ආත් අම්මාගේ පාඩම 132.............හරි වැඩේනෙ දුවේ දුවව පන්ති එක්ක යන ඩ්‍රයිවර් සීය හාර්ට් ඇටෑක් එකක් ඇවිත් හොස්පිටල් ඇඩ්මිට් කරලලු.....දැන් කාත් එක්කද පන්ති යන්නෙ....අම්මා මා සමග පවසනු අසාසිටි සුරන්ජිත්.....නංගිව රෑට එක්ක එන එක මම කරනම් අම්මෙ ....දවල්ට තමයි මොකක් හරි කරන්න ඕනැ.....දවල්ටනම් වාහනයක් කතාකරගෙන මටහරි එක්ක යන්න පුලුවන්නෙ....අම්මා කීවාය....එහෙනම් පුතා වරද්දන්නෙ නැතුව නංගිව එක්ක එන්න....අම්මා කීවාය.
එදා සිට මාව එක්ක ආවේ සුරන්ජිත්ය. අපි එනගමන් මට මොනවාහෝ මා කැමති කෑමක් අරන්දීම ඔහුගේ සිරිතක් විය. ඒවා ඔහුට කවමින් කෑම මගේ පුරුද්දක් විය..ඒවායෙන් කොටසක් අක්කාටද තබා ගත්තෙමි......එදා වැස්සට පස්සෙ මේදවස් ටිකේ මේවෙලාවට වැස්සෙ නෑනෙ.....සුරන්ජිත් වාහනය පදවන අතර තුර එදා වැස්ස මතක් වී දුකෙන්මෙන් පැවසුවේය.....ඒ මොකටද....මා ඇසුවෙමි..... ඔයා සීතලේ වෙවුලනව බලන්න....ඔහු සිනාසෙමින් කීවෙය.......ඇයි ඒ.... මාව වෙවුලනවට ආශ...ඔහුගේ සිතැඟි තේරුම්ගත්තත් නොදන්නවා සේ ඇසුවෙමි....එතකොට උනුසුම් කරන්න පුලුවන්නෙ....ඔහු කීවේය....ඉතින් අයියෙ දැනුත් මට සීතලයිනේ....මා කීවෙමි.....වහහානය පැත්තකට කර නැවැත්වූ ඔහු....මාව තුරුලුකරගන්ටවිය එදාමෙන් මාව සිපගන්ටත් ආදරෙ කරන්ටත් විය...මා මගේ ආදරය හද පත්ලෙන්ම ඔහුට පුදකලෙමි. එදින සිට අතරමගදී අපි ඇතිතරම් ආදරය කරගත්තෙමු. එහෙත් කිසිම දිනක ඔහු ලිංගික සතුට ගැන කතා කිරීම හෝ ඒ සඳහා උත්සාහ නොදරීම පුදුම සහගතවිය.ඔහුට අවශ්‍ය වූවේ ඇතිතරම් මට ආදරය කිරීම පමණි.
මසකට වරක් හෝ දෙවරක් ඉරිදා දිනවල සවස පහට පමන ගෙදර සියලු දෙනා එකතුව කුමක් හෝ දෙයක් ගැන සාකච්චා කරන අයුරු මා දුටුවද කිසිවෙකුගෙන් ඒ ගැන විමසුවේ නැත. ඔවුන් ඉංග්‍රීසි භාෂාවන් කතා කල නිසා මට කිසිවක් නොවැටහුනි. මේ නිසා මා කාමරයටවී මගේ වැඩක් කලෙමි. ඔව්න් සාකච්චා කරන එක් ඉරිදා දිනක මා සුපුරුදු පරිදි කාමරයේ පාඩම් කරමින් සිටියෙමි.....අක්කා දොර ඇරගෙන කාමරයට ආවාය.....නංගිට අපේ තාත්ත එන්න කිව්ව.... කීවාය....මොකටද දන්නෙ නෑ....මා කුතුහලයෙන් උතුව ඇසුවෙමි.....නංගි එන්නකෝ.....ඇය මගේ අතින් අල්ලාගෙන එක්ක ගියාය....ඔතැනින් වාඩිවෙන්න දුවේ...තාත්තා...මට ඔව්න් සමග වාඩිවෙන ලෙස පැවසුවේය. වෙනදා මාව මේ අවස්තාවට සහභාගී කරවා නොගන්නා ඔවුන් අද කරන්න හදන්නේ කුමක්දැයි මා සැකෙයෙන් සහ බියෙන් යුතුව බලා සිටියෙමි.....මේ චතුරිකා දුවත් අපේම ගෙදර කෙනෙක් විදියට පිලිගන්න ඕනැ...ඒ හින්ද මෙහෙ වෙන දේවල් එයත් දැනගන්න ඕනැ....කොයි වෙලවෙවත් මෙයාව කොන්කරල වැඩකරන්න එපා....මම දුවගෙ දේපල ගැන විස්තර හොයල ඔයාගෙ නමට ඒව අයිති කරගන්න ප්‍රොජෙක්ටර් දිසානායකට දීල තියෙන්නෙ.....කොයි වෙලාවෙ හරි දුවත් එක්ක ගිහින් ප්රොක්ටව මුන ගැහෙන්න ඕනැ....දැනට වත්තෙ ආදායම දුවගෙ පොතට යනව දුවට අවුරුදු දහ අට සම්පූරන වෙනකන් ඒව ගන්න බෑ.....පීතර මාම ඒව හොදට බලාගන්නව....තව ආත් අම්මගෙ ගිනුම් වලත් සෑහෙන ගානක් තියෙනව නඩුවෙන් පස්සෙ තමා ඒවත් ගන්න පුලුවන් වෙන්නෙ...ඔහු විස්තර කරන්ටවිය. ...දුව පොඩ්ඩක් ඉංග්‍රීසි ඉගෙනගන්න මෙහෙ ඔක්කොටම ඉංග්‍රීසි පුලුවන්. දුවට විතරක් බැරිවුනාම...ඔයා අපෙන් ඈත්වෙලා වගේ දැනෙනව.....අම්මා කියන්ට වූවාය.....ලොකු දුවේ නංගිත් එක්ක නිතරම ඉංග්‍රීසියෙන් කතාකරන්න.....තාත්තා අක්කාට පැවසුවේය.....අම්මෝ මගෙ බෙල්ල ඉවරයි...මා බියපත්ව කල්පනා කලෙමි.....ඇයි මම විතරක් මල්ලිටත් කියන්න්කෝ....අක්කා කීවාය....හරි අක්කේ...මමත් ඒ වැඩේ කරන්නම්කෝ......සුරන්ජිත් කීවේය.....හරි වැඩේ මට දැන් සුරන්ජිත් එක්ක ආදරේ කරන්නත් වෙන්නෙ ඉංග්‍රීසියෙන් .....මට ගැටලුවක් ඇතිවිය.
ගෙදර අය මෙලෙස හමුවන්නේ ඔවුන්ගේ ඉදිරි සැලසුම් ගැන කතා කිරීමට බව මෙම සිද්දියෙන් පැහැදිලිවිය. මෙවෙනි දෙයක් කිසිම නිවසක කරන බව මා අසා නොතිබුනි. මොවුන් මෙතරම් සමගියෙන් සිටින්නේ මේ නිසා යැයි .මා කල්පනා කලෙමි.
මින්පසු අක්කා මාසමග කතා කරනවිට ඉංග්‍රීසි භාසාවේ කොටස්ද භාවිතාකලේය ඒවට උත්තර දෙන ආකාරයද දිනෙන් දින කියාදෙන්ට වූවාය. ටික කලක් ගතවනවිට ඉංග්‍රිසි භාෂාව ගැන සිතතුල තිබුනු බිය පහවන්ට විය. මාස කිහිපයකට පසුව මගේ දෙපල වලට නීතිමය කටයුතු ආරම්භ විය. මා ඉගෙනීම අතරතුර අම්මා සමග නඩුවලට සහභාගී වීමට සිදුවිය. මා උප්පත්තියෙන් නිමල් යනුවෙන් හදුන්වම්න පිරිමි ලමයෙකු වුවද දැන් ඒ සියලුම වාර්තාවල මාව හැදින්වෙන්නේ චතුරිකා නම් ගැහැනු ලමයෙකු ලෙසට වීම පුදුම සහගත කරුනක් විය.
දෙසැම්බර් නිවාඩුව ලංවිය.නිවාඩු කාලයේදී කොහේ හෝ විනෝද චාරිකාවක් යෑමට තාත්තා යෝජනා කලේය.....නුවර එලිය ගිය පවුල් තුනම මේ සදහා සහභාගි වනබව තාත්තා කීවේය.... දෙසැම්බර් නිවාඩුව ආරම්භවිය. එහෙත් මා පාඩම් කටයුතු නොකඩවා කරගෙන ගියේ ලබන වසරේ උසස් පෙල විභාගය ආරම්භවන බැවිනි. එහෙත් සුරන්ජිත් සහ අක්කා නිදසසේ සිටින බව දුටුවෙමි. සුර්න්ජිත් නිවාඩුවෙ සිටින බැවින් මට ඔහුගෙන් අමාරු විෂයන් අසා දැනගැනීමට හැකිවිය. මේ අතර තාත්තා විනෝද ගමන සදහා දිනයක් දාගෙන ඇති බව රාත්‍රී කෑම වේලාවේදී පැවසුවේය.
No comments:
Post a Comment