අද රෑ බෝවූ නිසා මෙය ඇදගෙන යාමට නොහැකි බැවිනුත් ලියුමක් ලියාගැනීමට නොහැකි වූ බැවිනුත්. නැවත එය ගලවා නයිට් ගවුම ඇදගත්තෙමි....නින්දට යෑමට පෙර ලියුම ලියා තැබිය යුතු යයි කල්පනා කල මා.....පෑන සහ කොපි කොලයක් ගෙන ලියුම ලිවීමට ආරම්භ කලෙමි.
මගේ ආදරණිය අයියේ මගේ හිතේ ඔයා ගැන කිසීම තරහක් නෑ.....ඔයා මට නොයෙකුත් විදියට කරදර කලේ මා ගැන අහිතකින් මොවන බව ඔයා කියල තිබුන...ඔයා මට නරක විදියට සැලකුවත් මම ඒව ගනන් ගත්තෙ නෑ.....මම එදා ගෙදරින් ගියේ ඔයා එක්ක තරහෙන් නෙවෙයි. මම මේ ගෙදර හිටියොත් මේ ගෙදර සමගිය නැතිවෙයි කියන බයට මගෙ අතින් පුංචි හෝ වරදක් උනානම් මට සමාවෙන්න අයියේ මම ඔයා කියල තිබුනු විදියටම ගවුම මහ ගත්තා මීට පස්සෙ මාත් එක්ක තරහ වෙන්නෙ නෑ නේද මගේ සුදු අයියේ.....මීට ඔයාට සදා ආදරේ චතුරිකා නංගී
මෙලෙස ලියුම ලියා තැබූ මා පසුදින සුරන්ජිත්ට දීම සඳහා ලියුම් කවරයේ බහා තබා ගත්තෙමි. පසුදින උපකරක පන්ති නොතිබුනු බැවින්සවස ගෙදර සිටීමට හැකිවිය. පාසැල් ඇදුම් ගලවා නාගත් මා පෙරදින ගෙනා ගවුම ඇදගත්තෙමි.....මෙම ගවුම අනිකුත් ගවුම් වලට වඩා සුව පහසු බවක් ගෙන දුන්නේ. සුරන්ජිත් අයියාගේ තෑග්ගක් නිසා දැයි කල්පනා කලෙමි....ගවුම ඇදගෙන සාලයට ගියවිට මා දෙස බැලූ අම්මා.....ඊයෙ ගෙනා ගවුම නේද... අසා......දුව ඒ ගවුමට හරිම හැඩයිනේ කීවාය.....මා ගවුමේ සායෙන් අල්ලාගෙන වටයක් කැරකුනේ ආඩම්බරයෙන් මෙනි.....මට සුරන්ජිත් අයියා පැමිනෙන තෙක් ඉවසුම් නැතිවිය. නැවත කාමරය තුලට ගිය මා ලියුම් කවරය අතට ගෙන එය දෙකට නවා ගවුමට යටින් ඇදසිටි බ්‍රෙසියරය තුලට ගසා සගවා ගත්තේ කිසිවෙකුට නොපෙනෙන ලෙසය.....ආත් අම්මා ද ඇයගේ සල්ලි දැමූ හැඹිලිය මෙලෙස හැට්ටය අස්සේ සගවා ගෙන සිටි බව මතක් විය....කාන්තාවන්ගේ පියයුරු දෙක නිසා මෙලෙස රදවා ගත හැකි බව සියලුම කාන්තාවන් දන්නා කරුනකි. මාත් දැන් කාන්තාවක් බැවින් මගේ පියයුරු මතද ලියුම සගවා ගැනීමට හැකිවිය....
සුරන්ජිත් ව පහසුවෙන් මුන ගැසීම සඳහා රසායන විද්යාව පොත ගෙන සැටියේ වඩිවී කියවන්ට වූවෙමි.....අම්මාද මා අසලට පැමින රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කරමින් මා දෙස බැලුවාය.....අම්මේ අදනම් කියවන්නෙ රසායන විද්යාව පොත....මා පොත පෙන්වා සිනාසෙමින් පවසන විට.....ඒකෙන් කමක් නෑ සුරන්ජිත් අයිය එනකොටම නැගිටින්න දුවේ....සිනාසෙමින් කීවාය.....මා කැමති චිත්‍ර පටියක් රූපවාහිනිය තුලින් විකාශනය වනබව දුටු මා පොත කියවන අතර තුර ඒ දෙසද බැලුවෙමි.....මා නිමල් ලෙස සිටින කල ඉද හිට හෝ පාඩම් කලත් මෙලෙස රූප වාහිනී බලමින් පාඩම් කිරීම මහා හිරි හැරයක් ලෙස දැනුනි....එහෙත් අද කිසිම කරදරයක් නොමැතිව වැඩ දෙකම එක විට කිරීම පුදුම සහගත විය.
No comments:
Post a Comment