Sunday, June 3, 2018

ආත් අම්මාගේ පාඩම 119.............අනේ අක්කේ සුරන්ජිත් අයියට දොස් කියන්න එපා. එයාට හිතෙන්න ඇති මට ගවුම් රෙද්දක් දුන්නොත් හොදයි කියල...මොකක් වුනත් තෑගක්නේ අක්කේ...මා ඔහුට දොස් කියනවාට විරුද්දව කීවෙමි......නංගි ඉතින් කාටවත් දොස් කියනව්ට කැමති නැනෙ...ඔයා ඉතින්....ඔක්කොම..... මගේ වැරදි .....මගේ වැරදි කියකියා තමන්ගෙම පිට දාගෙන ඉන්න...කී ඇය.....ඔයානම් අමුතුම ජාතියේ කෙල්ලෙක් නංගී.....මම මෙච්චර කල් කෙල්ලො ආස්සරේ කරල තියෙනව මටනම් ඔයා වගේ කෙල්ලෙක් මුන ගැහිල නෑ....හිත හොද කෙල්ලොත් ඉන්නව... ඒත් නංගි වගේ හිත හොද කෙල්ලොනම් මේ ලෝකෙ නැතුව ඇති....ඔයාගෙ හිත හොද වැඩියි නංගී.....ඔය තරම් හිත හොද වැඩිවුනාම තමයි කොල්ලො කරේ නගින්න එන්නෙ..ඒ හින්ද පොඩ්ඩක් මම කියනදේ කල්පනා කරල බලන්න...අක්කා පවසන්ට වූවාය.
                 අක්කා කාමරයට ගිය පසු මා සුරන්ජිත් දුන් ගවුන් රෙද්ද එලියට ගත්තෙමි. මා එය ආදරයෙන් සිපගත්තෙමි. .....සුරන්ජිත් අයියේ,,,,,, අක්ක මොනව කිව්වත් මට ඔයාදුන්න මේ තෑග්ග ගොඩාක් වටිනවා. මට අනිත් අය දුන්න තෑගි වගේම මේකත් වටිනව...... මා ගවුන් රෙද්ද ඇගේ ඔතාගෙන කල්පනා කලෙමි.....සුරන්ජිත් අයියා මේ සමගම දුන් ලියුම් කවරය මතක් වූ මා එය අතට ගත්තේ ගවුම මසා ගැනීමට කීයක් දී ඇත්දැයි බැලීමටය.....අයිය තෑග්ගට රුපියල් සීයක් දුන්නත් මට ලොකුයි අයියේ.....මා ලියුම් කවරය ඉරුවෙමි.....එය තුල තිබුනේ ලියුමකි. ඒ සමගම කුඩා පත්තර කැබැල්ලක් ද තිබුනි.....පත්තර කැබැල්ල සහ හිස් ලියුම් කවරය මේසය උඩින් තැබූ මා ඇදේ දිගාවී ලියුම කියවීමට පටන් ගත්තෙමි.
                   ආදරනීය  චතුරිකා නංගියේ මට ඔයාට මේටික කියන්න වෙලාවක් එනකන් බලා හිටිය ඒත් මට කියාගන්න බැරිවුනා. ඔයා හිතනව ඇති මම මහ නරකම නරක මනුස්සයෙක් කියල.....ඔයා එහෙම හිතන එක සාධාරණයි නංගියේ. මම ඔයාගෙ හිත රිදවපු වාර අනන්තයි. එහෙම හිත රිදවන්නත් හේතුවක් තියෙනව. මේ ලියුම දිගටම කියවන කොට ඔයාටම තේරෙයි මම එහෙම කලේ ඇයි කියල.
                     මම හිතුව.... මම හිතුව අයියට මගෙ අතින් මොකක් හරි වැරැද්දක් වෙන්න ඇති කියල. ඒක තමයි එයා මට මෙහෙම කලේ. ඔයා මට ඒ වැරැද්ද පෙන්වලා දෙන එකත් ලොකු දෙයක් ඔයත් එක්ක එකතු වෙන්න බැරි වුනත් මට පුලුවන් ඔයාගෙන් සමාව ගන්න.....මා ලියුම කියවීම සුලු මොහොතකට නතර කර එය පපුව මත තබාගෙන කල්පනා කලෙමි.
                       මම ඔයාව ඉස්සෙල්ලම දැක්කෙ කතරගම යෝද වැව ගාවෙදි. එදා මම අජිත් එක්ක ඉන්න කොට ගෑහැණූ ලමයි දෙන්නෙක් දියරෙදි ඇදගෙන නාල ගොඩට එනව දැක්ක. ඒදෙන්නගෙන් ඔයාව දැක්කම ඔයාගෙ අමුත්තක් තියෙනව දැක්ක. මම සාමාන්‍යයෙන් ගෑනුලමයිව ඒ තරම් ගනන්ගන්නෙ නෑ. මම දන්නෙ නෑ ඒ ඇයි කියල. මම පොඩිකාලෙ ඉදන්ම එහෙමයි. ඒත් නංගියේ දැන් අවුරුදු කිහිපයක ඉදන් මගේ හිත ඇතුලෙ සිහින කුමාරියෙක් ජීවත් වෙනව. මට හිතෙන්නෙ මට එහෙම උනේ මම දවසක් යසෝදරා දේවියගේ චරිත කතාව කියවපු දවසෙ ඉදන් කියල.මම එදා ඉදන් මේලෝකෙ ඒවගෙ කෙල්ලෙක් ඉන්නවද කියල හොයන්න ගත්ත. ඒ ඉන්න කොටතමයි ඔයාව දැක්කෙ. ඔයාගෙ ගමන් විලාසය මුහුනේ තිබුනු අහිංසක බව හින්ද මට හිතුන ඔයා තමයි මම හොයන සිහින කුමාරි කියල. මම අජිත්ට කිව්ව පොඩ්ඩක් ඔයාල එක්ක කතාකරමු කියල. අපි ඔයල ගාවට ආවට මට ඔයාලත් එක්ක කතාකරන්න මොකක්ද වගේ හිතුන.අජිත් තමා කතා කලේ. ඒත් හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නෙ ඔයාග යාලුව නිමන්ති. ඔයා අහක බලාගෙන අපිව නොදැක්ක වගේ හිටිය. මට ඕනැවුනා ඔයාගෙ කටහඬ එක සැරයක් හරි අහන්න ඒත් ඔයා කතා කරන්නෙ නැතිවුනාම මට තරහක් ආව. මගේ මතයක් තිබුන ඕනැවට වඩා ලස්සන කෙල්ලො අනිත් අයව ගනන්ගන්නෙ නැති මහ ආඩම්බර කාරියෝ කියල. මට හිතුන ඔයත් ඒවගෙ එකියක් කියල....මම ඔයාට බැනල එතැනින් ගියා. ඊට පස්සෙ තමයි කිරිවෙහෙර ගාවදි ඔයාලව ආපහු හම්බවුනේ. ඔයාල අපි හොදට හදුනන අය කියල දැනගත්තෙත් එතැනදි. මම ඔයාට බැන්න කියල දැනගත්තම නිමන්තිගෙ අම්ම තමයි කිව්වෙ. ඔයා ගොඩක් ලැජ්ජ කාරියෙක් හින්ද එහෙම වෙන්න ඇති ඔයාගෙ කිසිම ආඩම්බර කමක් නෑ කියල. ඒසැරේ මම ඔයාට බැන්න එකට දුක හිතුන.මට ඕනැ උනා ගෙදර යන්න ඉස්සෙල්ල ඔයත් එක්ක එක වචනයක් හරි කතාකරන්න. පස්සෙ ඔයා කතාකලා. මට ඒවෙලාවෙ හිතුන ඔයා තමයි මගේ හිතේ ඉන්න සිහින කුමාරි කියල.
            යසොදරා කියන්නෙ සිද්ධාර්ථ කුමාරයා බැන්ද දේවිය නේද එයා කොහොම කෙනෙක් ද.... මා ලියුම තබාගෙන කල්පනා කරන්ට වුනෙමි.....මම එයා ගැන කොහොම දැන ගන්නද....මම ඒදවස්වල දහම් පසැල් ගියාද පන්සල පැත්තෙවත් ගියාද..... නිකමටවත් හාමුදුරු කෙනෙක්ගෙන් බන පදයක් ඇහුවද.....කොල්ලො රංචුවත් එක්ක රස්තියාදු ගගහ බල්ලොත් නොකරන වැඩ කරකර හිටිය මිසක්....මීට දින කිහිපයකට පෙර මා අතින්ම සදහටම දෙනෙත් පියාගත් මගේම පිරිමි චරිතයවූ නිමල්ගේ චරිතයට සිතින් දොස්කියාගත්තෙමි....දැන් හොයන්න ඕනැ යසෝද්රා දේවියගේ චරිතය කොයිවගේ චරිතයක්ද කියල....ඒවගේ චරිතයක් මමත් හදාගත්තොත් සුරන්ජිත් සුවර් එකටම මට කැමතිවෙනව.....කල්පනා කල මා නැවත ලිපිය කියවීමට පටන්ගත්තෙමි.
              මට ඕනැවුනා ඔයා මට කැමතිද කියල දැනගන්න. ඒත් ඔයා ඒකට කෙලින් උත්තරයක් දුන්නෙ නෑ. ඒසැරේ මම කල්පනා කල ඇයි මෙයා මට හරියට උත්තරයක් දෙන්නෙ නැත්තෙ කියල. ඒවෙනකොට ඔයා නිමන්තිගේ තාත්තගෙන් දැනගෙන හිටිය අපේ පවුලේ පසුබිම ගැනත්. එහෙම තියෙද්දිත් ඇයි ඔයා හරියට වචනයක් දෙන්නෙ නැත්තෙ කියල මට ගැටලුවක් වුනා.
               මා මෙය කියවන විට ඇසට කදුලක් නැගුනු බැවින් ලිපිය නැවත පපුව මත තබා ගත්තෙමි.....අනේ සුරන්ජිත් මම ඒවෙලාවෙ හිටියෙ කෙල්ලෙක් විදියට කොල්ලෙකුට කෙලින් වචනයක් දෙන්න පුලුවන් වෙලාවක නෙවෙයි.එදා ගැහැනු පිරිමි දෙලොවක් අතර හිටිය මම කොහොමද හැමදාම ගැහැනියෙක් වෙයි කියල ස්තීරවම කියන්නේ.....දෙනෙතින් කඩා හැලුනු කඳුලු බිඳු පොරවන රෙද්දෙන් පිසදාගත් මා නැවත කියවීමට පටන්ගත්තෙමි.
             මට හිතුන ඔයාව මට අයිතිවෙන එකක් නෑ කියල ඒ හින්ද  මම එදා ඉදන් ඔයාව අමතක කරන්න ගොඩක් උත්සාහ කලා.ආයෙත් මට ඔයාව මුනගැහුනෙ නුවර එලිය ගමනෙදි. මම හිතුවෙ නෑ ඔයත් මේ ගමනට එයි කියල. මම හිතාගත්ත ආවට කමක් නෑ ගනන්ගන්නෙ නැතුව ඉන්න ඕනැ කියල.....ඒත් නංගියේ ඔයා  නුවර එලියෙ අපේ ගෙදරට ගියාම ඔයාට කාමරයක් නෑ කියල දුකෙන් ඉන්නව මම දැක්ක. මම දැනගෙන හිටිය ඔයාට ඔයාගැන බලන්න ඔයාගෙ කියල කවුරුවත් ඇවිත් නෑ කියල. ඔයාව එක්කගෙන ආපු අයගැන තරහක් ආව මම එයාලට බැන බැන මමයි අජිතුයි හිටිය ලොකු කාමරේ ඔයාට දිල උඩ තට්ටුවෙ පොඩි කාමරේට ගියා. ඒ වෙලාවෙ ඉදන් මට ආයෙත් ඔයා ගැන ලොකු අනුකම්පාවක් ආදරයක් ආව. ඒත් මට ඕනැවුනා කොහොම හරි ඔයාව මග අරින්න....ඒත් මගෙ හිත කිව්වෙ ඔයාගාව ඉන්න කියල. ඒ මොකද මම දන්නෙ නෑ අපේ අක්කටත් ඕනැවුනේ අපි දෙන්නව එක ලගින් තියන්න.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: