Tuesday, June 19, 2018

ආත් අම්මාගේ පාඩම 157................ජෙල් ටියුබ් එකෙන් ටිකක් ගාමු..... කී සුරන්ජිත් ප්‍රථමාධාර පෙට්ටිය ඇර ජෙලිඑක ගෙන තංගච්චිට දුන්නාය. මා අතට ගත් එය අම්මාගේ කකුලේ ගා අතගෑවෙමි.....දුවගෙත් කොන්දට පාරක් වැදුන කිව්ව නේද දුවත් ටිකක් ගාගන්න....අම්මා කීවාය....මේක ගාල ගාගන්නම් අම්මෙ මා කීවෙමි....මමනම් හිතුවෙ නෑ අම්මෙ.... විනෝදනී නංගි  මේතරම් පහත් චරිතයක් කියල....ඉස්සර හරි හොදයිනෙ....මා අම්මාගේ කකුල අතුල්වන දෙස බලා සුරන්ජිත් පැවසුවේය.....මටත් හිතාගන්න බෑ පුතේ....මට හිතෙන්නෙ රස්සාවට ගියාට පස්සෙ තමා ඕක වෙලා තියෙන්නෙ....ඉන්ටනටනැශනල් ස්කූල් වල ඉංග්ලිශ් ටීච කෙනෙක්නෙ.....ලොකු කම ඔලුවට ගහල වෙන්න ඇති.....අම්මා කීවාය....මටනම් හිතෙන්නෙ..ඔය මොකුත් නෙවෙයි අම්මෙ...එයා සුරන්ජිත් අයියගැන ලොකු බලාපොරොත්තුවකින් ඉඳල තියනව.... මේක ආරංචි වුනාම එයාගෙ හිත නරක්වෙන්න ඇති.......පවු අම්මෙ විනෝදනී අක්ක......මා දුකෙන් මෙන් කීවෙමි.......බලන්නකො අම්මෙ....මෙයාට පයින් ගහලත් එයාට තව අනුකම්පා කරනවනෙ.....තරහෙන් මෙන් කී සුරන්ජිත් මටනම් අද එපාම වුනා....අම්මව තල්ලු කරපු පාරට ඔලුවවත් බිම වැදුනනම්....ඇය කල දේ බරපතලකම මට තේරුනේ ඔහු එසේ පැවසූ පසුය....එහෙත් එය නොපෙන්වූ මා....එහෙම දෙයක් උනේ නැනෙ අයියෙ...කී මා..... මම හින්ද ඔයාලගෙ නෑදෑකන් නැතිකර ගන්න එපා අම්මේ...මම ඕනැ වෙලාවක ලෑස්තියි විනෝදනී අක්ක වෙනුවෙන් මගේ පරිත්‍යාගය කරන්න....අම්මල ඕනැ තීරනයක් ගන්න ....මම කීවෙමි....ඒ පරට්ටි වෙනුවෙන් මට මගේ රත්තරන් දුවව නැතිකරගන්න බෑ දුවේ....අම්මා මගේ හිස අතගාමින් කීවාය.....මමත් හිතුවෙ නෑ අම්මෙ විනෝදනී නංගි ඔහොම වෙයි කියල.......සුරන්ජිත් කීවේය.
            බෙහෙත් ගා අවසන් වූපසු අම්මා කොරගසමින් කාමරයට ගියාය....මා නැගිට ඇවිදීමට සූදානම් වූවිට කොන්දේ අමාරුව නිසා ඇවිදීමට අපහසු බව දැනුනි....මා කොන්දට අත තබාගෙන සෙමින් සෙමින් ගමන්කරන විට.....නංගිත් කොන්දට ජෙලි ටිකක් ගාගන්න....තනියම බැරිනම් චන්ගච්චිට කියන්න....සුරන්ජිත් කීවේය....ඕනැ වෙන එකක් නෑ අයියෙ....තව ටිකකින් හොදවෙයි.... මා කීවෙමි.
             වෙනදා අක්කා පැමිනෙන විට ඇගේ වාහනය අසලට දිවගෙන යන මා අද එසේ යෑමට නොහැකිව ඉදිරිපස දොර අසලට වී තන්ගච්චිට කතා කලේ....අක්කා ගේ බෑක් එක රැගෙන ඒමටය....ඇයි චූටි බේබි ....මෙගෙන් ඇසුවාය....ලොකු බේබිගෙ බෑක් එක අරගෙන එන්න කතා කලේ...මට අද යන්න අමාරුයි තන්ගච්චි....මා කොන්දට අත තබාගෙන කීවෙමි....තන්ගච්චි අක්කා අසලට ගියවිට ඇය දෙස බැලූ අක්කා.... කෝ අද චූටි බේබි....ඇසුවාය.....එයාගෙ කොන්ද රිදෙනවලු ලොකු බේබි.....බෑගය අතට ගත් ඇය කීවාය.....මක් වෙලාද...අක්කා ඉක්මනින් මා අසලට පැමිනෙමින් ඇසුවාය.....මොකද නංගි වුනේ... ඔයාගෙ කම්මුලත් ඉදිමිලා නේද....මගේ කම්මුල අතගා ඇසුවාය....පොඩි ප්‍රශ්නයක් වුනා අක්කෙ.....ඕව ගනන් ගන්න එපා....මා කියනවිට අම්මා කොර ගසමින් අපිදෙසට එනු දුටු අක්කා.....අම්මත් කොරගහනව මොකද මේ.....දෙන්න එක්ක වලියක්වත් ඇල්ලුවද.....ඒ දෙන්නා නෙවෙයි ලොක්කු බේබී....බේබිගෙ මාමගෙ දුව විනෝදනී නෝන තමා....මේ ඔක්කොම කොලේ....පුල්ලෙයාර් සාමිගෙ පිහිටෙන් ලොක්කු දෙයක් උන්නෙ නෑ....තන්ගච්චී අමුතු සිංහලෙන් සිද්දිය කීවාය.....මොකක්ද අම්මෙ උනේ.....අක්කා අම්මා අසලට ගොස් ඇසුවාය.....අම්මා සිද්දිය විස්තර කලාය.....විනෝදනී නංගි මේ තරම් දරුනු  වෙලාද කී...අක්කා....මම හිටියනම් ඕකිට.....ඇය තරහෙන් මෙන් කියා අම්මගෙ කකුල තාත්ත ආවම පෙන්වන්න වෙයි.....මගෙ විතරක් නෙවෙයි දුවේ ඔය නංගිට පයින් ගහපු පාර කොන්දට මොකක්ද වෙලා.....ඇත්තද නංගි ....ටිකක් රිදෙනව...ගානක් නෑ...කියමින් ඇය සමග කොර ගසමින් ගියෙමි.....තාත්ත ආවහම ඕකත් පෙන්නමු....ඇය කීවාය....
               අපි කාමරය තුලට ගිය පසු.....අනේ පවු මගෙ නංගිගෙ කම්මුලත් ඉදිමිලා...මගේ මුහුන අතගමින් කී ඇය ...කොහේද නංගි රිදෙන්නෙ....මගේ කොන්දට අත තබා ඇසුවාය....පොඩ්ඩක් ඇදේ ඇලවෙන්නකො මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න....අක්කා කී විට මා ඇදේ මුනින් අතට ඇලවුනෙමි. අක්කා මා  ඇදසිටි ගවුමේ සාය ඉහලට කර යට සායද ඉලස්ටික් එකෙන් පහත්කර කොන්ද අත ගානට විය....ඉදිමිලා එහෙම නම් නෑ වගේ....කොයිකටත් තාත්තට පෙන්නමු...නංගි මේ ගවුම ගලවල සාය බ්ලවුස් එකක් ඇඳගන්න එතකොට තාත්තට බලන්න ලේසිනෙ.....අක්කා කීවාය...අක්කා ඇදුම් මාරුකරගත් පසු අපි දෙදෙනාම අම්මා අසලට ගියෙමු.....මොකද අම්මෙ කකුල....ඇය අසලින් වාඩිවූ අක්කා ඇසුවාය.....වැටුන පාර දනිස්ස මොකක්ද උනා දුවේ.....අක්කා ඇගේ දනිස්ස අතගාන්ට වූවාය....මේ වෙලාවෙ මල්ලි හිටියෙ නැද්ද.....හිටිය දුවේ....ඒකි පරල වෙලා වගේ දගලන කොට මල්ලිට කොන්ට්රෝල් කරන්න බැරිවුනා....ඇය කීවිට.....මල්ලී කියමින් සුරන්ජිත්ට කතා කලාය....සුරන්ජිත් ඇය අසලට ආ විට....මෙච්චර දෙයක් වෙලත් මල්ලි මොකද කලේ....අක්කා ඇසුවේය...ඒකි කෙල්ලෙක් නෙ අක්කෙ කොල්ලෙක් උනානම් ගහල පන්නන්නෙ....ඔහු කීවේය....
                    රාත්‍රී තාත්තා පැමිණි පසු අම්මා මේ සිද්ධිය තාත්තාට පැවසුවාය.....ඇයට බනිමින් අපිදෙදෙනාව පරීක්ෂා කල තාත්තා....ලොකු ගැටලුවක් නෑ මේ බේත්ටික බොන්න....ඔහු අපිට බෙහෙත් සහ ගෑමට බෙහෙත් ටියුබ් එකක් දුන්නේය....කොයි එකටත් වත්සලා මේ සිද්දිය ලොකුවට ගෙනියන්න ඕනැ නෑ...එයාලගෙත් හිතේ අමාරු ඇතිනෙ....තාත්තා කීවිට...අපේ මහත්තයත් අපේ පොඩි දුව වගෙනෙ.....එයත් කිව්වෙ ඕකම තමයි....අම්මා කීවාය....ඒකනෙ වෙන්න ඕනැ නේද දුවේ...මගේ හිස අතගාමින් ඇසූ ඔහු..තම තමන්ගෙ අයනෙ...ඔන්න..ඕව අතහැරල දාමු....කීවේය.

No comments: