ආත් අම්මාගේ පාඩම 120......මම මුලදි හිතුවෙ ඔයාගෙ ලස්සන තිබුනට බොලද අදහස් තියෙන කෙල්ලෙක් කියල. ඒකට හේතුව හුගාක් කෙල්ලො හරිම බොලදයි කියල මගේ මතයක් තිබුනු හින්ද... ලෝකාන්තෙ ගිහින් ආව දවසෙ හැන්දෑවෙ මට ඔයත් එක්ක ගොඩක් වෙලා කතා කරකර ඉන්න පුලුවන් උනා. මට එවෙලෙ තේරුණා ඔයා හුරතල් වචන කතාකලත් ඒවායේ දාර්ශනික අදහස් තියෙනව කියල.මම ආශකලා ඔයත් එක්ක දිගටම කතාකරකර ඉන්න...මම මල්වත්තෙදි ඔයාව තුරුලු කරගත්තෙ ඔයාට ඇතිවුන දැඩි ආදරේට. ඒත් නංගි පස්සෙ මට කල්පනා වුනා ආයෙත් ඔයාට මම ලංවුනත් කවද හරි ඔයාගෙන් උත්තරයක් නොලෙබුනොත් මට ගොඩක් දුක හිතෙයි කියල.මම ගෙදර ආවට පස්සෙ ආයෙත් ඔයාව අමතක කරන්න පටන්ගත්ත.ඔයා අපේ ගෙදර ඇවිත් ඉන්නව දැක්කම මට පුදුම හිතුන. මම ඔයාගෙන් මග හැරිය. මම හිතුවෙ දවසින් දෙකෙන් යයි කියල. ඒත් ඔයා ටික දවසක් මෙහෙ ඉන්නව දැක්ක. මට ඔයාව අමතක කරන්න ඕනැ වුනත් ඔයා නිතර දකින හින්ද බැරිවුනා. ඔයා අකමැති හින්ද ලංවෙන්නත් බැරිවුනා.
ඔයා විභගෙන් පාස්වුනට පස්සෙ පොරොන්දුවුනා වගේ ඔයා මට හා කියල වචනයක් දුන්න. මම ඒක ඒතරම් ගනන් ගත්තෙ නෑ කියල හැගෙවුවට මම එදා ගොඩාක් සතුටු වුනා. ඒත් මට හිතුන ඉක්මන් නොවී ඔයාව තවටිකක් පරීක්ෂා කරන්න ඕනැ කියල. ඒ හින්ද ඔයාගෙ හිත රිද්දන්න ඔයාව ගනනකට ගන්නෙ නැතුව හිටිය. මම බලාගෙන හිටිය ඔයා මට දොස් කියයි කියල. වෙන කෙල්ලොනම් කොල්ල යාලුවෙන්න ඇහුවහම බෑ කියකිය ඉදල එක පාරට හා කියපු දවසෙ කොල්ල බෑ කිව්වොත් කෙල්ල මොකක් කරයිද. මම ඔයාගෙන් මග හැරියත් ඔයා මට කිසි දෙයක් කිව්වෙ නෑ. ඔයාගේ ආත් අම්මගෙ මරනෙ දවසෙ ඔයා අඬනවා දැකල මට ගොඩක් දුක හිතුන. එදා නුවර එලියෙන් පස්සෙ ඔයාගෙ අතින් ඇල්ලුවෙ එදයි. ඔයාගෙ ආතම්ම නැතිවුනාට පස්සෙ අපි හැමෝම ඔයාගැන අනුකම්පා කලා ඔයා අපේ ගෙදර නවත්ත ගත්තට මම ගොඩක් සතුටුවුනා. ඒත් මම කිසි දෙයක් කාටවත් හැගෙවුවෙ නෑ.
දවසක් ඔයා උයපු කෑම රස නෑ කිව්වෙ ඔයා මොකද කියන්නෙ කියල බලන්න මිසක් රස නැතුව නෙවෙයි. හැමෝම මට දොස් කිව්වත් ඔයා එකවචන්යක් වත් නොකිය. ඔයාගෙ අතින් වැරැද්ද වෙන්න ඇති කියල කිව්ව විතරයි. මට ඔනැවුනා මම ඔයාට නිවැරැද්දෙ බැන්නොත් කේන්ති යයිද කියල බලන්න. එදා මම ඔයාට නැගිට්ටෙ නෑ කියල බැන්නෙ ඒකයි. ඔයා එදත් ඔයගෙ වැරැද්ද කියල කිව්ව මිසක් මොකුත් කිව්වෙ නෑ. මම ඔයාට මේව කලත් මාත් ගොඩාක් කම්පාවුනා. ඔයා ගෙදරින් ගිය දවසෙ මම කාමරේට වෙලා ඇඩුව.මට බය හිතුන ඔයා ජිව්විතේට හානියක් කරගනී කියල. මම හිතුව මම කරගත්තෙ මහ පවුකාර වැඩක් කියල. ඔයාව ආපහු දැක්කට පස්සෙ තමයි මගේ ඇඟට ලේ ඉනුවෙ.....ඒදා ඉඳන් ඔයා මාව මග හරිනව දැක්කම මට තවත් දුක හිතුන. මම අක්කට කිව්ව එහෙම කරන්න එපා කියන්න කියල. ඔයත් ඒක අහල එදායින් පස්සෙ මාව මග හරියෙ නෑ ඒත් ඔයා මට බයෙන් ඉන්නෙ කියල තේරුනා.
ඔයාගෙ උපන්දිනේ අදයි. ඔයා පුදුම වෙන්න ඇති ඔයාගෙ උපන්දිනේ අපි දැන ගත්තෙ කොහොමද කියල. ආත් අම්ම ගාව තිබුනු ලිපිලේකන හොයන කොට මම දැක්ක ඔයාගෙ උප්පැන්න සහතිකේ පිටපතක් තියෙනව.....මම ඒකෙන් උපන්දිනේ බලාගෙන අක්කට කිව්ව....අක්ක තමයි කිව්වෙ ඔයාට කියන්නෙ නැතුව උපන්දිනේ පවත්වලා ඔයාව පුදුම කරවමු කියල.
මට ඔයාට ගොඩක් සල්ලි වියදම් කරල ලොකු තෑග්ගක් අරන්දෙන්න තිබුන ඒත් නංගි මම මේ ගවුන් රෙදි කෑල්ල ඔයාට දුන්නෙ ඔයා මාගැන අබමල් රේනුවක තරම් වත් තරහක් අමනාපයක් තියෙනවද කියල බලන්න. එහෙම එකක් නැත්නම් විතරක් මේ ගවුමෙන් පත්තර කෑල්ලෙ තියෙන මෝස්තරයට ගවුමක් මහල ඇදගන්න. මම මේ ලිව්ව වගේ ඔයාගේ හිතේ තියෙන අදහසුත් ලියල මේ ඇදුම ඇදගෙන මට ගෙනත් දෙන්න. මාගැන තරහක් තියෙනවනම් ඒක කරන්න එපා. ඔයා මගේ කරගන්නවට කැමතිනම් විතරක් ගවුම මහල ඇදගන්න.....ඔයාට බුදුසරනයි.....සුරන්ජිත්.
ලිපිය කියවූ මට ඔහු ගැන පුදූම ආදරයක් ඇතිවිය. දුවගෙන ගොස් ඔහුව සිපගැනීමට සිතුනි.එහෙත් ඉතා ඉක්මනින් මේ ගවුම මසාගෙන ඇදගෙනම ඔහුව මුන ගැසීමට කල්පනා කලෙමි.
පසුදින උදැසන අම්මා අසලට ගිය මා....අම්මේ මේ පැත්තෙ ගවුන් මහන අය ඉන්නවද ඇසුවෙමි. මම අදුනන ඇන්ටි කෙනෙක් නම් ඉන්නව ...ඇයි ....ඇසුවාය.....ගවුමක් මස්සව ගන්න අම්මෙ....මා කීවිට.....මේ හදිස්සියේ කොහේ යන්නද .....පුදුමයෙන් මෙන් ඇසුවාය.....කොහේවත් යන්න නෙවෙයි අම්මෙ ගෙදෙට්ට අදින්න....මා කීවිට....ගෙදෙට්ට අදින්න....ප්රශ්නකාරීව ඇසුවාය.....එවිටම අක්කා අපි අසලට ආවාය....මොකද ලොකු දුවේ මේ නංගි කියන්නෙ ඉක්මනට ගෙදෙට්ට අදින්න ගවුමක් මහගන්න ඕනැ කියල.....ආ ඒකද....මේ හදිස්සියෙම ඕනැවෙලාද....ගනනකට නොගෙන සිනාසෙමින් කී අක්කා....සුරන්ජිත් මල්ලී මෙයාගෙ බර්ත් ඩේ එකට මහ ලොකු තෑග්ගක් දීලනෙ අම්මෙ......කීවාය.....ඒ මොකක්ද.....අම්මා ඇසුවාය......රුපියල් දෙතුන් සීයක් වටින ගවුන් රෙදි කෑල්ලක් මටනම් ලැජ්ජාවෙ බෑ......කී ඇය....මෙයාට ඒකෙන් ගවුමක් මහගන්න ඕනැ වෙලා ඇති. .... පැවසූ විට.... සුරන්ජිත් අයියත් දුන්නෙ තෑග්ගක් නෙ අම්මෙ මට ඒක ගොඩක් වටිනවා....මා පැවසුවෙමි...තරහවෙලා හිටිය සුරන්ජිත් අයියගෙන් තෑග්ගක් හම්බවුනා කියල නංගිට සතුටු ඇති. ලොකු දුවේ.....පැවසූ අම්මා ....ඔහොමවත් දුන්න ඇති.....සෙමින් කීවාය. ඉක්මනට මහගන්න ඔන්නම් ආද හවස යමු....අම්මා කීවාය....අද හවසෙ පන්තිනෙ අම්මෙ අනිද්ද හවස පුලුවන්....එහෙනම් අනිද්ද යමු.....අම්මා පොරොන්දු වූවාය.
No comments:
Post a Comment