Friday, June 1, 2018


ආත් අම්මාගේ පාඩම 111...........පසුදින මා උදෑසන පිබිදුනේ ආපසු ගෙදර යෑමේ අදහසිනි....නංගි අද පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ....අද ඔයා ස්කෝලෙයි පංතියයි යනවනෙ.ඒ හින්ද ගෙදර ඉන්න වෙන්නෙ නැහැනෙ....ඉතින් ගැටලුවක් වෙන්නෙ නෑ....අද මම මේගැන තාත්තත් එක්ක කතාකරල මොකක් හරිකරන්නම්.....තාත්තට කියන්න ගිහින් තවත් ප්‍රශ්නෙ වැඩිවෙයිද දන්නෙ නෑ.....මා බියපත්ව කීවෙමි.....නෑ නෑ එහෙම වෙන්නෙ නෑ....අපේ තාත්ත එහෙම මෝඩ වැඩ කරන්නෙ නැ.....අක්කා කීවාය.....අක්කා පැවසූ නිසා මා පාසැල් ගොස් ඉන් අනතුරුව පංතියද ගියෙමි. වෙනදා මෙන් නොව අම්මා එතරම් මට මුහුන නොදීම මගේ සිතට දුකක් ඇතිවිය.....මා ගෙදර පැමිනෙන විට රාත්‍රී අටපමන විය.....මා ඇදුම් මාරුකරන විට කාමරයට පැමිනි අක්කා.....මම තාත්තට මේ ඕක්කොම විස්තරේ කිව්ව...තාත්ත කිව්ව අම්මටයි මල්ලිටයි හොරෙන් ඔයාව එක්ක ගිහින් නිමන්තිලගෙ ගෙදර නවත්තන්න කියල...සමහර විට සතියක් දෙකක් ඉන්න වෙයි. ඒත් මෙහෙ තත්වෙ හොද නැතිවුනොත් ඔයාව අතරමන් නොකර මොකක් හරි කරන්නම් කිව්ව.. පැවසූ ඇය..ඔයා කිසි දේකට බයවෙන්න එපා නංගී......කීවාය.....අපි හෙට මොකද කරන්නෙ කියල කෑම කාල ඇවිත් කතාකර ගම්මු.....වැඩිදුරටත් කීවාය....
අපි වෙනදා මෙන් රාත්‍රී කෑම ගෙන....අක්කාගේ කාමරය තුලට ගියෙමු....නංගි හෙට අපි මෙහෙම කරමු.....ඔයාට හෙට පන්ති නෑනෙ.....ඉස්කෝලෙ ඇරිල ආවම කෑම කාල.......ඔයාගෙ බඩුටික බෑක් එකකට දාගෙන අම්මට හොරෙන්......ඉස්සරහ හාඩ්වෙයා එක ගාවට එන්න. මම ඒ වෙලාව්ට කාර් එකේ එන්නම්.....අම්ම ඒ වෙලාවට මියුසික් පන්තියෙ හින්ද ගැටලුවක් වෙන්නෙ නෑ....අක්කා හෙට වැඩ පිලිවෙල පැහැදිලි කරන්ට වූවාය.....ආපසු මගේ කාමරයට ගිය මා ඉටි පිලිම පාර්සලය බෑක් එකේ අඩියට දමා පොත් ටික සහ ඇදුන් කිහිපයක් එයට උඩින් අසුරා ගත්තෙමි.
පසුදින පාසැල් ගොස් පැමිණි මා අක්කා පැවසු පරිදි බෑගය අතට ගත්තෙමි...කාන්තා හෑන්ඩ් බෑගයද කරේ එල්ලා ගත් මා......අම්මා සිටින වාදැයි විපරම් කලෙමි.....ඇය පන්තියේ උගන්වමින් සිටිනබව දුටුවෙමි. වටපිට බැලූ මට කිසිවෙකුත් නොමැති බව තේරුනි....මා බෑගය එල්ලා ගෙන මිදුලට බැස්සෙමි.....කිසිවෙකුත් නැත.....ඉක්මන් ගමනින් පාර දෙසට ගියෙමි.....ගේටුවෙන් පිටවූ මා හාඩ්වෙයා එක ළඟට ගියෙමි.....එහෙත් අක්කාගේ වාහනය තිබුනේ නැත.....මා පිටුපස බලනවිට අක්කාගේ වාහනය මා අසල නැවැත්වීය......නගින්න....මා ඉක්මනින් වාහනයට ගොඩවූවෙමි.....අපෝ යන්තම් ඇති බියපත්ව සිටිමා සැනසුම් සුසුමක් හෙලුවෙමි.....කවුරුවත් දැක්කද....අක්කා ඇසුවාය.....කවුරුවත් පේන්න හිටියෙ නෑ මා කීවෙමි......අපි කෙලින්ම නිමන්තිලාගේ නිවසට ගියෙමු..... මොකද මේ හවස් වෙලා නිමන්තිගේ අම්මා ඇසුවාය.....අපි මේ පොඩි ප්‍රස්නයක් වෙලා ආවෙ ඇන්ටි.....මම හිතන්නෙ බන්ඩාර අන්කල් මේ ගැන දන්නව අපේ තාත්ත කිව්ව.....තාම අන්කල් නම් ආවෙ නෑ....මොකක්ද උනේ කියන්නකො....නිමන්තිගේ අම්මා පුදුමයෙන් මෙන් ඇසුවාය....ඇන්ටි මේ ගැන කාටවත් කියන්න එපා කී...අක්කා සියල්ල කියන්ට වූවාය.....මමනම් හිතුවෙනෑ දුවගෙ මල්ලි කොහොම වුනත් දුවගෙ අම්ම නම් මේ අහින්සක දුවට ඔහොම සළකයි කියල......ඇය කම්පාවී කමුලේ අත තබාගෙන පැවසුවාය.....දුව මෙහෙ ඉන්න දුව අපි ඔයාව බලාගන්නම්.....ඇය කීවාය. එහෙම ඕනෙ නෑ ඇන්ටි....සතියක් හරි දෙකක් හරි බලාගන්නකො.....තාත්ත කිව්ව ඊට පස්සෙ අපේගෙදර එක්ක යන්න බැරිවුනොත්.....මොකක් හරි කරන්නම් කියල....සමහර විට හොද බෝඩිමක නවත්වයි....අක්කා කියන්ට වූවාය...අපෝ එහෙම බෝඩිම් හොයන්න ඕනැ නෑ මෙහෙ ඉන්න පුලුවන්.....අන්කලුත් අකමැතිවෙන එකක් නෑ.....ඇය කීවාය.....එතකොට චතූ.... ඉන්නෙ මෙහෙද.....නිමන්තී මාව අලාගෙන සතුටින් උඩපනින්න වූවාය....ඒක ඇහුවම....අපේ දුවටත් මාර සතුටක්නේ තියෙන්නේ.....ඇය නිමන්තී දෙස බලා කීවාය.....එහෙනම් මම යන්නම් ඇන්ටී.....කී අක්කා නංගිගෙ ඇදුම් බෑක් එක ගන්න කියමින් වාහනය දෙසට ගියාය....මා බෑගය උස්සගෙන එනවිට නිමන්තී පැත්තකින් ඇල්ලුවාය. අක්කා මගේ මුහුන සිප ....අනේ ඇන්ටි නංගිව හොදට බලාගන්න කියමින් ඇයට වැන්දාය.
මාව නවතා ගත්තේ නිමන්තිගේ කාමරයේය.....නිමන්තිගේ තාත්තා පැමිනෙන විට අදුර වැටෙමින් තිබුනි.....ඔහු එන විට නිමන්තී ඔහු ඉදිරියට ගියාය.....ඔයාගෙ යාලුව චතුරිකා ආවද....අසමින් නිවස තුලට පාතැබුවේය....මේ ඉන්නේ...නිමන්තී මගේ අතින් අල්ලා කීවාය....මටත් කනගාටුයි දුවට වුන දේගැන....කමක් නෑ දුවේ දුවට ඕනැ කාලයක් මෙහෙ ඉන්න....කියමින් සපත්තු ගලවන්ටවිය.....ඔය සුරන්ජිත් අනිත් අය වගේ නෙවෙයි හරිම උජ්ජත්ත කෙනෙක් නේද.....ඒකනෙ එයා එනකොට නැගිටල සැලියුට් ගහන්න කියන්නෙ.....අපි රාත්‍රී කෑම ගන්නා අතර තුර....ඇන්ටී කීවාය.....එයා උජ්ජත්ත නෑ ඇන්ටි....සැලියුට් ගහන්න කිව්වෙත් නෑ...අනේ මම දන්නෙ නෑ ඇන්ටි.....එයාට මාව අල්ලන්නෙ නෑනෙ.... දැන් එයාගෙ අම්මත් එයා පැත්ත අරන්....තාත්තා ප්‍රශ්නකාරීව ඇසුවාය.....අම්මල ඉතින් කොහොමත් පුතාගෙ පැත්ත මිසක් දූලගෙ පැත්ත ගන්නෙ නෑනෙ.....ඇන්ටී කීවිට.....එතකොට මටත් අයිය කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියනම්....අම්මත් එහෙමද කරන්නෙ....නිමන්තී අමනාපයෙන් මෙන් ඇසුවාය....ඒ වුනාට තාත්ත ගන්නෙ දුවගෙ පැත්තනෙ....ඇගේ තාත්තා කීවේය. එදින රාත්‍රී නිමන්තීගේ කාමරයේ නිදා ගත් අතර ඇය මට තුරුලුව නිදාගත්තාය.....
උදෙන් ඇහැරුනු මා අද දින පාසැල් නොයන බව නිමන්තිගේ අම්මාට පැවසුවෙමි....දුවට නිමන්ති යන වාහනේ ම යන්න පුලුවන්වෙයි...ඇය කීවාය....අද බෑ ඇන්ටි හෙට ඉදන් යන්නම් මා කීවෙමි...නිමන්තී පාසැල් ගියාය...
කවුරු කතා කලද කවුරු මට සැලකීමට ඉදිරිපත් වූවද ඒවා කිසිම විශ්වාසයක් නැති බව පසුගිය දින කිහිපයේදී සිදුවූ සිද්ධින්වලින් මා අවභෝද කර ගත්තෙමි. මට කාගෙන්වත් අපහාස කතා නොඅසා ජීවත් වීමට සුදුසුම ස්ථානය වන්නේ මට අයිති නිවසය. මට ගැහැනු ලමයෙකු වශයෙන් තනියම එහි ජීවත් වීමට නොහැක. මා අදම එහිගොස් නිමල් ලෙස ජීවත් වීමට පටන්ගත යුතුයි.....මා කලයුතු වන්නේ ඉටි පිලිම දෙක එහි ගෙන ගොස් ගැහැනු පිලිමයේ ගසා ඇති කටුව පිරිමි පිලිමය තුලට බැස්සීම පමනි.....මගේ ඇදුම් ටිකයි පොත් ටිකයි මෙහෙ තිබුනාවෙ....දැන් ඉතින් ඒව මට වැඩක් නෑ....නිමල් උනාම ගෑණු ඇදුම් මොකටද....එහෙ මගෙ පරන පිරිමි ඇදුම් ටික තියෙනව....ඒව ඇදගෙන කඩේට ගිහින් අලුත් ඇදුම් ටිකක් ගන්නව....සිතාගත් මා....කනේ තිබුනු කරාබු දෙකද ගලවා ඇදුම් බෑගය තුලට දමා පිලිම දෙක හෑන්ඩ් බෑගය තුලට දමා ගත්තෙමි....ඇන්ටී මම ගෙවල් පැත්තෙ පොඩ්ඩක් යනව....මා කියන විට නිමන්තිගේ අම්මා රෙදි සෝදමින් සිටියාය....දුව මගෙන් ඇසුවාය ....තනියක් නෑ ඇන්ටි....මම ඉතින් හිටිය තැනනෙ....පීතර අන්කල්ල එහෙම ඉන්නවනෙ.. ඇන්ටි....මා කීවෙමි.....එහෙනම් පරිස්සමින් ගිහින් එන්න....ඇය කීවිට....ආයෙත් චතුරිකා මෙහෙ එන්නෙ නැ....නිමල් කියල කොල්ලෙක් එහෙ ඉදියි.....මා එන්නම් කියන වචනය නොකියා....දුක් බරව පිටත්වූවෙමි.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: