Sunday, June 24, 2018

ආත් අම්මාගේ පඩම 164..............සැමදෙනාම මාව ප්‍රතික්ෂේප කරමින් කතාකල නිසා මා හඬමින් කාමරය තුලට ගියෙමි.....ඇදුම් මාරුකරගත් මා....ඇදේ ඇලවී මීලගට ගතයුතු ක්‍රියාමාර්ගය ගැන හඩමින් කල්පනා කරන්ට වුනිමි...දැන් ඉතින් මට මෙහෙ ඉන්නත් බෑ...සුරන්ජිත්ව මට කවදාවත් අයිති වෙන්නෙත් නෑ.....සුරන්ජිත් නැතුව මට වෙනකෙනෙක් ඕනැත්නෑ....මම එදා හිතුව වගේ මෙහෙන් යනව යන්න.....ගිහින් තනියම ජීවත්වෙනව.....කල්පනා කල මට එසේ කිරීම මා ඇත්තටම වැරැද්දක් කලා යයි මොවුන් සිතනු නොඅනුමාන බැවින්.....එයට වඩා සුදුසු දෙයක් කල්පනා කලෙමි....මගේ පනටත් වඩා මම සුරන්ජිත්ට ආදරෙයි....මම ඒක මෙයාලට ඔප්පුකරල පෙන්වනව....කොහොමද ඔප්පුකරනෙ මා කල්පනා කලෙමි....වාල්මිකීගේ රාමායනය කියවා තිබුනු මට සීතා දේවියටද මට වැනි ගැටලුවක් ඇතිවූ බවත්....ඇය සත්‍යයක් ක්‍රියාවක් කර ගිනිගොඩකට පැන්න බවත් මතක් විය....සුරන්ජිත් නොමැතිව මගේ ජීවිතයෙන් වැඩක් නැත. මට ආදරය කල මේ හැමෝම මට අහිමිවෙන අයුරු මට බලා සිටීමටද නොහැක.
               මා නැවත අම්මා අසලට ගියේ ඔවුන් මාව තවමත් විශ්වාස නොකරන බව සැක හැර දැන ගැනීම සදහාය...මා යනවිට....අම්මා සමග සුරන්ජිත් සහ අක්කා කතාකරමින් සිටිනු දක්නට ලැබුනි..... මෙහාට එනව....අම්මා මට වෙනදා කතා නොකරන සැර භාසාවෙන් කතා කලාය.....මා ඇය අසලට ගියෙමි....දැන් ඔය ළමයට කරන්න තියෙන්නෙ...අර කවුද ඒකොල්ලගෙ නම...අම්මා කල්පනා කරන විට....සංජීව.....සුරන්ජිත් මත කර දුන්නේය.....හරි....සංජීව....දැන් ඔය ලම්යට තියෙන්නෙ සන්ජීව එක්කම යන්න....අම්මා කීවිට....ඒක තමයි දැන් කරන්න තියෙන හොදම වැඩේ....අක්කා කීවාය....අපෝ මෙයා ඒකට කැමතියි අම්මෙ.....සුරන්ජිත් මා දෙස බලා කේන්තියෙන් මෙන් කීවේය....අනේ මට බෑ අම්මේ.....මා කීවිට....අම්මෙ?....මම කිව්ව නේද මට අම්ම කියන්න එපා කියල....ඇය සැරකලාය...මා බියපත්ව බිම බලාගත්තෙමි.....බැහැයි කියල හරියන්නෙ නෑ දැන් තියෙන්නෙ ඒක කරන්න....අම්මා කීවාය....සන්ජීව කියන්නෙ මගෙ හොඳ යාලුවෙක්....මම සන්ජීවට කියන්නම්.....සුරන්ජිත් පැවසුවේය......ඔව් මල්ලියෙ දැන් මෙයා මෙහෙ තියාගන්න බෑනෙ.....අරගෙන යන්න කියන්න.....අක්කා පැවසුවාය. සුරන්ජිත් දුරකතනය අසලට යනවිට මා හඬමින් කාමරය තුලට ගියෙමි....ඔවුන්ගේ ස්ථාවරය වෙනස්වී නොතිබුනු බැවින් මා කුමක් කලයුතුදැයි කල්පනා කලෙමි.....සීතා දේවිය වගේ මාත් ගිනිජාලාවකට පනිනවද...සීතා දේවිය ගින්නෙන් පිච්චුනේ නැත්තෙ එයා ට පින් තිබුන හින්ද වෙන්න ඇති....ඒත් මම නිමල් කාලෙ කරපු පවුකාර වැඩවල හැටියට මාව පිච්චිල අගුරුවෙලා යයි..... දැන් ඉතින් කරන්න දෙයක් නෑ සිතූ මා ඇදුම් ටික බෑගයට අඩුක්කලෙමි. පොත්ටිකද වෙනම බෑගයක අසුරාගත් මා.....බෝඩිමක් සොයාගෙන යෑම සදහා සූදානම් වුනෙමි.එහෙත් කලබල නොවූ මා තවදුරටත් ඉවසා ගෙන සිටීමට කල්පනා කලෙමි....ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා කෑම නොගත් මගේ බඩගින්නද වැඩිවී තිබුනි. නාන කාමරයට ගොස් කුස පිරෙන්ට වතුර පානය කල මා ඇඳේ ඇලවුනෙමි. ටික වෙලාවක් ගතවන විට කුසගින්න නිසා හිස කැරකෙවෙනවා මෙන් දැනෙන්ට විය. එහෙත් මේ බව පැවසීමට කෙනෙක් නැත.මට ආදරයෙන් සලකූ මාව ආදරයෙන් රැක බලා ගත් සියලුදෙනාම මාව ඉවත්කර ඇත. මට දැන් මගේ කියා කෙනෙක් නැති බව දැනුනි. ඉවසීමට නොහැකි තැන මා කඩයකට ගොස් මොනවා හෝ කෑමට සිතුනි. එහෙත් මෙවැනි වැදගත් නිවසක ජීවත්වෙන මා වැනි තරුනියකට නුසුදුසු බව කල්පනා කල මා එම අදහස අතහැර ගත්තෙමි. මා සෙමින් සෙමින් කුසිය දෙසට ගමන් කරන්ට වුනේ කෑමට සුලුවෙන් හෝ දෙයක් සොයා ගැනීමටය. කොහේද යන්නෙ....මාව දුටු අම්මා ඇසුවාය....මා කුස්සිය දෙසට අත දිගුකර ඒ දෙස පෙන්නුවෙමි.....දැන් ඔහේ යන්න ඕනැ නෑ තව පොඩ්ඩකින් උඹේ අර මිනිහ එයි ඒකත් එක්ක යන්නම පලයන්....ඇය සැරෙන් මෙන් කීවාය....එම වචන නිසා මගේ සිත සෑහෙන ලෙස රිදුනි....අම්මාගෙ එම කතාව අසා සිටි සුරන්ජිත් සහ අක්කා සමච්චලයට මෙන් සිනාසෙනු දුටුවෙමි. කුසගින්නත් අම්මාගේ දෝෂාරෝපනයත් සුරන්ජිත්ගේ සහ අක්කා ගේ සමච්චල් සිනහවත් නිසා මට මොනවා කරන්නදැයි සිතාගත නොහැකිවිය. මගේ ගතට අමුතු පනක් ලබුවාක් මෙන් දැනුනු මා.කුස්සිය දෙසට දිව ගොස් එහිතිබෙන හොදින් කැපෙන පිහිය අතට ගත්තෙමි.....මොකටද පුන්චිබේබි.....එය දුටු...මාගරට්  මා පස්සෙන් එන්ටවිය.....කුමක් හෝ කලබලයක් බව තේරුනු තන්ගච්චි ද මා අසලට එනු දුටු මා පිහිය රැගෙන අම්මලා සිටින  ස්ථානයට ගියෙමි....දැන් කාටවත් මාව විශ්වාස නැද්ද.....ඇසූ මා.....ඔයාල මාව විශ්වස කරන්නෙ නැත්නම්.......මට ඔන්නම් පුලුවන් ඔයාලව දාල මෙහෙන් ගිහින් මගේ ගෙදර ඉන්න....ඒත් මම එහෙම කරන්නෙ නෑ......ඔයාල ඔන්නම් මට ගහල පන්නන්න.....මම වැරැද්දක් කලේ නෑ...වැරැද්දක් වෙලත් නෑ....ඉදිරියට කරන්නෙත් නෑ.....ඒ හින්ද මෙහෙන් යන්නෙ නෑ....මම කියන්නෙ ඇත්ත මම මේකෙන් අත කපාගෙන ඇත්ත කියල පෙන්වනව.....මා පිහිය අතට තබනවිට....ඔය මොකද කරන්න දානව ඔය පිහිය පැත්තකට.....අම්මා සැරකරන්ට වූවාය....අනේ නිකා ඉන්න අම්මෙ....ඔය අපිව බයකරන්න හදනව....කී අක්කා ඉතින් කපාගන්නව අපිට මොකෝ..තමුසෙ අපේ කවුද ...ඇය එසේ කියනවාත් සමගම මා පිහිය අතට තදකර ඇද්දෙමි.....රතු පැහැති රුධිරය ගලා යනු දුටු මගේ හිස කැරකෙන්ට විය. මාව මැරෙයි යන සිතුවිල්ල ඇතිවිය. දෑස් නිලන්කාර විය.....සිරුර පන නැතුව වැටෙනු මතකය....ඉන්පසු සිදුවූ කිසිම දෙයක් මතක නොතිබුනි....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: