Sunday, June 3, 2018

ආත් අම්මාගේ පාඩම 117.............නංගි මම මල්ලිත් එක්ක කතාකලා එයා ඒ සිද්දවෙච්ච හැම දෙයක්ම අමතක කරලලු ඉන්නෙ .මම හිතන්නෙ ඔයා එයාව මගහරින එකට ගැන දුකෙන් ඉන්නෙ...එයා කීප දවසක් දැකල තියෙනව ඔයා එයාව දැකල හැන්ගෙනව..ඔයා මීටපස්සෙ මල්ලිත් එක්ක කතාවට යන්න ඕනැනෑ...ඒ වුනාට මග හරින්න එපා....මා අසලට පැමිනි අක්කා පැවසුවාය....ඒ වුනාට මට බයයි අක්කෙ ආයෙත් ගැටලුවක් වෙයි කියල.....මා කිවෙමි.....නෑ නංගි එහෙම දෙයක් වෙන්නෙ නෑ....ඇය පැවසුවාය.අක්කාගේ උපදෙස් මත මා ඔහුව මගහැරීම අතහැරියෙමි. මින් පසු ඔහුගෙන් ගැටලුවක් ඇති නොවුනි.
                     සති දෙකක් පමන ගතවිය. එදින සෙනසුරාදා දිනයකි. මා උදේවරුවේ ගෙදර සිටිනවිට.....නංගි අපි පොඩි ගමනක් යමුද.......උදෑසන  අටට පමන අක්කා ඇසුවාය....කොහේද මා ඇසුවෙමි....සොපින් යන්න අනේ....ගවුන් ටිකක් ගන්න....ඇය කීවාය....මටනම් ගවුන් තියෙනව අක්කට ගන්න ඕනැනම් යමු....මා කීවෙමි.....කෙල්ලන්ට ගවුන් කොච්චර තිබුනත් වැඩිවෙන්නෙ නෑ අනේ....යමූ.... ඇය කී නිසා මා සූදානම් උනෙමි....මේ කොහේද දෙන්න එක්ක යන්න හදන්නෙ....අදත් නංගිව හන්ගල එන්නද යන්නෙ.....අපිව දුටු අම්මා ඇසුවාය.....නෑ අම්මේ සොපින් යනව අපිට ඇදුම් ටිකක් ගන්න.....අක්කා කීවිට....හා කී අම්මා....කොහේ ගියත් කමක් නෑ නංගිව පරිසම් කරගෙන.....පැවසුවාය.
                          අපි ගියේ නුගේගොඩ නගරයේ තිබුනු විශාල ඇදුම් සාප්පුවකටය.....මා ගැහැනු ලමක් බවට පත්වූ පසු ගොඩවැදුනු විශාලතම ඇදුම් සාප්පුව මෙය විය.....නොයෙක් මෝස්තරවල ගැහැනු ඇදුම් විශාල සංඛ්‍යාවක් තිබුණි ....ඔන්න නංගි නංගිට ඕනැ ඇදුමක් තෝර ගන්න.....කී ඇය ඇදුම් තොරන්ට වූවාය......කුමක් තෝරාගනිම් දෝ යනුවෙන් සිතූ මා ගැහැණු ඇදුම් අතර අතරමන් උනෙමි. අපරාදෙ තව පොඩ්ඩෙන් මගේ මෝඩකමට මම ආයෙත් කොල්ලෙක් උනානම් මේවගෙ ලස්සන ඇදුම් අදින්න පුලුවන් වෙනවද....මෙහි තිබුනු වයිවාරන මෝස්තර වල කාන්තා ඇඳුම් දෙස බලමින් කල්පනා කලෙමි.....අක්කා උත්සව වලට අදින ගවුමක් රැගෙන මා වෙත ආවාය.....මේක නංගිට ලස්සනයි....... ඇය එය මගේ ඇගට තබා කීවාය....මේවගේ එකක් ඕනෙ නෑනෙ අක්කෙ ...ලඟදි පාටියක් නෑනෙ.....මා කීවෙමි.....පාටියක් තිබුනොත් අදින්න පුලුවන්නෙ ........කී ඇය එය ඇද බලන සෙස දැන්වූවාය....මා කාමරයට ගොස් එය ඇද බැලුවෙමි....එම ගවුම මගෙ සිරුරට ගැලපෙන බව දුටුවෙමි.....අක්කා එම ගවුම මා වෙනුවෙන් තෝරාගත් අතර තවත් ඇදුම් සහ යට ඇදුම් කිහිපයක් ද අපි දෙදෙනාට වෙනවෙනම තෝරාගන්ට වූවාය.....නංගිගෙ ගවුමට මැච්වෙන කරබු ජෝඩුවකුයි මාලෙකුයි ගන්න ඕනැ තව සෙරෙප්පු දෙකකුත් ගන්න ඕනැ.....අක්කා කීවිට ඇයි මට විතරක් අක්කට ගන්නෙ නැද්ද ඇසුවෙමි.....මටනම් ඕනැ වෙලා වක ගන්න පුලුවන් මේ ආවවෙලාවෙ නංගිට අරන්දෙන්න ඕනැ....ඇය කීවාය....සියල්ල මිලදීගෙන ගෙදරට පැමිනි පසු දිවා ආහාරය ගෙන පන්ති ගියෙමි....
                        තවත් දින කිහිපයක් ගතවිය...මා පසැල් ගොස් ගෙදර පැමිනෙන විට.....සාලය උත්සවයකට සුදුසු වන පරිදි සරසා තිබුනි.......අම්මේ ඇයි මේ අද පාටියක් ද ....පුදුමයට පත්වූ මා අම්මාගෙන් ඇසුවෙමි.....දන්නෙ නෑ අක්කගෙ වැඩනෙ.....අම්මා කීවාය....අක්කාද ගෙදර සිටිනා බව දැනගත් මා ඇය අසලට ගියෙමි.....අක්කෙ අද මොකක්ද තියෙන්නෙ...පොඩි පාටියක් නංගී ....කීවා....මොකටද....මා ඇසුවෙමි.....දන්නෙ නැද්ද නංගි අපේ ගෙවල් වල ඉඳහිට පාටි දානවනේ.....දනවතුන් ජීවත් වන නිවෙස්වල නිතර සාද පවත් වන බව අසාතිබුනු මට මෙයද එවැනිම සාදයක් බව තේරුනි....මා ඉන්පසු කිසිවක් නොඅසා ස්නානය කර දිවා ආහාරය ගන්ට ගියෙමි..
                            සවස හතර පමන වනවිට. මගේ කාමරයට පැමිනි අක්කා.....නංගි අර එදා ගෙනාපු ඇදුම් ටික ඉක්මනට....ගන්න කීවාය. ඒවා ගෙනා බෑගය පිටින්ම එසේ තිබුනි....මා ඒව ඇයට දුන්නෙමි.....මට යට ඇදුම් සමග ගවුම දුන් ඇය ඒවා පාටිය සදහා ඉක්මනට ඇදගන්නා ලෙස දැන්වීය.....මිලදී ගත් අලුත්ම බ්‍රෙසියරය සමග යට සායද ඇදගත් මා ගවුම ඇදගත්තෙමි.....මේ ගවුමට නංගි හරිම ලස්සනයි හරියට සුරතල් බෝනික්කියෙක් වගේ....ම්ගේ  කම්මුල සෙමින් මිරිකා කීවාය.....මගේ කොන්ඩය පීරා අමුතු ව්ලාසිතාවකට කොන්ඩය සැකසූ ඇය....රූප ලාවන්ය පෙට්ටිය ඇර මගේ මුහුන ලස්සන කරන්ට විය...නංගිගෙ මුහුන සවභාවයෙන් ම ලස්සන හින්ද ගොඩක් මේකප් කරන්න ඕනැ නෑ මගේ තොල් පෙති පාට කරමින් කීවාය.....ඇස් බබද සකස් කල පසු මා කැඩපතින් රුව නැරඹුවෙමි  .....රූමත්ව සිටි චතුරිකා තවත් රූමත් වී ඇතිබව දුටු මට ඇස් අදහා ගැනීමට නොහැකිවිය....මා වසීවූවාක් මෙන් ඇය දෙස බලා සිටියෙමි.....මෙච්චර ලස්සන සුන්දර කෙල්ලෙක්නෙ තව පොඩ්ඩෙන් මම නැතිකරගන්න හැදුවේ.....එදා ගෙදරදි නැවත නිමල් වීමට සූදානම් වූ ආකරය සිහිවී කම්පාවුනෙමි..... මගේ පුදුම වාසනාවක් පිනක් තියෙන්න ඇති ඒවගේ මෝඩ තීරනයක් නොගෙන ආපහු ච්තුරිකාවෙන්න ඕනැ කියල හිතුනු එක.....මා මගේ ලස්සන නරඹමින්....කල්පනා කලෙමි....දැන් නංගිට නංගි  ගැනම ආශහිතිල වගේ ...මා වසීවූවාක් මෙන් රුව නරබන විට අක්කා පැවසුවාය.....මෙහෙ එන්නකෝ ඔයාගෙ නියපොතු ටිකත් පාටකරන්න....කී ඇය මගේ නිය රත්රන් පාටින් පාට කරන්ට වූවාය....රත්රන් කරාබු දෙක වෙනුවට එදා මිලදී ගත් එල්ලෙන කරාබු දෙක කන්පෙතිවල පලදා ගෙලට මාලයද පැලැන්දුවාය.....දැන්නම් නන්ගි හරියට සුරංගනාවියෙක් වගේ....මා දෙස ඕනෑකමින් බැලූ අක්කා කීවාය. දැන් ඔයා කොහේවත් යන්න එපා ඔහොම කාමරේටම වෙලා ඉන්න.....මම ලෑස්තිවෙලා එනකන්...කී ඇය ඇගේ කාමරය තුලට ගියාය....ටික වේලාවකින් ලස්සන සාරියකින් සැරසී කාමරය තුලට පැමිනි අම්මා.....දැන් මගේ චූටි දුව රාජ කුමාරියෙක් වගේනෙ.....මගේ හිස සිපගනිමින් කීවාය.....ඇයි අම්මෙ මේ පාටියක්....මා ඇගෙන් ඇසුවෙමි....දන්නෙ නැද්ද දුව මේ අක්කගෙ වැඩනේ.....කීවාය.....ඔයා ඔහොම ඉන්න පාටියට තව කීප දෙනෙක් එයි මම ගිහින් බලන්නම්....කී අම්මා කාමරයෙන් පිටවූවාය.....අක්කා සූදානම් වී පැමිනෙන විට සවස හයහ මාර පමනවිය....ඇය සර්වාර වර්ගයේ ඇදුමක් ඇදගෙන සිටියාය. මේවනවිට අමුත්තන්  කිහිප දෙනෙක් පැමින ඇති බව ඔවුන් කතාකරන ශබ්දයෙන් තේරුම් ගත්තෙමි.....මා අක්කා සමග ඔවුන් අතරට ගියෙමි......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: