හරි කරන්නම්...මා කීවෙමි. මට මේ වෙලාවට වැඩක් නෑනෙ.....මම එන්නම්.... මම බෑ කිව්ව කියල අම්මටකියන්න එපා....ඔහු පැවසුවේය......ටික දුරක් ගිය ඔහු කඩයක් අසල වාහනය නතරකලේය.....නංගි කැමතිම දෙයක් කියන්න..... අයිස් ක්රීම්ද කූල් බීමද......එහෙම නැත්නම් බිස්කට් ද චොකලට් ද...ඔහු කෑම වර්ග කියාගෙන ගියේය.....අනේ අයියේ මොකුත් එපා....මා කීවෙමි....ඔන්න ඉතින් කිව්වෙ නැත්නම් මම තරහයි....ඔහු කීවේය....එහෙනම් චොකලට් එකක් ගේන්නකෝ.....මා කීවිට ලොකු චොකලට් පැකට් එකක් ගෙනාවේය.....මෙච්චර....මා පුදුමයෙන් කීවෙමි.....ඔයාට කන්න....ඔහු සිනාසෙමින් කීවේය....මේ ඔක්කොම කාල බත් කන්නත් බැරිවෙනව....ටිකක් කාල ඉතුරු ටික පස්සෙ කන්න ඔහු කීවේය....නෑ මම පස්සෙම කන්නම්....එය බෑගයේ දාගැනීමට සූදානම් වනවිට.....කොහේද දාගන්නෙ දැන් කඩල කන්න...ඔහු කී බැවින් මා පැකටය විවුර්ත කර....චොකලට් එකක් සුරන්ජිත්ට දුන්නෙමි.....ඔයා කෑල්ලක් ඕකෙන් කාල දෙන්න....කැබැල්ලක් කටින් කඩා ගත් මා ඉතුරු කැබැල්ල ඔහුට කැවුවෙමි.... මා චොකලට් කීපයක් ඔහුට කවමින් කෑවෙමි...... .නිවස ඉදිරියේ වාහනය නතර කල ඔහු බැසීමට පෙර කිහිපවරක් මගේ මුහුන සිපගන්ට විය.....මා ඔහුගේ මුහුනද සිපගත්තේ ඉතාමත් ආදරයෙනි.
No comments:
Post a Comment