Friday, June 22, 2018

ආත් අම්මාගේ පඩම 162.............සුරන්ජිත්ගේ අවවාදයෙන් පසු මා සංජීව මගහැරීම සඳහා උත්සාහ ගත්තද එය නොහැකිවිය....දැන් මට කැම්පස් එන එකත් එපාවෙලා නිමන්ති තියෙන්නෙ....මට හිතුනොත් නවතිනව...මා නිමන්තිට පැවසුවෙමි.....ඔය කොල්ලෙක් හින්ද ඔයාගෙ ඉගෙනීම නවත්වන්න එපා චතු....ඔයා මේ ගැන සුරන්ජිත් ට කියන්න....ඇය කීවාය...එහෙම කලොත් ලොකු ගැටලුවක් ඇතිවෙන්න පුලුවන් නිමන්ති.....මොකද සංජීව කියන්නෙ බලගතු අයනෙ.....සුරන්ජිත්ට එයාලත් එක්ක හැප්පෙන්න බෑ අනේ...මා කීවෙමි....එකනේ මොකක්ද දැන් අපි මේකට කරන්නෙ....නිමන්ති ඇසුවාය....අනේ මන්දන්නෙ නෑ අනේ...මගෙ දැන් ඔලුවත් ගිනි අරන්තියෙන්නෙ....මීලග දිනයේද සුරන්ජිත් වාහනයේ පැමිනෙන විට සංජීව මා අසල සිටිනු දුටු සුරන්ජිත් වාහනය නොනවත්වා ධාවනය කරන බව දුටුවෙමි....මා එය පිටුපසින් දුවනවිට ඔහේ ගියාවෙ චතුරිකා....මම ඔයාව ගිහින් ඇරලන්නම්.....කියමින් ඔහු මා පිටුපස පැමිනෙනු දුටුමා තවත් වේගයෙන් වාහනය පිටුපස දුව ගියෙමි....වාහනය ඈත්ට යන විට නැව්තුනු මා අසල තිබුනු මාර ගසේ කඳට හේත්තු වී අඩන්ට වුනෙමි.....මා අසලට පැමිණි. මෙහි ඉගෙනුම ලබන අක්කලා දෙදෙනෙක් මොකද නංගි වාහනේ නවත්වන්නෙ නැතුව ගියෙ ඔයාව දැක්කෙ නැද්ද දන්නෙ නෑ ....කීවාය...අනේ මන්ද මා අඩමින් කීවෙමි.....ස්වල්ප වේලාවකින් සුරන්ජිත් අයියගේ වාහනය මා අසලින් නවත්වනු දුටු මා ඒදෙසට ගියෙමි.....දැන් හරිනෙ නංගි පැවසූ අක්කාලා දෙදෙනා යන්ටවිය....මා වාහනයට ගොඩවී ඇස්වල පිරී තිබුනු කදුලු ලේන්සුවෙන් පිස දැමුවෙමි.....ඇයි මේකට නැග්ගෙ....සන්ජීවට කිව්ව නම් එක්ක යනවනෙ.....මම වෙනදටත් යන්නෙ සන්ජීව එක්කනෙ....මා අඩමින් කීවෙමි....දැන් ඔය දෙන්න හොදට යාලු ඇතිනෙ....මාව මොකටද ඔහු කීවෙය.....අනේ ඇයි අයියෙ එහෙම කියන්නේ....මට ඔයා හැර වෙන කවුරුවත් නෑ....මා කීවෙමි.  හරි හරි අඩන්නෙ නැතුව යමුකො....කී ඔහු වාහනය පදවන්ට විය.
               මේ සිද්දියෙන් පසුවද සන්ජීව මට කරදරකරන්ටවිය.....මට කරදර කරන්නෙ නැතුව යන්න සංජීව ....මොනවද මේ ලැජ්ජ නැතුව කෙල්ලන්ගෙන් ආදරේ හොගාකන්නෙ.....මා ඔහුට අපහාස වනසේ කතා කලෙමි...හරි බලා ගම්මුකො....කී ඔහු මා අසලින් ඉවතට ගියේය....දවස් කිහිපයක් ඔහුගෙන් කරදරයක් නොතිබුනු බැවින් මින්පසු ඔහුගෙන් කරදරය නොවෙන බව සිතුවෙමි. මා වෙනදා මෙන් සුරන්ජිත් පැමිණෙන තුරු පාර අසල සිටියෙමි.....සුදු පැහැති වෑන් රතරක් මා අසල නතර කර ඉන් බැස්ස තරුණයින් දෙදෙනෙක් මාව ඇද බලෙන්ම වෑන් රථයේ නන්වාගෙන යන්ටවිය.....කොහේද මාව ගෙනියන්නෙ....මා කෑගැසුවෙමි....කෑගහන්නෙ නැතුව යමුකො නංගී මේක අපේ බොස්ගෙ ඕඩර් එකක්...ඔවුන්ගෙන් එක් අයෙක් කීවේය.....කවුද උබලගෙ බොස් මට යන්න දීපියවු....මා කීවෙමි....ගියහම බොස්ව බලාගන්න පුලුවන්....කී ඔහු හයියෙන් සිනාසුනේය...අපරා දෙ මම කෙල්ලෙක් උනේ එදා ආපහු නිමල් වුනානම් මේවගෙ දෙයක් වෙන්නෙ නෑනෙ.....මට දැන් තමා තේරෙන්නෙ ගෑනුකම කොච්චර දුර්වලද කියල....මා බිය මුසුව කල්පනා කලෙමි.....ඔව්න්ගේ වාහනය නිවසක් ඉදිරිපිට නවත්වා මාව එතැනින් බස්සා නිවස තුලට ගෙන යන්ට විය....කාමරයක් තුලට දැමූ මාව ඇතුලට දමා දොර පිටින් අගුලු දැමූ බව දුටුවෙමි....මුන් මට මොනව කරන්න හදනවද මන්ද....මා බිය පත්ව කල්පනා කරමින් සිටිනවිට....දොර අරින හඩ ඇසුනි.....ඇතුලට පැමිනියේ වයස තිහක පමන පෙනුන්ම ඇති කාන්තාවන් දෙදෙනෙකි....උඹල මට මේ මොනවද කරන්න හදන්නෙ....මා හඩමින් ඇසුවෙමි.....මේ අපේ බොස්ගෙ ඕඩරේ....අපිට කියල තියෙන්නෙ එයා එනකන් ඔය නංගිව හොඳින් බලාගන්න කියල....ඔව්න්  බීම බෝතලයක් මේසය උඩ තබා ...මේක බොන්න පවසා ආපසු යන්ටවිය....මා වටපිට බලමින් මින් පැනයන ආකාරය කල්පනා කරන්ට වුනෙමි....යකඩ ග්‍රිල් නිසා ජැනෙල් වලින් පැනයාමට නොහැකි බව දුටුවෙමි....අනේ ගෙදර අය මාව හොයනව ඇති සුරන්ජිත් අයිය මම නැතිහින්ද බයවෙලා හොයනව ඇති....මා කල්පනා කරමින් සිටියෙමි....රාත්‍රී අට පමන වනවිට කාන්තාවන් දෙදෙනා මට කෑම පාර්සලයක් රැගෙන ඇවිත් වතුර කෑන් එකක් සමග මේසය උදින් තබා ආපසු යන්ට විය.....මට දැන් අවශ්‍ය කෑම නොව මෙතැනින් මිදී පැනයාමය.....මා බඩගින්නට වතුර පානයකර පැනයන ආකාරය කල්පනා කරන්ට වුනෙමි....ටික වෙලාවකින් දොරින් ඇතුලට පැමිණියේ සංජීවය...ඔහු සමග තවත් තරුනයෙක් සිටිනු දුටුවෙමි.....මම හිතුවෙ නෑ නංගිව මේ විදියට එක්ක එන්න කී ඔහු මා අසලට පැමිනෙන්ට ඉය......මා කුමක් කරන්නදැයි කල්පනා කරමින් වටපිට බැලුවෙමි....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: