ආත් අම්මාගේ පාඩම 150..............හැබයි ඔය කසාදෙට මමනම් කැමති නෑ.....තත්තා පැවසුවෙය.......ඒ මොකද එහෙම කියන්නෙ....එයාල පිට අය නෙවෙයි... මගෙම අයියගෙ දුව.....අම්මා කීවාය.....ඔන්න ඕක තමයි වත්සලා මම ඔය කසාදෙට විරුද්ධ වෙන්න හේතුව....තාත්තා කීවිට....ඇයි මගෙ අයියලත් එක්ක මොකක්හරි ප්රශ්නයක් තියෙනවද....ඇසූ අම්මා....දේපොල නැතුවද කෙල්ල ලස්සන නැතුවද....මොකද විනෝදනී කියන්නෙ නරක ලමයෙකුත් නෙවෙයිනෙ..ටිකක් සෝසියල් විදියට තමා ඉන්නෙ...ඒක ඉතින් ඒලමයගෙ රස්සවෙ හැටියටනෙ...ඒක අපේ පුතාට හරියන්නෙ නැත්නම් කියල හදාගනියි.....අපේ පුතා ගැහැනු ලමයිගෙන් ටිකක් ළඟින් ඇසුරුකලෙත් ඒ ලමයනෙ....ඉතින් මොකක්ද විරුද්ද වෙන්න තියෙන අඩුපාඩුව..අම්මා කීවාය...ඒ ළමයගෙ කිසිම අඩුපාඩුවක් නෑ...තියෙන එකම අඩුපාඩුව වත්සලාගේ අයියගෙ දුව වුන එක විතරයි...තාත්තා කීවේය.....ඉතින් ඒක අවැස්ස නෑ කමට හරිනෙ.....අම්මා ප්රශ්න කලාය.....මම ඩොක්ටකෙනෙක් විදියට මේ කියන්නෙ....එකම පරම්පරාවල දෙන්නෙක් එකතුවුනාම ලැබෙන ලමයින්ට යම්යම් රෝග ඒවගේම විකෘර්තිතා ඇතිවෙන්න පුලුවන්. ඔය ගොලු ... ඇස්පේන්නෙ නැති....අතපය කොරවුන ලමයි බිහිවෙන්න පුලුවන්....වත්සලාටත් ඒවගෙ ලමයෙක් බලාගන්න ඔන්නම් මේ මගුලට කැමති වෙන්න....තාත්තා අවසන් වසයෙන් කීවේය.....මම මේකට අකමැති වෙලා කොහොමද...අකමැතියි කිව්වොත් අයිය මාත් එක්ක හිත හොද නැති වෙයි....හරි එහෙම ගැටලුවක් ආවොත් මම පැහැදිලි කරල දෙන්නම්.....තාත්තා ගැටලුව බාරගත්තේය.
මම ඔය දෙන්නගෙ කතාව අහගෙනයි හිටියෙ අම්මේ...පැවසූ ලොකු අයියා......තාත්ත කියන එක හරි....දැන් අම්මගෙ පරම්පරාවෙනෙ මාම.... අම්මගෙ ජාන මාමට තියෙනව....එතකොට මාමගෙ දුව විනෝදනීනෙ ඒක එයාට යනව.....අපේ පැත්තෙන් ගත්තොත් අපිට ඇවිල්ල තියෙන්නෙ අම්මගෙ ජාන....මල්ලිටත් තියෙනෙ අම්මගෙ ජාන......එතකොට විනෝදනී නංගිටයි මල්ලිටයි තියෙන්නෙ එකම ජාන....එයාල බැන්දොත් එයාලට හැදෙන බබාට ඒ එකම ජානෙ යන්න පුලුවන් බැරිවෙලාවත් පාරම් පරිකව ආව විකුර්ති ජානයක් කලලයට ගියොත් ඒක වැඩිවෙන්න පුලුවන්.....ඒ කියන්නෙ මොකක් හරි ගැටලුවක් සහිත දරුවෙක් බිහිවෙන්න පුලුවන්...හරිනම් මේවගෙ විවාහ නීතියෙන් තහනම් කරන්න ඕනැ අම්මෙ....අපි ගාවට ඕවගෙ කේස් කොච්චර එනවද කියල තාත්තත් දන්නව ඇතිනෙ.......ලොකු අයියා පැහැදිලි කරමින් කතාකලේය. අනේ මන්ද ලොකු පුතේ මම මේක කොහොම මාමට කියන්නද කියල කල්පනා කලේ.....දැන් වත්සලාට ඕනැ නිරෝගි මුනුබුරෝ මිනි බිරියොද එහෙම නැත්නම් අයියයි විකෘති දරුවොයිද.....තාත්තා එසේ කියන විට අම්මා කල්පනා කරන්ට වූවාය.
වත්සලා..කී තාත්තා මාදෙස බලා ඉංග්රීසි භාෂාවෙන් කතා කරන්ට වූවේය..... අතේ වටිනා මැනිකක් තියාගෙන ඒක අහකට විසිකරල තිරිවාන ගල් අහුලනවද...මා තේරුම් ගත් ආකාරය එය විය....තාත්තා මෙසේ කියන්නෙ මා ගැන දැයි සැකයක් ඇතිවිය....ඔයා ඔය කියන්නෙ අපේ චතුරිකා දුව ගැනද.....අම්මා ඉංග්රීසියෙන් ඇසුවාය.....ඔව්... මොකක්ද ඒලමයගෙ තියෙන අඩුව.....තාත්තා ඇසුවේය.....අම්මා කිසිවක් නොකියා තාත්තා දෙස බලා සිට.....සුරන්ජිත් පුතා වෙන ගැහැණු ලමයින්ට කැමති නැති හින්ද මේ ලමයට කැමති වෙයිද කවුද දන්නෙ.....අම්මා ඇසුවාය....සුරන්ජිත් මල්ලි කැමතියි අම්මේ....අක්කා එකවරම ඉංග්රීසියෙන් කීවාය....ඔයා කොහොමද දන්නෙ....අම්මා ඇසුවාය.....අම්ම මල්ලිගෙන් අහල බලන්න....ඇය කීවාය....ඉතින් පුතා කැමතිනම් මට කමක් නෑ.....අම්මා කීවාය....එය ඇසුනු අක්කා සතුටට පත්වී මගේ අත තදින් මිරිකා මුහුන සිපගත්තාය.....ඇයි අක්කේ.....ඉංග්රීසි භාෂාවෙන් කල ඔවුන්ගේ කතා බහ නොතේරුනු විලසින් මා ඇසුවෙමි....මම පස්සෙ නංගිට කියන්නම්කෝ....අක්කා කීවාය....දැන් ප්රශ්නෙ ඉවරයිනෙ....තාත්තා කීවිට....මේක දැන් අයියට කියන්නෙ කොහොමද......නුවර අක්කනෙ මේ පනිවිඩේ කිව්වෙ අක්කට කියනව .. එයා කියයි....අම්මා පැවසුවාය.....
අපි කතාකරමින් සිටින විට සුරන්ජිත් අපි අසලට ආවේය....මල්ලි මෙහෙ එන්න....අයියා ඔහුට කතාකලේ ඉංග්රීසියෙනි....ඔහු අයියා ගාවට පැමින....ඇයි....යනුවෙන් ඉංග්රීසියෙන්ම ඇසුවේය.... මින් පසු ඔවුන් කතා කලේ එම භාෂාවෙන්මය.....මල්ලි විනොදනී නංගි බඳින්න කැමතිද.....ඇසුවේය....අම්ම කියන හින්ද... අම්මගෙ හිත රිද්දන්න බෑ අයියෙ.....ඔහු කීවේය....පුතා අම්ම කියනවනම් ළිඳේ පනින්න කියල පනිනවද?.....තාත්තා ඇසූ විට ඔහු හිසකසමින් සිටියේය....මම පුතාට මේගැන කිව්වෙ....මගෙ අයියගෙ හිත නරක් කරන්න බැරි හින්ද......පුතා කැමතියි කිව්ව හින්දයි මම මේක මහත්තයට කිව්වෙ....අම්මා පැවසුවාය....මල්ලිගෙ අදහස කියන්නකො මේ ගැන.....අක්කා ඇසුවාය.....අම්ම කිව්ව හින්ද කැමතිවුනේ මගෙනම් එච්චර කැමැත්තක් නෑ.....සුරන්ජිත් කීවේය......මල්ලි දන්නවද ඇවස්ස අය බැන්දම ඇතිවන විපාක කී අයියා ....ඔහුට එම විපාක කියාදෙන්ට විය.....ඔවුන් ඒ අවසථාවේ කතාකල ඉංග්රීසි බර වැඩි බැවින් මට නොතේරුනි.
දැන් පුතා ඔක්කොම දැනගත්තනෙ....මම තාත්ත කෙනෙක් වශයෙන් ඔයාගෙන් අහනව.... කී ඔහු....මම හිතන්නෙ මගේ අදහසට අම්ම එක්ක මේ ඔක්කොමල්ල කැමති වෙයි කියල....මෙතෙන්ට දැන් ඕනැ පුතාගෙ කැමැත්ත....කී තාත්තා....
No comments:
Post a Comment