ආත් අම්මාගේ පාඩම 131................මොකද අයිය කිව්වෙ .....මාව දුටු අක්කා ඇසුවාය....මොකුත් නෑ කී.මා...අක්ක එනව කිව හින්ද බලාගෙන හිටිය ආවෙ නෑ නේද.... ඇසුවෙමි.....මම ගියාට වැඩිය හොදයිනෙ...නංගියෙ....පේනවද මුහුනෙ පෙම්පාට....මෙගේ මුහුණ දෙස බලමින් ඇසූ ඇය....අම්ම කිව්ව මට යන්න කියල ....ඔයාගෙ අයියව යවන්න ඕනැ හින්ද බෑකිව්ව....ඇය සිනාසෙමින් කීවාය.....දැන් දිගටම එයා එයි...තවදුරටත් කීවාය.
අක්කා පැවසුවාක් මෙන් පසුදිනද ආවේ සුරන්ජිත්ය. එදින මා පන්තියට ඇරෙන ටිකකට කලින් සිට විශාල වැස්සක් කඩාවැටුනි. හොඳින් පෑවිල්ල තිබුනු මෙම කාලයේ මම වැස්ස අනපේක්සිත වැස්සක් විය. මේ නිසා මා කුඩයක් ගෙනගියේ නැත.පන්තිය ඇරුනු පසුද වැස්ස එසේම තිබුනි....නිමන්තී ගාවද කුඩයක් නොතිබුනි....අපි පොත් බෑග හිසට අල්ලාගෙන වාහන දෙසට දිවගියෙමු....නිමන්තී ඇගේ තාත්තාගේ වාහනය දෙසට දිවගිය අතර....මා සුරන්ජිත්ගේ වාහනය දෙසටත් දිවගියෙමි......මා යනවිට ගවුමේ සාය තෙත් වී කකුල්වලට ඇලී තිබුණි අතපයද තෙමී තිබුණි....වාහනයේ දොර ඇරිය සුරන්ජිත් ඉක්මනට නගින්න කීවේය....මා තෙත පිටින්ම වාහනයට ගොඩවුනෙමි.....සොරි....අයියෙ සීට් තෙමෙනව...මා සීතලේ ගැහෙමින් කීවෙමි....සීට්නම් ගැටලුවක් නෑ..... නංගිව හොදටම තෙමිලනෙ....නංගි කුඩයක් වත් ගෙනාවෙ නැද්ද....ඇසුවේය....නෑ අයියෙ මෙහෙම වහී කියල හිතුවෙ නෑනෙ.....මා පැවසුවෙමි....සාමාන්‍යයෙන් ගැහැනු අය කුඩයක් ගෙනියනවනෙ....ඔහු කීවේය.....මේ වෙලාවට කුඩ ඕනැ කමක් තිබුනෙ නෑනෙ අයියෙ....වැස්ස තිබුනෙත් නෑ අවුව තිබුනෙත් නෑ....මා කීවෙමි.....නන්ගිට පිහදා ගන්න එකකුත් නෑනෙ.....කී ඔහු ඔයාට සීතලයි නේද....මා වෙවුලන දෙසබලා ඇසූ ඔහු......ඇදගෙන සිටි කමිසය ගලවා දී මේක පොරොවගන්න කීවේය .... ඕනැ නෑ අයියේ.... කීවෙමි....මම කියන්නම් පොරව ගන්නවට වඩා හොදයි ඕක ගවුමට උඩින් ඇදගන්න.....එතකොට ඔය සීත ගතිය ගොඩක් අඩුවෙයි....ඔහු කීවේය......අයියා කමිසය ගැලෙවුවත් යටට අත්දිග බැනියමක් ඇදසිටි නිසා පපුව ආවරනය වී තිබුනි.....අයියා එය ඇදගන්නා ලෙස පැවසුවත්....මා ගැහැණු ලමයෙකු වූපසු පිරිමි ඇදුම් ඇදීම පිලිකෙවුකල නිසා එයට අකමැති වුනෙමි....එහෙත් ඔහු තදින් ඉල්ලා සිටි නිසා අකමැත්තෙන් නමුදු ඇදගත්තෙමි....කමක් නෑ මේක කාගෙවත් ඇදුමක් නෙවෙයිනෙ......මම ආදරේ කරන සුරන්ජිත්ගෙ ඇදුමක්නේ.....ඇරත් මම මේක අදින්නෙත් ගවුමට උඩින්නේ....කල්පනා කලෙමි. අපි යනවිට පාර නොපෙනෙන තරමට වැස්ස තද විය....විදුලිය සමග විශාල ගෙරවිලි සබ්දයක් ඇතිවූ නිසා මා බයේ ගුලිවුනිමි.....බය වුනානේද....සුරන්ජිත් සිනාසෙමින් ඇසුවේය......මා කිසිවක් නොකියා සිනාසුනිමි.....පාර පේනව අඩුයි පොඩ්ඩක් ඉදල යමු නේද....... පැවසූ ඔහු වාහනය අයින් කර නැවැත්වීය......නංගි තාමත් සීතලේ වෙවුලනව නේද....ඇසූ ඔහු නංගි මාගැන වරදියට හිතන්නෙ නැත්නම් ඔය සීතල ගතිය අඩුවෙන්න නංගිව පොඩ්ඩක් තුරුලු කරගන්නද .....ඇසුවේය....මම අයිය ගැන එහෙම හිතන්නෙ නෑ අයියේ....මා කීවෙමි....ඔහු මාව ආදරෙන් තුරුලු කරගත්තේය....මගේ මුලු ගතම ඔහුට දුන්නා සේ දැනුනි....දැන් ඔහු මට කුමක් කලත් මා ඔහුගේය....මාගේ මුහුන ඔහුගේ පපුව මත තබා සෙමින් තදකලේ ඔහුගේ උනුසුම මට දැනෙන සේය.....මමද අත්දෙකෙන් ඔහුව තුරුලු කර ගත්තෙමි....ඔහු මගේ පිට සෙමින් අතගාන්ටවිය......ඔයා මගේ කෙල්ලෙ ඔයා මටම උපන්න කෙල්ලෙක්....මම ඔයාට ගොඩක් ආදරෙයි. මගේ හිතේ හිටිය සිහින කුමාරි ඔයයි......ඔයා වෙන කාගෙවත් නෙවෙයි මගේමයි.....මාව සිපගනිමින් අතගාමින් මුමුනන්ටවිය.....මම ඔයාගෙමයි අයියෙ මේ ලෝකෙ වෙන කාගෙවත් නෙවෙයි ඔයාගෙමයි ...මා ඔහුට තවතවත් තුරුලුවෙමින් කීවෙමි...සීතලේ ගැහෙමින් සිටි මගේ ගත ඔහුගේ උනුසුම නිසා සීතල ගතිය අඩුවිය.......ටික වෙලාවකින් වැස්ස අඩුවිය. දැන් අපි යමුනේද.....කී සුරන්ජිත් වාහනය පනගන්වීය.......සීතල අඩුවූ බැවින් මා කමිසය ඉවත් කිරීමට සූදානම් උනෙමි....ඔය මොකද කරන්නෙ ගලවන්න එපා.....ඔහු කීවෙය...දැන් සීතල අඩුනෙ අයියෙ අඩුවුනාට කමක් නෑ ඕක ගෙදරට යනකන් ඇදගෙන යන්න.....ඔහු පැවසූ නිසා මා එය නොගැලවූවෙමි....සුරන්ජිත් පැවසූ නිසා මා කමිසය ඇදගෙනම නිවස තුලට ගියෙමි.....මේ මොකද අයියගෙ කමිසෙත් ඇදගෙන....මා දෙස බලා පැවසූ අම්මා.....මාර වැස්ස නේද පොඩිදුවේ...ඇසුවාය....නංගි කුඩයක් වත් අරන් ගිහින් නෑනෙ....ගවුම හොදටම තෙමිල මම සර්ට් එක දුන්න උඩින් ඇදගන්න කියල..සුරන්ජිත් පැවසුවේය...අපි අසලට පැමිනි අක්කා....මේ මොකද කොල්ලෙක් වගේ කමිසයක් ඇදගෙන.....ම්ම්...අක්කට පේන හැටි... මම කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක්...අක්කා මට කොල්ලෙක් වගේ කී නිසා හිත රිදුනු මා ඉක්මනින් කමිසය ගලවමින් පැවසුවෙමි........ගවුම හොදටම තෙමිල නේද..... .ඇසූ අම්මා.....පුතා නංගිට කමිසෙ ගලවල ඇදගන්න දුන්න එක හරි.....මගේ පපුව දෙස බලා ..කීවාය...නංගි ඔය විදියට පාරෙ ආවනම් ලැජ්ජාවෙ බෑ.....අක්කා සිනාසෙමින් කීවාය ....ඒ මොකද..මා පුදුමයෙන් ඇසුවෙමි........ගිහින් කන්නඩියෙන් බලන්න.....ඇය කීවාය.....මා කැඩපත ඉදිරියට ගියෙමි.....තෙත්වූ ගවුමේ රෙද්දට යටින් බ්‍රෙසියරය සමග මුලු පපුවේ සමම පෙනෙන්ට තිබුනි......සුරන්ජිත් කියන්නෙ පුදුම මනුස්සයෙක් එයාගෙ කමිසෙ ඇදගන්න දුන්නට මට ලැජ්ජ හිතෙයි කියල මේක කිව්වෙ නෑනෙ.....එයා කෙල්ලන්ගෙ ගරුත්වය කියන එක හොදට ආරක්ෂා කරන කෙනෙක්.......කල්පනා කල මට ඔහු ගැන තවත් ආදරය වැඩිවිය.
No comments:
Post a Comment