ආත් අම්මාගේ පාඩම 122........සවස පහට කිට්ටු විය. දැන් අක්කා සහ අයියා පැමිනියයුතු බව මට තේරුනි . අක්කා පැමිනිබව දුටු මා සතුටින් යුතුව වාහනය දෙසට දිව ගොස් ඇගේ පොත් බැගය අතට ගත්තෙමි.....අද නංගි බොහොම සතුටින් වගේ..කී ඇය..අයිය ආවද....ඇසුවාය.....තාමනෑ අක්කේ..දැන් එයි..... එනකන් ඉන්නෙ....මා සතුටින් කීවෙමි......ආ එහෙනම් එනකන් සතුටින් ඉන්න.....ආවට පස්සෙ කාමරේට ගිහින් අඩන්න....පැවසූ ඇය....ඔය මෝඩයට.. කෙල්ලො ගැන හැගීමක් නෑ නංගි ඔයා කාමරේට වෙලා ඉන්න.....පිස්සු නට්ටන්නෙ නැතුව.....කී ඇය මගේ අතින් අල්ලා ගෙන කාමරයට යන්ටවිය. ඇගේ පොත් බෑගය කාමරයේ තැබූ මා....ඉක්මනින් ආපසු හැරෙන විට.....ඔයානම් හැදෙන්නෙ නෑ කෙල්ලෙ...ඔයා ඔය පිස්සව අතහැරල දාන්න නංගි .....ගිහින් අයිය මට මෙහෙම කලා මෙහෙම කිව්ව කියල අඩාගෙන නම් එන්න එපා.....අක්කා එසේ පැවසුවත් ඒ සියල්ල ගනනකට නොගෙන සුරන්ජිත් පැමිනෙන තෙක් සැටියේ වාඩිවුනෙමි......තාම අයිය ආවෙ නැද්ද දුවේ..... ඇසූ අම්මාද සැටියේ වාඩිවූවාය. ටික වෙලාවක් ගතවිය. සුරන්ජිත් පැමිනෙනු දුටු මා...එක වරම නැගිට්ටෙමි.....මා දෙස බලා සිනාසුනු අම්මා.....මම විහිලුවටනෙ අයිය එනකොට නැගිටින්න කිව්වෙ ඔයා ඒක ඇත්තට ගත්තද..... පවසා.....කමක් නෑ ඔයාගෙ අයියනෙ.....කීවාය.....මා ඔහු ඉදිරියට දිවගොස් ඔහු ඉදිරියේ හිටගත්තේ ගවුම හොදින් පෙනෙන සේය.....මගේ ගවුම දෙස හොදින් බැලූ ඔහු මුහුන දෙස බලා මගේ නහයෙන් අල්ලා සෙමින් සෙලෙව්වේය.....අම්මා සිටින බව දුටු ඔහු කිසිවක් නොසිදුවූවාක් මෙන් බිම බලාගෙන මා අසලින් ඉවත්විය......මා ලියුම දීම සදහා ඔහු පසු පස ගියත් ඔහු පිටුපස නොබලා පිය ගැටපෙල නගින්ටවිය....මා කනගාටුවෙන් යුතුව ඔහු දෙස බලා සිටිනවිට ....අක්කා මා අසලට ආවාය.....මම කිව්ව නේද ඔයටික වෙයි කියල.....ඔයා ඔය ගවුම නෙවෙයි රත්තරන් වලින් මහපු ගවුමක් ඇදන් හිටියත් ඔය මොඩයට ගානක් නෑ.....අක්කා කියන්ටවූවාය.....අයියා මට අද මොකුත් නරකක් කලේ නෑ අක්කේ......මා කීවෙමි......බොරු කියන්න එපා නංගි .....ඔයා බොරු කිව්වත් ඔයාගෙ මුහුනෙ හැගීමෙන් මොකද්ද උනේ කියල පේනව.....ඇය කීවාය......මොකද දුවේ අදත් ප්‍රශ්නයක්ද ......අම්මා අපිදෙස බලා ඇසුවාය.....බලන්න අම්මෙ අදත් මල්ලි මේ අහිංසකීට මොකක් හරි කරලනේ......එහෙම එකක් උනේ නෑ අක්කේ.....මා නැවත කීවෙමි....මම නම් දැක්කේ ....මල්ලි එනකොටම නංගි එයා ඉස්සරහට ගියා දෙන්න මූනට මූන බලාගෙන නවතිනව දැක්ක.....ඊට පස්සෙ මල්ලි බිම බලාගෙන උඩට ගියා......නංගි කනගාටුවෙන් වගේ පස්සෙන් ගියා ....ඔච්චරයි මම නම් දැක්කෙ......අමා විස්තර කලාය.....මේ නංගි ඔය ඇදගෙන ඉන්න ගවුම ගලවල වෙන එකක් ඇදගෙන ඔයාගෙ වැඩක් බලාගන්න......මෙන්න මෙහෙ එන්න.....ඇය මගේ අතින් ඇදගෙන කාමරය තුලට ගියාය.....සුරන්ජිත් සෑහෙන කලකින් මට ආදරේ කල බව මා ඔවුන්ට කෙසේ පවසන්නද.....මගේ කනගාටුව වූයේ ලියුම දීමට නොහැකිවූ නිසාය.....මා නැවත සාලයට ගොස් සුරන්ජිත් පහලට පැමිනෙන තෙක් බලා සිටියෙමි....ටික වෙලාවකින් මා අසලට පැමිනි අක්කා.....මම මේ නාගෙන ඔයාව හොයනව ඔයා කාමරේ නැති හින්ද මෙහාට ආවෙ ඔයා මෙහෙනේ.....ඔයාට ලැජ්ජාවක් කියන එකක් නැද්ද නංගි ....ඕව අතහැරල දාල එන්න තේ බොන්න යන්න.....මට කතාකලාය.....එවිටම සුරන්ජිත් පහලට බසිනු දුටු මා.....අක්ක යන්නකෝ මම පොඩ්ඩකින් එන්නම්.....අනේ මන්දා මේ මෝඩිටත් තේරෙන්නෙ නෑ.....මගේ කන මිරිකා පැවසූ ඇය....ඕනැ එකක් කරගන්නව.... පවසා තේ මේසය දෙසට යන්ට වූවාය....මා සුරන්ජිත් පහලට පැමිනෙන තෙක් සිටියෙමි....ඔහු පහලට බසින අතර මා දෙස බලා සිනසෙනු දුටුවෙමි.....ඒ සිනහවතුල වෙනදා නොදුටු ආදරනීය බවක් ගැබ්වී ඇතිබව දුටුවෙමි.....මා බෙල්ල තරමක් ඇල කරගෙන ඔහුදෙස බලා සිනහවකින් ඔහුදෙස බලා පපුව තුල සගවාගෙන සිටි ලියුම අතට ගත්තෙමි. මා ඔහු දෙසට ලියුම දික් කලෙමි. ඔහු අල්ලා ගත්තේ ලියුම නොව මගේ අතය. කවුරු හරි දකියි ලියුම ලියුම ගන්න...ලැජ්ජාවට සහ බියට පත්වූ මා සෙමින් කීවෙමි. ඔහු මගේ අත අත නොහැරම අනිත් අතින් ලියුම ගෙන කමිස සාක්කුවේ දාගත් බව දුටුවෙමි....පොඩි පුතේ..... පොඩි දුවේ..... එන්න තේ බොන්න.....අම්මාගේ කටහඬ ඇසුනි.....අත අත අරින්නකෝ අම්ම අඩගහනවා....මා එසේ කීවිට මගේ අත ආදරයෙන් සිපගත් ඔහු තේ මේසය දෙසට යන්ට විය.....මා ඔහු පිටුපසින් ගියෙමි.....කෝ පුතේ නංගි ....අම්මා ඔහුගෙන් ඇසුවේය......මෙහාට එනව වගේ දැක්ක.....ඔහු මාව ගනනකවත් නොගත් බව හැගෙනසේ පැවසූ බව ඇසුනි.....ආ මේ පොඩි දුවත් එන්නෙ.....මාව දුටු අම්මා කීවාය.....අම්මේ එකතරා ගැහැනු ලමයෙක් ලස්සන ගවුමක් ඇදගෙන කොල්ලෙකුට පෙනන ලෙස සිටී...එහෙත් බහ්මචාරී වූ ඒකොල්ලා ඒදෙසවත් නොබලා සිටී. .....අක්කා ඇනුම් පදයක් ලෙස කීවාය. .....බලන්න දුවේ..... නංගි මේ ගවුන්රෙද්ද හම්බවුන දවසෙ ඉදන්මනෙ මට කරදර කලේ ඉක්මනට මේකෙන් ගවුමක් මස්සවල දෙන්න කියල.....මට පෙනුන නංගි ඔයගවුම ඇදගත්ත වෙලාවෙ ඉදන්ම පුදුම සතුටකින් ඉන්නෙ කියල.....දැන්නම් දුවගෙ ඒ සතුට නෑ වගෙ......ඒ මොකද කියල මම දන්නෙ නෑ ලොකුදුවේ......මමනම් ඒකට හේතුව දන්නව අම්මේ කී ඇය....ඒ තෑග්ග මේ අපේ මෝඩිට ලොකු උනාට.....තෑග්ගක් දෙන්න ඕනැ හින්ද දුන්න එක්කෙනාට ඒක ගානක් නෑනෙ ....කීවාය.......ඕව ගැන එච්චර ගනන් ගන්නෙ නැතුව මොනවහරි කාල තේ බොන්න පොඩි දුවේ.....කී අම්මා....ඔය අක්ක කියන ඒව ගනන් ගන්න එපා පොඩි පුතේ.....සුරන්ජිත්ටද කීවාය...සුරන්ජිත් මා දෙස බලා සිහින් සිනාවක් පලකලේ ඔවුන් අපි දෙදෙනා ගැන නොදැන සිටි නිසාය.
No comments:
Post a Comment