ආත් අම්මාගේ පාඩම 134............අපි මීලගට ගියේ ජය ශ්‍රීමහා බෝසමිදුන් වැදපුදාගැනීම සඳහාය මේ සෑම ගමනක්ම මම ගියේ සුරන්ජිත් සමගය මෙයට කිසිවෙකුගේ විරුද්දත්වයක් දැක්වූවේ නැත. අක්කා නිතරම උත්සහකලේ අපිදෙදෙනා එක තැන තැබීමටය. මා කල සෑම පින්කමක් පාසාම මගේ පැතුම වූවේ නිවන් ලබනාතුරු ගැහැණු බවවලම උපත්ති ලබා සුරන්ජි ගේ භාර්යාව බවට පත්වීමටය.
දහවල් ආහාර ගත් අපි සවස අටමස්ථාන වන්දනා කිරීම සදහා ගියෙමු. මීට කලින් මේවා දැක නොතිබුනු මට සුරන්ජිත් විස්තර කර කියාදෙන්ට විය. ඉන් අනතුරුව නෑම සදහා නුවර වැව අසලට ගියෙමු. වැවේ නෑම සදහා සූදානම්වී වී යන ලෙස නිමන්තිගේ තාත්තා දැන්වූ බැවින්. මා අම්මා දුන් චීත්ත රෙද්ද සහ සාලුව රැගෙන ආවෙමි. මෙවැනි එලිමහන් පෙදෙසක ඇදුම් මාරු කිරීමට නොපුරුදු බැවින් අම්මා දෙස බැලුවෙමි.....ඔය චතුරිකා දුව කල්පනා කරන්නෙ මොනවද දන්නවද....එයාට මේවගෙ තැන්වල ඇදුන් මාරුකරගන්න තේරෙන්නෙ නෑ...කතරගම ගිය දවසෙ මායි උදවු කලේ.....නිමන්තිගේ අම්මා....සිනාසෙමින් අපේ අම්මට කීවාය....එහෙමත් එකක්ද....අම්මා දිය රෙද්ද අදිමින් කීවාය.....ඉන්න මම අන්දවන්නම්....මට අම්මා අසලට කතාකලාය.....මම වගේ සෝටක් ඇදගත්තනම් ඉවරයිනෙ නංගි..... ඔයතරම් වදවෙන්න ඕනෙ නෑනෙ....අම්මා මට අන්දන දෙසබලා අක්කා කීවාය. මේ වනවිට අක්කා කලිසමක් සහ බල්වුසයක් ඇදගෙන නෑමට සූදානම් වී සිටියාය....මම අස නෑ අම්මෙ කලිසම් අදින්න....ඒව කොල්ලො අදින ඇදුම්..මා අකමැත්තෙන් කීවිට...දුව ඉතින් කොල්ලො වගේ ඉන්න කැමතිනෑනෙ.....අම්මා සිනාසුනාය.
කොට කලිසමකින් පමනක් සැරසී සිටි සුරන්ජිත් වැව ඉවුරට වී මා දෙස බලා සිටිනු දුටුවෙමි. මා දිය රෙද්ද ඇද ගෙන ඔහු අසලට යනවිට....මම මේ ඇදගෙන බලා ඉන්නව ඔයා ඇයි පරක්කු කියල..ඔයාලට වගේ අපිට ඉක්මනට ඇදුම් මාරුකරන්න බෑනෙ....මා කීවෙමි....ඔයා ඕහොම ඇදගෙන ඉන්නව දැකල තමයි මට ඔයා එක්ක කතාකරන්න ආශ හිතුනෙ.....එදා කතරගම සිද්දිය මතක්කරමින් කීවේය...මෙම කතාකලේ නෑ කියල එදා මට බැන්නනේ....ඉතින් දැන් කතාකරන්න.....කී මා ඔහුගේ මුහුන දෙස බලා සිටියෙමි....කොට කලිසමකින් පමනක් සිරුර ආවරනය කරගෙන සිටි සුරන්ජිත්ගේ නග්න සිරුර දුටුවේ අදය....කෙස් වලින් ගහන ඔහුගේ පපුපෙදෙස ශක්තිමත් මස් පිඩුවලින් ඔහුගේ කඩවසම් බව හොදින් දැක ගැනීමට ලැබුනි....අත පයවල ශක්තිමත් බව ඒවායේ තිබුනු මස්පිඩුවලින් පෙන්නුම් කලේය. මා නිමල් ලෙස සිටිකල මගේ පිරිමි සිරුරද මෙලෙස මස්පිඩු වර්දනය වෙමින් පැවතුනු බව සිහිවිය. ඒ වනවිට මගේ පපුපෙදෙසේ තැනින් තැන කෙස් වර්දනය වෙමින් තිබුනි....එදා මා ශක්තිමත් කඩවසම් කොල්ලෙකි. එහෙත් මාව චතුරිකා බවට පත්වූ පසු එම සුරුරට වඩා මෙම සිරුරට ඇලුම් කරන්ට වුනෙමි...ගැහැනුකමට ක්‍රමයක් ක්‍රමයෙන් හුරුවන විට...මට පිරිමි ජීවිතය එපාවිය....මා චතුරිකාගේ ජීවිතයට කෙතෙක් ඇලුන්කලාදැයි කියතහොත් මීටපසු පිරිමියෙක් බවට පත්වීම සදහටම නැතිකර දැම්මේ එබැවිනි ....දැන් මට නැවත පිරිමියෙකු බවට පත්වීමට කිසිම ක්‍රමයක් නැත.... එසේ වීමට හැකියාව ඇතත් දැන්මා සසරේ කිසිම දිනක පිරිමි බවයක් පතන්නේ නැත.
නාන ගමන් කතාකරමු කී සුරන්ජිත් මගේ අතින් අල්ලාගෙන දියට බැස්සේය...මා ඔහු සමග ඉනවටක් ගැඹුර දක්වාගියෙමි....නිමන්තී සහ අජිත් ද අපිසිටින එතානයට පැමිනි අතර අක්කාද ආවාය.....ඔවුන් අපි දෙදෙනාට වතුරවලි ගසන්ට පටන්ගන්ට විය.....ආපි ද ඔව්න්ට වතුරෙන් ගැසුවෙමු.......ටිකවේලාවක් ජලය ගසා ගනිමින් විනෝදවුනු අක්කා ...ඔය දෙන්නට කරදර කරන්න හොද නෑනෙ පවසා අම්මා නාන ස්තානයට ගියාය.....අජිත් සහ නිමන්තීද අපදෙදෙනා අසලින් ඈත්වනබව දුටුවෙමි.....ඔයාට පීනන්න පුලුවන්ද....සුරන්ජිත් ඇසුවේය....පුලුවන් ඒත් මේ දියරෙද්ද එක්ක බයයි අනේ.... මා කීවෙමි....ඒ මොකද ...ඔහු ඇසුවේය....කැඩෙයි කියල... මා කීවෙමි....එහෙනම් මරුනේ මට පොටෝ එකක් ගහගන්න පුලුවන් ඔහු සිනාසෙමින් කීවේය....ඊය ....උපාසකය වගේ හිටියට හරි වල්....මා ඔහුගේ අතට පහරක් එල්ල කරමින් කීවෙමි.......ගෑනු ලමයෙකුගේ නියුඩ් පින්තූර හරි කලාත්මක විදියට ගන්න පුලුවන්.....කී ඔහු..ඒක දිහා නරක කාමුක අදහසින් නෙවෙයි.. කලාත්මක ඇහෙන් බලන්න පුලුවන්නම් හරිම සුන්දරයි...මටත් ඔයාව පේන්නෙ ඒවගේ හරිම කලාත්මක සුන්දර නිර්මානයක් විදියට.....ආපෝ එහෙනම් අයිය කවදාවත් මාවනම් බදින්න එපා.....මා ඔහුගේ ඇගට වතුර ඉසිමින් කීවෙමි.....ඒ මොකද....ඔහු ඇසුවේය....මට බෑ ඔය සෝකේස් ඇතුලට වෙලා හෙල්ලෙන්නෙ නැතුව ඉන්න....මම ඉතින් කලා භාන්ඩයක්නේ.....මා සිනාසෙමින් කීවෙමි.....මම ඔයාට එහෙම කරන්නෙ නෑ...මට ඕනැ ඔයාව තුරුලු කරගෙන ඉන්න ...කී ඔහු....මාව බදාගෙන දියයට ගිලුනේය. සෑහෙන වෙලාවක් නාමින් විනෝද වූ අපි ගොඩට පැමිනියෙමු. අපි හෝටලයට පැමිනෙන විට ඇදිරි වැටෙමින් තිබුනි.....වවේ නෑවහම ඇගේ තිබුන අමාරුව කොහෙන් ගියාද දන්නෙ නෑ.....අම්මා කියනු ඇසුනි එය සත්යක් බව අපිටත් හැගුනි.
පසුදින අපි තන්තිරිමලයට ගියෙමු....මා එහි විස්තර නොදන්නා බැවින් සුරන්ජිත් විස්තර කියාදෙන්ටවිය.....මීලග දිනයේ මිහින්තලයට ගිය අපි සවස් යාමයේ නිවෙස් බලා පිටත් වුනෙමු.....
No comments:
Post a Comment