ආත් අම්මාගේ පාඩම 146...............විශාල අත්පොලසන් නාදයකින් සියලුදෙනාම මගේ ගීතවලට ප්‍රතිචාර දැක්වීය. මා නැවත වාඩිවූ විට මා අසලට පැමිණි කිහිපදෙනෙක් මට සුබ පතන්ට විය. කෑම ගන්නා අවස්ථාවේදී අම්මා තාත්තා සහ අක්කා සමග ලොකු අයියා මා අසලට පැමිණ කෑම ගත් අතර සුරන්ජිත් මෙතැනට එකතු නොවීම මගේ සිත තුල ගැටලු සහගත තත්වයක් ඇතිවිය. ඔහු කෑම ගත්තේ ඔහුගේ මාමලාගේ පවුලේ අය සමගිනි.ඔහු මමාගේ දුව සමග පිලිසදරේ යෙදෙමින් කෑමගන්නා අයුරු දුටු විට සුරන්ජිත් මටත් වඩා විනෝදනීට ලංවී ඇතිබව සිතන්ට වුනෙමි......කමක් නෑ ඒක එයාගෙ කැමැත්තනෙ....මා කල්පනා කලෙමි.
සවස මනමාල ජෝඩුවගෙන් සමුගත් අපි නිවස බලා පිටත්වුනෙමු....අම්මාගේ අයියලා ගේ අය ආපසු ඔවුන්ගේ නිවස බලා පිටත්වන අයුරු දුටුවෙමි.....ලොකු අයියා අද රාත්‍රී අපිත් සමග නැවතුනේ පසුදින උදේ වැඩට යන අරමුනෙනි.....හෝම් කමින් උත්සවය තිබුනේ තව දවස් තුනකිනි එදින ඉරිදා දිනයක් වූ බැවින් එයට සහභාගී වනබව ලොකු අයියා පැවසුවේය.....එහෙත් පසුදින උදෑසනම අසුබ ආරංචියක් දැනගත් බව පැවසූ තාත්තා බෝම්බයක් පිපිරීමෙන් ලෙඩුන් විශාල ප්‍රමානයක් තාත්තා සේවය කරනආරෝග්‍ය ශාලවට ඇතුලු කර ඇතිබව තාත්තාට දන්වා ඇති බව පැවසුවේය....මේ නිසා තාත්තාටද කොළඹ බලා පිටත්වීමට සිදුවිය...මම සෙනසුරාදා හවස වෙනකොට එන්නම් ...පැවසූ ඔහු පැමිනි පැජරෝ රථයෙන්ම ආපසු ගියේය...
සුරනිමලගේ කනට ගැසූ බැවින් මා සමඟ ඔහු අමනාපයෙන් සිටින බව දුටුවෙමි. ඔහු මගෙන් කොයි මොහොතේ හෝ මෙයට පලිගනීවි යන බියක් මගේ හිත තුල තිබුනු නිසා මා අම්මා සහ අක්කා අසලම සිටියෙමි. මොකද මල්ලි කම්මුල රතුවෙලා.....සුරන්ජිත් සුරනිමලගෙන් අසනු මාගේ දෙසවනට වැටුනි....දන්නෙම නැතුව යකඩ බාර් එකක වැදුන අයියෙ....ඔහු කම්මුල අතගාමින් කියනු ඇසුනි.....ඔහු කී බොරුවට මට එකවරම සිනා පහලවූ බැවින් අතින් මුව වසාගත්තෙමි.....එදින සවස අපි සියලු දෙනාම එකතුව මංගල්‍යය ගැන කතාකරමින් සිටියෙමු...ටික වෙලාවකින් සුරන්ජිත් සුරනිමල සමග අපි සිටි ස්ථානයෙන් ඉවතට ගියෝය......නංගි මම නංගිට පනිවිඩයක් කියන්න කියල හිටියෙ.....මට මේක නංගිගෙන් අහන්න කිව්වෙ අපේ අයියගෙ පවුල.....දැන් විනෝදනී දුවට කටයුත්තක් හොයනවනෙ .....ඉතින් එයාල සුරන්ජිත් පුතා ගැන හිතේ තියෙනව.....මොකද සුරන්ජිත් පුතා විනෝදනී එක්ක විතරනෙ එකතු......ඉතින් මට මේගැන නංගිගෙන් අහන්න කිව්ව......ලොකු අම්මා කීවාය.....ඉතින් එයාලට මගෙන් කෙලින්ම අහන්න තිබුනනෙ....අම්මා කීවාය......එයාලට කෙලින්ම ඔයාගෙන් අහන්න මොකක්ද වගේ හින්ද මට කිව්ව අහන්න කියල....ලොකු අම්මා පිලිතුරු දුන්නාය.....පුඩි පුතාගෙන් අහන්න ඕනැනෙ අක්කෙ....සුරන්ජිත් පුතා ඉතින් ඕවට කැමති නෑනෙ.....අම්මා කීවාය....අනික ඉතින් මහත්තයගෙනුත් අහන්න ඕනැනෙ....අම්ම කියන්ට වූවාය.....මල්ලි මොකට අකමැති වෙන්නද....විනෝදනිත් නරක ලමයෙක් නෙවෙයිනෙ....මොකෝ අපේ අයියටත් මොනවයෙන් අඩුවක්ද....ගෙදර එකම කෙල්ල.....ඊයෙ මම දැක්ක සුරන්ජිත් පුතා විනෝදනී එක්ක අලුත බැදපු ජෝඩුව වගේ ඉන්නව....ඔව් ඉතින් අක්ක කියන එකත් ඇත්ත තමයි.....පැවසූ අම්මා....පුතාගෙන් අහල බලලම කියන්නම්....කීවාය.
ඔව්න්ගේ මෙම කතාවෙන් අනතුරුව මගේ බලාපොරොත්තු සියල්ල බිද වැටෙන්නාසේ දැනෙන්ට විය. ඉන් ටික වෙලාවකට පසු සුරන්ජිත්ට කතාකල අම්මා මෙම විස්තරය කීවාය.....මමනම් ඒකට එච්චර කැමැත්තක් නෑ අම්මේ....ඔහු කීවේය.....ඒ කොහොමද එහෙම කියන්නෙ....විනෝදනිට කැමති නැත්නම් ඊයෙ ජෝඩු දාගෙන හිටියෙ....අපි හැමෝම දැක්ක....ඇය කීවාය.....අම්මේ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කලා කියල ඒදෙන්න බදින්න ඕනැමයි කියල නෑ....මම සහෝදර කමට කතා කලේ....කාලෙකින්නෙ හම්බවුනේ.....සුරන්ජිත් පවසන්ට විය. මේකට අකමැතියි කිව්වොත් මාමල අපිත් එක්ක හිත හොඳ නැතිවෙයිනෙ පුතේ.....එයාල තරහ කරගෙනත් බෑනෙ...පුතත් ඉතින් විනෝදනී ගැන හොදට දන්නවනේ.....අම්මා කීවාය.
මෙම සාකච්චාව අසාගෙන සිටීමට බැරි තැන මා කාමරය තුලට ගියෙමි.....දැන් ඉතින් මම සුරන්ජිත් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න හොදනෑ.....කමක් නෑ සුරන්ජිත්ට හොදක් වෙනවනම් මට මොකක් උනත් කමක් නෑ..කල්පනා කල මා හිත හදාගැනීමට උත්සාහ කලෙමි..ටික වෙලාවකට පසු අක්කා කාමරය තුලට ආවාය....මා නිකටට අත තබාගෙන කල්පනා කරන දෙස බැලූ ඇය.....අපේ අම්මට මොකද දන්නෙ නෑ නංගි එක පාරටම වුනේ.....කී ඇය මා අසලින් වාඩිවූවාය...ඔයා දුක්වෙන්න එපා නංගි නංගිට කවද හරි හොද කෙනෙක් ලැබෙයි....කීවාය....ඕනැ නෑ අක්කේ....මම කසාද බදින්නෙ නෑ...මා දුක්බරව කීවෙමි.....එහෙම කියල බෑනෙ නංගි කවද හරි පිලිවෙලක් වෙන්න ඔනැනෙ....පිරිමියෙකුට වගේ ගැහැනියෙකුට තනියම ජීවත්වෙන්න බෑනෙ නංගි ...ඇය මගේ හිස අතගාමින් කීවාය.....මට මොනව උනත් ඔයාල ඔක්කොටම හොදක් වෙනවනම් මම හරි සතුටුයි අක්කේ.....ලබන මාසෙ විතර මගේ බූදලේ ගැන තීන්දුව දෙනවලු.....ඊට පස්සෙ මට පුලුවන් බෝඩිමකට ගිහින් හරි කැම්පස් යන්න.....ජොබ් එකක් කලත් මට පුලුවන්නෙ කොහේ හරි කාමරයක් අරගෙන ඉන්න......මා කීවිට...අනේ මගේ නංගීයේ...ඇයි ඔයා ඔහොම කියන්නෙ....මට බෑ ඔයාට තනියම ඉන්න දෙන්න....ඔයා අපේ නංගී....ඇය මාව තුරුලු කරගෙන අඩන්ටවූවාය....අඩන්න එපා අක්කේ මේක මගෙ ලැබීම....මා ඇයව සනසමින් කතාකලෙමි...මම මෙහෙන් ගියත් කවදාවත් ඔයාලව අමතක කරන්නෙ නෑ අක්කේ....ඔයාල හින්ද තමයි මට මේ හැමදේම ලැබුනේ....මා කීවෙමි.
රාත්‍රියේ අක්කා සුරන්ජිත් සමඟ කතාකරමින් සිටිනු දුටුවත් මා ඒදෙසට නොගියෙමි. මම මල්ලි එක්ක කතාකලා නංගී. මල්ලිනම් ඒකට එච්චර කැමතිනෑ නංගි ඒත් අම්මා බලකරනවනෙ නංගි. අම්ම බයවෙලා බෑ කිව්වොත් මාමල තරහ වෙයි කියල. මලිටත් මොකුත් කියාගන්න බැරුව නංගි ඉන්නෙ.....රාත්‍රී නින්දට යෑමට සූදානම් වනවිට අක්කා කීවාට....ඒකට කමක් නෑ අක්කේ.....සුරන්ජිත් අයිය කියන්නෙ මගේම අයිය කියල හිතාගෙන ඉන්නම්....මම අක්කට කිව්වනෙ මම කවදාවත් කසාද බදින්නෙ නෑ කියල.....මා පැවසුවෙමි.....එහෙම කියන්න එපා නංගි අපි බලමුකො මොකද වෙන්නෙ කියල.....අක්කා කීවාය. මේ කතාවෙන් පසු මා සුරන්ජිත් හමුවීමෙන් වැලකී සිටීමට උත්සාහ කලේ අම්මා මට දොස් කියාවී යන සැකයත් මාව සුරන්ජිත්ට අයිති නොවන බවත් දන්නා නිසාය
No comments:
Post a Comment