නංගී එන්න තේබොන්න..... මා ඇදුම් මාරුකරගෙන වෙනත් ගවුමක් ඇදගත් විට සුරන්ජිත් කතා කරනු ඇසුනි. දොර ඇරිය විට ඔහු මා පැමිනෙන තුරු බලා සිටිනු දක්නට ලැබුනි......නිමන්තිලගෙ ගෙදරින් තේ බීල දැන් බොන්නත් බෑ.....මාව දුටු සුරන්ජිත් කීවේය.....ඒ වුනාට අයියෙ.... බිව්වෙ නැත්නම් අම්මගෙ හිත රිද්යි.....ඒ හින්ද බැරි වුනාට කමක් නෑ කොහොම හරි බොමු....පැවසූ මා ඔහු සමග තේ බීමට ගියෙමි......කේක් කෑල්ලක් අතට ගත් මා අම්මාට එකක් කැවීමට ලගට ගියෙමි....මොකද මේ....ඇය ඇසුවාය.....මගේ සතුටට කී මා ඇයට කේක් කැබැල්ල කැවුවෙමි.....අම්මේ.... අම්මේ අර අපි කතාකරගත්ත පාටිය ලබන ඉරිදට දාගත්ත.....ගැටලුවක් නෑ නේද......සුරන්ජිත් පැවසූ විට මා ඔහු දෙස පුදුමයෙන් බලා......ඇයි අයියෙ අපේ යාලුවන්ට දෙන පාටියත් එදාටමනෙ තියෙන්නෙ....මා ඇසුවෙමි.......ඒ පාටිය ගැන තමයි දුවේ....පැවසූ අම්මා.....දුව පාස්වෙලා තිබුනොත් සුරන්ජිත් අයිය ගානෙ පාටියක් දෙනව කියල අපිට කියල තිබුනනෙ ....ඇයි දුවට කිව්වෙ නැද්ද......ඇසුවාය.....අම්මලාට කිව්ව බවනම් කිව්වෙ නෑ....පාස්වුනාට පස්සෙ පාටියක් දෙන්නම් කියල නම් කිව්ව....පැවසූ මම ...හරි නරකයි..... අයිය මාත් එක්ක මේ බවක් නිකන්වත් කිව්වෙ නෑනෙ.....මා ඔහු දෙස අමනාපයෙන් මෙන් බලා කීවෙමි....එයට සිනාසුනු ඔහු.....මම මේක හොරෙන්ම කරන්න හැදුවෙ නංගිව පුදුම කරවන්නත් එක්ක...ඒත් නංගිගෙ යාලුවන්ටත් කියන්න ඕනැ හින්ද කිව්වෙ....කියමින් ....කේක් කැබැලක් කෑ ඔහු තවත් එකක් අතට ගත්තේය.....බඩ පිරිල කිව්ව දැන් තව එකක් කන්න හදනව නේද .........මා අම්මාට නොඇසෙනසේ රහසින් මෙන් කීවිට.....ඔහු එය අතේ තබාගෙන සිටියේය.....ඉතින් කන්න... මම විහිලුවට කිව්වෙ....මා කීවෙමි.....අම්මා අහක බලනතෙක් සිටි ඔහු එය මගේ මුවදෙසට ලංකලේය.....ඔහුගේ සිතැඟි තේරුම් ගත් මා අම්මා දකින්ට පෙර කටින් කැබැල්ලක් කඩාගෙන කෑවෙමි.....තේ කෝප්පය අතට ගත් සුරන්ජිත් එයින් උගුරු කිහිපයක් පානය කර පීරිසිය මත තබා අත පිස දැමීමට කොලයක් ගනු දුටු මා.....ඔහු පානය කල තේකෝප්පය මා අතට ගෙන උගුරු කිහිපයක් පානය කර එතැනම තබා මගේ තේ එක අතට ගත්තෙමි.....මම දැක්කෙ නෑ කියලද හිතේ....මගෙ තේ එකෙන් ටිකක් බිව්ව නේද......සුරන්ජිත් සැරෙන් මෙන් ඇසුවේ අම්මාට ඇසෙන සේය.....හරි වැඩේ සුරන්ජිත්ට ඒක දැකල කේන්ති ගිහිල්ල වගේ....ඇත්ත මම ආදරේට වුනත් කලේ වැරදි වැඩක්...... මෙයාල දෙන දෙයක් කාල බීල ඉන්නව හැර එයාලගෙ දේවල් එයාලට හොරෙන් ගන්න හොද නෑ....සිතූ මා.....සොරි අයියෙ......මට වැරදුනා.....වරදින්නෙ කොහොමද මම බීල තේ කෝප්පෙ තිබ්බෙ මෙතැනින්නෙ....ඔයාගෙ තේ එක ඔයා ගාව තියෙන්නෙ...අයියා කීවේය....මොකද පුතේ....අම්මා අසුවාය.....මගේ තේ එක මේ නංගි බිව්වනෙ.....සුරන්ජිත් කීවේය
ඕකට ඉතින් නංගිට ඔයතරම් බනින්න ඕනැ නෑනෙ......කී අම්මා .....මේ පොඩි ම්හත්තයට තේ එකක් අරන්වරෙන් ...තන්ගච්චිට කතාකර කීවාය......ඔන්නැ නෑ අම්මෙ උගුරු දෙක තුනකට වඩා බීලනෑ.....සුරන්ජිත් කීවේය....අනේ දුවේ ඔයා ඔය බොන තේ එකෙන් අයියට ඔයා බීපු උගුරු දෙක තුන දාන්න.....මා ඔහුගේ කෝප්පයට මගේ තේ කෝප්පයේ ඉතුරිටික හැලුවෙමි. මගේ කෝප්පයේ තේ පොඩක් ඉතුරුවී ඇතිබව දුටු මා ඒ ටික පානය කර....බිම බලාගෙනම මගේ කාමරය තුලට ගියෙමි.....ඇඳේ ඇලවුනු මා මම කල වැරදි ක්‍රියාවේ බරපතල කම සිහිකලෙමි. අනේ දෙවියනේ මේදවස් ටිකේ අයිය මාත් එක්ක කොයිතරම් ආදරෙන්ද හිටියෙ. දැන් ඉතින් එයා මාත් එක්ක කතාකරන එකක්වත් නෑ....හිතට ඇතිවූ දුක නිසා කොට්ටය බදාගෙන අඩන්ට වුනෙමි...මම මීට පස්සෙ ගෙදර අයගෙ අවසරයක් නැතුව කිසිම දෙයක් අල්ලන්නෙවත් නෑ....සිතාගත් මට ඉරිදා යොදාගත් පාටියද සිහිවිය....දැන් ඉතින් සුරන්ජිත් ඒ පාටිය දාන එකකුත් නෑ....කොහොමද මගෙ යාලුවන්ට මුහුන දෙන්නෙ....මා කල්පනා කරමින් තවදුරටත්අඩන්ට වුනෙමි.....
No comments:
Post a Comment