Sunday, June 10, 2018

ආත් අම්මාගේ පාඩම 138.........ටික වේලාවකින් අම්මලා පැමිණි බව දුටුවේ ඔවුන් ඇතුලට පැමිණි  පසුය. ඒ වනවිටත් මහන ඇන්ටී මගේ මිනුම්ගනිමින් සිටියාය.....චතුරිකා දුව මීට ඉසෙල්ල සාරි ඇදල ඉන්නව දැකල නැනෙ.....අම්මා කියනු අසාසිටි ඇන්ටී.....චතුරිකා කිව්වෙ මේ දුවටද....ඇසූ ඇය.... මේදුවනම් ගොඩක් ලස්සනට හිටියි. මෙයා කොහොමත් හැඩයිනෙ.....ඇන්ටී හැට්ටයේ මිනුම් ගනිමින් පැවසුවාය.....ඇය හැට්ටයට මිනුම් ගත්තේ අත් දිගටය.....මගේත් කැමැත්ත තිබුනේ අත්දෙක දිගට මැසූ හැට්ටයක් ඇඳීමටය. මා අත්දිග හැට්ටයක් ඇදගෙන ඔසරියකින් සැරසී උඩරට මැනිකේ කෙනෙක් මෙන් ගමන් කරන අයුරු මනසින් මවාගෙන සතුටු වුනෙමි.
                                  එදින රාත්‍රිය ගතකලේ ලොකු අම්මාගේ නිවසේය....පොඩි කෙල්ලෙක් උනාට මේ චතුරිකා දුවට හොඳට උයන්න පුලුවන්. රාත්‍රී ආහාර ගන්නා අතරතුර අම්මා ලොකු අම්මාට කීවාය. ...ඇත්තද....කී ලොකු අම්මා අපේ දුවටවත් හරියට උයන්න බෑනෙ.....මම කිව්වෙ ටිකක් උයන්න ඉගෙනගෙන යන්න කියල නැන්දම්මගෙන් වචන අහන්නෙ නැතුව.....ලොකු අම්මා නිල්මිනි අක්කා දෙස බලා පැවසුවාය.....අපේ ලොකු දුවත් එහෙම තමයි.....කුස්සිය කොහේද කියවත් දන්නෙ නැතුව ඇති....ඒකට මේ චතුරිකා දුව මගෙන් බේරිල්ලක් නෑ ....උයන්න යන්නද කියල...විභාගෙ කරල මේදවස්ටිකේ නිකන් ඉන්න හින්ද මේටිකේම ඉව්වෙ මේ දුව තමා....ඇස්වහක් කටවහක් නෑ දුව උයන කෑම හරිරසයි...දුවගෙ අත්වල අමුර්තය ගෑවිලා තියෙනවද මම දන්නෙ නෑ....අම්මා සිනාසෙමින් කීවාය.....
                                     මට රාත්‍රී නින්දට යෑමට සිදුවූවේ අක්කා සමඟ එකම ඇදේය. මා අක්කලාගේ ගෙදර පැමිනි මුල්දිනවල නින්දට ගියේ අක්කාසමගය. එහෙත් මා එහි පදින්චියට ගියවිට. වෙනම කාමරයක් තෝරාගත්තේ ඇයගේ පුද්ගලිකත්වය සලකාගෙනය. කලකින් මා අදදින ඇය සමඟ නින්දට යෑමට හැකිවිය.  රාත්‍රී ගවුම ඇදගත් මා අක්කා අසල ඇලවුනෙමි....නංගිට සීතල නැද්ද....අක්කා ඇසුවාය....සීතලයි අක්කේ....මා පොරවනය ඇගේ දාගනිමින් කීවෙමි......අක්කා පොරවාගෙන සිටි පොරවනය අයින් කල ඇය මගේ පොරවනය තුලට පැමිණ මාව තුරුලුකර ගත්තාය. මෙහෙම ඉන්නකොට සීතල අඩුවෙනව..... කී ඇය මාගේ හිස ඇයගේ ලය මතට තදකරගත්තාය....මම ඔසරිය ඇන්දම මාව ලස්සනට හිටියිද අක්කේ.....මා ඇසුවෙමි......මටනම් හිතෙන්නෙ.....මනමාලිටත් වඩා නංගි ලස්සනට හිටියි කියල....අක්කා කීවාය.
                       උදෙන් නැගිට්ට මා ගවුම ඇදගෙන ඊට උඩින්  ජර්සියද ඇදගෙන....කාමරයෙන් එලියට ගියෙමි. මේ වනවිට පිබිදී සිටි ලොකුඅම්මා ඇදගෙන සිටි රාත්‍රී ඇදුමට උඩින් ජර්සිය ඇදගෙන සිටිනු දක්නට ලැබුණි.....දුව උදෙම්ම ඇහැරිලා වගේ....මා දෙස බලා කීවාය.....මම උදෙම්ම නැගිටිනව ලොකුඅම්මෙ....මා කීවෙමි.....බොහොම හොදයි ගැහැනුලමයි හැදෙන්න ඕනැ ඔහොමතමයි....ඇය සිනාසෙමින් කීවාය......මා සීතල නිසා අත්දෙක පපුවට බැදගෙන මිදුලට බැස්සෙමි....පරිසරයම මීදුමින් වැසී තිබුනි....ඊයේ දිස්වෙමින් තිබුනු කදු වැටිය දිස්වූවේ යාන්තනටය........පිනිබිදු වැටී තිබුනු විශාල රෝස මල්වල්වලින් සහ අනිකුත් මල්වර්ග වලින් පරිසරය තවත් අලංකාර වී තිබුනි.....මා මල්වර්ග අල්ලමින් ඒවායේ අලංකාරය සතුටින් නරබන්ටවුන්මි....මා නිමල් ලෙස සිටි සමයේ මල්වලට මෙතරම් ආශාකල බවක් මතක තිබුනේ නැත....කෙලන්ට වගේ කොල්ලො ඒතරම් මල්වලට ආශ නැනෙ....දැන් මාත් ගෑනුලමයෙක්නෙ....ඒ හින්ද තමයි මේ....මා කල්පනා කලෙමි.
                     නංගි සිරි නරබනවා වගේ..... අක්කාද මා අසලට පැමින ඇසුවාය.....ඔව් අක්කේ....හරිම ලස්සනයි....මා කීවෙමි..මට නංගි මෙතන ඉන්නකොට මතක්වෙනව...අපි මෙහෙ ආව දවස්වලට.....අපේ සුරන්ජිත් මල්ලි මේවෙලාවට නංගි වගේම.....මෙතෙන්ට වෙලා බලගෙන ඉන්නව....එයත් ආවනම් දන් නංගිත් එක්ක මෙතෙන්ට වෙලා ඉන්නව.....අක්කා පවසන්ට වූවාය......දූල එන්න තේබොන්න.....අම්මා කතාකරනු ඇසුනු අපි නිවස තුලට ගියෙමු.
                  උදැසන ආහාරයෙන් පසු මා නැවත  මිදුලට ගියෙමි. මේවනවිට මීදුම තරමක් අඩුවී ලා හිරුරැස් මල්මත පතිතවී ඒමත තිබුනු පිනිබිදු වර්නවත්වී දිලිසෙන්ට විය......මා මිදුලෙ තිබුනු ගල්බංකුව මත වාඩිවී පරසරයේ සුන්දරත්වය තවත් විදගන්ට වුනෙමි....ආ නංගී මොකද මේ තනියම....පිරිමි කටහඬක් ඇසුනු මා පිටුපස බැලුවෙමි....සුරනිමල අයියා මා අසලට එමින් සිටියේය.....ටිකක් ලස්සන බැලුව අයියෙ....මා කීවෙමි.....මාත් නංගිගෙ ලස්සන දැකල තමයි මෙතෙන්ට ආවෙ...ඔහු මා ඉදිරියේ තිබුනු බන්කුවේ වාඩිවී ....කීවේය.....මා ලැජ්ජාවෙන් අහක බලා ගත්තෙමි.....ඔහු මාදෙස ගිලින්න මෙන් බලාසිටින අයුරු දුටුවෙමි......ඒ බැල්මතුල අමුතු කාමුක බවක් ඇතිබව පෙනෙන්ට තිබුනි ...මා ඒ දිනවල නිමල් ලෙස ගැහැණු ලමුන් දෙස බැලුවේ මෙලෙස බව සිහිවිය ....නංගිට මෙහෙ පාලුයි වගේ නේද.....අවුලක් නෑ අපි කතාකරකර ඉම්මු.....ඔහු කීවේය.....නෑ මට පාලුවක් නෑ....මා අහක බලාගෙන බයෙන් මෙන් කීවෙමි.....මේ නංගි ගෙදර ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ....තාත්තලත් තාම නිදි.....එන්නකො මගෙ කාමරේට....ඔහු කීවිට කලබලයට පත්වූ මා....ඒ මොකටද...ඇසුවෙමි....නංගි ගාව නැති පොඩි බඩුවක් පෙන්නන්න....ඔන්නම් අල්ලල බලන්න පුලුවන්.....යමුකො......ඔහුගේ අදහස තේරුම්ගත් මා...යකෝ තෝ හිතුවද මාත් අනිත් කෙල්ලො වගේ වලත්ත කෙල්ලෙක් කියල....පැවසීමට සිතූ මා කම්මුල හරහා කන රත්වෙන්න දෙකක් දීමට අල්ල දික්කලත් ....සුරනිමල යනු අම්මාගේ අක්කාගේ පුතාය....මා පිට කෙල්ලෙකි....ගැටලුවක් ඇතිවුවහොත් ඔවුන් ගන්නේ ඔහුගේ පැත්ත මිස මගේ පැත්ත නොවන බව දන්නා මා....කිසිවක් නොකියා....බංකුවෙන් නැගිට ගෙට දිවගියෙමි....අම්මලා සහ අක්කලා නිවස පිටුපස කොරිඩෝවේ පුටුවල වාඩිවී මංගල්‍යය ගැන සාකච්චා කරමින් සිටිනු දක්නට ලැබුනි. මා කෙලින්ම ගොස් අම්මාගේ උකුල මත වාඩිවූවේ හිතේ හටගත් බිය නිසාය.....මොකද දුවේ අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය......මෙච්චර ලොකුවෙලත් තාම හුරතලේ නේද.....ලොකු අම්මා ඇසුවාය....පොඩිකාලෙ ඉදම්ම අම්ම තාත්ත නැතුව හැදිච්ච කෙල්ලනෙ....අම්මකෙනෙක්ගෙ උනුසුම ආදරය මේ දුවටත් දැනෙනව ඇතිනෙ.....අම්මා මගේ මුහුන කිහිපවරක් සිපගනිමින් කීවාය. සුලු වෙලාකින් වෙනත් පුටුවක වාඩිවූ මා මේනිවස තුල තනියම සිටීම අනතුරු දායක බව කල්පනා කලෙමි.
              මා නිමල් කල ගැහැනු ලමුන්ට මෙවැනි දේවල් යෝජනා කල බව කල්පනා විය. සමහරුන්ගෙන් කම්මුල හරහා අතුල් පහරවල්ද කෑබව මතක් විය. එදා ඒ ගැහැනු ලමයිට ඇතිවුන ලැජ්ජා සහගත හැගීම සහ බය නේද මට අද ඇතිවුනේ....අනේ පවු ඒ කෙල්ලන්ටත් මට වගේම වෙන්න ඇති....මා කල්පනා කලෙමි.
               අක්කේ අද අපි යනව නේද....ටික වේලාවකි මා අක්කාගෙන් ඇසුවේ ඉක්මනින් ආපසු යෑමට මගේ සිත බලකල නිසාය.....ඔවු යන්නෙ නැතුව  බෑනෙ නංගි හෙට වැඩට යන්නත් ඕනැනෙ.....ඇය කීවිට මගේ සිතතුල සතුටක් ඇතිවිය....දහවල් ආහාරය ගත් අපි සවස තුන පමන වනවිට නිවස බලා යෑමට සූදානම් වුනෙමු.....දුව ඔන්නම් ටික දවසක් මෙහෙ ඉදල යන්න....නිල්මිනි අක්කත් ඉන්නවනෙ.....ලොකු අම්මා මට කියනු ඇසුනු මා....අනේ බෑ කියන්න අක්කේ ....අක්කාට සෙමින් කීවෙමි.....බෑලු ලොකු අම්මෙ....මෙයා ඉතින් ලැජ්ජ කාරිනෙ....අක්කා කීවාය.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: