ආත් අම්මාගේ පාඩම 112...........මා යනවිට උදැසන නවය පමන විය. මේවනවිට පීතර මාමා සහ මැගිලින් නැන්දා වැඩට ගොස් අති බව මට සිතුනි....අපේ රබර් වත්තේ කිරි කපන්නේද මැගිලින් නැන්දාය......ඇය සමග තවත් කිහිප දෙනෙක් කිරිකපන බව දැනගෙන සිටියත් මා ඔව්න්ව හදුනන්නේ නැත.....මේ සියලු කටයුතු සොයා බලන්නේ පීතර මාමාය.....පිතර මාමා මගේ තාත්තා සිටි අවදියේ පටන් සිටි අවංක පුද්ගලයෙක් බව ආත් අම්මා කිහිපවරක් මා සමඟ පවසා තිබුනි. මා මෙම වතුපිටි ගැන නොදැන සිටියත් ඔහු සිටීම මගේ වාසනාවක් විය.
උදැසන අවුරශ්මිය වැඩිවෙමින් තිබුනු නිසා කුඩය ඉහලාගත් මා උකුල පද්දමින් පාරේ ගමන් කරනවිට මෙය මා ගමන් කරන අවසාන කාන්තා ගමනදැයි සිතුනි. නිවසට ලගාවනවිට ගේට්ටුව වසා තිබුනි එය ඇරගත් මා නිවසට කිට්ටුවුනෙමි....ඉදිරි දොර අසලට ගිය මා අත් බෑගයේ තිබුනු යතුරු කැරැල්ල ගෙන ඉදිරි දොර ඇරියෙමි...ආත් අම්මා මියගිය පසු මෙහෙට තනියම පැමිණි පලමු දිනය අදවිය......ඇතුලේ පාලු ස්වභාවයක් දැනුනි. තැනින් තැන මකුලු දැල් බැදී තිබුණි . ආත් අම්මා මට බනිමින් මකුලුදැල් කඩන අයුරු සිහිවිය.....මූට රස්තියාදු ගහන්න වෙලාවක් තියෙනව ගේ සුද්ද පවිත්ත්‍ර කරගෙන ඉන්න තමා වෙලාවක් නැත්තෙ.....ඇගේ කඩහඩ ඇසෙනවාක් මෙන් දැනෙන්ට විය. හොල්මන් තියනව කියන්නෙ මෙවගෙ පාලුවට ගිය පරන ගෙවල් වලලු.... මගේ සිතට අමුතු බියක් ගෙන දෙන්ට විය....මා කුස්සිය දෙසට ගමන් කලෙමි...කුස්සියට ලංවන විට එය තුල ආතම්මා වැඩ කරනවාක් මෙන් ශබ්දයක් ඇසෙන්ට විය.....ඇත්තටම හොල්මන්ද....මගේ සිතට බියක් දැනුනි......ආත් අම්මා කුස්සියේ වැඩකරන අයුරු මැවී පෙනෙන්ට විය....මා බිය මුසුව කුස්සියට එබිකම් කලෙමි....එහි සිටි කලවැද්දෙක් මාදෙස බලා කුඩා ජනෙල් කවුලුවෙන් පැන දුවන්ට විය.....මිනිස්සු නැති වුනාම සත්තු තමා මේවයෙ හොල්මන් කරන්නෙ.....මට සිතුනි.....මා පිටු පස දොර ඇරියෙමි.....එලියට ගොස් වටපිට බැලුවෙමි.....පීතර මාමාගේ නිවසේ දොර වසා තිබුනි....දැන් ඉතින් තියෙන්නෙ.....මට නිමල් වෙන්න....ගෙය තුලට ගිය මා..පිටුපස දොර සහ ඉදිරිපස දොරවල් වසා ඇතුලතින් අගුලුදමා මා සිටි කමරය තුලට ගියෙමි. ඇදේ මෙට්ටය මත දූවිලි වැටී තිබුනු බැවින් ඒවා ගසා දැමුවෙමි. මේසයද පිසදමා අත් බෑගයෙන් ඉවතට ගත් ඉටි පිලිම දෙක ඒමත තැබුවෙමි. නිමල් බවට පත්වීමට ශරීරයට ඉඩකඩ ලබා දීම සඳහා ඇත සිටි සියලුම ස්ත්‍රී ඇඳුම් එකින් එක ඉවත් කරමින් නිරුවත් උනෙමි. මානිමල් ලෙස ඇද සිටි පිරි ඇදුම් දමා තිබුනේ අල්ලපු කාම්රයේය. මා නිරුවතින්ම එම කාමරයට ගියේ ඒවා එලෙසම තිබෙනවා දැයි සැක හැර දැනගැනීම සදහාය. කමිසයක් සහ කලිසමක් අතට ගෙන ඒවායේ තිබුනු දූවිලි ඉවත් කිරීම සඳහා දෙතුන් විටක් හයියෙන් ගැසුවෙමි. ඒවාද අතේ තබාගෙන නැවත කාමරය තුලට ඇතුලුවුනෙමි. පිලිම දෙක අසලට ගිය මා ...... එය ඔතා තිබුනු තිබුනු රතු පැහැති රෙදි කැබැල්ල දිග හැරියෙමි.....ගැහැනු පිලිමයේ ගසා තිබුනු කටුව එසේම තිබුණි .....දැන් තියෙන්නෙ මේක ගලවලා පිරිමි රූපෙට ගහන එක....මා කටුවට අත තැබුවෙමි.....මට චතුරිකාගේ අහිංසක මුහුන සිහි විය. මා එම සිනිදු මුහුන අතගාන්ට වුනෙමි.....මා වැඩිවසයෙන්ම ආදරේ කල ඇගේ පිරිපුන්පියයුරු දෙක අතගාන්ට වුනෙමි....නිමන්ති සමග මගේ යෙහෙලියන් සමූහයම සිහිවන්ට විය. ඔව්න් සමග ගතකල සුන්දර ජීවිතය සිහිවිය.....දැන් මා සමග අමනාපයෙන් පසුවූවද අම්මා . එසේම දැනටත් ආදරේ කරන අක්කා මට ආදරේ කල අයුරු සිහිවන්ට විය. මට බෑ.... මට බෑ...මට චතුරිකාව නැතිකරගන්න බෑ....මගේ සිත හඩා වැටෙන්ට විය.....මා නැවත ඒවා ඔතා බෑගය තුලට දාගත්තෙමි.....ඒත් මේවගෙ කෙල්ලෙක් වෙලා මම කොහොමද තනියම මේ පාලු බන්ගලාවෙ ඉන්නෙ....මම වගේ කෙල්ලෙකුට තියා නිමල්ට උනත් ඉන්න පුලුවන්ද.....නිමල් කොල්ලෙක් හින්ද ටික දවසකින් හරියයි ඒත් කෙල්ලෙක්...ඒත්..මට ආයෙත් කොහේවත් යන්න බෑ.....මට ඉන්න ඕනැ මගේ ගෙදර මට තවත් අනුන්ගෙ ගෙවල් වලට ගිහින් අනාතය කියල අපහාස විදින්න බෑ....නැවත පිලිම දෙක ඉවතට ගත්තෙමි. මේසය මත තබා රෙදි කැබැල්ල දිගහරියෙමි. මට බෑ ආයෙත් අපහාස විදින්න. මා සිත දැඩිකර ගත්තෙමි. හිත කොච්චර එපා කියල කිව්වත් මේ සැරේනම් කටුව අදින එක අදිනවමයි. කටුව මත අත තැබූ මා කෙතරම් අකමැතිවූවද එය පිටතට ඇද පිරිමි රූපය මත තබා කටුව ඇතුල් කලෙමි....එතැන් සිට මගේ ශරීරය තුල පිරිමි බවට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භවන්ට විය.. මාස ගනනක් මට තිබුනු සුන්දර සිරුර මට නැතිවෙනවා දැනුනි..මට ඇතිවූ දුක දරාගත නොහැකිව දෑසින් කදුලු කඩා හැලෙන බව දැනුනි. ඇද මත තිබුනු කමිසයෙන් කදුලු පිසදාගත්තෙමි....අනේ මගේ චතුරිකා....ඇද මත තවමත් තිබුනු කොට්ටය බදාගෙන අඩන්ට පටන්ගත්තෙමි.
No comments:
Post a Comment