ආත් අම්මාගේ පාඩම 135..........මීලග වසර උදාවිය. නිවාඩු කාලයද අවසන්විය. අපේ උසස් පෙල විභායද මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබුනුබැවින් වැඩ අධික වසරක් විය. මාත් නිමන්තිත් විභාගය සඳහා හැකිපමන සූදනම් වුනෙමු. සුරන්ජිත්ගේ සහායද නොඅඩුව ලැබුණි. සමහර දිනවල පාඩම් කිරීම සඳහා නිමන්තිගේ නිවසටද ගියෙමි. මසින් මස ගෙවී ගොස් විභාගය පැවැත්වෙන දින ලගාවිය. මේවනවිට අපි හොදින් සූදාන් වීසිටිනබව හැගෙන්ට විය. අපි විභාගයට මුහුන දුන්නෙමු. මා ඉතා හොඳින් පිලිතුරු දී ඇතිබව සුරන්ජිත් සමග ප්‍රස්න පත්‍ර සාකච්චා කිරීමේදී තෙරුනි....මා මෙන්ම නිමන්තීද හොදින් පිලිතුරු ලියා ඇතිබව ඇගේ කතා බහෙන්ද වැටහුනි.....විභාගයෙන් පසු මාත් නිමන්තිත් පාසැල් නොගිය අතර....ප්‍රතිපල නිකුත්වන තුරු ගෙදර සිටියෙමු....මා නිවසේ සිටින බැවින් ඉවීමේ කටයුතු වලට හොදින් සහභාගී වීමට ලැබුනි. දිනපතාම වාගේ කෑම පිලියෙල වුනේ මා අතිනි....නොයෙක් වර්ගයේ කැම ජාති පිලියෙල කිරීමට අම්මා මට අවසර දී තිබුනි...මේ කාලය තුල අම්මා මට සංගීතය පුහුනු කිරීමට උනන්දු විය....මේ අතර මට මැහුම් ඉගෙන ගැනිමටද කැමැත්තක් ඇතිවිය. මේ බව අම්මාට පැවසූ විට මාව මහුම් පන්තියකට දැමුවාය. මේ නිසා ගවුන් සාය බ්ලවුස් මැසීමට හැකිවිය. අම්මා මට මැසිමක්ද ගෙනත් දුන් බැවින් අක්කාගේ සහ අම්මාගේ ඇදුම් පවා මසා දිමට හැකිවිය. මේ කාලය වනවිට අක්කාගේ විශ්වවිද්‍යාල ජීවිතට අවසන්කර තිබුනු අතර ඇය ගණකාධීවරියක වසයෙන් පුහුනුවලබමින් සිටියාය. සුරන්ජිත් අවසන් විභාගයට සූදානම් වෙමින් සිටියේය.
එදින ඉරිදා දිනක් විය. මා නොහදුනන අමුත්තන් පිරිසක් අලුත් වාහනයකින් ඇවිත් බසිනු දුටුවෙමි. අපිම නංගිව බලන්න එන්න ඕනැනෙ....නංගි ඒ පැත්තෙ එන එකක් යෑ ...අම්මාගේ හැඩහුරුවට ටිකක් කිට්ටු කාන්තාවක් එසේ කියමින් ගෙටගොඩවූවාය. ඔවුන් ඉදිරියට ගිය අක්කා.....ඔවුන් සමග පැමිනි අක්කාගේ අතින් අල්ලා....කොහොමද අක්කේ...කියා ඇයව පිලිගත්තාය.....මා ඔවුන්ව නොහදුන බැවින් කාමරය තුලට ගියෙමි.....ගෙදර සැවොම එදින නිවසේ සිටින බැවින් ඔව්න් සියලු දෙනාම අමුත්තන් සමග කතාකරනු ඇසුනි....සුලු වෙලාවකින් පොඩි දුවේ කියමින් අම්මා මට අඩගසනු ඇසුණි .....මා ඇය අසලට ගියෙමි.....මට දැන් පොඩි දුවෙකුත් ඉන්නවනෙ.....කී ඇය මාව ඇය සලින් ඉන්දවාගෙන මගේ විස්තර ඔවුන්ට කියන්ට වූවය.....දුවේ මේ ඉන්නෙ මගේ එක කුසේ උපන් අක්කා...මේ එයාගෙ දුව ...නිල්මිනි අක්කා.....මේඉන්නෙ පුතා .....නිල්මිනි අක්කගෙ මල්ලි
සුරනිමල අයිය....අර තාත්ත එක්ක කතාකරකර ඉන්නෙ මෙයාලගෙ තාත්ත...මෙයාල ඉන්නෙ නුවර......මට ඔව්න්ව හදුනා දුන්නාය....අපිදවසක යමුකො එහෙ....අම්මා පවසන විට....නංගිලාට ලගදි කොහොමත් එහෙ එන්න වෙනව.....අම්මාගේ අක්කා කීවාය....ඒ මොකද...අම්මා ඇසුවාය....අපේ දුවගෙ වෙඩින් එක ලගයිනෙ.....ඇය කීවිට......අපි දන්නෙත් නෑනෙ කොහේ කෙනෙක්ද....අම්මා පුදුමයෙන් මෙන් ඇසුවාය.....අපිත් දන්නෙ මේ ලගදි....නංගි...මෙයල ඉතින් හොයාගන්න ඒවහෙ.....අපි හොයල බැලුව එයාල හොද වැඩගත් උඩරට කට්ටිය....කොල්ලත් හොදයි.....ඉතින් ගැටලුවක් නෑ කියල තේරුනා.....මේ දුවගෙත් පරම්පරාවත් උඩරට....කොත්මලේ......කීරවින්න මුදියන්සෙලාගේ...අම්මා මාගේ පරම්පරාව හදුන්වා දෙමින් කීවාය...එහෙනම් හොද පෙලපතක් .....අම්මාගේ අක්කා මා දෙස බලා සිනාසෙමින් කීවාය....සාමානයෙන් උඩරට අය පෙල පත ගැන වැඩියෙන් කතාකරන බව තේරුනේ මගේ ආත් අම්මාගෙනි....ඇයද කුලය ඉහලින් සලකන තැනැත්තියක් වූවාය.
සියලුදෙනාටම බුලත් දීමෙන් මංගල්‍යය ට ආරාධනා කල අම්මාගේ අක්කා....මේ දුවත් දැන් මේ පවුලෙ කෙනෙක් වගේනෙ කී ඇය මටද බුලත් දීමෙන් ආරාධනා කලාය......නංගිගෙන් තව උදව්වක් ඕනැ වෙනව....අපේ දුව කියනව මේ මිහිරානි දුවට කියන්න ඕනැ කියල එයාගෙ යෙහෙලියට එන්න.....අපෝ අපේ දුව කැමතිවෙයි....අම්මා සතුටින් කීවාය...මම එන්නම් අක්කෙ....අක්කාද සතුටින් කීවාය.....අපි දෙන්නෙක් හිතාගෙන ඉන්නව පුන්චි අම්මෙ...... එක්කෙනෙක් මිහිරානි නංගි..... අනිත් එක්කෙන මගෙ යාලුවෙක් හිතගෙන ඉන්නව තවම කිව්වෙ නෑ....නිල්මිනි අක්කා පැවසුවාය.....කවුරුවත් මොකටද..... මේ අපේ චතුරිකා දුව ඉන්නෙ....මගේ හිස අතගාමින් අම්මා කිවාය.....ඈ දුවේ මේ නංගි නම් හොදයි වගේ....ලස්සනත්එක්ක....අම්මා ගේ අක්කා නිල්මිනි අක්කාගෙන් ඇසුවාය....එහෙනම් මට වෙනකෙනෙක් ඕනැ නෑ...නංගි එන්න...ඇය මගෙන් ඉල්ලා සිටියාය......ඒක හොදයි මටත් තනියක් නෑ මගෙ නංගිත් ඉන්නවනෙ....අක්කා සිනාසෙමින් කීවාය.
අක්කෙ මමනම් සාරි ඇදල නෑ.....මොකද කරන්නෙ.... ඔවුන් ගියපසු අක්කාගෙන් ඇසුවෙමි....ඔයා අදින්න ඕනැ නෑ නංගි..... අන්දවන එක්කෙනා ඔයාව ලස්සනට අන්දවල ගනියි.....අක්කා කීවාය......අක්කාගේ උපාධී පිරිනැමීමේ උතසවය සදහා සාරියකින් හැඩවී සිටි ආකාරය මා පලමුවරට දුටුවේ එදාය. අක්කා සාරියට ඉතාමත්ම හැඩබව මා ඇයව වර්නා කරමින් කතාකලා මතකය.....මාත් ආශයි අක්කෙ සාරියක් අදින්න..... එදා මා ඇත්තටම එසේ පැවසූවේ සාරියක් ඇදීමට මගේ සිතතුල දැඩි ආශාවක් හටගත් නිසාය...නංගිටත් සාරි අදින්න දවසක් එයි.....එදා අක්කා සිනාසෙමින් පැවසූ දේ තව මාස දෙකකින් සත්‍යය වනබව සිතුනු මගේ සිතට සතුටක් ඇතිවිය....ටික දිනකට පසු අපේ සාරි සදහා සාරි ජැකට් මසීමට මිනුම් ගතයුතු බවත් ඒ සදහා නුවර පැමිනෙන ලෙසත්. නිල්මිනි අක්කා...මගේ අක්කට පවසා තිබුනි.... අපි සෙනසුරාදා දිනයක් මේ සදහා යොදාගත්තෙමු.....සුරන්ජිත්ට මේ දිනවල අවසන් විභාගය නිසා පැමිනීමට අපහසුවූ අතර ලොකු අයියාට නිවාඩු ගැටලුවක් තිබුනි. එහෙත් තාත්තා අපිත් සමග පැමිනීමට එකගවිය...තාත්තගේ පැජරෝ වර්ගයේ වාහනයෙන් ගිය අතර ....රථය පැදෙවුවේ තාත්තාගේ රියදුරාය...ඔහු වයස තිස් පහක් පමන ඇති තරමක් මහත තැනැත්තක් විය...ඔහුගේ මුහුනේ තිබෙන රවුද්‍රපෙනුම මගේ සිතතුල බියක් හටගත්තත් කතාබහෙන් ඔහු ගේ සැර පාටක් නොපෙනුනි..ලොකු අම්මාගේ නිවස පිහිටා තිබුනේ පේරාදෙනිය කිට්ටුව කන්දක් උඩය.එය තරමක් විශාල නිවසක් විය. නිවස වටා නොයෙක් වර්ගයේ මල් වගාකර තිබුනි. පරිසරය ඉතාමත්ම දැකුම්කලුවිය....අද සුරන්ජිතුත් ආවනම්.......සුරන්ජිත් මෙවැනි ස්ථානවලට ප්‍රියකරනබව දන්නා මා වටපිටාව බලමින් කල්පනාකලෙමි......ලස්සන පලාත නේද අක්කේ....මා අක්කගෙන් ඇසුවෙමි.
No comments:
Post a Comment