Sunday, June 17, 2018

ආත් අම්මාගේ පාඩම 152..............ඔවුන්ගේ බැල්මෙන් ලැජ්ජාවට පත්වූ මා අක්කා අසලට ගියෙමි.....ලැජ්ජවෙන්න එපා දුවේ ඔයාගෙ අනගාතේ බාරගන්න ඉන්න එක්කෙනානෙ....අම්මා කීවාය.....පොඩි පුතාට දැන් වැඩක් තියෙනව....තාත්තා ආහාර ගන්නා අතරතුර කීවේය....සුරන්ජිත් සහ මා ගැටලුකාරී ලෙස තාත්තා දෙස බැලුවෙමි....ලබන  මාසෙ මේ චතුරිකාගෙ දුවගෙ දේපොල ගැන තීන්දුව දෙනව. මේ දුවට ඒව ගැන එච්චර තේරෙන්නෙ නෑ....පුතා ගිහින් ඒ වතුපිටිගැන ටිකක් හොයල බලන්න ඕනැ......සුරන්ජිත්ට කී තාත්තා....දුව කාලෙකින් වත්ත පැත්තෙ ගියෙ නෑ නේද....මා දෙස බලා ඇසුවේය.....නෑ තාත්තෙ..... මා කීවෙමි.....දුවට ඉතින් තනියම යන්නත් බෑනෙ නේද දුව....අම්මා මාදෙස බලා ඇසුවාය.....දැන් තනියම යන්න ඕනැනෑ බාර කාරයෙක් ඉන්නවනෙ දෙන්න එක්ක යන්න....තාත්තා පැවසුවේය.....හෙට පොඩි පුතා කොහේවත් යන්නෙ නෑ නේද...අම්මා ඇසුවාය.....නෑ අම්මෙ....ඔහු කීවේය....හෙට ගිහින් බලන්න.....පීතර මාම හම්බවුනාම විස්තර අහගන්න පුලුවන්නේ.....අම්මා කීවාය....සුරන්ජිත් කිසිවක් නොකියා හා යනුවෙන් හිසෙන් සංඥා කලේය.
              අපි කෑම ගෙන පිටවන විට නංගි ටිකක් ඉන්න.....සුරන්ජිත් අත හෝදමින් කීවේය....මා ඔහු අසලට ගියෙමි....අනිත් අය කෑම කාමරයෙන් පිටවනු දුටුවෙමි.....කෙසෙල් ඇවරියෙන් ගෙඩියක් කඩාගත් ඔහු එයින් කොටසක් කා ඉතුරු ටික මට දුන්නේය....හෙට උදේ අටවෙනකොටවත් යමු නේද.....ඔහු ඇසුවේය.......ඔව් අයියෙ පීතර මාම වැඩට යන්න ඉසෙල්ල ගියොත් හොඳයි ...නැත්නම් කොහේ ඉන්නවද කියල හොයන්න බැරිවෙයි.....මා කීවෙමි....ගස්ල්බු පලුවක්ද අතට ගත් ඔහු එයින්ද කැබැල්ලක් කා ඉතුරු කොටස මට දික්කලේය.....දැන් කන්න අමාරුයි ගොඩක් කෑවනෙ මා බඩ අතගාමින් කීවෙමි.....කන්න නංගී මේව කනකොට ලස්සන වෙනව....ඔහු කීවේය....කෑවහම නෙවෙයි මූනෙ ගෑවමයි ලස්සන වෙනව කියන්නෙ....මා කීවෙමි....එවිට එයින් කබල්ලක් කඩාගත් ඔහු සිනාසෙමින් මගේ මුහුන පුරා ඇතුල්ලුවේය....ඔන්න මූනෙත් ඇතුල්ලුව දැන් මේටික කන්න....ඔහු කීවේය....මා මුහුන පිසදාමින් එය කනවිට අම්මා පැමිනියාය.....මොකද මේ ගස්ලබු මූන පුරාගාගෙන....අම්මා සිනාසෙමින් ඇසුවාය....නෑ අම්මෙ මේ අයියගෙ වැඩනෙ.....මා කීවෙමි.....නෑ අම්මේ මෙයානෙ කිව්වෙ ගස්ලබු මූනෙ ගෑවම ලස්සන වෙනව කියල....ඉතින් මම ගෑව....ඔහු කීවේය.....ඇයි දුවේ අයියට දුවගෙ මුහුනෙ පාට මදිවෙලාද.....අම්මා කීවාය.
                මා මුහුන සෝදාගෙන අක්කාගේ කාමරයට ගියෙමි.....මොකද අයිය කියන්නෙ.....අක්කා ඇසුවාය.....හෙට උදේට අපේ වත්තට යමු කියල කිව්ව.....මමත් ඉතින් කැමතිවුනා....මා කීවෙමි.....ඇයි නංගිට බය හිතුනද එයත් එක්ක යන්න....නෑ එහෙම එකක් නෑ අක්කෙ....මා කීවෙමි......අපේ මල්ලි ගැන මම හොදට දන්නව....එයා එහෙම නරක කෙනෙක් නෙවෙයි.....ගෑනු ලමයෙක් එයාගෙ කාමරේ හිටියත් මම හිතන්නෙ නෑ නරක හිතකින් අතවත් තියයි කියල....එයා ගැහැනු ළමයටත් වඩා හොදට ඒ ළමයගෙ ගරුත්වය සලකන කෙනෙක්.....ඒ හින්ද නංගි කිසිදේකට බයවෙන්න එකා.....නංගිට කිසිම අනතුරක් වෙන්නෙ නෑ.....ඇය සුරන්ජිත්ගේ ගතිගුණ විස්තර කලාය....මම ඉතින් අපේ මල්ලි ගැන නංගිට අමුතුවෙන් කියල දෙන්න ඕනැත් නෑනෙ.....මෙහෙ හිටිය කාලෙට දැනගන්න ඇතිනෙ.....අක්කා තවදුරටත් පැවසුවාය.
                 පසුදින උදෑසන අපි වත්තට යෑම සඳහා සූදානම් වුනෙමු....ගවුමක් ඇදගත්මා....කතරගම දී මිලදී ගත් ඉදිකොල තොප්පිය හිසට දාගත්තෙමි...රිබන් පටිවලින් කල මලක් අල්ලා තිබුනු එය වටේ රිබන් පටිවලින්ම වැඩදමා තිබුනු අතර හිසේ පැලදූ විට පියකරු පෙනුමක් ගෙනදුනි. අත් බැගය එල්ලා ගත් මා....සාලයට ගියෙමි.....දූල වත්තට යන්නද.....අම්මා ඇසුවාය....ඔව් අම්මෙ උදෙම්ම ගියහම පීතර මාම අල්ලගන්න පුලුවන්නෙ....මා කීවෙමි....එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකො.....මගේ මුහුන සිපගත් ඇය....මම තාත්තට කියන්නම්.....වත්ත දිහා ගියා කියල....එවිටම කොට කලිසමකින් සහ ටී සර්ට් එකකින් සැරසුනු සුරන්ජිත් පහලට ආවේය....ඔහොමද යන්නෙ......ඔහු ඇදගෙන සිටි ඇදුම දෙස බලා අම්මා ඇසුවේය.....ඇයි අම්මෙ වත්තටනෙ යන්නෙ....වත්තට යනකොට මෙහෙම තමා යන්න ඕනැ.....ඔහු කීවේය....හරි...හරි....ඕනැ එකක්...කී ඇය...මගෙ දුවනම් ලස්සන කුමාරියෙක් වගේ ඇදගෙන.....මා දෙස බලා කීවාය...ඊයෙ ගාපු ගස්ලබු පේසල් එක හින්දද කොහේද නංගිගෙ  මූණ සුදුවෙලා...සුරන්ජිත් මගේ මුහුන දෙස බලමින් කීවේය....නෑ අනේ පවුඩර් වැඩිවෙලාද කොහේද....කලබලේට පවුඩර් ටික ගාගත්ත මිසක් බලන්නක් බැරිවුන්නානෙ...මා මුහුණ පිසදමමින් කීවෙමි...ඔය අයියගෙ විහිලු දුවේ පවුඩර් වැඩි නෑ.....අම්මා කීවාය......සුරන්ජිත් වාහනයේ වාඩිවූ පසු මා ඔහු අසල අසුනේ වාඩිවුනෙමු. මේගමන්ම නිමන්තිගෙ ගෙදරත් ගිහින් එමු නේද.....ගොඩක් කාලෙකින් එහෙ යන්නත් බැරි වුනානෙ මා කීවෙමි....ඉස්සෙල්ල වත්තට යමුකෝ ඊට පස්සෙ යාලුව හම්බවෙන්න යමු... සුරන්ජිත් පැවසුවේය.
               අම්මෝ ඊයෙ හවස ඉදන් තමයි මම යන්තම් මෙලොවට ආවෙ......සුරන්ජිත් වාහනය පදවමින් කීවේය....ඇයි එලොවද හිටියෙ.....මා ඇසුවෙමි....එලොව යන්නෙ නැතුවයෑ තවපොඩ්ඩෙන් මම අර සක්කර වට්ටමට කරගහනවනෙ.....හොද වෙලාවට තාත්ත පිහිටවුනා.....ඔහු සිනාසෙමින් කීවේය....මම හිතුවෙ අයිය විනෝදනී අක්කට ආදරේ කරනව කියල.....මා කීවෙමි....එහෙම තමයි ඔක්කොමල හිතාගෙන ඉන්නෙ....කී ඔහු.....නංගි දන්නවනෙ මම ගෑනු ළමයිනට ඒතරම් කැමති නෑ කියල....ඒත් නංගී ඔය විනෝදනී නංගියි මායි පොඩිකාලෙ ඉදම්ම හරි එකතුයි..අපි පොඩිකාලෙ.....ඔය නංගි අපේ ගෙදර ආපුගමන් මාව තමයි සෙල්ලම් කරන්න හොයාගෙන එන්නෙ......මට වෙනකෙනෙක් එක්ක සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ එයා ගවම ඉන්න ඕනැ.....ඒ පුරුද්දට දැනුත් එහෙම තමා....මව මුනගැහුනම එයාට ඕනැ මාවම තමයි.....එදා වෙඩින් එක දවසෙ මට ඔයාල එක්ක කතාකරන්න බැරිවුනෙත් ඔය කාරනාව හින්ද....මටත් නංගිව හම්බවුනේ ගොඩක් කාලෙකින්නෙ.....ඉතින් එයා එක්කම හිටිය....ඒ වුනාට මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේවගෙ උගුලක වැටෙයි කියල.....පැවසූ සුරන්ජිත්......අපි දෙන්න මේ විදියට ඉන්න හින්ද මාමල හිතන්න ඇති මම එයාව බදියි කියල.....ඒ වුනාට නංගි මට එහෙම කිසිම හිතක් තිබුනෙ නෑ....අම්ම මට විනෝදනී නංගි ගැන යෝජනා කලාම මම අම්මට කිව්ව මට බෑ කියල...ඒසැරේ අම්ම තමයි කිව්වෙ....බෑ කිව්වොත් මාමල තරහ වෙයි කියල....අම්මගෙ හිත රිද්දන්න බැරි හින්ද මම හා කිව්ව මිසක් කිසිම කැමැත්තකින් නෙවෙයි එහෙම කිව්වේ.....සුරන්ජිත් කියාගෙන යන්ටවිය.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: