ආත් අම්මාගේ පාඩම 123.............අම්මේ මම අද මාගරට් එක්ක උයන්නද.....මා තේබොන අතරතුර අම්මාගෙන් ඇසුවේ සුරන්ජිත් මා උයන කෑම රසයි යනුවෙන් පවසා තිබුනු නිසාය......ඔයා උයන්න ගියහම ස්කෝල වැඩවලට පාඩුයි නේද.......නෑ අම්මෙ මම හවස පාඩම් කලානේ....මා කීවෙමි.....පාඩම් කලාද ටී වී බැලුවද....වෙනවෙන ඒව කල්පනා කලාද.....මමනම් දන්නෙ නෑ...ඒක දුව තමයි දන්නේ.....මාදෙස බලා...අම්මා කීවාය. මා ටී වී බැලුවත්.සුරන්ජිත් ගැන සිතමින් හිටිය්ත් මම කියවූ විෂය කොටසනම් හොදින් මතක හිටි බව දන්නේ මා පමනි....එහෙත් අම්මාට කිසිවක් නොකීවෙමි.......අම්මේ නංගි ඔය හදන්නෙ ගවුමෙන් බැරිනම් කෑමෙන් හරි අල්ලගන්න....කී අක්කා....ඔයා ඔහොම නෙවෙයි අමුර්තය හදල කැවුවත් බ්රහ්මචාරි සීලය කඩන්න හම්බවෙන්නෙ නෑ නංගී .....සුරන්ජිත්ට ඇසෙනසේ කීවාය.....අපේ සුරන්ජිත් අයිය එහෙම බ්රහ්මචාරී නෙවෙයි අම්මේ.....මා ඔහුට දොස් කිඅනවාට දුකෙන් කීවෙමි......හරි...හරී....පොඩි දුවේ රසට උයලත් දීල බලන්නකෝ...අම්මා මා දෙස බලා සිනාසෙමින් කීවාය.
රෑට හදන්නෙ මොනවද මාගටට් නැන්දේ.... තේ පානයෙන් අනතුරුව කුස්සිය දෙසට ගිය මා ඔවුන් සූදානම් කරමින් සිටි එලවලු දෙස බලමින් ඇසුවෙමි. මේටික තමයි පුන්චි බේබි.....මාගරට සියල්ල පෙන්වමින් කීවාය.....අද මම මේවට පහේ දාන්නම්.....මට පොල්ටිකක් ගාල දෙන්න පොල් සම්බලයක් හදන්න.....ඒක අබරන්නෙ මමයි....මා එසේ කීවේ සුරන්ජිත් පොල් සම්බලවලට වඩාත් ප්රියකරන බව පෙනීගොස් තිබුනු බැවිනි. ............පුංචි බේබිට සම්බල අඹරන්නත් පුලුවන්ද.....පුදුමයෙන් මෙන් මාදෙස බැලූ මාගරට් ඇසුවාය.....මට කුස්සියෙ වැඩ ඕනැ එකක් පුලුවන් මාගරට් නැන්දේ....මා ගනනකට නොගෙන පැවසුවෙමි.....ඔවුන් පොල්ගා දුන්නත් මිරිස්ගලේ අඹරන විට ගවුමේ කුනු ගෑවෙවී යන සැකයක් ඇතිවිය.....සමහර ගැහැනු අය උයන විට ගවුමට උඩින් චීත්තයක් අදින බව මා දැක තිබුනි. එහෙත් මට චීත්තයක් නොමැත. අක්කා ගාවද නොමැතිබව මා දැනගෙන සිටියෙමි. අම්ම ගාව තිබෙන බව දැක තිබුනු මා අම්මා අසලට ගියෙමි.....මොකද උයන්නෙ නැද්ද....මාව දුටු ඇය ඇසුවාය.....උයනව අම්මේ මේ ගවුමෙ කුනුගෑවෙයි කියල බයයි....මා ගවුමේ සාය අතගාමින් කීවෙමි....ඉතින් පරන ගවුමක් ඇදගන්නකෝ.....අම්මා කීවාය.....ඕනෙ නෑ අම්මේ.....අම්ම ගාව පරන චීත්තයක් තියෙනවනම් ගවුමට උඩින් ඇදගන්න පුලුවන් ....මා කීවිට.....ඉන්නකො එකක් දෙන්න කී ඇය කාමරයට ගියාය....මා ඇය සමග කාමරය තුලට ගියෙමි. ඇගේ චීත්තයක් දුන් ඇය.....මේක ඇදගන්නකො කීවාය.....මා එය පරිනත කාන්තාවක් විලස ඇදගන්නවා දුටු අම්මා.....දුවට හොදට චීත්ත අදින්න පුලුවන්නේ...සිනහසෙමින් කීවාය.....සමහර වෙලාවට ආත් අම්මගෙ චීත්තයක් ඇදගෙනනෙ කුස්සියෙ වැඩ කරන්නෙ.....මා පිලිතුරු දුන්නෙමි.....දුව ඕක තියාගන්න තවචීත්තයක් දෙකක් දුවට මහල දෙන්නම්......අම්මා කීවිට.....එහෙනම් මට කොහේහරි ගිහින් වැවකින් නාන කොටත් අදින්න පුලුවන්.....මා සතුටින් කීවෙමි.....ඇයි දුවේ නාන කොට ගෑනු ලමයි අදින ඇදුම් තියෙන්නෙ ඒකක් ඇදගන්නකෝ.....අර ස්වීමින් කිට් එක නේද ඇසූ මා....ඊය අම්මේ මට ඒව අදින්න බෑ...මා ලැජ්ජා සහගතව කීවෙමි....එහෙනම් කොට කලිසමකුයි බලවුස් එකකුයි ඇදගත්තනම් හරිනෙ.....අපෝ අම්මේ මම ආසනෑ කලිසම් අදින්න...කොල්ලො වගේනෙ.....මා මුහුන ඇබුල් කරමින් කීවිට...... කලිසම් ඇන්ද කියල කොල්ලෙක් වෙන්නෙ නෑ දුවේ........ කී අම්මා.....කොල්ලෙක් වෙන්න තියෙනවනම් වාසනාවක්නේ.....සෙමින් කීවාය......අනේ අම්මෙ මමනම් ආසනෑ කොල්ලෙක් වෙන්න තියා කොල්ලෙක් වගේ අදින්නවත්...මා එයට අප්රසාදය ප්රකාශ කලේ. කොල්ලෙක් ලෙස මා ගෙවූ අප්රසන්න ජීවිතය සිහිවීමෙනි.
මා චීත්තය ඇදගෙන කුස්සියට ගියවිට..... දැන් බේබි ගමේ ලමයෙක් වගේනෙ......මාගරට් කීවාය.මමත් ගමේ කෙල්ලෙක් තමයි ..... සිනාසෙමින් කී මා සම්බලය අඹරන්ටවූවෙමි. .....ටිකවෙලාවකින් අම්මා මා අසලට පැමිනි බව දුටුවෙමි.....මා ඇය දෙස බලා සිනාසුනිමි....ඇයි දුවේ ඔයා අඹරන්නෙ....මාගරට්ට කිව්වනම් හරිනෙ....අම්මා කීවාය.....මම කිව්ව මැඩම්.....ඒත් පුංචි බේබිටම අඹරන්න ඕනැ කියල කිව්වනෙ....ඔව් අම්මෙ මේකට හරියට පහේ දාල හොදට ඇඹරුවාම රසයි අම්මේ...... කියමින් මිරිස්ගල අදින්ට වුනෙමි......දුවට අද සම්බල හදන්න හිතුනෙ ඇයි....අම්මා සිනාසෙමින් ඇසුවාය.....මා කිසිවක් නොපවසා ලැජ්ජා සහගත ලෙස සිනාසුනිමි......අපේ පොඩි පුතා හරිම ආසයි පොල් සම්බල කන්න සම්බල ඇත්නම් වෙන මොකුත් ඕනැ නෑ.....ඕකට උම්බලකඩ ටිකකුත් දාන්න දුවේ...... එතකොට පොඩි අයිය තවත් කැමති වෙයි......දැම්ම අම්මෙ...මා කීවෙමි. උයා අවසන් කල මා කාමරයට ගොස් මුහුන සොදාගෙන. රාත්රී ආහාරය සඳහා සුදානම් වුනෙමි....අක්කා ගේ කාමරයට ගියවිට ....මා දෙස බැලූ අක්කා.....ඉව්වද.....අසා....බලාගෙන ඉන්න ප්රසංසා කරකර කනකන්.....සුරන්ජිත්ට ඇනුම් පදයක් ලෙස කීවාය.....කමක් නෑ අක්කෙ....මම හැදුව කෑමටික විසි කෙරුවත් මම තරහ නෑ....මා කීවිට....ඔයානම් හැදෙන කෙල්ලෙක් නෙවෙයි....කී ඇය.... යමු කන්න....මා සමග රාත්රී ආහාරය සදහා ගියාය.....අපි යන විට තාත්තා සහ ලොකු අයියා පැමින සිටියේ නැත....එහෙත් සුරන්ජිත් පැමින සිටියේය.....ඔහු මාදෙස ආදරයෙන් බලනු දුටුවෙමි...ආදරයෙන් කුලමත්ව තිබුනු මගේ හදතුල විදුලියක් කොටන්නක් මෙන් හැගීමක් ඇතිවිය. ඔහු දෙස ආදර බැල්මක් එල්ල කල මා.....අතිවූ ලැජ්ජා සහගත හැගීම නිසා අහක බලාගෙන සිනාසුනිමි....ටික වේලවකින් තාත්තා සහ ලොකු අයියා පැමින වාඩිවිය.....අදත් ඉව්වෙ අපේ මේ චූටි දුව....සතුටින් කී අම්මා ඔය පොල් සම්බලේ ඇඹරුවෙත් මේ චූටි දුවම තමා....පැවසූ විට ....සුරන්ජිත් ඉන්ටිකක් ගෙන රස බලනු දුටුවෙමි.....අදත් නැගිටල යයිද දන්නෙ නෑ....මෙය දුටු අක්කා මගේ කනට කර කීවාය.....එහි රස බැලූ ඔහු සතුටු සිනාවක් පහල කර.....දකුනතේ මහපට ඇගිල්ල දිගුකර අනිකුත් ඇගිලි මිටමොලවා මට පෙන්නුවේය....මේ නංගී අද රෑට වහී වගේ...අක්කා මදෙස බලා සෙමින් කියනු අසා සිටි අම්මා වහිනවනම් හොදයි දුවේ මාර පෑවිල්ලක්නෙ තියෙන්නෙ.....කීවාය....අක්කාත් මාත් ඉතා අපහසුවෙන් සිනහව නවතා ගත්තේ අම්මා ....අක්කාගේ අදහස වැරදියට තේරුම් ගෙන එසේ පැවසිමෙන් අපිට සිනා පහල වීම නිසාය.....අද අපේ දූල දෙන්න හරිම සන්තෝසෙන් ඉන්නෙ මොකද මේ....තාත්තා අපිදෙස බලා ඇසුවේ අපි අපහසුවෙන් මෙන් සිනහසෙනු දුටු නිසා වියයුතුය
No comments:
Post a Comment