ආත් අම්මාගේ පාඩම 125................සුරන්ජිත් මෙගේ අතින් අල්ලගෙන සිටිනු දුටු මගේ බිය පහවිය.....අම්මෝ මම බයවුනු තරම්...... මට එක්වරම කියවුනි. .....ශබ්ද කරන්න එපා යනුවෙන් මුවට දබර ඇගිල්ල තබාගෙන සංඥා කල ඔහු මගේ මුහුණ දෙස බලාගෙන සිටියේය. ඔහුගේ බැල්මෙන් මගේ ගත ගල් ගැහුනා මෙන් විය. මා නිසොල්මනේ ඔහුගේ දෑස දෙස බලා සිටියේ මෝහනයකට පත්වූවාක් මෙනි. මා නොදැනුවත් වම මගෙ මුහුණ ඔහුගේ පපුව මත පතිත විය. ඔහුගේ සිරුරේ උනුසුම දැනෙන්ට විය.....අනේ සුරන්ජිත් මම දැන් ඔයාගෙ. මමදැන් සදහටම කෙල්ලෙක් අයියේ මට දැන් ඔයාගෙ වෙන්න කිසිම බයක් නෑ...මාව ඔයාගෙ අයියේ.....මා ඔහුගේ ලය මත මුහුන අතුල්ලමින් සිතින් පැවසුවෙමි.....ඔහු මගේ ගෙල පිටුපස ආදරයෙන් අතගාමින් මගේ හිස සිපගන්නා අයුරු දැනෙන්ටවිය....මා ඔහුගේ මුහුන සිප ගැනීම සඳහා ඔහුගේ මුහුන දෙස බැලුවෙමි. ඒ අවසරයෙන් ප්‍රයෝජනය ගත් ඔහු මගේ මුහුණ තදින් සිපගන්ට විය......මම ඔයාට ආදරෙයි මගෙ වස්තුවේ....ඔහු සෙමින් මුමුනනු ඇසුනි. මාත් ආදරෙයි අයියෙ.....පැවසූ මා...කිසිවෙකු දකීවි යන සිතුවිල්ල ඇතිවූනිසා ඉක්මනින් ඔහුගෙන් ඉවත්වී කාමරය තුලට ගියෙමි.....මම සිද්දියට විනාඩි දෙකවත් නොගියත් පැයගානක සිද්දියක් මෙන් සිතට වැදුනි.මෙතෙක් මා ගැහැණු ලමයෙකු වශයෙන් වඩාත්ම සතුටු වූ දිනය අදවිය.....මා ඇදුම් මාරුකරගෙන අක්කාගේ කාමරයට ගියේ රාත්‍රී ආහාරය සදහා යැමටය.......ආවද..... මම උන්න අද කෑම කන එකක් නෑ කියල.....මාව දුටු අක්කා කීවාය.....ඇයි අක්කේ මම දැන්නෙ පන්ති ගිහින් ආවෙ.....හවස මොකුත් කෑවෙ නෑ....ඇය ඇසූ දෙයට පුදුමයට පත්වූ මා කීවෙමි....මම දැක්කනෙ දෙන්න එක්ක රසකරකර කෑම කනව.....අක්කා සිනාසෙමින් කීවිට ......අක්කා අපිව දැක ඇති බව තේරුම් ගත් මට ලැජ්ජාවෙන් සැඟවෙන්ට සිතුනි......මා කිසිවක් නොකියා බිම බලා ගත්තෙමි.....ඕකට ඉතින් ලැජ්ජවෙන්න දෙයක් නෑ නංගී මටත් ඕනැ කලේ ඕකම තමයි.....කීවාය......මට ඕනැ ඔයාව අපේම කරගන්න කවද හරි මගෙ මල්ලි ඔයාව කසාද බැන්දොත් නීතියෙන්ම ඔයා මගේ නංගි වෙනව නංගියේ.....ඇය මාව තුරුලු කර ගනිමින් කීවාය.
අපි කෑමට ගියවිට.....අද කවුද කෑම ඉවුවෙ.....තාත්තා ඇසුවෙය.....අද දුවට පන්තිනෙ....දැන්නෙ ආවෙ....අම්මා කීවාය....ඒක තමා.....හැමදාම බැරි වුනත් ඉදහිට හරි රසට කෑම ටිකක් හදල දෙන්න නංගී .....ලොකු අයියා පැවසුවේය.....මා සිනාසී ඔහු දෙස බැලුවෙමි. ඈ වත්සලා.....හැම දාම දුවට කෑම කවන්නද අදහස.....අම්මා මට කෑම කවන දෙස බලා පැවසුවාය. ...දුව මම ලග ඉන්නකන් කවනව.... කවද හරි දුවට මෙහෙන් උනදාට.....කී ඇය ඉතිරි වචන පවසා ගැනිමට නොහැකිව නතර කලාය.....අම්ම දුක් වෙන්න එපා කවදාවත් නංගි මෙහෙන් යන්නෙ නෑ.....අක්කා කීවාය.....හැමදාම මෙහෙ තියාගන්න පුලුවන්යෑ.....නංගිටත් යන කලක් තියෙන්න ඕනැනෙ.....එයා කසාද බැදල යන්නෙ නැද්ද.....අම්මා ඇසුවාය.....කසාද බන්දල මෙහෙම තියාගන්නකො අම්මේ......අක්කා කී විට....එතකොට ඔයාගෙ මල්ලි කොහේද ඉන්නෙ.....අම්මා ඇසුවාය......එයා නංගීව බැදගෙන මෙහෙම ඉදියි.....අනේ එයාගෙ කසාද බැදිල්ල.....ගැහැනු ලමයෙක් දැක්කම මොකාදවගේ මග හරින එක්කෙනාටද නංගීව කසාද බදියි කියන්නෙ.....විකාර නැතුව ඉන්න ලොකු දුවේ.....අම්මාගේ කතාවට සිනාසුනු තාත්තා ....බයවෙන්න එපා වත්සලා....පහුවෙන කොට පුතාගෙ ඔය ගති හරියයි......පැවසුවේය. අපි දෙදෙනා එක්වනවාට විරුද්දයක් නොමැති බවට එම කතා බහ පුංචි ඉගියක් බව මට තේරුනි. අක්කා දැනටමත් කැමති බව දැනගන්ට තිබුනි......
මේ නිමන්තී දැන් සුරන්ජිත් මාත් එක්ක යාලුනේ....පාසැලේදී මා නිමන්තිට මේ දිනවල සිදුවූ දේවල් පැවසුවෙමි. බෙහෙවින් සතුටට පත්වූ ඇය මට සුබ පතන්ට වූවාය.
එදින සෙන්සුරාදා දිනයකි. තාත්තා සහ ලොකු අයියා උදේවරුවේ වැඩට ගොස් සිටි අතර අපි ගෙදරසිටියෙමු. නංගීට සොම්පියුටරෙන් වැඩගන්න ඕනැ කමක් නැත්ත......එය බහා තිබෙන පෙට්ටිය දෙස බලා අක්කා පැවසුවාය.....ඕනැ අක්කේ ඒවුනාට ඕක ගැන මට තේරෙන්නෙ නෑනෙ....මා කීවෙමි. ඉගෙන ගන්න ඉස්සෙල්ල හයිකරගන්න ඕනැනෙ....අක්කා පැවසුවාය.....හයිකරල දෙන්නකො...අක්කේ........මා කීවෙමි.....මමනන් දන්නෙ නෑ..සුරන්ජිත් අයියට පුලුවන්නෙ..... එයාට කියන්නකො.....අක්කා කීවාය..... මට කියන්න බෑ අනේ....මා ලැජ්ජාසහගතව කීවෙමි..ඕක කියන්න බෑ..තුරුලු කරගෙන ලව් කරන්න පුලුවන්.....අක්කා සැරෙන් මෙන් කීවාය....මම නෙවෙයිනෙ අක්කේ එයා ඇවිත් මාව අල්ලගත්ත..... ඉතින් මම මොනව කරන්නද.... කීවෙමි....හරි...හරි....අයිය අද ගෙදර ඉන්නවනෙ එන්න යන්න ගිහින් කියමු..අක්කා පැවසුවාය.....අක්ක ගිහින් කියනකෝ...අක්කේ....මා ලැජාවෙන් අබරුනෙමි.....අනේ මෙයාගෙ තියෙන ලැජ්ජාව එනව යන්න....ඇය මගේ අතින් ඇදගෙන අයියා සිටින කාමරය දෙසට ගියාය. මා මෙතක් කාලෙකට ගෙදර ඉහල මාලයට නගින පලමු දිනය අදවිය. එහිද කාමර කිහිපයක් ඇතිබව දුටුවෙමි.....මා කොරිඩෝව දෙසට ගමන් කලේ වටපිටාව නැරඹීම සදහාය. නගරික කරනය යටවී තිබුනු මෙම පෙදෙසේ නිවාස හැර වෙනත් කිසිවක් නොපෙනෙන බව දුටුවෙමි.....මල්ලි...මල්ලි....අක්කා සුරන්ජිත් සිටින කාමරයේ දොරට තට්ටු කරමින් කතා කරනු ඇසුනි.....කෝ මේ.... නංගි ....කී අක්ක....මදෙස බලා....වටපිට සිරියාව පස්සෙ බලාගන්න පුලුවන් මෙහාට එන්න....මට කතාකලාය.....මා ඇය අසලට යනවිට......සුරන්ජිත් දොර ඇරියේය.....අක්කා මා සමඟ කාමරය ඇතුලට ගමන් කලාය......එය තරමක් විශාල කාමරයක් වූ අතර එයද වායු සමනය කර තිබුනු බව දුටුවෙමි ....එහෙත් ඔහු ජැනෙල් ඇරගෙන වායු සමනය යන්ත්‍රය නිවා දමා තිබුනි.....මොකක් ද මල්ලි මේකෙ තේරුම....අඩුව තියාගෙන අත පුච්ච ගන්නෙ....මෙච්චර ඒ සී තියෙනව රස්නෙ ඉන්නව......අක්කා දොස් කියන්ට වූවාය....ඔය ඒ සී වලට වඩා සවභාවික වාතය හොදයි කී ඔහු අනිත් මිනිස්සුන්ට වගේ අපේ ඇගටත් ටිකක් රස්නෙ දැනෙන්න ඕනැ...ඔහු කීවේය. මෙම කාමරය කුඩා වැඩපලක් මෙන් විය. වයර් කැබලි යකඩ කැබලි තැන තැන තිබුනි......පොත් මේසය මත තිබුනු පොත් පත්ද එතරම් ක්‍රමවත්ව තිබුනේ නැත....ඇදුම් රාක්කයද එසේ මය......මා නිමල් ලෙස සිටින සමයේද මගේ කාමරය මීටත් වඩා පිස්සන් කොටුවක් මෙන් තිබුනු බව මතක් විය. මේ ඒදිනවල යහලුවන්ගේ කාමරවලට ගොස් තිබුනත් ඒවායේත් වෙනසක් නොතිබුනු බව සිහි විය.....දැන් බලාගෙන යන කොට කොල්ලො ඔක්කොම එකයි වගේ. .......ගෑනු තමයි පිලිවෙලට ලස්සනට තියාගන්න උත්සාහ කරන්නේ.... මමත් ඒකට හුරු වුනේ මාවත් ගැහැණු ලමයෙක් උනාට පස්සෙනෙ.....ලස්සනට ඉන්න එක ගෑනු ගතිය වෙන්න ඇති . සිතමින් ඔහුගේ ඇදුම් දමා තිබුනු රාක්කය අසලට ගියෙමි.....
No comments:
Post a Comment