ආත් අම්මාගේ පාඩම 160..............පසුදින වනවිට මගේ වේදනාව අඩුවී තිබුණි. එහෙත් අම්මා තවමත් කොරගසනු දුටු මට හිතට වේදනාවක් ඇතිවිය....අම්මට හොදවෙන්න තවකල් යයිද දන්නෙ නෑ....මා අම්මාට පැවසූ විට....ඔයාල වගේ නෙවෙයිනෙ දුවේ වයසට යනකොට මේවගෙ දේවල් හොදවෙන්න පරක්කුයි....අම්මා කීවාය. අම්මා සමඟ කතාකර සාලය දෙසට යනවිට සුරන්ජිත් පුටුවේ වාඩිවී පුවත් පත බලමින් සිටිනු දුටුවෙමි....මම මේ බැලුවෙ ඔයා කෝ කියල....මා දෙස බලා පැවසූ ඔහු....අද බේත් ගාගන්නෙ නැද්ද ඇසුවේය....අදනන් අමාරු අඩුයි අයියෙ....මා කීවෙමි.....අපරාදෙ ඉක්මනට හොදවුනානෙ....ඔහු සිනාසෙමින් කීවේය.....ඇයි මට හොඳවෙනවට කැමති නැද්ද....මා ඇසුවෙමි.....මට බේත් ගාන්න බැරි වෙනවනෙ....ඔහු කීවේය.....බේත් ගාන්නද... එහෙම නැත්නම්.....ඉතුරු ටික නොකියා....ඕකට ඉතින් බේත්ම ගාන්න ඕනෑ....අමනාපයෙන් මෙන් කී මා අහක බලා හොරැහෙන් ඔහු දෙස බැලුවෙමි....හේතුවක් නැතුව කොහොමද ඔයාව අතගාන්නෙ.....ඔහු කීවේය...මම ඒක තහනම් කරල තියනවයෑ...මම දැන් ඔයාගෙනෙ......මා සෙමින් වචන අදිමින් පැවසුවෙමි.....ඒකත් ඇත්තනේ... කී ඔහු මගේ අත ගෙන සිපගැනීමට සූදානම් වනවිට අම්මා පැමිනෙනු දුටු ඔහු ඉක්මනින් අත අතහැරියේය.....පොඩි පුතේ නංගිට දැන් අමාරු අඩුයි කියල බේත් ටික ගාගන්නෙ නෑ....ඒ වුනාට තව දවසක් දෙකක් ගෑවොත් හොදයි නේද......අම්මා ඇසුවාය.....ඒකනෙ අම්මෙ මාත් මේ නංගිට කිව්වෙ.....කොහේද ඕනැ නෑ කියනවනෙ.....සුරන්ජිත් කීවේය..තන්ගච්චි මේ වෙලාවට වැඩ හින්ද......මේ දවස් දෙකේම අයියයි ගෑවෙ....හැමදාම කරදර කරන්න බෑනෙ අම්මෙ.....මා කීවෙමි....මට කරදරයක් නෑ අම්මෙ....සුරන්ජිත් කීවේය.....ඒකනෙ.... අයියත් නිකන් ඉන්න එකේ කම්මැලි කම නැතුව ගිහින් බේත් ටික ගාගන්න.....ඔය අමාරුව හොදට හොදකරගන්නෙ නැතිවුනාම පස්සටයි අමාරු....අම්මා කීවාය....අම්මා එසේ කියන විටම එන්න කී සුරන්ජිත් මගේ අතින් අල්ලාගෙන කාමරය දෙසට යන්ට විය.....අම්මා හාන්සි පුටුවේ වාඩිවී පත්තරය අතට ගන්නා අයුරු දුටුවෙමි....කාමරය තුලට ගිය සුරන්ජිත් දොරවසා අගුලු දැම්මේය....අනේ අයියේ....මම අදත් ගවුමක්නෙ ඇදගෙන ඉන්නේ...මා කීවෙමි.....ඉතින් ඕක ගලවන්නකො....හොදට ඔයාගෙ හැඩ පේන්නෙ එතකොටනේ...ඔහු සිනාසෙමින් කීවේය.....එතකොට මෙයාට ඕනැ මගෙ හැඩ බලන්නද බේත් ගාන්නද....මා ලැජ්ජාවෙන් මෙන් ඇසුවෙමි.....දෙකම කී ඔහු....ලස්සන මලක් දැක්කම ඒකෙ ලස්සන බලනව මිසක් අහක බලාගෙන ඉන්නෙ නෑනෙ.....කී ඔහු....ඒ මලේ ලස්සන බලල හිමින් ඉඹලා පොඩිකරන්නෙ නැතුව පෙතිකඩන්නෙ නැතුව තියාගන්නවා.....ඔහු කීවේය.....ඕනැ එකක් බලන්නකො කී මා ඊයේ මෙන් ගැලවූ ගවුම පපුව වැසෙනසේ තබාගෙන ඇදේ මුනින් ඇලවුනෙමි....බෙහෙත් ගෑමෙන් අනතුරුව ඊයේ මෙන් මාව සිපගන්ටවිය. මගේ පිටේ අමාරුව අඩුවී තිබුනු ඇවින් ඔහුට ප්‍රතිචාර දක්වමින් ඔහුව සිපගත්තෙමි. පසු දිනද අපි මෙසේ කලෙමු. මෙතැන් සිට දිනකට එක්වරක් හෝ මාව සිප වැලද ගැනීමට ඔහුට වුවමනාවිය.ඔහුට මෙන්ම මටද ඔහුගේ පහස ඔහුගේ උනුසුම සහ ඔහුගෙන් සුරතල්ලැබීමට අවශ්‍ය විය. මා තනියම ඔහුගේ කාමරයට යෑමට පුරුදු වූවේ මේනිසාය....එහෙත් එක් දිනක්වත් වැරදි ක්‍රියාවකට නොපෙලබීම වෙනත් පිරිමියෙකුට නොතිබුනු පුදුමාකාර ගුනයක් බව මා කල්පනා කලෙමි.
සුරන්ජිත්ගේ උපාධීය සම්පූරන කරගත් පසු ඔහුට විදුලි සංදේස දෙපාර්තමේන්තුවේ රැකියාව ලැබුණි එය කොළඹට කිටුව නිසා ගෙදර පැමිනීමට පහසුවක් විය...සුරන්ජිත් පැවසූ පරිදි මටත් නිමන්තිටත් කඩුබැද්ද ඉංජිනේරු පීඨයට ඇතුලුවීමට වරම් ලැබුනි. ......දුවගෙ ආත් අම්ම හිටියනම් අද කොච්චර සතුටුවෙනවද...මේ ආරංචිය කන වැටුනු අම්මා සතුටින් පැවසුවාය.....මමනම් හිතන්නෙ නෑ ආත් අම්ම සතුටුවෙයි කියල....... එයාට ඕනැවෙලා තිබුනෙ මාව කොල්ලෙක් විදියට ඉහලට උගන්වන්න. මම කෙල්ලෙක් උන හින්ද ඕවට යනවට ආත් අම්ම අකමැති වෙන්නත් ඉඩතිබුන.....මා කල්පනා කලෙමි. මාසමග එකම පාසැලට ගොස් මාසමගම එකම විශ්වවිද්‍යාලයට යෑමට හැකිවීම ගැන නිමන්තිද බෙහෙවින් සතුටට පත්විය... මට රියදුරු පාසැලකට ගොස් වාහන පැදවිමට පුරුදුවන ලෙස තාත්තා සහ සුරන්ජ්හිත් පැවසුවද මා එයට අකමැති වුනේමි..එයට හේතුව මා නිමල් ලෙස සිටිකල පිරිමි කමේ අන්තයට ගොස් සිටියාක් මෙන් දැන් ගැහැනුකමේ අන්තයට ගොස් ඇතිනිසාදැයි නොදනිමි...අපේ ලොකු දුවත් වාහන එලවන එකේ මොකද දුවේ ඔයා පුරුදු වෙන්න අකමැති....දිනක් අම්මා ඇසුවාය....මම කැමති නෑ අම්මෙ ඕව පිරිමින්ගෙ වැඩනෙ....මා කීවේ පිරිමි කරන වැඩකිරීම අකමැති වූ නිසාවෙනි. අපේ ප්‍රවාහන පහසුකම් සඳහා කාර්යාල වාහනයක් අල්ලා ගත්තෙමු....මා නිසා නිමන්තිට සහ මට එකම වාහනයේ යෑමට හැකිවිය. සමහර දිනවල සුරන්ජිත් වැඩ ඇරී එනවිට මාව එක්කගෙන එන්ට විය.....විශ්වවිද්යාලයට ගිය දිනවල අපිට නවක වදය විඳීමට සිදුවිය...සමහර නවක වද විනොද ජනක වුවද සමහර නරක ලමුන් දෙන නවක වද එතරම් සුබදායී නොවුනි.
රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වූ දිසාසේකර ඇමතිතුමා තුමාගේ පුතෙකු වූ සන්ජීව දිසාසේකර හදුනාගත්තේ මම නවක වදය නිසාය. ඔහු මේවනවිට ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි....දිනක් ජේ්‍යෂ්ඨ සිසුන් කිහිප දෙනෙක් මට කතාකලේය....මා ඔව්න් අසලට ගියවිට....රතු පැහැති වද මලක් පෙන්වා මේ මොකක්ද ඇසුවේය....වදමලක් ....මා පිලිතුරු දුනෙමි....වදමලක්....ප්‍රශ්නකල එක් අයෙක්....මේකි වදමලයි රෝස මලයි අදුනන්නෙ නැද්ද බන් කියා.....මේක රෝස මලක් කියපිය....කීවේය....රෝසමලක් මා කීවෙමි......අර අතන ඉන්නවනේද සුදුපාටට හුරු සර්ට් එකක් ඇදගත්ත හැන්ඩ් සම් කොල්ලෙක් .....මේ රෝසමල ගිහින් දීල මම ඔයාට ආදරෙයි කියපන්.....මා බයත් ලැජ්ජාවත් හිත තබාගෙන ඔහු අසලට ගොස් මේ රෝසමල ගන්න කීවෙමි...මා දෙස හොදින් බැලූ ඔහු ඔය නංගි කොහේද ඇසුවේය. මා පිලිතුරු දුන් පසු මගේ වගතුග අසන්ට වූවේය....ඔය නංගි බය නැතුව ඉන්න මුන් ඔයාට ජරා විදියට රැග් කරන්න ආවොත් මම බලාගන්නම්.....ඔහු මට හිතවත් ආකාරයට කතාකලේය.....ඔහු පොරොන්දු වූ ආකාරයට එදාසිට මාව නොමනා නවක වදවලින් ආරක්ශා කරන්ටවිය...මා අසල සිටි නිසා නිමන්තිද ඒවායෙන් බේරුනි.....
No comments:
Post a Comment